මම ජවිපෙ හිතවාදියෙකු හෝ අනුගාමිකයෙකු නොවෙයි. පළමව ඒක කියන්න ඕන. නමුත් විජේවීර ලංකාවෙ දේශපාලනය පිළිබදව දරුපු මතවාදිමය ආකල්පය, අතිශයින් ම නිවැරදියි. ඒක මම විජේවීර වාදියෙක් නොවුනත් පිළිගන්නවා. නමුත් ඒ මතවාදීමය තත්ත්වය, සාර්ථක ප්‍රාෙයා්ගික ක්‍රමවේදයක් බවට පත් කරන්නට විජේවීරටවත්, ඔහු ගෙන් පස්සේ ජවිපෙටවත් නොහැකි වෙලා තියනවා, අන්න ඒකයි අවුල.
1971 අප්‍රේල් නැගිටීමෙ දී කවුද අරගලයට සහභාගීවුනේ? මේ රටේ බුද්ධිමත් යයි සැළකෙන කොටස. වි.වි. ශිෂ්‍යයන් එහෙම. නමුත් සාමාන්‍ය ජන සහභාගීත්වයක් තිබුණද? නෑ. ඇයි ඒ? අරගලය අවුලුවපු කාලය වැරදියි. සමගි පෙරමුණු ආණ්ඩුව පත් වුනේ 1969 අවසානයෙදී. මිනිසුන් රජය යමක් කරයි කියල බලාපොරොත්තුවෙ හිටිය. අනික බහුතර පොදු සහභාගීත්වයකින් තොරව කෙරෙන පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකින් කියල කිව්වේ මාක්ස් මයි. ඒ නිසා අවසනදී මොළ ටික විතරක් අරගලයට ගියා. හරියට කද නැතුව ඔලුව විතරක් යුද්දෙට යනවා වගේ. මොකද වෙන්නේ, පරාද වෙන එක සහ විනාශ වෙන එක.
1989 දී මොකද වුනේ? පොදු ජන සහභාගීත්වයක් තිබුණ ද? ඔව්. නමුත් වි.වි. බහුතර ශිෂ්‍යෙය මේකට සම්බන්ධ වුනාද? නෑ. දේශපාලන අවබෝධයක් තිබ්බ පිරිසක්, 71 වගේ පන්ති 5 ගිහිල්ල දේශපාලන දර්ශනය දන්න වුන් සහභාගී වුනා ද? නෑ. මෙහෙම අරගල එන්න ඕන ක්ෂණයකින්. අති වේගවත් පහරක් එක්ක. ඒක වුනා ද? නෑ. කල් අල්ලන අරගලයක් මේ වගේ දේශපාලන භාවිතයකට සුදුසු නෑ. අවසන දී මොකද වුනේ? දේශපාලන අවබෝධයක් රහිත, ත්රිලට ආණ්ඩුවට විරුද්ධ පිරිසක් අවි ගත්තා. ඒක ඔලුව නැතුව කද යුද්දෙට යැව්ව වගේ. මොකද වෙන්නේ? කන්ට්‍රෝල් කරන්න විදියක් නැති වෙනව විාස වෙනවා. ඒ දේ වුනේ නැද්ද?
ජවිපෙ තමන් ගැන අති ගැඹූරු ස්වයවිවේචනයක යෙදීම අත්‍යාවශ්‍යයි. මේ පවතින ක්‍රමයට බද්ධ වුණු අරගල මාර්ගයක් අනිවාර්යයි. නමුත් එහෙම එකක් කරන්න සමත් පෞරුෂයක් හෝ දර්ශනයක් සහිත අය ජවිපෙ තුල ඉන්නව ද කියන එක ප්‍රශ්නයක්.
ඔබේ මතයට තරමක් විතර එකගයි මම.......

naha kawadawath naha..

