- විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    - විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -

    වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂය ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා (Glass Frog)ලෙස හැඳින්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්, සමහර ගෙම්බන්ගේ උදර චර්මය පාරදෘෂ්‍ය ආකාරයෙන් පිහිටනවා. මේ නිසා ගෙම්බාගේ ශරීරය තුල පිහිටි හෘදය, අක්මාව හා ආහාර මාර්ගය වැනි අවයව සම තුලින් පැහැදිලිව දර්ශණය කළ හැකියි.

    glass_frog.jpg



    ----------------------------------------------------------------------



    මේ අරුම පුදුම මත්ස්‍යයාගේ හිස පමණක් පාරදෘෂ්‍යයි. බැරල් වැනි ඇස් පිහිටා ඇති නිසා බැරල්අයි (Macropinna microstoma) නමින් හැඳින්වෙන මේ මත්ස්‍ය විශේෂය ජීවත් වන්නේ අඩි 2000 ක් පමණ ඉතා ගැඹුරු මුහුදෙහි ඝන අන්ධකාරය තුළයි. මේ සත්ත්වයා ආලෝකයට ඉතාමත් සංවේදීයි. බළලෙකුගේ ආකාරයට පිහිටි බැරල්අයි ගේ ඇස් ඕනෑම දෙසකට කරකවන්නට හැකි නිසා හිසට උඩින් පිහිනායන ගොදුරක් වුවත් ඌට හොඳින් දර්ශණය කර ගත හැකියි. පාරදෘෂ්‍ය හිස් ආවරණයක් වැනි හිස තුළ, ශරීරය අභ්‍යන්තරයේ මේ ඇස් පිහිටා තිබීම විශේෂත්වයක්. මේ ඇස් නාල වලට ඉහළින් දීප්තිමත් කොළ පැහැති කාච වැනි ව්‍යුහයන් දෙකක් පිහිටා තිබේ. මේවායින් ආලෝකය පෙරා හැරීමක් සිදු කෙරෙනවා. මේ ඡායාරූපයේ ඇස් මෙන් පෙනෙන බාහිර නෙරුම් ඇස් නොව නාස් පුඩු වැනි ව්‍යුහයක් බව සත්ත්ව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටිනවා.


    barreleyefish.jpg



    ----------------------------------------------------------------------



    තවත් චමත්කාරජනක ජීවියෙක්. මේ තමයි වීදුරු දැල්ලා (Teuthowenia pellucida). දක්ෂිණ අර්ධගෝලයේ මුහුදු කලාපවල දැකිය හැකි මේ විශේෂය ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් හා මෝරුන් වැනි බොහෝ මත්ස්‍ය විශේෂ වල ගොදුරක්. මේ වීදුරු දැල්ලාට උගේ බාහිර උපාංග (ඇස් හා අඬු) ශරීරය තුළට අකුලා ගෙන වීදුරු බෝලයක් මෙන් ගුලිවී සිටින්නටත් පුළුවන්.

    hewan-transparan-13.jpg


    ----------------------------------------------------------------------



    මත්ස්‍ය ලෝලීන් අතර සීබ්‍රා මාළුවා නමින් ප්‍රචලිත මත්ස්‍ය වර්ගයට අයත් මේ සත්ත්වයා විද්‍යාඥයින් විසින් විනිවිද පෙනෙන ලෙස ජාන වෙනස් කර නිර්මාණය කරන ලද්දක්. මෙමගින් ඔවුන් අපේක්ෂා කර ඇත්තේ නොයෙකුත් ලෙඩ රෝග මගින්, විශේෂයෙන්ම පිළිකා වැනි තත්ත්වයන් යටතේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙනස් වන ආකාරය සජීවීව නිරීක්ෂණය කිරීමයි. මෙමගින් පර්යේෂකයින්ට පිලිකා ගෙඩි (ටියුමර්) වැනි අවස්ථාවකදී එහි පැතිරීම සජීවීව අධ්‍යයනය කරන්නට පුළුවන්.

    images



    ----------------------------------------------------------------------



    බැලු බැල්මට පෙනෙන්නේ කිඹුලෙක් සහ මාළුවෙක්ගේ දෙමුහුම් විශේෂයක් වගේ. ඔව්, මේ අපූරු සත්ත්වයා හඳුන්වන්නේ කිඹුල් මාළුවා(crocodile icefish - Channichthyidae) නමින්. ඇන්ටාර්ටිකාව ආශ්‍රිතව හා දකුණු ඇමරිකාවට පහලින් වූ ශීතාධික මුහුදු තීරයේ මේ සත්ත්වයා දැක ගත හැකියි. මේ විස්මයජනක කිඹුල් මාළුවාගේ රුධිරය සම්පූර්ණයෙන්ම අවර්ණයි. ඒ එම රුධිරයේ හිමොග්ලොබීන් හෝ රතු රුධිරාණු නොමැති නිසායි.

    Transparent+-+Fish.jpg


    ----------------------------------------------------------------------​



    මෙන්න තවත් අපූරු ජීවියෙක්. මේ වීදුරු ඉස්සෙක්... Phronimaලෙස හැඳින්වෙන මේ කුඩා ජීවියා අයත් වන්නේ මුහුදු ඉස්සා අයත් වන කාණ්ඩයටමයි. උතුරු අත්ලන්තික් ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ සිදුකල පර්යේෂණ වලදී මෙම ආකාරයේ පාරදෘෂ්‍ය සත්ත්ව විශේෂ කිහිපයක්ම සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමට හැකිවී තිඛෙනවා. ඔවුන් පවසන්නේ මේ ඉස්සා පාරදෘෂ්‍ය ලෙස සැකසී ඇත්තේ සතුරන්ගෙන් සැවී සිටීමට බවයි. මුළු ශරීරයම විනිවිද පෙනෙන නිසා ගැඹුරු මුහුදේ ඇති ඝන අන්ධකාරය තුළ නොපෙනී සිටීමට පුළුවන්. ඇතුළ පිටත වෙනසක් නැතිව මුළු ශරීරයම පෙනෙන මේ ඉස්සා සොබාදහමේ තවත් විස්මිත නිර්මාණයක් බව නම් කිව හැකියි.

    pram-Phronima-sede_1401595i.jpg






    ----------------------------------------------------------------------



    හවායි අසල මුහුදු තීරයේදී කැමරාවට හසුකරගෙන ඇති මේ පිලව් කූනිස්සාත් විනිවිද පෙනෙන සත්ත්වයෙක්. පාරදෘශ්‍ය ජල්ලි මත්ස්‍යයෙක් ආකාරය දැරුවත් මොහු කූනිස්සෙක් බවයි පැවසෙන්නේ.

    transparent-shrimp-newbert_18394_600x450.jpg

    ----------------------------------------------------------------------



    ජල්ලි මාලූ (jellyfish)ආකාරයේ සත්ත්වයෙක් වන මේ සත්ත්වයා හැඳින්වෙන්නේ Salpයන නමින්. ජලයේ ඇති ශාඛ ප්ලාවාංග හා කුඩා ජලජ පැලෑටි ආහාරයට ගෙන ජීවත් වෙන මේ සත්ත්වයා සේද රෙද්දක් සේ පාරදෘෂ්‍ය ගුණයෙන් යුක්තයි. සෙන්ටිමීටර 1- 10 ත් අතර ප්‍රමාණයක් ගන්නා මොවුන් දිගැටි - බැරල් හැඩයෙන් යුතුයි.

    Transparent-Salp.jpg



    ----------------------------------------------------------------------



    නිඩේරියා වංශයට අයත් ජෙලිෆිෂ් මත්ස්‍යයන් මුහුදු ජීවීන් අතර සුවිශේෂී සත්ත්ව කාණ්ඩයක් ලෙස සහන් කල හැකියි. ඒ අපූර්වත්වය තවත් වැඩි කරන එක් සාධකයක් තමයි ජෙලි මත්ස්‍යයින් බොහෝවිට පාරදෘශ්‍ය වීම. මේ නිසාම මොවුන් පියෙවි ඇසින් දැකීමත් තරමක් අසීරු කාර්යයක් වෙනවා. මෙහි දැක්වෙන්නේ Arctapodemaගණයට අයත් ජෙලි මාලූවෙක්. මොහුගේ ප්‍රමාණය අලක් පමණ වෙනවා. ශරීරය මුළුමනින්ම පාරදෘෂ්‍ය නිසා මේ සත්ත්වයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලම පැහැදිලිව දැක ගත හැකියි.

    tumblr_l2z3n3m7rr1qbdysvo1_500.jpg



    උපුටා ගැනීම චතූගේ කතා බ්ලොග් අඩවියෙන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ela mchoo----danata bump...balala kiyannam

    You must spread some Reputation around before giving it to crazyasa again.
    :(

    පට්ට මචං..
    රේප් බැලූ...

    You must spread some Reputation around before giving it to crazyasa again.

    TFS Bro
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    nat geo eke giya neda oya gana program ekak
    patta patta
    ++

    පට්ට.. මිනිස්සුන්ගෙත් මෙහෙම පෙනුනා නම් ෆට්ට නේහ්..:rofl:


    යාළුවා;17294059 said:
    වීදුරු ගෙම්බා

    11.gif
    තෑන්ක්ස් හැමෝටම :love::love:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ela bn...kiyewwa...
    ai bn me wage hoda post bump wenne naththe
    BUMP

    මගේ පලවෙනි රෙප් එක ඔන්න උඹට දුන්නා මචාං.. :D
    TFS


    අනේ යකෝ හොරා වගේ පට්ට ත්‍රෙඩ් දානව නේද...:angry::D:D:D
    :Dවෙනදට දානව අද අමතක වුනා මචන්
    ජමාල්;17294932 said:



    Supiri ban

    You must spread some Reputation around before giving it to crazyasa again.
    තෑන්ක්ස් හැමෝටම
    11.gif
    :love::love:
    You have given out too much Reputation in the last 24 hours, try again later..
    හෙට සලකන්නම්