සුනාමි දවසේ අත්දැකීම්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    එදා හෙන මූසල දවසක් මම පොඩී මැච් එක බල බල හිටියෙ පරන ටීවී කට්ටක
    පරදින නිසා ඒකත් වහල වෙන ෆිල්ම් එකක් දාගෙන බැලුව වීඑච්එස් ප්ලේයර් එකක් තිබ්බෙ ඒකාලෙ. කොහොම හරි තාත්ත ඇවිල්ල බැනල නිව්ස් දැම්ම දානකොට යනව සැරටම වතුර පාර එහෙම ලාවට තැන තැන පේනව එහෙම්ම අපේ මූද අයිනෙ ඉන්න අයට කෝල් කරා පස්සෙ දවස් දෙකකට පස්සෙ හිමීට ගියා ඒ පැත්තට ගම ගාල්ල නිසා යනකොට අපේ මහගේ ඉස්සරහින් යනව මිනී පුරවපු ට්‍රැක්ටර් පස්සෙ අපේ තාත්ත බෝතල් දෙකක් එහෙම දුන්න කොහොම හරි ටවුන් එකේ හැමතැනම මිනී එක වෑන් එකක් ඇතුලෙ වැලි එක්ක කූනුවේගෙන එන මිනී තිබ්බ අම්ම කෙනෙක් ළමයි දෙන්න්ව බදාගෙනම මැරිල වෙන් කරන්න බෑ සේරම කුනු වෙලා එකටම ඇලිල. පොඩි උනාට ඕව දැක්ක තාම මතකයි
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    කාටහරි අමතක වෙන්නැති සිද්ධි වුණාද එදා...මට අවුරුදු 11/2 වගේ නිසා අත්දැකීමක් නැහැ.අයියගේ birthday අද වුණත් එතකොට එයාට අවු.6වගේ.Birthday celebration close 🥸කිරිබත් හදන්නෙත් නැහැ හරි නැති නිසා,අයියත් අවුලක් නැහැ ඒකට.😊
    etakota ubata 11 nam ayyta 6 nam u ube ayya wenne kohomada
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං 5 වසරේ අපේ මාමා call කරා අන්න මුහුද ගොඩගලනවා TV එක දාන්න කියලා කිව්වා අපේ තාත්තට, අපෙ තාත්තා ගනන් ගත්තේ නෑ, උගෙ බොරු කියලා, TV එක දාද්දි හෙන සිද්දිය

    ITN එකේ මහ දවල් පිරිත් ගියා මතකයි

    මං හිතුවේ චන්ද්‍රිකා මුහුදට බිලි කරන්න වෙයි කියලා (not joking, I seriously thought that)

    අම්මලා දවස් දෙකකට විතර පස්සේ සෑහෙන බඩු ගෙවල් ළඟ මිනිස්සු එක්ක එකතු වෙලා අරං ගිහින් දුන්නා කොහෙද මද්‍යස්තානෙකට
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    මම නම් ගමේ කොල්ලො එක්ක ටීක් ගහන්න ගිහින් හිටියෙ. එකෙක් ඇවිලල මුහුද ගොඩගලනව කිව්ව වැඩිය ගණණ් ගත්තෙ නෑ. පස්සෙ සීන් එක බරපතල වෙද්දි News බලන්න ගියා. මම 10 වසරෙ වගේ මතක.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේ. ඕක කරපු උන් දෙන්නට දන්න විදිහට මරණ දඩුවම හම්බ වුණා.

    Ow sirasen da manda wade paththu kale. Video recording thibuna.

    එකනම් ඇත්ත මචන්. මම දන්නා කෙනෙක් ඉන්නවා සුනාමියට මුළු පව්ලම නැති උන. එය බේරිලා තියෙන්නේ රාජකාරි වැඩකට පොළොන්නරුවට ගිය නිසාලු

    Pattama storiyak thiyanawa tsunami ekka una. Patta rich, high profile family ekakata una deyak. Mma dannam free welawaka. Paw e minissu.
    ------ Post added on Dec 26, 2022 at 9:25 PM
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,303
    5,401
    113
    Panadura
    එතකොට මට අවුරුදු 15යි. පෝය දවසෙ ITN එකේ බණ දාලා තිබුනා. කන්දෙ විහාරේ ඉදන් ප්‍රෝගෑම් එක කලේ එදා. 9.15ට විතර මිනිස්සු පන්සලට දුවගෙන ආවා මුහුද ගොඩගලනවා කියලා 🥺
     
    • Like
    Reactions: NRTG and 222ranga

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    mamanam 9 wasare gupiyane, api hitiye anuradhapure, ekaparata minissu kalabala wuna, e laga tibba army eke aya idapu counter ekaka radio ekakin thama danagatte. eke ekaa qwa nugegodath yata wela kiyala. ape tattage aiye nugegoda. eeta amatarawa qwa ahangamath kilo meter ganak yata wela kiyala. ape ammage amma, achchi inne ahangama. kattiyatama calls kala calls wada naha, mobile networks high utilized nisa ekektawath call ganna ba. trip eka nawattala api awa. ena digatama amma ada ada awe. radio eke giye maha musala sindu "sabada api kudu nowemu" ekai tawa issara bomba gahuwama daana musala sindui. awama danagatte ape kattiyata loku hanyak na kiyala. eth danna naada wena aiya kenekge duwek class eke iddi class eka pitinma gahagena gihin. e lamayath marila kiyala minigodatama daala. mini balanna apu kenekta mini asse kedirum saddayak ahila thaai meyawa hoyagena tyenne. e yakku meyawa nagittawala tyenne mini goda madde iddima. nagitapu paara mini godak madde innawa dakala eya shok wela masa ganak pissu hadila wage htiya.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    coral balanna yanna htye, car eka start une na ude yanna hadaddi. lokutattage car eke yanna haduwa, eyalath gamanak gihin tibba.
    bass awilla car eka hadala iwara weddi Tsunami news eka awa. anemanda ban welawa thama. giya nam ammai malli tattai mai okkoma iwarai.
    මම දන්න කෙනෙක්ටත් ඔහොම වැඩක් උනා. වෑන් එක ස්ටාට් වෙලා නෑ ගාලු යන්න. අදටත් ඒ වෑන් එක තියන් ඉන්නව ජීවිතේ බේරපු වාසනාවන්ත වාහනේ කියල
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තංගල්ලෙ හිටියෙ, බෙලිඅත්ත පාරෙ පන්සලක බාගෙට හදපු බිල්ඩිමක ස්ලැබ් එකට නැගල තමා ටවුම යට වෙලා තියෙනව දැක්කෙ, ඕලෙවල් ගණන් පන්තියට මුලින්ම ගිය දවසෙ, පස්සෙ එතන තිබ්බ ලොරියකට සෙට් එකම නැග්ග, ඒ ඉද්දි ටවුම පැත්තෙන් වාහන බයික් කඩාගෙන බෙලිඅත්ත පාරෙ එනව දැක්කම ලොරියෙන් පැනල දිව්ව ඒකෙ හිටියෙ ක්ලාස් එකේ උං :rofl: (එච්චර දුරට වතුර ආවෙ නෑ බං)
    ඊට පස්සෙ බෙලිඅත්තට ආව බස් එකක, ඒකෙ හිටියා තුවාල වෙච්ච මිනිස්සු එහෙම, බෙලිඅත්තෙ තමා ඔක්කොම තදබදේ, තිස්ස මාතර ද කොහෙද බස් එකක් ඌත් මාතරදි සුනාමියට අහුවෙලා කොහොම හරි බේරිලා අස්සවල් වලින් දාල බෙලිඅත්තට ඇවිත් තිබ්බා, තාම මතකයි ඒ බස් එකේ වහලෙ උඩ මඩ දිය සෙවල තිබ්බ.. ඒකෙ නැගල ආව මිද්දෙනියට, මිද්දෙනියෙන් තව කොල්ලෙකුයි උගෙ තාත්තයි සෙට් උනා, අපි තුන්දෙනා ත්‍රීවිල් එකක හුංගමට ආව (මිද්දෙනිය පැත්තෙ ගිහිල්ල තිබ්බෙත් නෑ මං ඒ පැත්ත දන්නෙත් නෑ) බස් ඩ්‍රයිවර් පත ලෝඩ් එකක් ගහන් කැලෑ පාරවල් වලින් දාන් ආවෙ, ඒ එද්දි බස් එකේ රේඩියෝ එකේ දවල් නිවුස් වලට සීන් එක යනව සැරට, මං ගෙදර යද්දි ගෙදර මිනිස්සු මාව හොයන්න ඔක්කොම කට්ටිය හට්ටි මුට්ටි වාහනේ පටවන් ගිහිං... ෆෝන් වැඩත් නෑ, කොහොම හරි හවස අම්මල ගෙදර ඇවිත් මාව හොයාගන්න බැරුව, බලද්දි මං ගෙදර ඇවිත්..