සරසවි වංශය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරසවි වංශය

    [FONT=&quot]එක්තරා පුද්ගලික පාසලක ඉතිහාසය පාඩම උගන්වමින් තිබුණි.

    [/FONT]

    [FONT=&quot]පන්තියට පැමිණි ගුරුතුමා “ආයුබෝවන් ළමයි.අද පාඩම සරසවි වංශය.

    එහෙනම් අපි ඉක්මනට පාඩම පටන් ගමු.ෂෙනාලි පාඩම කියවන්නකෝ.”

    [/FONT]

    [FONT=&quot]“එකල්හි අප මහරජාණෝ සොලින් පලවා හැර රට එක්සේසත් කරවා.දස රාජ ධර්මයන්ගෙන් හා සතර සංග්‍රහා වස්තුවෙන් රාජ්‍ය කරන සේක.එකල්හි හුදී ජනී ජනයාට ඥානය ලබා දෙනු වස් කිසිඳු මුදලක් නොගෙන පවත්වාගෙන යන්නාවූ පාඨශාලා දස දහසක් පමණද සහ සරසවි නම් වූ තවත් ඉහලට ඥානය ලබා දෙන විශේෂ පාඨශාලා ද පැවතියේය.[/FONT]
    [FONT=&quot]මෙම කුඩා අනුකුඩා,මධ්‍යම ,ජාතික සහ සුපිරි ,සපිරි මෙන්ම දුෂ්කර පාඨශාලාවන් නොයෙකුත් තවත් වරප්‍රසාදද ගම් වරද ඇතෙක් බරට වස්තුවද සමඟින් විස්මකර්ම නම් වූ ඇමතියෙකුට පවරා දෙනු ලැබූ සේක. හේ තෙමේ මෙකි පාඨශාලාවන් දස දහස 100 ගුණයෙන් දහස් ගුණයෙන් වසා දමමින් විභාගයට සතියකට පෙර ප්‍රශ්න පත්‍ර ලබදෙමින්ද ලියු ප්‍රශ්න පත්‍ර සඳහා ප්‍රතිපල වරදමින්ද [/FONT]z[FONT=&quot] ලකුණු කණපිට ගසමින්ද උත්කෘෂ්ට සට කපට සක්‍ර පුත් වයිමාට නොදෙවිනි පාලනයක් ගෙනගියහුය..

    [/FONT]

    [FONT=&quot]මුකොන්මාදය (කට නිසා මත වුන) නිසා නිතරම කෙලවගන්නා වුද ශ්වේත බණ්ඩාර නම් වූ මහා ඇමති කෙනෙක් වුහ.හඟුරන්කෙත පෙදෙසේ මාලිගාවක් සාදවා එහි වෙසුනා වූ සුදු බන්ඩා නම් වූ එකී ඇමති වරයා හට සරසවි කියන්නා වූ මහා විෂය පථයක් බාර කොට අවැසි තරම් ධනයද , බලයද ගම් වරද පවරදුන්හ.

    [/FONT]

    [FONT=&quot]මේකි හුදී ජනයා ඥානය ලබන්නා වූ සරසවි තුල දියුණුවක් ලද නොහැකි හෙයින් අප අමාත්‍ය ශ්වේත බණ්ඩාරයානෝ සියලු කහවනුවට තැන දෙන්නා වූ සරසවි බිහිකරනු කැමැත්තෙන් අඬබෙර යවා අණ පනත් සම්මත කරවා යහමින් ආණ්ඩු කරන සේක.

    [/FONT]

    [FONT=&quot]එකල්හි මෙයට විරුද්ධව සරසවි හුදී ජනයෝ කැරලි ගෙන එන්නාහුය.ඔවුන් මහා මාර්ගයට බට කල තම ආරක්ෂක සේනා යොදවා කඳුළු වැහෙන දුමින්ද, බැටන් පොල්ලෙන්ද , ජල ප්‍රහාරයෙන්ද පහරදී මර්දනය කල් සේක.මෙයින්ද නොනැවතුණු සරසවි ජනයා පෙදෙස් වශයෙන් මර්දනය කළසේක.දෙවෙනි වර සරසවියෙන් පිටුවහල් කීරීම නම් වූ විශේෂ ක්‍රමොපායන්ද යොදා ගත්තාහුය.

    [/FONT]

    [FONT=&quot]මෙලෙස රුහුණට රටට පහර දුන් සේනා, ජය වඩවන පුරයටද සබරගමුවටද කන්ද උඩ රටටද ටද රජරටටද පහර දෙමින් සරසවියෙන් පිටුවහල් කරමින් ඉතා සාර්ථකව සියලු කැරලි මර්දනය කල සේක.තවත් පිරිස් සරසවි ජනයාටම අපහාස කළනිසා නිෂ්පල ක්‍රියා වන්හි නිරතවන්වායයි කියමින් සටන අඩපන කල නිසා කැරැල්ල නැවතුණි.[/FONT]
    [FONT=&quot]ශ්වේත බණ්ඩාර තෙමේ මහත් වූ වීර්ය ඇතිව ඇති කළා වූ ඒ මහා කහවනු සරසවි 100 ගුණයෙන් පිහිටවූ සේක කහවනු ඇත්තෝ කහවනු ගෙවාද නැත්තෝ උඩබලා ගෙන සිටීමෙන්ද සතුටින් කල් යැවු සේක.

    [/FONT]

    [FONT=&quot]ගුරුතුමා ඉතින් දරුවනේ පේනවා නේද ඉතිහාසය ඒ කාලේ ශ්වේත බණ්ඩාර ඇමති තුමා නොහිටින්නට මේ කහවනු ගෙවන පාඨශාලා නැතිවෙනවා.

    [/FONT]

    [FONT=&quot]මේ අතර නිවේදනයකි....

    [/FONT]

    [FONT=&quot]සියලු සිසුන් වෙත කෙරෙන කාරුණික නිවේදනයයි නව පාසල් වාරය ඇරඹි ඇති හෙයින් නව වාරයට මුදල් නොගෙවූ සියලු සිසුන් මුදල් ගෙවන ලෙසද නව පෙළපොත් මුදල් ගෙවා ලබා ගන්න ලෙසද විදුහල් පති තුමා දැනුම් දෙයි.

    [/FONT]
    [FONT=&quot]උපුටා ගත්තේ [/FONT]
    [FONT=&quot]ශැගියාගේ චින්තනය බ්ලොග් අඩවියෙනි [/FONT]

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]මේ අතර නිවේදනයකි....

    [/FONT]

    [FONT=&quot]සියලු සිසුන් වෙත කෙරෙන කාරුණික නිවේදනයයි නව පාසල් වාරය ඇරඹි ඇති හෙයින් නව වාරයට මුදල් නොගෙවූ සියලු සිසුන් මුදල් ගෙවන ලෙසද නව පෙළපොත් මුදල් ගෙවා ලබා ගන්න ලෙසද විදුහල් පති තුමා දැනුම් දෙයි.[/FONT]
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool::cool::cool:

    ඉන්මතු ශ්‍රී ධර්ම දීපයේ ආශ්චර්ය මුළු ආසියාවේම පිරී පැතිරී ගියේය ...
    සාදු සාදු සාදු !!!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020661.gif