සුපර්_මෑන්

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සුපර් මෑන් ගෙයි නිකන් මෑන් ගෙයි වෙනස ලංකාවෙ ඉස්කොලෙකට ගිය ඕන එකෙක් දන්නවා.නිකන් මෑන් යට කලිසම අදින්නෙ කලිසමට යටින් සුපර් මෑන් යට කලිසම අදින්නෙ කලිසමට උඩින්.ඒ වගේම තමා ඔය සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා ඔක්කොගෙම කිට රතුයි නිලුයි මොකො කියලා මම පොඩ්ඩක් දන්න කියන කෙනෙක් ගෙන් අහුවා.මොකෝ දන්නවද ඒ තමා ඇමරිකන් කොඩියෙ තියන පාට(සුදු පාට ඇරුනහම ).ඕන ඇමරිකන් සුපිරි වීරයෙක් දැක්කම කිට කොයි වගේද කියල බලන්න.(බැට්මැන් ගෙ කිට නම් තනි කලු )
    එක නෙවෙ කතාව.මෙකයි කතාව.කැම්පස් ඉන්න කාලෙ අපේ batch එකෙ සිංහල අයයි දෙමළ අයයි දෙගොල්ලොම හිටියා.ටැමිල් එවුන් එක්ක ප්‍රැක්ටිකල් එකක් එහෙම කරන්න හම්බෙච්ච දවසට සබ්ජෙක්ට් එක නෙවේ ප්‍රශ්නෙ ඉංග්‍රීසි තමා ප්‍රශ්නෙ .අපි හිතන් හිටියෙ අපිට වඩා ටැමිල් එවුන්ට ඉංග්‍රීසි පුලුවන් කියලා.බැලින්නම් දෙගොල්ලන්ටම එකසමාන ලෙස තමා ඉංග්‍රීසි භාෂා හැකියාව තියෙන්නේ.
    එක සැරයක් අපේ ප්‍රැක්ටිකල් බලන්න වෙන කැම්පස් එක්ක සර්ලා වගයක් එනවා කියලා ආරංචියක් ආවා.කතාව ඇත්ත.ප්‍රැක්ටිකල් කරන ගෲප් වලින් එකා ගානෙ හවස ලැබ් එකට එන්න කිව්වා මීටින් එක්කට.අපෙ ගෲප් එකෙන් ගියෙ බණ්ඩාරයා.මීටින් එක ඉවර වෙලා බණ්ඩාරයා ආවා.
    “මොනාද බං කිව්වෙ?” අපි ඇහුවා.
    “හෙට සර්ලා වගයක් එනව කිව්වා.හමෝම පිලිවෙලට ඇදුම් ඇඳලා එන්න කිව්වා.රබර් සෙරෙප්පු දාන්න බෑ.ෂර්ට් යට කරලා ඇඳගෙන එන්න ඔන” බංඩාරයා කිව්වා.
    “ජෙන්ටා ගහන්න ඕනද” මම ඇහුවා.
    “නෑ නෑ ටී ෂර්ට් උනත් කේස් එකක් නෑ , හැබැයි යට කරලා අඳින්න ඕන.”
    කතාව මෙහෙම ගියාට ඔතන ඔයිට වඩා ලොකු කේස් එකක් තිබ්බා.ඒ තමා අපේ ගෲප් එකේ ඉන්නවා ටැමිල් කොල්ලෙක්.නම රවීන්ද්‍රන්.උට සිංගල මොකුත් තේරෙන්නෙ නෑ.මෙකයි කාරනාව , ෂර්ට් එක යට කරනවට ඉංග්‍රිසියෙන් කියන එක එකෙක් වත් දන්නෙ නෑ.
    අපි දැන් දහ අතේ කල්පනාකරනවා ඔකට කොහොමද ඔක කියන්නෙ කියලා.ඌත් දන්නව අපිත් මේ මොකක් හරි කියන්න තියන දෙයක් කියගන්න බැරුව ඉන්නෙ කියලා.
    මොනා උනත් බන්ඩාරයා අන්තිමේ දන්න ඉංග්‍රිසියෙන් ඔක කියලා දාන්නම් කියන නිර්භීත ගොං තීරනේ ගත්තා.
    බංඩාරයා රවීන්ද්‍රන් ලඟට ගිහින් මෙහෙම කිව්වා.
    “Visitors are coming.Tomorrow you should underwear your shirt !”
    අපිටත් ඉංග්‍රීසි බෑ තමා. එ උනාට ඔන එකෙක්ට තෙරෙනවනෙ ඌ කියපු එක වැරදියි කියලා.ඒත් බන්ඩාරයා ඔක පිලිගන්නේම නෑ.
    “හරි එහෙම කියන එක වැරදිනම් හරි එක කියපල්ලා”බන්ඩාරයට මල පැනලා.
    ඔය කතාව තමා එදා රෑ හොස්ටල් එකේ මාතෘකාව.එක එකා තමතමන්ගෙ අදහස් ඉදිරිපත් කරනවා.
    “රවීන්ද්‍රයා හෙට ජො.. දාන්නැතුව එයිද දන්නෑ ?” එකෙක් කියනවා.
    “එහෙනම් ඌ හෙට කූල් එකෙ ඉඳියි”
    “එක්කො රවීන්ද්‍රයා හෙට සුපර්මෑන් වගේ එයිද දන්නැ”
    අදහස් කෝටියයි.
    ඔක්කොම පහුවදා බලන් හිටියා රවීන්ද්‍රයා මොකක් ඇඳන් එයිද කියලා.දෙය්යන්ගෙ පිහිටෙන් ඌ පිලිවෙලට ඇඳන් අවිල්ලා තිබ්බා.(යටට මොකුත් ඇඳලද නැද්ද කියලා දන්නෑ).
    කොහොම හරි ප්‍රැක්ටිකල් වැඩේ ගානට සිද්ද උනා.අපි ආපහු සෙට් එක පිටින් කැන්ටිමට යනවා.රවීන්ද්‍රයත් අපිත් එක්ක යනවා.අපිට පිලිවෙලට යටකරලා අදුම් අදින පුරුද්දක් නෑනෙ.යනගමන් ෂර්ට් උඩට දැම්මා.රවීන්ද්‍රයා තාම ලැබ් එකෙ හිටපු විදියටම ඉන්නවා.
    බංඩාරයට කට තියන් ඉන්න බෑ.ආයෙ රවින්ද්‍රයට මෙහෙම කිව්වා
    “machan raveendran.practical is over. now you can remove your underwear ”

    superman-150x150.gif


    වැඩිදුර අධ්‍යාපනය සඳහා.ෂර්ට් එක යට කරන්න කියලා ඉංග්‍රීසියෙන් කියන්නෙ,
    “Tuck Your Shirt In” කියලා..

    උපුටාගැනීම - http://www.thelastrow.net/
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    උබ දන්නවානෙ කොහොමද ටැමිල් උන් කැන්ටිමෙදි චිකන් ඉල්ලන්නෙ කියලා '' මට බිත්තර අම්මා ඔන'' :lol::lol:
     
    Last edited: