කාර් සේල් වගේම, තනි පුද්ගලයොත් internet එක උදවුකරගෙන පාවිච්චි කරපු වාහන විකුණන එක බිස්නස් එකක් විදිහට කරගෙන යනවා. මේ වැඩේ අවංකව කරන මිනිස්සු අතරේ හරිම කුප්පදු වැඩ කරන උන් ටිකකුත් ඉන්නවා. මම වාහන හොයන කොට හම්බ උන ඒ වගේ නාම්බො ගැන අත්දැකීම් ටිකක් ලියන්න හිතුව. ඔයාලටත් ඒ වගේ අත්දැකීම් තියෙනවනම් අනිත් අයටත් දැනගන්න ලියන්න.
කඩවතත්, ගණේමුල්ලත් අතර ගෙදරක mazda 323 1600cc එකක් තිබුණ. මතක විදිහට 'H' නොම්මරයක්. කෝල් කරාම "පුතාගෙ වාහනේ පුතා රට හින්ද දෙන්නෙ 16.5 කට දෙන්නම්" කිව්ව. තැන අහගෙන තාත්තයි මායි එදාම හවස ගියා බලන්න. වයස 65ක විතර අංකල් කෙනෙක් හිටියේ, ගිය වෙලේ ඉදන් වාහනේ දුර එලවන ඒව ගැන, වාහනේ පිකප් එක, A/C ගැන කයිවාරුව. ගැරේජ් එක ඇතුලෙ ඉඩ මදි හින්ද වාහනේ එලියට ගන්න කිව්ව. බැට්රි බැහැල ස්ටාට් වෙන් නෑ. බොනට් එක ඇරල බලනකොට ලොක් එක ලඟට අමතර කේබල් එකක් එනව. ඒක ගැන අහපුවම කිව්ව වාහනේ බැට්රි බැස්සම දොර අරින්න බෑ එහෙම වෙලාවට බොනට් එක අරින්න තියෙන්නෙ කියල. මම මුකුත් නොකිය අහන් හිටිය (smart key නෙමේ. දොරේ key hall තියෙනව)
engine oil ලෙවල් බලපුවම හොඳටම oil වැඩී. අයිති අංකල් කිව්ව service එකෙන් වැඩියෙන් දාල ඇති කියල. නිකමට වගේ යටට එබිල බලපුවම දැක්කෙ සම්ප් එක පැත්තෙන් අලුත් එන්ජින් ඔයිල් සැපට යනව. ගැරේජ් එකේ බිම වැලි පොළොවක් තිබුණේ සිමෙන්ති තිබ්බනං ගලනව හැමතැනම. මිනිහ ඔයිල් ලීක් හින්ද වැඩිපුරත් එක්ක අඩු පුරවල. පුතාගෙ කියපු වාහනේ open papers තිබ්බේ. එන්න හදනකොට කිවුව "වෙන වෙලාවක ආවනං බැට්රිය චාජ් කරල තියනව, අලුත්ම බැට්රියක් තියෙන්නෙ වැඩිය දුවන්නැති හිංදද කොහෙද ඉක්මනට බහිනව" ලු. මම ඉතිං වාහනේ චාජිං කරන්ට් එක ටිකක් චෙක් කරගන්න කියල එන්න ආව. කලුවරේ වාහන බලන්න ගිය හිංද මෙතනින් නවතිනව. දවාලක ගියානං තවත් කතාව දික් වෙන්න තිබ්බ.
තව කතා ටිකක් තියෙනව පස්සෙ දාන්නං.

හැබැයි ඉතින් එව්ව කන උනුත් එමටයි