වෙරි මට හොදටම වෙරි <3

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Meca ettac 😕 හිස්බඩ බිව්වොත්නං වදිනවා පුක් වෙන්න
    මට එහෙම වෙලා තියනවා. කාලෙකට ඉස්සෙල්ලා ඒ ගැන ලිව්වා මතකයි. ඒක හොයලා දාන්නම්.

    Found it.
    මට වෙච්ච දරුණුම සීන් එක උනේ මගේ වෙඩින් එකෙන් සති දෙකකට විතර පස්සේ, මනමාලියගේ දෙමව්පියන්, අලුත් යුවලගේ ගෙදරට එන දිනයේ දීයි. දැන් නම් එහෙම චාරිත්‍රයක් තියන වගක් නොපෙනුනාට ඒ කාලයේ එහෙම එකක් තිබුනා.

    එදා, මගේ වයිෆ් ගේ දෙමව්පියන්/සහෝදර සහෝදරියන් ඇතුළු හත් අට දෙනෙක් එන නිසා, මගේ වෙඩින් එකට බැහැලා වැඩ කරපු යාලුවෝ හය හත් දෙනාටත් ලන්ච් එකට එන්න කිව්වා.

    එදා උදේට කන්න ලැහැස්ති වෙන කොටම කොට්ටාව හන්දියට එකල (ඇඹිලිපිටිය පැත්තේ ඉඳලා) එන මී කිරි ලොරිය ආවා කියලා පණිවිඩයක් ආවා. කෑම නවත්තලා, මම කිරි පැණි ගේන්න ගියා. කොට්ටාවේ මාළු ලෑල්ලෙන් මාළු ඕඩර් කරලා තිබුන නිසා, කිරි පැණි අරගෙන මාළුත් කප්පවාගෙන එනකොට තවත් මොනවා හරි වැඩක් පැටලුනා. මගේ යාලුවන්ට හොඳ සංග්‍රහයක් කිරීමේ සන්තෝශයත්, වැඩ වැඩි කමත් නිසා උදේ කෑම මතකම නැති උනා. උදේ පාන්දර බීපු ටී එක විතරයි.

    ඉතාම හොඳ බේබේ කෙනෙක් වෙන මගේ මාමන්ඩියා, පළමුවෙනි බෝතලේ කඩලා, පළමුවෙනි ෂොට් එක මට දෙන්න කිව්වා . මම බොන බව මාමන්ඩියා නොදන්නවා උනත්, අද වගේ සන්තෝෂ දවසක පොඩ්ඩක් බිව්වට කමක් නැහැ කියලා එයා කිව්වා. මගේ යාළුවොත් සාමාන්‍යයෙන් අපි බොන විදියට කට කපලා එකක් දාලා, මට දීලා සුබ පැතුවා. මාත් ඇතුළුව, අපි යාළු බජාර් එකේ හැමෝටම ඒ කාලේ අවුලක් නැතුව බාගයක් බැගින් බොන්න පුළුවන්. නමුත්, එදා හිස් බඩට ඒ ෂොට් එක ගහපු ගමන් මට උනේ මොකද කියලා හිතා ගන්න බැරි උනා. වෙරි වෙලා, හෝටල් දාලා, ඇහැරුනේ පහුවදා පාන්දර වෙලයි.

    ඒකෙන් මට එක හොඳක් උනා. මම ඊට ඉස්සෙල්ලා කවදාවත් බීලා නැති සිරිමත් ළමයෙක් කියලා අපේ ගෙදර අයටත්, ඒ ගොල්ලන්ගේ ගෙදර අයටත් ඔප්පු උනා.
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඒකෙන් මට එක හොඳක් උනා. මම ඊට ඉස්සෙල්ලා කවදාවත් බීලා නැති සිරිමත් ළමයෙක් කියලා අපේ ගෙදර අයටත්, ඒ ගොල්ලන්ගේ ගෙදර අයටත් ඔප්පු උනා.

    කුමාරතුංග මුනිදාසගේ සිරිමත් මගෙ සකි කවිපන්තිය ලියපු කාලේ ඉඳලම හොඳ ළමයින්ව හඳුන්වන්න සිරිමත් කියන වචනේ පාවිච්චි වෙන්න ඇති.
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and 1sam

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉස්සෙල්ලම මේක බලල වරෙව් සිංහලු...පොඩි කාලේ අහපු ආතල් සින්දුවක් නේද...






    අද පොඩි drink එකක් දැම්ම..වෙනදට වඩා වැදුනා කියහන්කෝ ගහපු ගමන්...

    මම බැලුවා මොකෝ මේ කියල..වෙනදට එහෙම නැහැ..ඉතින් වෙරි මර ගාතේ ඔය සින්දුවත් දාගෙන ගූගල් පාරක් දැම්ම ඇයි කියල හොයන්න..

    එතකොට දැනගත්තේ...

    උබලට ඉක්මනට වදින්න හේතුවක් තමයි :

    උබල අඩුවෙන් කෑවොත් හරි, අඩුවෙන් වතුර බිව්වොත් හරි...ඇල්කොහොල් වලට dehydrate වෙනවා...එතකොට එකක් ගහපු ගමන් මට ගාල වදිනවා..ඉතින් වදින්නේ නැතුව බොන්න නම් ඒ දවසට හොදට උදේ ඉදන් වතුර බීපල්ලා...කාපන්...බොන ගමන් කන්න එපා තොග පිටින්...තොපි කබා දායි ඊට පස්සේ...:lol: අලුත් දෙයක් දැනගත්ත නම් බම්ප් එකක් දාපියව් :lol:

    හරි එහෙනම්...අපි ගියා...මේකත් අහගෙන යමු...:love:





    බොන්න බොන්න ජොලි වෙනවා..
    සින්දු කෑලි කියවෙනවා..
    ගහපු ගමන් සුමිහිරි පානේ...


    පරණ කෙල්ලෝ සිහිවෙනවා
    කඳුළු බින්දු වැගිරෙනවා
    කවුද මැව්වේ සුමිහිරි පානේ...:love:

    මේක මුලින්ම ආපු ඇල්බම් එක මතකද? ඒක හොයාගන්න විදියක් නැද්ද බන් :sorry:
     
    • Love
    Reactions: kolavari

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    sea shanty thama :love:




    johnny depp lol GIF
     
    • Like
    Reactions: kolavari