සිංහ පැටව් එකතු වෙමු.....!!!

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
එන්.ජී.ඕ. 2 ක්‌ වසර 26 ක්‌ පුරා මේ රටේ ගබ්සා 8,81,077 ක්‌

එන්.ජී.ඕ. 2 ක්‌ වසර 26 ක්‌ පුරා මේ රටේ ගබ්සා 8,81,077 ක්‌ කරලා

- බොදු බල සේනා ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ කියති

තුෂාරී කළුබෝවිල

වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක්‌ (අට ලක්‍ෂ අසූඑක්‌ දහස්‌ හැත්තෑ හතක්‌) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්‌ම සිදුකර ඇත්තේ විවිධ උපකරණ භාවිතයෙන් බව සහ සෙසු ගබ්සා කිරීම් සඳහා විවිධ පෙති හා කරල් භාවිත කර ඇති බව තහවුරු වී ඇතැයි උන්වහන්සේ පැවැසූහ. එසේම අදාළ රාජ්‍ය නොවන ආයතන දෙක වසර 25 කට වැඩි කාලයක්‌ තිස්‌සේ වඳ සැත්කම් සිදුකරමින් මේ රටේ සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙයට දෙමළ ප්‍රජාවද ගොදුරුවී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රජයේ රෝහල්වල ඇතැම් වෛද්‍යවරුන් මාර්ගයෙන් ග්‍රාමීය සෞඛ්‍ය සේවා මධ්‍යස්‌ථානවල සිටින ඇතැම් වින්නඹු කාන්තාවන් (පවුල් සෞඛ්‍ය සේවිකාවන්) යොදා ගනිමින් ගම්වල වෙසෙන සිංහල හා දෙමළ කාන්තාවන් වඳ සැත්කමට භාජන කරවීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක්‌ එම රාජ්‍ය නොවන ආයතන දෙක මගින් ක්‍රියාත්මක කෙරෙන බව පැවසූ ඤාණසාර හිමියෝ, අවස්‌ථා කිහිපයකදීම බොදු බල සේනා මැදිහත්වීමෙන් එය වළක්‌වාගත් බවද පැවසූහ.

මෙම ආයතන දෙක සතු මිලියන 800 කට වැඩි වටිනා සම්පත් රාජසන්තක කර, එම ආයතන වසා දමා එහි සිටින කුමන්ත්‍රණකාරී පිරිස වහාම රටින් පිටුවහල් කරන ලෙස බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවද ඤාණසාර හිමියෝ කීහ.

ඒ සඳහා නීති ශක්‌තිමත් නොමැති නම් නව නීති සකස්‌ කර සිංහල බෞද්ධයන් රැකගැනීමට රජය ක්‍රියාකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

ලෝකයේ කිසිම රටක අපේ රටේ මෙන් පිටි කිරි භාවිත නොකරන බවත්, පිටි කිරි දරුවන්ට ලබාදීම ඉතාම හානිකර බවත් මෙම අවස්‌ථාවට සහභාගි වූ බොදුබල සේනා ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ සඳහන් කළහ.

පිටිකිරි භාවිතය මුළුමනින්ම අත්හැර දමා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දියර කිරි භාවිතයට යොමුවන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

කෘත්‍රිම ආහාර සහ ක්‍ෂණික ආහාර භාවිතය මුළුමනින්ම අත්හළ යුතු බව පැවසූ උන්වහන්සේ දේශීය ආහාර නිෂ්පාදනයට හා භාවිතයට යොමු විය යුතු බවද අවධාරණය කළහ.

 
Last edited:

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අපිත් එනෝ
    000203D1.gif
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    melodeyak therenne na. mokadda November 30 karanne? mokatada enna kiyanne? aramuna mokadda? kothanatada enne? thawa kauda enne?