මගෙත් නොවන අහම්බෙන් ඇවිල්ල කන්න බොන්න ඉන්න දීල පුරුදු උනා පූසෙක් ලෙඩ වෙලා අද වෙට් කෙනෙක් ගාවට අරං ගියා. මම දන්නැති නිසා පෙට්ටියක දාගෙන ගියේ නෑ අතින් අල්ලන් වීල් එකක දාගෙන ගියේ යන ටිකට සෑහෙන්න දැගලුව, ක්ලිනික් එකට ගියාම ඌට සේලයින් දුන්න ටිකක්, ඉන්ජෙක්ෂන්ස් 4ක් ගැහුව. පෙති දන්න පොවන්න කියල, ග්ලූකොස් පොවන්න කියල කිව්ව. ගෙනල්ල පුලුවන් තරමට කරා බොන්නැ, එක තැනක ඉන්නෙත් නෑ අඩ අඩ යනව. දැන් පනත් නෑ. ඇදට උනත් ගොඩ වෙන්න. දැන් ටිකක් කුනු ගදක් වගෙත් එනව. හිටපු ගමන් කෑ ගහනව. මම යනවට කාමරේ දාගෙන වහගෙන ඉන්නේ දාන දෙයක් දාපන් කියල. මට හෙන අවුල් බන් මේ දවස්වල මම පට්ට බිසී ඒ වැඩවත් ඔලුවක් හරියට තියන් කරගන්න නෑ. මේ සත්තු ලෙඩ උනාම මාර අමාරුනෙ බං. පට්ට විදියට ඩිප්ප්‍රෙස් වෙනව. මූ මාත් එක්ක සෙල්ලම් කරපු හැටි මතක් වෙනව. පට්ටම අවුල්. මම හිතන්නෑ මූ හරියයි කියල. මම හිතාගත්ත ජීවිතේට කිසිම සුරතල් සතෙක් හදන්නෑ කියල. හැදුව වගේ නෙමේ මුන් ලෙඩ උනාම පට්ටම අවුල්.