විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මීටරෙත් කරකවල, ලොකු accident එකකුත් වෙලා.... මරාලයක්.
    ඕක 2013 යන්නෙ දැන් කීයද? 60ක් විතර නේද?

    55 වගේ නේද බන් යන්නේ නම්, ඒ උනාට දැන් 60 පන්නල කියන්නේ

    වාහනේ නම හොඳ හින්ද ඒකෙන්ම ගොඩයන්න හදල තියෙන්නෙ.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: PHBhagya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,487
    113
    Colombo, Sri Lanka
    images.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    accident wacca wahana adura ganna komai machan
    ඩිකිය, බොනට් ඇරල ඇතුලෙ දාර, එම්බෝස් කරපු තැන් හරියට කෙලින් ඔර්ජිනල් තත්වෙන් තියෙනවද, කැඩ්ලොයි දාපු ගතියක් තියෙනවද බලන්න.

    දොරවල්, බොනට් වැහුවම ෆෙන්ඩර් එකත් එක්ක හිටින දාරය (හිඩස) හරියට සමාන්තරව තියෙනවද බලන්න.

    වාහනේ වින්ඩ්ස්ක්‍රීන් බීඩින් හොඳට තියෙනවද, ගම් වගේ දෙයක් දාල අලවල තියෙනවද බලන්න

    බොඩියට තට්ටුවක් දාල බලන්න කැඩ්ලොයි දාල හදපු බොල් සද්ද එනවද කියල. වාහනේ පැත්තෙන් බොඩි එක බලපුවම. ඇද, රැලිවැටීම් , පාටෙ වෙනස්කම් වගේ දේවල් බලන්න

    වාහනේ ඩිකියෙ කාපට් උස්සල බලපුවම තහඩු දෙකක් ජොයින්ට් වෙන තැන් වල එහෙම ගම් එකක් දාල තියෙනව, ඒක සුදු පාටට හුරු රබර් වගේ දෙයක්. ඒක අතට සොෆ්ට් එකට අහුවෙනව
    ඒ වෙනුවට කැඩ්ලොයි වගේ දෙයක් දාල තියෙනවද බලන්න කැඩ්ලොයි ගල් උණාම හාඩ් ගතියක් තියෙන්නෙ.

    බම්පර් යන්තං ගෑවිලා ටච්අප් කරල තියෙන එකනං සාමාන්‍ය දෙයක්.
    තදට වැදිල බම්පර් වල ප්ලාස්ටික් ක්ලිප් කැඩිල යකඩ බෝල්ට් ඇණ දාල, කමබි කෑලි බැඳල, අමුනල එහෙම තියෙනවද කියල යට රිංගල බලන්න
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63

    Thanks for well detailed information machan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේක මම දන්නකෙනෙකුට ලඟදි උන වැඩක්.
    වාහනේ K නම්බර් ඇලියන් 260ක්.
    වාහනේ බැලූ බැල්මට හොඳටම තිබිල තියෙනව. පරහකට තිබිල තියෙන්නෙ සර්විස් රෙකෝඩ් නැති එක.
    පරණ දුම් සහතික ඉල්ලපුවම දෙකක් තියෙනව කියල. ඒක බැලුවම එකම අවුරුද්දෙ සහතික දෙකක්. ඒ කියන්නෙ එකක් 2019 ජනවාරි අනික 2019 සැප්තැම්බර් . වාහනේ කිලෝමීටර් 53000 යි දුවල තිබුණේ.
    දුම් සහතික අවුලයි කි.මී ගානත් ගොඩක් අඩු හින්දයි වාහනේ ගැන සැක හිතිල වචනයක් දෙන්නෙ නැතුව ඇවිල්ල.
    පස්සෙ තව යාලුවෙක්ගෙ මාර්ගෙන් ටොයෝට එකෙන් වාහනේ ගැන විස්තර අරගෙන.
    මේ වාහනේ 2016දි කම්පැණි සර්විස් එකක් කරල. එතකොට කිලෝමීටර් 56000ක් දුවල තිබිල තියෙනව.

    එහෙම බැලුවම 2016 ඉඳන් 2020 වෙනකල් වාහනේ ,
    කිලෝමීටර් සෘණ 3000ක් දුවල...
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    මේක මම දන්නකෙනෙකුට ලඟදි උන වැඩක්.
    වාහනේ K නම්බර් ඇලියන් 260ක්.
    වාහනේ බැලූ බැල්මට හොඳටම තිබිල තියෙනව. පරහකට තිබිල තියෙන්නෙ සර්විස් රෙකෝඩ් නැති එක.
    පරණ දුම් සහතික ඉල්ලපුවම දෙකක් තියෙනව කියල. ඒක බැලුවම එකම අවුරුද්දෙ සහතික දෙකක්. ඒ කියන්නෙ එකක් 2019 ජනවාරි අනික 2019 සැප්තැම්බර් . වාහනේ කිලෝමීටර් 53000 යි දුවල තිබුණේ.
    දුම් සහතික අවුලයි කි.මී ගානත් ගොඩක් අඩු හින්දයි වාහනේ ගැන සැක හිතිල වචනයක් දෙන්නෙ නැතුව ඇවිල්ල.
    පස්සෙ තව යාලුවෙක්ගෙ මාර්ගෙන් ටොයෝට එකෙන් වාහනේ ගැන විස්තර අරගෙන.
    මේ වාහනේ 2016දි කම්පැණි සර්විස් එකක් කරල. එතකොට කිලෝමීටර් 56000ක් දුවල තිබිල තියෙනව.

    එහෙම බැලුවම 2016 ඉඳන් 2020 වෙනකල් වාහනේ ,
    කිලෝමීටර් සෘන 3000ක් දුවල...

    දුම් සහතිකෙන් දුම් සහතිකයට මීටරේ කරකවන උන් ඉන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Car check dala 98/100 thibba wahaneta. Comments widihata dala thibbe podi maintainance repair ekak (stabilizer link eke joint eka gewila eka replace karaganna kiyala)

    Ekatath magen adu karala illuwane ban 😅😅😅
    Mata kalakiruna.
    ඔහොම උං තමයි අන්තිමට යකඩ බරට වඩා කැඩ්ලොයි බර වැඩි මරාල වලට අහුවෙන්නෙ... :lol:
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    1. ලංකාවෙ වාහන කවදාවත් 200000km ට වඩා දුවන්නෙ නෑ. අවුරුදු කීයක් පරන උනත්. 150000 පැන්න ගමන් සෘන පැත්තට මීටර් කැරකෙන්නෙ.
    2. අපේ මිනිස්සු කොච්චර කිව්වත් මයිලේජ් එක 100000km පැන්නට පස්සෙ සර්විස් රෙකෝඩ් තිබුනත් වාහනේ ගන්න අදිමදි කරනව ටිකක්. ජපානෙත් 30ක් 40ක් පැදල ලංකාවට ගෙනත් 3000ට විතර මයිලේජ් බාල විකුණන වාහන කොච්චර පැදල තියෙන්න ඕනද එතකොට.
    3. ඇක්සිඩන්ට් වාහන සුපිරියට හදාගෙන පදින අය ඕන තරම් ඉන්නව. අනවශ්‍ය බයක් තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ. අපිට සල්ලි නෑනෙ ඇමරිකාවෙ වගේ වාහනේ ඇක්සිඩන්ට් උනාම ඒක විසි කරල වෙන වාහනයක් ගන්න. ඇක්සිඩන්ට් උනාම ඉතින් හදාගෙන පදින්න වෙනව. ඉන්ශුවරන්ස් වලින් උනත් ක්ලේම් එකක් ගන්න කොයිතරම් අමාරුද කියල අත්දැකීම් තියෙන අය දන්නව.