සුන්දර ගීයක ඇරබුම,..

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී . . .

කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලඟ ඉන්න ඈතී
එදත් මගේ සිත අද මෙන් කෑපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී . . .

නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජයගන්න ඈතී
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඈතී . . .

ඒ 1998 ...වර්ෂයේ දවසක්,....විදු මවු සෙවනේ විද්‍යා අංශයේ එක් පන්තියක කොලුවෙක්, තම පන්තියේම කෙල්ලකට කොළකෑල්ලක ලියල දීපු සින්දුවක්...:)
අද ඒ කෙල්ල, මගේ පුතාගේ අම්මගේ භූමිකාව රඟපානව...
මේ සින්දුව, මගේ ප්‍රේම කතාව...වසර දාහතරක් පුරා දිවෙන...
අදටත් ආදරෙයි සින්දුවට :love::love:

:):)
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මෙන්න අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ විචාරය....

මුල් පද හතර තමා මේ ගීතයේ තියෙන ප්‍රභලතම යෙදුම්... උපමා උපමේය යොදාගෙන තියෙනව කඩු පහරවල් වගෙ.... හරියට කාන්තාව මේ විදියට කියනව වගේ...
හරිවැඩක්නෙ මගෙයි ඒ කොල්ලගෙයි සම්බන්ධෙ... වෙන උන්ටනේ අමාරුව
මට ප්‍රශ්ණයක් නෑ, එයාටත් ප්‍රශ්ණයක් නෑ... අනිත් අයනේ මෙතන කෑ ගහ ගහ දගලන්නෙ......

අන්න ඒවගේ ප්‍රබල චෝදනාවක් තමා පළමු පද හතරෙන් කරනු ලබන්නෙ. තරුව කඩාගෙන වැටුනම තරුවටයි වේදනාව තියෙන්න ඕනි.... ඒත් අහසනේ වැලපෙන්නෙ, සුළං පාරට නෑඹුල් මලක් වැටුනම දුක් වෙන්න ඕන මල ... ඒත් සුළග අඩනව....

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ

හරි.. දැන් යමු අපි විචාරයට මෙහි තරුව කියන්නෙ පිරිමිය. මේ කාන්තාව දුප්පත්, පිරිමිය පොහොසත්... ඉතින් කාන්තාව බදිනවනම් පෝසත් පවුල අතාරින්න වෙනව... කොල්ල ඒක කරන්න සූදානම්. නමුත් කෙල්ල කියනව ඔයා කරන්න සූදානම් උනාට ඔයාට නෙමෙයිනෙ පවුලට අවනම්බු කලා කියල ඔයාගෙ පවුලෙ අයනෙ ඔයාව දෝෂ දර්ෂණයට ලක් කකරන්නෙ.

නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

නෑඹුල් මල කියන්නෙ පිරිසිදු කාන්තාව... සුළග සමාජය.... ඉතින් පෝසත් පවුලක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තට නොයේක නින්දා අවලාද කරනව. ඒ නින්දා අවලාද (සුළග) නිසා අන්තිමේ මේ මල බිමට වැටෙනව. අන්තිමේ සම්බන්ධෙ කරන්න බැරිවෙනව. නමුත් ඒකට දුක්වෙන්න ඕන කෙල්ල... නමුත් දුක්වෙන්නෙ ඒ කෙල්ලව වට්ටපු සමාජයමයි.

පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

ඔයාවත්, මමවත් කොපමණ උත්සාහ කලත් පලක් වෙන්නෙ නෑ.... මේක හරියන්නෑ... අපේ හැම දේම වැරදියටයි දකින්නෙ.. අනිත් එක නොකෙරෙන්නමයි වැඩසලස්වන්නෙ කියන එකයි මේ පද වලින් අර්ථ දැක්වෙන්නෙ.

දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

(මෙතන ප්‍රබල යෙදුමක් තියෙනව.... නමුත් විවිද අය විවිද අර්ථකථන ලබාදෙන නිසා.. මම සරල අර්ථයක විතරක් යන්නම්.) කෙල්ල පැහැදිලවම සිය ආදරවන්තයට කියනය මමවගේ දුප්පත් කෙල්ලෙක් ඔයා වගේ පොහොසත් කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්ත. ඒක වැරදියි... ඒ වැරැද්ද තියෙද්දිත් ඔයාව විවාහ කරගන්නවා කියන සිහිනය දකිනන්න තරම් මම තවත් මෝඩ උනා... මම හිතුව සමාජය අපේ දෙමාපියන් නෑදැයන් අපිට ආශිර්වාද කරාවි කියල... නමුත් මමයි අන්තිමට අමාරුවෙ වැටුනෙ.

මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

කමක් නෑ... මම දුප්පත් කෙල්ලෙක්... මට මොනතරම් අවමන් චෝදනා කලාද, මගේ අඩුපාඩු කොච්චර විවේචනය කලාද, මම නොකරපු දේවල් වලට කොච්චර චෝදනා කලාද..... කමක් නෑ.. අපි බලමු ඔය මට කියපු ගරහපු අය දැන් මගේ වැරදි, අඩු පාඩු නැති කෙල්ලෙක් ඔයාට හොයල දේවිනේ. හැබැයි එහෙම කෙල්ලෙක් මේ ලෝකෙ ඉන්න බෑ... එහෙමනම් එයා මලෙන් උපන් පත්තිනි අම්ම කෙනෙක් වෙන්න ඕනි. මගේ චරිතය, ක්‍රියාවන් හා ආදරය මට හොදටම විශ්වාසයි... ඒ වගේ කෙල්ලෙක් හොයාගත්තොතින් ඒ විවාහය වෙනදාට මම හිල් තියෙන කූඩයකින් එදාට ඕන වතුර ඇදල දෙනව.... (කරන්න බැරි වැඩක්) ඒතරම් මට විශ්වාසයක් කෙල්ලට විශ්වාසයක් තියෙනව ඔය කියන විදියෙ කල්ලො නෑ කියන එක ගැන.

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

අහසින් තරුවක්....

මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

අහසින් තරුවක්....

ගායනය.... මාලනී බුලත්සිංහල

කොහොමද යාළුවනේ.... මේ කාන්තාවගේ වේදනාව, අදෝනාව, ආදාරය හා තමා පිළිබදව තියෙන ආත්මාභිමාණය ප්‍රකාශ කරල තියෙන විදිය.... අපේ යාළුවො මොකද කියන්නෙ ... ඔයාලගෙ අදහසත් මගේ විචාරය වගේද වෙනස්ද....? මොකද කියන්නෙ තව දාමුද....?
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෙන්න අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ විචාරය....

මුල් පද හතර තමා මේ ගීතයේ තියෙන ප්‍රභලතම යෙදුම්... උපමා උපමේය යොදාගෙන තියෙනව කඩු පහරවල් වගෙ.... හරියට කාන්තාව මේ විදියට කියනව වගේ...
හරිවැඩක්නෙ මගෙයි ඒ කොල්ලගෙයි සම්බන්ධෙ... වෙන උන්ටනේ අමාරුව
මට ප්‍රශ්ණයක් නෑ, එයාටත් ප්‍රශ්ණයක් නෑ... අනිත් අයනේ මෙතන කෑ ගහ ගහ දගලන්නෙ......

:growl::growl::frown::frown:
 
lorddulajdx

Member
Jun 19, 2008
185
8
0
GTA V Los Santos
නැගෙනියගේ ප්‍රේමයට එරෙහිවන කිසිදා පෙම් සුව විද නොමැති සිය වැඩිමහල් සොයුරා වෙත කරන දුක්බර ආයාචනය අදාර්ශමත් ආයාචනය "පෙම් කල වරදට මට වද දෙන්නේ පෙම් කල හිතකින් නොවන නිසා"
මෙයද මගෙ හදවතෙ ගැබුරුම තැන් ස්පර්ශ කල ගීතයක් කිවහොත් නිවැරදියි.නැගෙනියගෙ ප්‍රේම සම්භන්දයට සිය සොයුරා විරුද්ධ උවද නැගෙනිය ඔහු කෙරේ වෛරයක් නොබදියි මක් නිසාද යත් සිය සොයුරා කිසිම දිනක පෙම් කල කෙනෙක් නොවන බැවිනි. කිසි දින පෙම් නොකල ඔහු කෙසේ නම් ප්‍රේමයක ඇති සුවය කෙසේ නම් හදුනන්නද නමුත් යම් දිනෙක් ඔහුද ප්‍රේම කලහොත්
ඔහුටද ආදරයෙ සුව දැනෙවි අන්න එ දිනයෙ ඔහු මා විදී වේදනාව හදුනා ගනි එදාට ඔහු මට සමා දෙවි.අයියන්ඩියේ ඔබ මා ප්‍රේමයට කොතරම් මුරකාවල් වැටකඩොලු බැන්දද ඔබ කෙසේ නම් මා සිතට වැට බදින්නදඔබ කොතරම් මා ඔහුගෙන් වෙන් කලද මා හදවත් ඔහුගෙ දෙපතුල මත පුදදි හමාරය ඔබෙ රැකවල් කොතරම්
දැඩි වුවද මා සිත කෙදිනක වත් වෙනස් කල නොහැක මතු යම් දිනයක මෙ රැකවල් සියල්ල සිද බිද දමා මා
ඔහුගෙ විජිතයේ කිරුලු පලදින්නෙමි නමුත් මා අතිතයෙ චිත්‍රා කුමරියමෙන් ඔබ සිත රිදවා කිසිදින ඔහු වෙත නොයන්නෙමි
යමි දිනෙක ඔබගේ ආශිර්වාදය තුලින්ම මෙය ජය ගන්නෙමි මෙය ආදර්ශමත් ගියක් යැයි මා කියන්නට හේතුවද මෙයමයි
වර්තමාන පෙම්වතියක් නම් සොයුරගෙ තියා කිසිවකුගෙ අන නොතකා පෙම්වතා සමග පලා යැම අද සුලභ සිදුවිමකි
මෙවන් ගීතයකින් සමාජගත කරවන පණිවිඩය වන්නෙද ප්‍රේමය හමුවෙ ඉක්මන් තීරණ නොගෙන මනා අවබොදයකින් යුතුව
තින්දු තීරන ගත් යුතුය යන්නය.

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියන්ඩියේ මට සමාව දෙනු මැන
ආදරයෙ සුව දැනුනු දිනෙ

යන එන හමුවන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙමි මේ රැකවල් බිදදා

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියන්ඩියේ ඔබෙ අණට හොරා
ආදරයේ සුව ඔබට දැනෙවී
පෙම්වතියක මුන ගැසුනු දිනේ

ඉන්ද්‍රනි බෝගොඩ

bump..ada thama meka dakke..diagtama kiywanwa..hariytama me sinduwa bala kotama Media player eke load karala tiba playlist eketh me sinduwam patan gahta..wadiya ahala na meka..

me situation eaka tika lagain yanwa wage mata..:sorry::sorry::sorry:
 
bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සමහර අය කියනවා මේකේ කියවෙන්නේ නිසිකලදී හිරයක් කරගන්න බැරිවෙලා පසුතැවෙන තනිකඩයෙක් රාත්‍රියේ අතෙන් වැඩ ගන්න අවස්තාවක් කියලා. මටනම් අර මුල ටික ඇත්ත වගේ පෙනුනත් අත සම්බන්ධයෙන් නම් මොකුත් ගීතයේ ගලපගන්න බැරිවුනා. ඔබට ගැලපීමක් හෝ වෙනත් අරුතක් තියෙයිනම් සඳහනක් කරලා යන්න. අපි දැන් ගීතයට යොමුවෙමු.

    "සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ" මෙතන ඉතාමත් ත්‍රීව්රව මතු කරන කාරණය විදියට මම දකින්නේ එම පුද්ගලයාගේ ආර්ථික කඩාවැටීම. දරීද්‍රතාවය, දුප්පත්කම කියමුකෝ. කොතනින්ද ඒක පෙන්වන්නේ. එක පිළිබිඹු වෙන්නේ ලණු ඇඳ ගැන කීම නිසා කියලයි මට හිතෙන්නේ.

    සුසුම් හෙලන රෑ යන්නට මා කිය වූ ලිපියක තිබුනා සිරියහනට දුක හිතිලා සුසුම් හෙලන කතාවක්. ඇත්තටම මට හිතෙන හැටියට සුසුම් හෙලන්නේ සිරියහන නෙවෙයි එහි නිදා ඉන්න ඔහු විය යුතුයි.
    "මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ" සිරියහනේ ඉන්න ඔහුට පේනවා මකුළු දැල්, මෙතනදී මකුළු දැල් සම්බන්ධයෙන් මගේ මුල් මතය වුනේ එය ගැන කීමෙන් නිවසේ කාන්තාවක් නැතිකම පෙන්වන්නේ කියලා. ඒ කියන්නේ ලඳක් හිටියනම් කාමරය සුද්ධ පවිත්‍ර කරන නිසා මකුළු දැල් නොතිබෙන්නට ඉඩ තියෙයි කියන කාරණය. දෙවෙනි අදහස ලෙස සමහරවිට මකුළු දැල් වලින් නිරුපණය කරන්නේ ඔහුගේ දරීද්‍රතාවය නිසා පැනනැගුනු ගැටළු වෙන්නත් පුළුවන්.
    "යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ" නිදාගෙන ඉන්න ඔහුට කෙලින්ම පෙනෙන්නේ වහලයයි. කලවයස ඉක්මවා ගොස් තාමත් තනිකඩව සිටින මොහුට ඔහු සිත් ගත් යුවතියන්ගේ රූප මැවී පෙනෙනවා.

    "සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්" මාස ගණන් දින ගණන් ගතවෙලා ඔහුගේ කලදවස ගෙවිලා. "නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්" යෞවනය මතක්වෙන ඔහුට ඇතිවෙන කම්පාව, හිත් වේදනාව කඳුළු වෙනවා. හැබැයි ඒ ඔහු බලාපොරොත්තු වූණු ජීවිතය, එනම් බලාපොරොත්තු වුනු කඳුළු නෙවෙයි. ඒවා නුහුරු කඳුළු.

    "යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්" තනිකඩයෙකුට තනියම යහනේ මොන සැපයක්ද. ;-) කරුමය ඒකටත් පින් මදි වෙලා."මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්" ඔහුව දැන් අමතකවෙලා. කාටද ? මාල වළලු නොතිත් අයට. නොතිත් ? "තිත්" කියන්නේ "තෘප්ත"(සංස්කෘත පදයකි). එම නිසා තෘප්තිමත් නොවන කියන්න "නොතිත්" යන්න යොදාගන්නවා. සිරි රහල් පබඳ-කව් සේකරය v හි මෙහෙම සඳහන් වුනා."රති කෙළි යෙදීමෙන් අබරණ ලා සැදීමෙන් දරුවන් වැදීමෙන් ‍‍වෙසෙති අඟනෝ නො තිත් වීමෙන්". තව ලෙලුම් රත්නායකයන්ගේ ගීතයක මෙහෙම සඳහන් වෙනවා.
    "බොහෝ සැතපුම් දිවි මං ගෙවා නොතිත් මං ලොව සැරිසරා වෙහෙසුන සිත නිවා සනසනා ඔබේ දෙස යුගාන්තය තෙක් පුරා බලා සිටිය හැක මට"
    (සිරි රහල් පබඳ යන්නෙන් මෙහි ලා ඇඟැවෙන්නේ තොටගමුවේ විජයබා පිරුවන් හිමි, සබස් පරම ඉසුරු, තෙවළා වදන් ඉසුරු සිරි රහල් මාහිමියන් විසින් බපඳ කරන ලද ගත් රැසයි. ඒ පරෙවි (කල රැවු) අස්න, කව් සේකරය, සැලළිහිණි අස්න, පඤ්චිකා ප්ර්දීපය බුද්ධිප්පසාදනී නම් වූ පදසාධන ටීකාව යන ගත් පසින් යුත් වෙයි.)
    එම නොතිත් පදය මෙහි යොදාගෙන තියෙන්නේ මාල වළලු වලින් තෘප්තිමත් නොවන අය කියන්න. ඒ කියන්නේ තරුණ යුවතියන් ගැන. කලින් වගේ නෙවෙයි යුවතියන් දැන් ඔහුව ගණන් ගන්නේ නැහැ. ඔහුව ඔවුන්ට අමතකවෙලා.

    ඉතිං සමස්ත ගීතයම සැලකුවහම කෙටියෙන් කිව්වොත් මෙය තරුණවිය ඉක්මවූ දරීද්‍රතාවයෙන් බැටකා පීඩා විඳින තනිකඩ පුද්ගලයෙකුගේ තනිකම ගැන ඔහුම කියනා ශෝකාලාපයක්. එහෙම නැතුව මෙහි ලඳුන් මතක් කර අත මහන්සිකරවන පුද්ගලයෙක් ගැන කියවෙන දෙයක් ලෙස මටනම් හැඟෙන්නේ නැත.වැඩිය තර්ක අවශ්‍ය නැත."නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්" යන්නට අනුව අඬන ගමන් අර කී දෙය කළ හැකිද ?

    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

    සඳෙන් සඳට මුවා වෙලා
    කල දවසත් ගෙවී ගිහින්
    නෙතට නුහුරු කදුළු බිංදු
    පැදුරට මුහුවෙලා හොරෙන්

    යහන තලා සැප විඳිනා
    පල දී නැතුවා පෙර පින්
    මාල වළලු නොතිත් අයට
    අප අමතක වෙලා ගිහින්

    ගීතය ගයන්නේ : එඩ්වඩ් ජයකොඩි
    ගී පදවැල් : ලූෂන් බුලත්සිංහල
    සංගීතය : එම්.එම්.ජයවර්ධන

    කෙසේනමුත් රටේ තිබෙන ආර්ථිකය හමුවේ තව ටික කලකින් අප කාට කාටත් යටලීයේ නාරිලතාවන් බලමින් මෙම සිංදුව හිතින් මුමුණන්නට වේවිද ? :-?
    නැවත හමුවෙමු. ඔබ මා ඇතුළුව අප සැමටම ජය !

    himikaruwan aadaren mathak karami.
    :yes:

    පට්ට මචන් ,මමත් හිතන්නේ සමහර අය කියන විදියට මේකේ අවුරුදු 16 එවුන් ගන්න ආතල් එකක් වයසක කෙනෙක් ගන්න එකක් ගැන කියන සිංදුවක් නෙවේ කියලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොයුරෙක් ගේ ඉල්ලීමක් තිබුණා "එක් පෙති මලක්" ගීතය විචාරන්නට කියා.........මෙවැන්නක් ගැන කියූ විට කෙලෙසද ඉවසා ගෙන සිටින්නේ...????

    එක් පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට...........!!

    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට

    ස්ත්‍රී පුරුෂ ප්‍රෙමයේ අන්ත ඵලය වන්නේ සම්භොග සුවයයි. ප්‍රේම කරන අවදියේ දීම එය ලබන්නෝ වෙති. නමුත් ප්‍රේමය පල නොදරා බිදී ගිය කල එය වරදක්ද, සන්තාපයක් ද වන්නේ ගැහැණියටමය. අවස්ථා එමට තිබියදීත් තම පෙම්වතිය රාග මාවතේ නො‍කැදවන බොහෝ මානවකයෝ සිටිත්. ඒ ඔවුන් සත්‍ය ලෙසටම ප්‍රේම කරන්නේ තම ආදරවන්තියට විනා ඇගේ ඇග මසට නොවන බැවිනි. නමුත් එවන් යහපත් පෙම්වතුන්ම විරහ වේදනාවන්ට පත්වෙති.
    සිය අත් මත එක්පෙති මලක් ව තිබියදිත් මේ යුවතිය ගේ තාරුණ්‍ය ඔහු නෙලා නොගන්නේ ඔහු ගේ බෝසත් ප්‍රේමය නිසාවෙනි. නමුත් ඔහුට සිදුවන්නේ ඇය ඔහු හැර අන්කෙකු හා සරණ යන විටදී ගම් දොරටවත් නොපැමිණ මුළු ගානි වී සිටීමටය.

    විස්මිත කමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
    සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

    ඔහු එතරම් ආලය කරද්දීත්. ඇය වෙනකෙකු ගේ සරන පැතීම, සරණ යාම ඔහුට පුදුමයකි. මෙතරම් වන බෝසත් ප්‍රේමයකට ඇය පිටුපෑම ඔහු ට අදහන්නට බැරිකරුණකි. අවස්ථා තිබියදීත් ශාරීරිකව ඇය තමා ගේ කර ගන්නට, ප්‍රේමයේ මිහිර විදින්නට අවස්ථාව තමා අත්හල බව ඔහු හොදින් ම දනී. එනිසා ඔහු තම දුක්බර හිතට නොහඩන ලෙසට කියයි. එහි අරුත් එකක්මය. එනම් ඔහු ගේ හිත හඩා වැටෙන බවය.

    සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්........

    ඇය කොතනක හෝ සැපෙන්, සතුටින්, තම ප්‍රේමය වැනි බෝසත් පෙමක් ආශ්වාදනය කරමින් හිදි නම් එය ඔහු ගේ ආත්මීය සතුටයි. තම මතකය පවා ඇයට හිරිහැරයක් නොවේවා යන්න ඔහු ගේ පැතුමයි. ඔහු ගේ ඉල්ලීම තවත් දුක් ගී කල්පනාවන් හිතට ආරම්මණය කර නොගන්නා ලෙසටය.

    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට

    විස්මිත කමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
    සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

    සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්........

    බන්දුල නානායක්කාරවසම් නම් අපේ යුගයේ ගේය පද රචකායා ලියූ මේ ගීතයේ අමරදේවයන් ගායනා කරන "විකසිත පෙම් පොකුරු පියුම්" ගීතයේ මුද්‍රාව මොනවට වැදී ඇති සැටි ඉව කළ හැක. මේ අපේ කාලයේ ප්‍රේමයයි. තමාට විරහව උරුමකළ පෙම්වතියට යහපත් වූ අනාවක් වෙනුවෙන් සමු දෙන පෙම්වතුන් සිටි කාලයයි. දැන් මෙන් තමාට විරහව උරුම කර දුන් පෙම්වතියට දාහත් පලකට පිහියෙන් ඇණ තමාත් වස පානය කරන පෙම්වතුන් නොසිටි කාලයේ ප්‍රේමයයි.....!!!!
    :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙම ගීත අරුත් පැහැදිලි කිරීම තේජන අබේදීර මහතාගේ අදහසකි. සියලුම ගෞරවය ඒ මහතා හට හිමිවිය යුතුය. මවිසින් මෙය උපුටා ගත්තා පමණකි. සියලුම දෙනාගේ රසාස්වාදය සදහා මෙහි පලකරන ලදී.

    12141697_10153783382223619_1290286049480162925_n.jpg
    තේජන අබේධීර

    විනේ_කටින_උන්

    විනේ කටින උන් තරහක් නොකියාම
    කනේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම
    වණේ නැතිව උන් දුක දන්නේ කෝම

    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැද්ද නාකිත් පිල උඩ රෑට
    නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

    ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න
    ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුණුකය වලඳන්න

    ගායනය - ප්‍රදීපා ධර්මදාස
    පද රචනය - වසන්ත පුෂ්පකුමාර
    තනුව - රෝහණ වීරසිංහ

    මෙම කවි පෙල (සැබවින්ම මෙය කවි පෙලකී) වසන්ත පුෂ්පකුමාර විසින් පද්‍ය රචනා තරඟාවලියකට යොමුකර ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් එකකි. ඔහුගේ කවි පංතියෙන් කවි තුනක් රැගෙන මෙම ගීතය නිර්මාණය කර ඇත.

    නාගරික සමාජයේ අපට තරමක් නුහුරු දෙයක් වුවත් ගැමි සමාජයේ කාන්තාවකට ලෙහෙසියෙන්ම මුහුන පෑමට සිදුවන අත්දැකීමක් ගෙනහැර පෑමට කවියා සමත්ව ඇත. නාගරික පරිසරයක් තුල එකිනෙකා බොහෝවිට ජීවත් වන්නේ තනි තනිවය. අසල්වැසියන් සමග ආශ්‍රය කිරීමට ලැබෙන්නේ එහෙමත් වෙලාවකය. නමුත් ගැමි සමාජය තුල තත්වය හාත්පසින්ම වෙනස්ය. එකිනෙකා සමග ආශ්‍රය කිරීමට ලැබෙන කාලය වැඩිය. පෞද්ගලිකත්වය සාපේක්ෂව බොහෝසේ සීමාවීමකට ලක්වේ. නාගරිකව නම් විවාහයෙන් පසු යුවල බොහෝවිට වෙනමම ජීවත්වේ. දෙමාපියන් හා නෑදෑයන් ඔවුන්ගේ ජීවිත වලට අනවශ්‍ය ලෙස සම්බන්ද වීමක් දැකීම සාපේක්ෂව අඩුය. ගැමි සමාජයේදී බොහෝ දෙනෙක් විවාපත් වුවත් ඔවුන් මවුපියන් හා ජීවත්වේ. එසේත් නොමැතිනම් මවුපිය නෑදෑ පිරිවරගේ ඇඟිලි ගැසීම් සමග ජීවිතය ගෙනයාමට සිදුවේ.

    මෙම කවියෙන් කියවෙන කාන්තාව තම ස්වාමියා විසින් කැන්දාගෙන ගොස් ඇති බවක් පෙනේ. ඇය සහ ඔහු පෙර වාසය කර ඇත්තේ ගම් දෙකකය. විවාහ දිවිය ගෙවාගෙන යන මොවුන් දරුපල ලැබීමටත් වාසනාවන්තවේ. නමුත් අවාසනාවද ඔහුන් පසුපස පැමිනෙන්නේ නොසිතූ විරූ අයුරකිනි. ඇයට ඔහුව සදහටම අහිමිවේ. දරුවන් සමග ඈ මෙලොව තනිවේ. එතැනින් කවියා තම කවිය අරඹයි.
    සැමියාගේ වියෝවෙන් පසුව නෑදෑයන් හා අසල්වැසියන් එකතුවී ඇයට අවවාද අනුශාසනා ලබාදේ. නමුත් ඔවුන් තනන්නේ ඇයගේ ජීවිතය තවත් අවුල් ජාලාවක් බවට පත්කිරීමට බැව් ඈ දනී. ඔවුන් කිසිවිටක ඇයහා තරහක් නොපෙන්වයි. ඇය මුහුනපා ඇති දුක් කරදර ගැන කතා නොකරන ඔවුන් ඇයට පවසන්නේ මියගිය සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන ලෙසටයි. ඇය මෙය හොඳහැටි අවබෝද කරගෙන සිටින වගක් පෙනීයයි. ඇය කියන ආකාරයට තුවාලයේ වේදනාව දන්නේ එය ඇති තැනැත්තා පමනි.

    මෙහි පලමු පද සතරේදී කවියා ගැමි වහර මෙන්ම ව්‍යන්ගාර්ත මැනැවින් හසුරුවා ඇත. 'විනේ කටින උන් සහ කනේ කොහොඹ මිරිකනවා' යන්න කදිම උදාහරණයකි.
    දරුවන් සමග ඇය තනිව දිවි ගෙවන්නීය. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවනබව ඈ දනී. ගමේ ඉලන්දාරින්හට ඇයගෙන් ප්‍රයෝජන ගන්නට සිත් ඇති වුවත් ඔවුන් කරබාගෙන සිටිති. මන්දයත් ඇයගේ ප්‍රතිචාරය කුමක්වේදැයි කියා තවම හරිහැටි තේරුම්ගත නොහැකි බැවිනි. නමුත් මැදිවියේ හා ඊටත් වයසින් වැඩි සලෙලුන් ඇය ග්‍රහනයට ගැනීමට මාන බලමින් සිටිති. එය මැනැවින් ඉදිරිපත් කරන කවියා 'විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට' යනුවෙන් පවසයි. මේ "විසේ නැග්ග නාකින්" ඇයට තෑගි බෝග දෙන්න සූදානම් වුවත් , ඇයට ඒවා ලබා ගැනීමට නොහැකි ගැමි කාන්තාවක සතුව පවතින ලැජ්ජා බය නිසාය.

    සැමියා නොමැතිව දරුවන් රැකබලා ගැනීමට ඔවුන්ගේ කුස ගින්දර නිවාලන්න ඇයට හැකියාවක් නැත. තනිවුනු ඇයට තිබෙන් දුක් කරදර නොපෙනුනාසේ සිටින නෑදෑ අසල්වැසියන් ඈට කිසිම උදව්වක් කරන්නේ නැත. ඈට උදව්වට පැමිනෙන්නන් නිසැකවම ඇයගෙන් යමක් බලාපොරොත්තුවේ. ඉතින් මෙසේ තත්වයක් තුල තුන් වේල සරිකර ගැනීමටනම් ඇය හට සිදුවන්නේ සලෙලුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර දීමටය. ඇය දැඩි වෛරයකින් යුතුව මේ සඳහා සලෙලුන් වෙත ආරාධනා කරයි. 'වරෙව් මහතුනේ කුණුකය වලඳන්න'

    ~~තේජන අබේදීර~~
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Wow thawa ekak daala....elama tamai....Group eketh damma honde >>>
    https://www.facebook.com/groups/189052314538565/
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා....
    හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......
    බිරිදකගේ සෙනෙහෙ ගියා... යෝද ඇලේ නැම්මේ...
    ඔබෙ සෙනෙහස සුවද දිදී.... දැනුනා මට අම්මෙ.....

    සින්දුව මොකද්ද කියල කියන්න ඕනෙ නෑනේ.....

    පට්ට මචෝ... අද තමයි ඕක දැන ගත්තේ.
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මේකනම් පට්ට thread එකක්. එළකිරියේ තියන වටිනාම thread එක කිව්වොත් නිවැරදි.
    අනේ යාලුවනේ මේක දිගටම update කරන්න.
    :(:(:(:(

    ඒවගේම කියන්න ඕනි sasliit සහෝදරයා ගොඩක් වටිනා කෙනෙක්. කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ thread එක දිගටම update කරන්න කියල