සෝයා කිරි💪 😃

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔබගේ එළදෙන ඉස්සර වගේ කිරි දෙන්නේ නැද්ද? එළදෙන ඉන්නේ නෝක්කාඩුවෙන්ද? ගණන් උස්සලාද? මෙන්න විසඳුම.
    සෝයා කිරි.

    ඉතිං ලංකාවේ වෙසියනි, උම්බලා ෂෙනිපෙන් යින්නවද? බෙල්ල එහෙම තියනවද? පාරේ හරක් වගේ යන් නෑ නේද? හරි හරි. එළකිරි බීල හරක් වගේ වැඩ කරන් නැතුව සෝයා කිරි බීල වෙනස් වෙන්න බලමු. පට්ට ලේසියි.



    ඉස්සෙල්ලා සෝයා බීන්ස් (සෝයා ඇට) ගන්ඩෝනෙ.
    ප්‍ර : අයියෙ මෙව්ව කොහෙන්ද ගන්නෙ?
    උ: මෙව්වා තොග කඩවල, කීල්ස් එකේ, ග්ලොමාක් සහ තවත් ස්ථාන වල තිබේ.

    ප්‍ර : අයියෙ සතොසේත් තියනවද?
    උ: බන්දුලගෙන් අහන්න ඕන.

    රයිට්, ඊළඟට මේ සෝයා ඇට මේස හැඳි දෙකක් දෙකහමාරක්
    අරගෙන overnight පෙගෙන්න දාන්න ඕන. මෙන්න මේම. සෝයා ඇට මේස හැඳි දෙකකින් කිරි ලීටරයක් හදා ගත්ත හැකි.
    A0FA2A2F-6FB9-41BE-B4DA-35941699B28F.jpeg


    පහුවදා උදේ මේ ඇට යන්තන් අතින් ලාවට එහෙමෙහෙ කරනකොට පොත්ත (සිවිය) ගැලවිලා යනවා. හරි ලේසියෙන් ගැලවෙනවා. ඒක අයින් කරන්න. සමහර සුද්ද කරපු ඒවගේ කොහොමටවත් සිවිය නැහැ.

    ඊළඟට මේක හොඳට බ්ලෙන්ඩ් කරලා පෙරා ගන්න.
    මේම මේම .....
    57ED19C6-CD65-4882-8189-C787FBFECB51.jpeg


    7B3BD91F-0C89-42F4-8E95-D61ECB0931B5.jpeg


    ප්‍ර : අයියෙ දැන් බොන්නද?
    උ: පෙරලා බොන්න හදිස්සි වෙන්න එපා යකෝ මේකේ තව වැඩ තියනවා. රත්කරල බිව්වේ නැත්තං බොන්න බෑ.


    මේ ඉතිරි වෙන කුඩු ටිකෙනුත් ප්‍රයෝජනයක් ගන්න තරං කුම්මැහියෙක් වෙන්න අමතක කරන්න එපා. ඔය ටිකත් ගුණයි. ඒක ෆ්‍රිජ් එකේ දාල තියන්න, ඒක පිටි එක්ක මිශ්‍ර කරලා වෙන කෑමක් හදන්න පුලුවන්. මම රොටියක් හැදුවා. ඒක ගෝදම්බ රොටී වගේ. රසයි.
    6DC22E90-1323-4532-A4BB-18B7C26E26A9.jpeg


    හරි දැන් අපේ කිරි එක..... ආවු, ලිපේ තියල හැඳි ගාන ගමන් හොඳට රත්වෙනකන් හරි උතුරනකන් හරි තියන්න ඕන. නැත්තං කොළ රහක් එනවා.
    මේ තියෙන්නෙ රත්කරපු මෙව්ව එක.... මේකේ පෙණ අයින් වෙන්නේ එළකිරිවල යොදය වගේම තමා.
    3CE3A94D-4018-44DF-B427-B88F7F4122BA.jpeg


    ප්‍ර: අයියෙ දැන් ......
    උ: ඔව් බං ලිපෙන් බාල පොඩ්ඩක් තියල ගන්න. හැබැයි ඕන නං එක්ස්ට්‍රා රසයක් ඇඩ් කරගන්නත් පුළුවන්. පැණි, කුළුබඩු මොනාහරි දාන්නත් පුළුවන්. මම සීනී දාල බැලුවා එච්චරම ඇල්ලුවේ නැහැ.

    මේ තියෙන්නේ...... මම දැම්මේ cinnamon powder.

    ප්‍ර : අයිය පොස්ද?
    උ: මම කුරුඳු කුඩු දැම්මෙ....
    339C9476-AC88-4F71-A30E-BE35CB247EB7.jpeg

    BCC3CD90-604B-43A0-9B3D-5396DAF7EBE6.jpeg

    අහ් ඕකේ.
    ප්‍ර : මේක එළකිරි වගේමද?
    උ: මේ සෝයා කිරි බං. ඒත් මට ඒකෙ රහ ශේප්.

    ඉතිං මා හිතමිත්‍ර ලංකාවේ වෙසියනි...., ඕගොල්ලෝ කැමතිනං මාවත් සබ්ස්ක්‍රෛබ් කරන්......

    ප්‍ර: අයියෙ මේකෙ මොකුත් නෑනේ සබ් කරන්න...
    උ: අහ් ඔවුනේ. ඉස්සරහට වැඩක් කරොත්, එතකොට හෙල්ප් එකක් දීපං. උම්ම

    ඉතිං බ්‍රදර්ස්/සිස්ටාස්, ඔබට ජයෙන් ජයම වේවා! මේක ඔමේගා 3 එහෙම තියන ගුණ බීමක්. අධි රුධිර පීඩනයටත් හොඳයි මං හිතන්නෙ.

    එහෙනං..... සෝයා කිරි බොමු, එළදෙන සතුටින් තියමු...... ☺️🐮☺️
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    සෝයා කිරි බොමු, එළදෙන සතුටින් තියමු...... ☺️🐮☺️
    ---සෝයා ඇට මේස හැඳි දෙකකින් කිරි ලීටරයක් හදා ගත්ත හැකි.----
    ප්‍රමාණෙ වැඩි උනොත් කේස්ද? අධිපෝෂණේ හැදෙනවද?
    ඔව් ඇට දෙක තඩිස්සි වෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    පලවෙනි/අන්තිම වාක්‍ය දෙක මුලින් කියෙව්වා ... ගෙදර එළදෙනගෙන් වැඩිපුර කිරි ගන්න එළදෙනට බොන්න දෙන්න බීමක් හදනවා කියලා මුලින් හිතුවේ. :baffled: :lol:
    වීරුදුවක දාල තිබ්බ නිසා හරියට කියෙව්වා. TFS ! .
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    සුපිරි නූල මචෝ tfs.

    ප්‍ර: අයියේ මේකෙ රහ ඉස්සර තිබුණ සෝය අයිස්ක්‍රීම් වගේද?
    මේ කිරි වලින්ම සෝය අයිස්ක්‍රීම් හදාගන්න පුලුවන්ද?
     

    HmNRazor

    Well-known member
  • සෝයා ගැන එක එක නරක කතා කියනවනේ කට්ටිය :( :( :(
    මෙන්න මේක බලපන් vegetarian සීන් එකක් ගැන යන්නේ ඕකේ කියනවා සෝයා ගැන පොඩියට
    The_Game_Changers_-_poster.jpg


    ප්‍ර : අයියේ සෝයා වලට පුරුෂ හෝමෝන අඩුවීමක් වෙන්නේ නැතිද?
    බොරු කතාවක් කියලා දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ගොඩක් දෙනා කියනවා
    ------ Post added on Mar 9, 2021 at 2:08 PM
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ප්‍ර : අයියේ ඔයා දැන් මේවා බීලා මෑන් බුබ්ස් ඇවිල්ලද තියෙන්නේ?
    ප්‍ර : අයියේ සෝයා වලට පුරුෂ හෝමෝන අඩුවීමක් වෙන්නේ නැතිද?
    මචං මේකේ අවුලක් තියනවනං ජපන්නු, චීන්නු එහෙම ටෝෆු කන එක නවත්තනවා.
    අවුලක් තියෙනවා කියල හිතන්න අමාරුයි......
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සුපිරි නූල මචෝ tfs.

    ප්‍ර: අයියේ මේකෙ රහ ඉස්සර තිබුණ සෝය අයිස්ක්‍රීම් වගේද?
    මේ කිරි වලින්ම සෝය අයිස්ක්‍රීම් හදාගන්න පුලුවන්ද?
    ට්‍රයි කරලා බලන්න ඕන මචං. සමහරවිට ඒ සෝයා අයිස්ක්‍රීම් වලට සීනී ගොඩක් දානවා ඇති.
    මම හැදුවොත් හදන්නෙ smoothie එකක් විදිහට තමා. හැදුවොත් update එකක් දෙන්නං.👍
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,547
    4,050
    113
    Unkown
    x.com
    මෙන්න මේක බලපන් vegetarian සීන් එකක් ගැන යන්නේ ඕකේ කියනවා සෝයා ගැන පොඩියට
    View attachment 115801


    බොරු කතාවක් කියලා දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ගොඩක් දෙනා කියනවා
    ------ Post added on Mar 9, 2021 at 2:08 PM

    මචං මේකේ අවුලක් තියනවනං ජපන්නු, චීන්නු එහෙම ටෝෆු කන එක නවත්තනවා.
    අවුලක් තියෙනවා කියල හිතන්න අමාරුයි......

    math me net eke baluwa tikak, eka eka dewal thyenwa, shape eke bonna hodai wage :unsure: