ත්රෙඩ් එක දාපු එකාට මැරිච්ච මනුස්සයට මඩ ගහද්දි බීෆ් පෝක් හොඳ නෑ. හැබැයි තමන්ට හොඳට මස් කාල බණ වදාරද්දි නම් හොඳයි.
සියල්ලෝම දඬුවමට බිය වෙති. සියල්ලෝම මරණයට බිය වෙති. අනුන්ගේ බිය, සැක, සංකා, වේදනා තමන්ව උපමා කොට ගෙන ප්රාණ ඝාත අකුසලයෙන් වැළකිය යුතු ය. එනම් නොසැලිය යුතුය. නොමැරිය යුතු ය. එමෙන්ම නොමැරවිය යුතුය යනුවෙන් බුදුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාලේ සියලුම සත්ත්වයාට කිසිඳු හිරිහැරයකින් තොරව මිහිපිට ජීවත්වීමේ අයිතියක් ඇති බව පෙන්වීමට ය. එහෙත් ශාන්ති නායක බුදු පියාණන් වහන්සේ දේශනා කළ සියල්ලන්ටම ජීවත්වීමේ ඇති අයිතිය අද මිනිසාට අමතක වී ඇති සෙයකි.
ප්රාණ ඝාතයෙන් වැළකී සිටීම උසස් මනසක් ඇති බහුතර මිනිසුන්ට අමතකවී ඇති සේය. මේ බව මැනැවින් දක්නට ලැබෙනුයේ මස් මාංශ කෑමට සමහරුන්ගේ ඇති අධික ගිජුබව දකින විටය. යම් අයෙක් සත්ත්ව මාංශ අනුභව කරන්නේ ද එවැන්නවුන් සතුන් මැරීමට අනුබල දෙන්නෝ වෙති.ආහාරය සඳහාම සතුන් මැරීමත්, සතුන් ඇති කිරීමත් ප්රාණ ඝාතයට ප්රබල අනුබල දීමකි.
මස් මාංශ මිලට ගන්නේ ආහාරයට වුවත් එය ද සත්ත්ව ඝාතනයට අනුබල දීමකි. මස් කන්නට ගිජුවන්නෝ දැන හෝ නොදැන කර ගන්නේ මහත් පාපයකි. මන්ද සතුන් ඇති කරන්නෝත් මරා විකුණන්නේත් පාරිභෝගිකයන් ඒවා අනුභව කරන හෙයිනි. එබැවින් මස් අනුභව කරන්නා සෘජුවම මෙම පාපකර්මයට දායක වෙයි.
මස් මාන්ස ටොපික් එක ගැන එච්චර හිතන්න යන්න එපා බන්.
කන්න උවමනාවක් නැති එකාට කන්න හේතු 1000ක් තිබ්බත්, ඌ 1ක හේතුවක් හොයා ගන්නවා නොකා ඉන්න.
කන්න උවමනාවක් තියෙන එකාට නොකා ඉන්න හේතු 1000ක් තිබ්බත්, ඌ 1ක හේතුවක් හොයා ගන්නවා කන්න.
ඒ නිස උබ කියන කාරනය කාටවත් කියාදීලා උගන්නලා වටහලා දෙන්න කියාදෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනික උබ මේ දාලා තියෙන පොස්ට් එකේ 90%ක්ම තියෙන්නේ, කරුණාව මෛත්රිය වගේ දේවල්. ඒවා අනිත් අයට බලෙන් ඇති කරවන්නත් බෑ.







