විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කාර් සේල් වගේම, තනි පුද්ගලයොත් internet එක උදවුකරගෙන පාවිච්චි කරපු වාහන විකුණන එක බිස්නස් එකක් විදිහට කරගෙන යනවා. මේ වැඩේ අවංකව කරන මිනිස්සු අතරේ හරිම කුප්පදු වැඩ කරන උන් ටිකකුත් ඉන්නවා. මම වාහන හොයන කොට හම්බ උන ඒ වගේ නාම්බො ගැන අත්දැකීම් ටිකක් ලියන්න හිතුව. ඔයාලටත් ඒ වගේ අත්දැකීම් තියෙනවනම් අනිත් අයටත් දැනගන්න ලියන්න.

    කඩවතත්, ගණේමුල්ලත් අතර ගෙදරක mazda 323 1600cc එකක් තිබුණ. මතක විදිහට 'H' නොම්මරයක්. කෝල් කරාම "පුතාගෙ වාහනේ පුතා රට හින්ද දෙන්නෙ 16.5 කට දෙන්නම්" කිව්ව. තැන අහගෙන තාත්තයි මායි එදාම හවස ගියා බලන්න. වයස 65ක විතර අංකල් කෙනෙක් හිටියේ, ගිය වෙලේ ඉදන් වාහනේ දුර එලවන ඒව ගැන, වාහනේ පිකප් එක, A/C ගැන කයිවාරුව. ගැරේජ් එක ඇතුලෙ ඉඩ මදි හින්ද වාහනේ එලියට ගන්න කිව්ව. බැට්‍රි බැහැල ස්ටාට් වෙන් නෑ. බොනට් එක ඇරල බලනකොට ලොක් එක ලඟට අමතර කේබල් එකක් එනව. ඒක ගැන අහපුවම කිව්ව වාහනේ බැට්‍රි බැස්සම දොර අරින්න බෑ එහෙම වෙලාවට බොනට් එක අරින්න තියෙන්නෙ කියල. මම මුකුත් නොකිය අහන් හිටිය (smart key නෙමේ. දොරේ key hall තියෙනව)
    engine oil ලෙවල් බලපුවම හොඳටම oil වැඩී. අයිති අංකල් කිව්ව service එකෙන් වැඩියෙන් දාල ඇති කියල. නිකමට වගේ යටට එබිල බලපුවම දැක්කෙ සම්ප් එක පැත්තෙන් අලුත් එන්ජින් ඔයිල් සැපට යනව. ගැරේජ් එකේ බිම වැලි පොළොවක් තිබුණේ සිමෙන්ති තිබ්බනං ගලනව හැමතැනම. මිනිහ ඔයිල් ලීක් හින්ද වැඩිපුරත් එක්ක අඩු පුරවල. පුතාගෙ කියපු වාහනේ open papers තිබ්බේ. එන්න හදනකොට කිවුව "වෙන වෙලාවක ආවනං බැට්‍රිය චාජ් කරල තියනව, අලුත්ම බැට්‍රියක් තියෙන්නෙ වැඩිය දුවන්නැති හිංදද කොහෙද ඉක්මනට බහිනව" ලු. මම ඉතිං වාහනේ චාජිං කරන්ට් එක ටිකක් චෙක් කරගන්න කියල එන්න ආව. කලුවරේ වාහන බලන්න ගිය හිංද මෙතනින් නවතිනව. දවාලක ගියානං තවත් කතාව දික් වෙන්න තිබ්බ.
    තව කතා ටිකක් තියෙනව පස්සෙ දාන්නං.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ලංකාවේ ඔය වගේ කතා කියල ලනු දෙන්න හදන උන් බහුතරයක් තමන් කපටියි කියල හිතන් ඉන්න ගොන් මෝඩයෝ :rofl: හැබැයි ඉතින් එව්ව කන උනුත් එමටයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Ape gedara thibba Nisssan N16 eka eye dunna. Awrudu 7k Api gawa thibbe. Gaththa buyer hondata check karala Scan karala advace karala giye. Ethakota awlak nae ne
    එහෙම වාහන හොයාගන්න එක හරි අමාරුයි. අවු 7ක් එකම අයිතිකාරය කියන්නෙ ගන්න කෙනා උඩ පැනල ගන්නෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලංකාවේ ඔය වගේ කතා කියල ලනු දෙන්න හදන උන් බහුතරයක් තමන් කපටියි කියල හිතන් ඉන්න ගොන් මෝඩයෝ :rofl: හැබැයි ඉතින් එව්ව කන උනුත් එමටයි
    ඔවු හෙන ගොන් කතා කියන්නෙත්, සමහර වාහන photo එකේ බලල ඇත්තට දැක්කම. දොරක්වත් අරින්න හිතෙන්නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Oya wagema awankawa personal use karapu wahane wikunanna giyamath gon talks deela condemn karanna ena ewun dakkamath pollak aran salakanna hithenawa 😂
    එහෙම කරන්නෙත් බිස්නස් කරන්න ගන්න උන්මයි. වාහන ගැන දන්න පාවිච්චියටම ගන්න මනුස්සයෙක් කවදාවත්. ගනං අඩුකරගන්න අඩුපාඩු කිය කිය ලතවෙන්නෙ නෑ. හරියන්නැත්තං හැරිල එනව මිසක්.
     
    • Like
    Reactions: NRTG

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    ඔහොම උන් නම් ඕනේ තරම් හම්බවෙලා තියනවා. සමහර උන් ගේ කතා හෙන ගොන්. එකින් එක කියන්නම්

    මේක කාර් සේල් එකක් කියල ඇඩ් එකෙන් මුලින්ම තේරුනේ නැහැ. හැබැයි ඇත්තටම පොඩි සේල් එකක් සරණංකර පාරේ තියෙන්නේ. මුන්ගේ විකුනන්න දාල තිබ්බා 2010 Premio 260 එකක් ටිකක් සාදාරන ගානකට (කොහොමත් ලංකාවේ premio වලට දාන්නේ පිස්සු ගණන් නේ) ගියහම තියනවා වහනයක් බැබලි බැබලි පාර අයිනේ. Wax කරලා නෙමේ wax වක් කරලා. ගිහින් බලද්දී වාහනේ පොඩ්ඩක් විතර හැප්පිලා එහෙම තියනවා bonnet gap එක uneven .. සේල් කාරය ඇවිත් කියෝනව ඉවරයක් නැතුව පොත ඉල්ලලා බලද්දී 2010 කිව්වට කාර් එක 2007 එකක් - 2010 registered . කාර් එක ඇතුලෙත් wax වක් කරලා. 'ඊයේ ගාල්ලේ ඩොක්ට කෙනෙක් ආව එයා ගන්නවාමයි කියල ගියේ.' කියල බුවා දැන් කියනවා. ටිකකින් මුට කෝල් එකක් ආව ඒක answer කරලා මු කියනවා අර ඩොක්ට කතා කලේ හෙට එනවා ලු advance කරන්න මල්ලි ඔයා කැමති නම් අදම Advance කරන්න කියල. ටිකකින් bike එකකින් ආව පොරවල් දෙන්නෙක් උන් දෙන්න ඇවිත් car එක දිහා බල බල ඉන්නවා...විකුණන එකා ඇවිත් කියනවා 'මල්ලි මෙයාල broker ල..මම කැමති නෑ මෙයාලට දෙන්න' කියල...ගිය එකේ තව ටිකක් ඉදල මම හරි මම පස්සේ කතා කරන්නම් කියල ආව . හිනා යන කතාව ඊට මාස 6 විතර පස්සේ මගේ යාලුවෙක් වහනයක් හොයා හොයා හිටිය...මු මට කිව්වා" මම ඊයෙත් ගිය සරණංකර පාරේ sale එකකට.." කියද්දීම මට මතක් උනා ..මම උගෙන් ඇහුව උඹ වාහනේ බලද්දී ගාල්ලේ doctor කෙනෙක් sale කාරයට කතා කලාද? ඊට පස්සේ bike එකකින් බුවාලා දෙන්නෙක් ඇවිත් වාහනේ බැලුවද කියල... මූ පුදුම වෙලා බලන් ඉදල මගෙන් අහනවා යකෝ කොහොමද උබ දන්නේ කියල ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ammo wahana hinda oya wage katu kala athi athi wenna ahu welath thiyanawa oya wage ewata passe danam e katha tika epa wenawa sinhalen type karanna giyama.
    දාමු... දාමු..මචෝ මහන්සි බලන්න එපා.
    ඔහොම උන් නම් ඕනේ තරම් හම්බවෙලා තියනවා. සමහර උන් ගේ කතා හෙන ගොන්. එකින් එක කියන්නම්

    මේක කාර් සේල් එකක් කියල ඇඩ් එකෙන් මුලින්ම තේරුනේ නැහැ. හැබැයි ඇත්තටම පොඩි සේල් එකක් සරණංකර පාරේ තියෙන්නේ. මුන්ගේ විකුනන්න දාල තිබ්බා 2010 Premio 260 එකක් ටිකක් සාදාරන ගානකට (කොහොමත් ලංකාවේ premio වලට දාන්නේ පිස්සු ගණන් නේ) ගියහම තියනවා වහනයක් බැබලි බැබලි පාර අයිනේ. Wax කරලා නෙමේ wax වක් කරලා. ගිහින් බලද්දී වාහනේ පොඩ්ඩක් විතර හැප්පිලා එහෙම තියනවා bonnet gap එක uneven .. සේල් කාරය ඇවිත් කියෝනව ඉවරයක් නැතුව පොත ඉල්ලලා බලද්දී 2010 කිව්වට කාර් එක 2007 එකක් - 2010 registered . කාර් එක ඇතුලෙත් wax වක් කරලා. 'ඊයේ ගාල්ලේ ඩොක්ට කෙනෙක් ආව එයා ගන්නවාමයි කියල ගියේ.' කියල බුවා දැන් කියනවා. ටිකකින් මුට කෝල් එකක් ආව ඒක answer කරලා මු කියනවා අර ඩොක්ට කතා කලේ හෙට එනවා ලු advance කරන්න මල්ලි ඔයා කැමති නම් අදම Advance කරන්න කියල. ටිකකින් bike එකකින් ආව පොරවල් දෙන්නෙක් උන් දෙන්න ඇවිත් car එක දිහා බල බල ඉන්නවා...විකුණන එකා ඇවිත් කියනවා 'මල්ලි මෙයාල broker ල..මම කැමති නෑ මෙයාලට දෙන්න' කියල...ගිය එකේ තව ටිකක් ඉදල මම හරි මම පස්සේ කතා කරන්නම් කියල ආව . හිනා යන කතාව ඊට මාස 6 විතර පස්සේ මගේ යාලුවෙක් වහනයක් හොයා හොයා හිටිය...මු මට කිව්වා" මම ඊයෙත් ගිය සරණංකර පාරේ sale එකකට.." කියද්දීම මට මතක් උනා ..මම උගෙන් ඇහුව උඹ වාහනේ බලද්දී ගාල්ලේ doctor කෙනෙක් sale කාරයට කතා කලාද? ඊට පස්සේ bike එකකින් බුවාලා දෙන්නෙක් ඇවිත් වාහනේ බැලුවද කියල... මූ පුදුම වෙලා බලන් ඉදල මගෙන් අහනවා යකෝ කොහොමද උබ දන්නේ කියල ...
    ඒකනං සුපිරි කතාව. නියමෙට ලියලත් තියෙනව.
    තව ලියන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔන්න එහෙනං මගේ ඊලඟ කතාව.
    පිලියන්දල පැත්තෙ විකුණන්න දාල තිබුන honda city එකක්. "J" number එකක්, ගාන කිවුවෙ 14.5යි photos වලින් නියමෙට තිබුණ.
    කතා කරල බලපුවම අයිති කෙනා වාහනේ අරන් මාස 6යි. විකුණන්න හේතුව විදිහට කිවුවෙ, එයාගෙ 'කකුලක් දියවැඩියාවට කපල නිසා වාහනේ එකතැන තියෙන්නෙ. පදින්න කෙනෙක් නැති නිසා දෙන්නෙ' කියල.
    ඔන්න ඉතින් මස්සිනත් එක්ක නිවාඩු දවසක ගියා වාහනේ බලන්න. ගෙදරක තිබුණේ. ගෙදර මනුස්සය කිහිලි කරුවෙන් දොරලඟට ඇවිත් යතුර දුන්න ගිහින් බලන්න කියල. වහනේ ලඟට ගිහින් හැරිල එන්න හැදුවත් මස්සිනා කිවුව 'ආපු එකේ බොරුවට හරි බලල යමං නැත්තං හරි නෑනෙ' කියල. වාහනේ මැටි ගාල වගේ කැඩ්ලොයි දාල. පේන්ට් එක පින්සලකින් ගාල වගේ පෙරිල. එන්ජිම ස්ටාට් කරපු ගමන් හෙන oil ගඳකුත් ආව. එන්න හැරුනම තමා තිරය පිටුපස කතාව දැක්කේ.
    ගෙයි එහාපැත්තෙ තව alto දෙකක් දාගෙන paint කරනව. Nissan wingroad එකකුත් තිබ්බා. යතුර දෙනකොට මනුස්සය මුකුත් ඇහුවෙ නෑ. අපිත් යතුර දීල යන්නං කියල එන්න ආව.
    මට මිනිහගෙන් අහනවනං අහන්න තිබුණෙ එක ප්‍රශ්නයයි. Safty first හින්ද කට පියන් ආව "අංකල් වාහනේ photos ගත්තෙ මොන studio එකෙන්ද?"