සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාව වඩන ලෙස දේසනා කළ සේක්ද?
    පැහැදිලිවම.

    "සමාධිං භික්ඛවෙ භාවෙය්‍යාථ, සමාහිතො භික්ඛවෙ භික්ඛු යථා භූතංපජානාති."
    (මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී.) [සං.නි. සමාධිභාවනා සූත්‍රය]

    බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.)[අං.නි. සමාධිභාවනා සූත්‍රය]

    (සමසත්ළිස් කර්මස්ථාන, රාග,දෝස ආදි චරිත ස්වභාව අනුව කර්මස්ථාන තෝරා ගන්නා ආකාරය ද සේනාසන තෝරාගන්නා ආකාරයද විස්තර නොකරමි.)

    සමාධිය කියලා තිබ්බ පලියට ඒක බුදුන්වහන්සේ දේශනා කලා කියන්න එපා.
    හිතට වෙන අරමුනක් එන්න දෙන්නේ නැතුව වඩන ඒවා තිබුනේ බමුණන්ගේ.

    රතන සූත්‍රයේ බුදුන්වහන්සේ "බුද්ධසෙට්ඨෝ පරිවන්නයී සුචිං සමාධි" කියලා වර්ණනා කළේ "සුචිං සමාධිය" යි
    ඔය කියන හිතට අරමුණන් එන්නේ නැතුව ගන්න සමාධි "අසුචිං සමාධි"

    සුචිං සමාධි තියෙන්නේ සෝවාන් පුද්ගලයාගෙන් උඩටයි.
    පෘතජනයා Coca-cola Coca-cola කිය කිය දවක් කීපයක් හිටියත් සමාධියක් එනවා. ඒවා "අසුචිං සමාධි"

    බුදුන්වහන්සේ වර්ණනා කලේ "සුචිං සමාධි"ය හෙවත් "ආනන්තරික සමාධිය"යි. ඒක තියෙන්නේ ලෝකෝත්ත්තර ධ්‍යාන වල විතරයි. බණ දන්නේ නැතුව කරන භාවනා වලින් ලැබෙන්නේ "අසුචිං සමාධියි. සිවුරක් ඇඳන් කළත් ඒවා බමුණන්ගේ භාවනා...

    දවස් කීපයක් Coca-Cola, Coca-Cola කිය කිය හිටියත් සමාධියක් එනවා. බණ දන්නේ නැතුව අද භාවනා මධ්‍යස්ථාන වලත් වඩන්නේ බමුණන් වඩපු ඔන්න ඔය මිච්ජා සමාධියයි.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඒ සෝවාන් උන අය මේ කියන විදියට තව කෙනෙක්ගේ බණ අහල සෝවාන් උන අයද ?? එහෙනම් ඒ කාගෙන් බණ අහලද ?

    බුද්ධ දේශනාව යනු ලෝකයේ පවතින දේ ඒ අයුරෙන්ම මතු කර පෙන්වීමනම්, එය නැතිවෙන්න කිසිම හේතුවක් ඇතිවෙන්නේ නෑ. සදාකාලිකවම එය එලෙසම පවතී. එම දේශනාව නොයෙක් තේරුම් එකතු කිරීම් මත යටපත්වී යයි. එයයි දැන් ක්‍රමිකව සිදුවෙමින් පවතින්නේ.

    ජාත සෝතාපන්න යනු පෙර ජාතියකදී අවබෝධ කරගත් තත්වයෙන් නැවත ඉපදීමයි. ඒ උත්තමයන්ට පිවිතුරු දහම් පදයක් ඇසූ සැණින් පෙර අවබෝධකරගත් දේ නැවත සිහිපත් වේ.

    මංගල සුත්‍රයේ 3 වන ගාථාවේ සඳහන් පරිදි අවශ්‍ය කරුණු සැපිරූ කෙනෙකු සෝතාපන්න මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කරයි. එය අපි බලාපොරොත්තු වෙන පරිදි සමාජ ජාලාවල ප්‍රසිද්ධ කරමින් කරන්නක් නොව, තම සිත තුලින්ම කරන වෑයමකි. යුද්ධයකි.

    උදා : යමෙක් ඔබට ඔබේ සිත දෙස බලා සිටින්න යයි පැවසුවොත්, ඔබ එය අකුරටම කරනවානම්, බාහිර කිසිවෙකුට හෝ එය පෙනේද ?

    සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නාත්, සෝවාන් පල ලාභියෙකුත් තේරුම් ගත හැක්කේ ඉතා ලඟින් ඇසුරු කිරීමෙන්ම පමණි. එවැන්නෙකු මේ ලෝකයේ ඇති හා අපි කරන දේ වෙනස් අයුරෙන් දකී. අර්ථ ගන්වයි. පැහැදිලි කර දෙයි. මේ දෙයටම අප "පරතෝඝෝෂක ප්‍රත්‍යය" යයි කියමු.
     
    • Like
    Reactions: meeka and mr90486

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    බොහොම සරලයි මිතුරේ,

    යම් දහම් කරුණක් පිළිබඳව කිසිම තාර්කික සිතුවිල්ලක් පහල නොවේද එයයි බුදු හාමුදුරුවෝ වදාළ පිවිතුරු දහම.

    එසේම කාලාම සුත්‍රයත් නිතර සිහි තබා ගන්න.

    bohomathma isthuthi pilithurata. eth
    "යම් දහම් කරුණක් පිළිබඳව කිසිම තාර්කික සිතුවිල්ලක් පහල නොවේද එයයි බුදු හාමුදුරුවෝ වදාළ පිවිතුරු දහම."

    meka pahadili madi. puluwannam thawa poddak kiyanawada?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    bohomathma isthuthi pilithurata. eth
    "යම් දහම් කරුණක් පිළිබඳව කිසිම තාර්කික සිතුවිල්ලක් පහල නොවේද එයයි බුදු හාමුදුරුවෝ වදාළ පිවිතුරු දහම."

    meka pahadili madi. puluwannam thawa poddak kiyanawada?

    හොඳම උදාහරණය මේ නූල. සෝවාන් වෙන්න බණ අහන්න ඕන කිව්වම බලපු බොහෝ දෙනෙක්ට තමන් දරණ මතය අනුව තාර්කික සිතුවිලි පහළ වුනා. කෙනෙක් ඒ මතය සමග එකඟ වෙලා අනුමත කරා. එහෙත් සියලු දෙනා නොවෙයි නේද ? ඒ සමග ගැටෙන එය වැරදියි, එහෙම නෙවෙයි මෙහෙමයි සෝතාපන්න වෙන්නේ වශයෙන් තර්ක ඉදිරිපත් කරනවා.

    නමුත් මේ කිසිවෙක්, අපි වයසට යනවා. ලෙඩ වෙනවා. අන්තිමේ මැරෙනවා. වැනි අදහස් සමග තර්ක කරන්නේ නෑ. එහෙනම් එයයි සත්‍යය. බුදු දහමත් එවැනි දෙයක්.

    සෝවාන් වෙන්නේ මෙහෙමයි කිව්වම තර්ක කරන්නේ තමන් එය සිදු කරලද ? නැත. විහිළුවටවත් එසේ කරන්නට බැරිය. මන්ද තමාගේ සිතේ නිර්මාණය කරගෙන සිටින මනෝ මන්දිර බිඳ වැටෙන නිසාය. ඊට පෙර කලයුතු බොහෝ දේ ඇතැයි හේතු ඉදිරිපත් කරති. එහෙත් අනුන්ට පාර පෙන්නන්නට උත්සාහ දරති.

    බුදු දහමේ හරය විනයට (නයෙන් තොරවීම) හා සොබා දහම තේරුම් ගැනීමකි. ඇති දේ ඇති සැටියෙන් දැකීමකි. දහමේ දේශිත සියල්ල සුනාථ (ඇසීම) ධාරෙථ (දැරීම) චරාථ (හැසිරීම නොහොත් අනුගමනය) මත අත්විඳිය යුතුය. භාවිතය බහුලීකතාය වශයෙනුත් මෙය දක්වා ඇත.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    භාවනාව කියන කාරණාව දීර්ඝ වශයෙන් විස්තර කළ යුක්තකි. භාවනාව කුමක් දැයි යන්නට පමණක් කෙටියෙන්,සංක්ෂිප්තයෙන් ප්‍රත්‍යකෂ ඥානයෙන් නොව, අනුමාන ඥානයෙන් මම දන්නා තරමින් පිළිතුරක් කොටන්නම්.
    ---------------------------------

    භාවනාව දේශයෙන් දේශයට, සංස්කෘතියෙන් සංස්කෘතියට, දර්ශනයෙන් දර්ශනයට වෙනස් ස්වරූප උසුලන්නකි. මෙහිලා වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ වූ භාවනාවයි. බෞද්ධ භාවනාව වූ කලී බෞද්ධ දර්ශණයටම අනන්‍යය වූවකි. එය වෙනත් දර්ශණයකින් උගත හැකි නොවේ. එබදු වූ බෞද්ධ භාවනාව කොටස් දෙකකි.

    • සමථ භාවනා
    • විදර්ශනා භාවනා
    -----------------------------------
    සමථ භාවනාව නම් සිත එක අරමුණක පිහිටුවා ගැනීමයි. එක අරමුණකට පැමිණි සිත සමාධිගත වේ. සමාහිත වේ. ඒ නිසාම "චිත්තං සමේතීති සමථො" යැයි කියති. සමථ භාවනාව වඩන කල්හි ධ්‍යාන සිත් උපදිති.(ධ්‍යාන පිළිබදව මෙහිලා විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි.)

    සමථ භාවනාවෙන් වෙන අනෙක් වැදගත්ම කාරණාව "පංචනීවරණ" යටපත් කිරීමයි. පංචනීවරණ යනු "කුසලය මෙන්ම නිවන් මග ද ආවරණය කරන ක්ලේශයන්ය." (ඇලීම,තරහව,අලසකම වගේ දෑය.) සමථ භාවනාව වැඩීමෙන් මේ ක්ලේශයෝ තාවකාලික්ව යටපත් වී යති. එසේ තාවකාලිකව කෙලෙස් යටපත් කිරීම "විෂ්කම්භන ප්‍රහාණ" නමි. මෙය තාවකාලිකය. මේ ක්ලේශයෝ සමාධියෙන් (ධ්‍යානයෙන්) පිරිහුණු විටෙක නැවත මතු වෙති. ධර්ම අවබෝධයට සමාධිමත් සිතක් අත්‍යාවශ්‍යය වේ. නොයෙකුත් සිතුවිලි වලින් පිරුණු සිතකට යමක් වටහාගත නොහැකි බව අමුතුවෙන් කිව නොහේ. ඒ සදහා සමාධි භාවනාවෙන් ලැබෙන පිටුවහල සුළුපටු නොවේ.

    බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාව වඩන ලෙස දේසනා කළ සේක්ද?
    පැහැදිලිවම.

    "සමාධිං භික්ඛවෙ භාවෙය්‍යාථ, සමාහිතො භික්ඛවෙ භික්ඛු යථා භූතංපජානාති."
    (මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී.) [සං.නි. සමාධිභාවනා සූත්‍රය]

    බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.)[අං.නි. සමාධිභාවනා සූත්‍රය]

    (සමසත්ළිස් කර්මස්ථාන, රාග,දෝස ආදි චරිත ස්වභාව අනුව කර්මස්ථාන තෝරා ගන්නා ආකාරය ද සේනාසන තෝරාගන්නා ආකාරයද විස්තර නොකරමි.)
    ------------------------------------

    සමාධි භාවනාව තුළින් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි නොවේ. ඒ සදහා විදර්ශනා භාවනාව වැඩිය යුතුය. සමාධියෙන් කරණු ලබන්නේ "විදර්ශනාව වැඩීමට සුදුසු මානසිකතත්වයක් ලබා දීමයි. (සීල-සමාධි-ප්‍රඥා)
    නිර්වාණය අවබෝධයට විදර්ශනා භාවනාවම උපයෝගි වේ.

    විදර්ශනාව තරම්ක් සංකීරණය. දීර්ඝ වශයෙන්ම විවරණය කළ යුත්තකි.
    -------------------------------

    (වි+දස්සනා) විදස්සනා යනු විශේෂ වූ දැකීමකි. ඒ විශේෂ වූ දැකීම ඇති කර ගැනීමට අනුගමනය කරනු ලබන වැඩපිළි වෙල විදර්ශනා භාවනාව නමි.

    ඔබ මිනිසෙකු දුටු විට "පුද්ගලයෙකු ලෙස ඔහුව දකි" ඒ සාමාන්‍යය දැකීමයි. නමුත් විදර්ශනාවෙන් එය දකී නම්, පුද්ගලයෙකු නොමැත. ස්කන්ධ පහක එකතුවක් පමණක් තිබේ. මේ ආදී වශයෙන් විශේෂ කොට දකිති. මෙනෙහි කරති. එතැනිණ් නවතින්නේ නොවේ. ඒ පංචස්කන්ධය අනිත්‍ය ලෙස දකියි. දුක්ඛ ලෙස දකී. අනාත්ම ලෙස දකී.

    ඔය කරුණ පිළිබද විසුද්ධි මග්ගයේ රසවත් කථාවක් සදහන් වේ. (පිළිතුර දිගු වුවත් එය වැදගත් යැයි හැගෙන බැවින් කොටමි.)

    එක්තරා කාන්තාවක් සැමියා සමග රණ්ඩු වී දෙමාපියන්ගේ නිවෙස් බලා යයි. එසේ යන ඇය ශාන්තව වඩින භික්ෂුවක් දකී. ඒ භික්ෂුව පිළිබද සිතක් පහළ වන ඕ තොමෝ ඒ භික්ෂුවට ඇසෙන සේ සිනාසීය. ඒ භික්ෂුව ද ඇය දෙස බලන්නේ ඇයගේ දත් දෙස බලා (අස්ථික කර්මස්ථාන කොට) විදසුන් වඩා එහිම රහත් විය.

    පසුව ටික වේලාවකින් ඇයගේ සැමියා ඇය සොයා ආවේය. එහිදි රහත් වූ ථෙර නම දැක මෙතැනින් කාන්තාවක් ගියේ දැයි ඇසීය. එවිට රහතන් වහන්සේ මෙසේ කීහ, "ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නොදනිමි. ඇටසැකිල්ලක් නම් මේ මාර්ගයෙහි ගමන් කරණු දුටුවේය."

    විදර්ශනාව එවැනිය.
    ----------------------------------------

    "අස්මිමානය බිහිවීමට හේතුවූ පංච උපාදානස්කන්ධකය පිළිබදව අනිච්ච, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින්, මම ය, මාගේය ආදී දෘෂ්ටීන් නොගෙන යථා ස්වරූපයෙන් දැකීම වශයෙන් වැඩීම විදර්ශනා භාවනවයි."

    (අනිච්චාදිවසේන විවිධෙහි ආකාරේහි පස්සතීති විපස්සනා)

    ඒ අනුව විදර්ශනාව යනු පංචස්කන්ධය පිළිබද ව අනිච්ච, දුක්ඛ, අනාතම ලෙස ඇති සැටියෙන් දැකීමයි. (මේ කාරණාව හොදින් වටහා ගැනීමට නම් පංචස්කන්ධය යනු කුමක් ද? අනිච්ච, දුක්ඛ, අනාතම යනු කුමක්ද? ඇති සැටියෙන් දැකීම කුමක් දැයි දැන සිටිය යුතුය. මෙහිලා එය විස්තර කිරීම උගහටය.)

    සීලයෙහි පිහිටි පුද්ගලයා සෝතාපන්නභාවයටත්, සෝවාන් පුද්ගලයා සකෘදාගාමිත්වයටත්, සකෘදාගාමි පුද්ගලයා අනාගාමී භාවයටත්, අනාගාමී පුද්ගලයා රහත් භාවයටත් පැමිණීම පිණිස විදසුන් වඩයි. රහතන් වහන්සේලාද දිට්ඨධම්ම සුඛවිහාරය පිණිස විදසුන් වඩයි.
    -----------------------------

    මහණෙනි, ශ්‍රාවකයනට හිත කැමැති අනුකම්පා ඇති ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළයුතු ද, එය මා විසින් තොපට කරනලදි. මහණෙනි, මේ වෘක්‍ෂමූලයෝ ය, මේ ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. පමා නොවවු. පසුව විපිළිසර නොවවු. මේ තොපට අපගේ අනුශාසනා යි.

    "යං භික‍්ඛවෙ සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික‍්ඛවෙ රුක‍්ඛමූලානි, එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ භික‍්ඛවෙ, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම‍්හාකං අනුසාසනීති." [ම.නි ද්වේධා විතක්ක සූත්‍රය]
    බොහොම ස්තුතියි උඹ වෙලාවක්, ශ්‍රමයක් වැය කරල ඔය විස්තරේ පොස්ට් කලාට. නමුත් මචන් මෙහෙමයි, ඔය ටික අපි ඉගෙනගෙන තියෙන භාවනාව පිලිබඳ definition එකනෙ. පොතක් කියෙව්වම ඔය ටික දැනගන්න පුලුවන්නෙ. නමුත් දැන් ඔය ටික දැනගත්තට ඕකෙන් කියන දේ achieve කරන්න යන්න ඕන ප්‍රයෝගික මාර්ගය ගැන මම උඹෙන් ඇහුවෙ. මොකද ඔය ටික මතක තියාගෙන හිටිය කියල ප්‍රායෝගිකව රාග ද්වේශ මෝහ ප්‍රහීන වෙන්නෙ නෑනෙ. සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු වෙන්නෙ නෑනෙ. උඹ ඒ මග දන්නවනං, ප්‍රයෝගිකව වඩල තියෙනවන්, ඒකෙ ප්‍රතිපල ලබල තියෙනවනන් කෙටියෙන් හරි ඒ ගැන විස්තර කරන්න බැරි කමක් නැහැ නේද? ඔය definition එකේ විස්තර කරන දේ ප්‍රායෝගිකව කරන්න බැරිනං මනුස්සයෙක් කොහොමද නිවන් දකින්නෙ? සරලවම මම අහන්නෙ මොන විදිහෙ සමතයකින්ද? මොන විදිහෙ විදර්ශනාවකින්ද සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස අයින් කරගන්නෙ? උඹට විස්තර කරන්න බැරිනං අඩුම ගානේ ඒ පිලිබඳ විස්තර කරන වෙන මොකක් හරි සෝර්ස් එකක් හරි දාපන් බලන්න. අදහසක් ගන්න පුළුවන්නෙ. මේක වාදයකට පොටක් පාදගන්න නෙමෙයි දැම්මෙ. උඹට පුළුවන්නන් විතරයි. බැරිනං මේ ගැන අයිත් කතා කරන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සක්කායදිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි බව කියලා කියන්නේ "රාජගිරියේ අරියඥාන හාමුදුරුවො" යි.
    මමත් අවුරුදු ගානක් උන්වහන්සේගේ ධර්මදේශනා ඇහුවා

    ත්‍රිපිටකයේ පැහැදිළිවම තියනවා
    * "සක්කාය" කියන්නේ මොකක්ද,
    * "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකක්ද,
    * "සක්කායදිට්ඨිය නැති කරන්නේ කොහොමද" කියලා.

    සක්කායයි, සක්කායදිට්ඨියයි කියන්නේ මොකක්ද කියලා කලින් පිටුවේ දැම්ම නිසා සක්කායදිට්ඨිය නැතිකරගන්න විදිහ මේ විදිහටයි ත්‍රිපිටකයේ තියෙන්නේ.

    "මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ"

    (සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1678

    ඇසට ඔය වගේම තමයි කනට, නාසයට, දිවටත්.....

    එතකොට ඔය කිව්වේ මොකක්ද?
    ඇසේ පහස කියන්නේ ආශ්වාදය. එතකොට ඔය කියන්නේ පංච උපාධානස්ක්නධය ගැනයි.

    ඇස, කන, දිව....ඔය වගේ අපේ ආයතන 6 ට එන අරමුණු "ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා'ති" කියලා ගත්තම තමයි පංච උපාධානස්කන්ධයක් හැදෙන්නේ.
    එහෙම ගන්න එක පෘතජනයාගේ උපන් ගෙයි දෝසයක්

    ඔය උපාධානස්කන්ධය නැතිකරගන්න එකයි මුළු බුද්ධ දේශනාව පුරාවටම හැම සූත්‍රයකම තියෙන්නේ
    * බුද්ධ දේශනාවේ භාවනාව කියන්නේ ඕකටයි.
    * ඔය ටික නොකරන කිසිම දෙයක් භාවනාවක් නෙවෙයි
    * විදර්ශනාව කියන්නෙත් ඕකටමයි.

    සක්කායදිට්ඨිය කියන්නේ ඔය ආයතන වලට එන අරමුණු අල්ලගන්න නිසා එන දෘෂ්ඨියක්.

    එතකොට ඒ දෘෂ්ඨිය කැඩෙන්නේ ඔය ආයතන ටිකට එන අරමුණු "නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා'ති" කළොත් විතරයි
    ඔය කියන හාමුදුරුවෝ ගැන නම් මම දන්නේ නෑ. හැබැයි සක්කාය දිට්ඨිය ප්‍රහණය කිරීමේ දි සිදුවන්නේ "මමත්වයේ දැඩි බව බිද වැටීම" යැයි පැවසීමේ වරදක් නෑ. වරදක් පෙනේ නම් එයට හේතුව මෙමගින් පවසන්නේ කුමක්දැයි හරියාකාරව නොවැටහීමයි.

    අස්මිමානය,සක්කායදිට්ඨි, මානය යන මේ සියලු ක්ලේශයෝ සියුම් වූ ලක්ෂණයන්ගෙන් වෙන් වෙති. ඒ සියල්ලෙහිම පොදු ලක්ෂණයක් ලෙස මමත්වයම දක්නට ලැබේ. ඉදින් සෝවාන් නොවූ කෙනෙකු තුල "මමත්වය" පිළිබද ග්‍රහණය දැඩිය. තියුණුය. ධර්ම මාර්ගයට පිවිසෙන තුරු ම "මම වෙමි" යන්න සැකයකින් තොරව පිළිගනි. නමුත් එය හුදු හැගීමකි.යථාර්තයක් නොවේ.(අස්මීති භික්ඛවෙ මඤ්ඤිතමෙතං) නමුත් සාමාන්‍ය සමාජය එය පිළිගන්නේ නොවේ.
    සක්කායදිට්ඨිය ප්‍රහාණයේ දි සිදුවන්නේ "මම" යන හැගීම උපාදානස්කන්ධ ඇසුරින් ඇතිවන්නක් බව නිසැකව වැටහීමයි. එහිදී මමත්වය පිළිබද වූ දැඩි ග්‍රහණය (දෘෂ්ටිය) දුරුවේ. එනම් ආත්මදෘෂ්ටිය (ආත්මය යැයි නොවෙනස් වන යමක් ඇති බව) දුරුවේ. නමුත් මමත්වය සර්වාකාරයෙන් පහවී නොයයි. ඒ පිළිබද වූ දෘෂ්ටිය පමණක් පහව යයි. තව දුරටත් මමත්වය නිසා මාන ක්ලේශය උපදී. අස්මිමාන ක්ලේශය ද පවති. අර්හත්වයට පත් වෙන තුරා මමත්වය පහව නොයයි.

    මිනිබිරිය මළ කල්හි විසාඛාව ශෝක විය. විසාඛාව සෝවාන් වූයේ සත් හැවිරිදි වියේදීය. නමුත් ඇය තුළ මමත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නැත. ඇය තුළ ඇති මමත්වය නිසා "මගේ මිනිබිරිය මළා" යැයි ශෝක වෙති. නමුත් ඇය පොළොවේ හැපෙමින්, කෑ ගසමින්, විළාප දෙමින් නොහැඩූවාය. කිසාගෝතමිය මෙන් මළ කද ඔසවා ගෙන නොගියා ය. ඒ තරම් වූ දැඩි මමත්වයක්, "මගේ "යැයි හැගීමක් ඈ තුළ නොවීය. බුදුරජාණන් වහන්සේ "පිරිනිවන්පාන කල්හි" ආනන්ද තෙරණුවෝ හැඩූහ.ශෝක වූහ. විශාඛාවෝ ඉතා වටින මේහ පළදනා ආදියෙන් සැරසී බණ ඇසීමට ගියේද මමත්වය ඇති නිසාය. අනුන් හා තමා සමකොට මනින මාන ක්ලේශයෝ ඇති බැවිනි.

    අර්ථාවබෝධයට පහසුවන පිණිස සරළව "මමත්වයේ දැඩි බව බිදියාම" යැයි සක්කායදිට්ඨිය විස්තර කරන්නේ එබැවිනි. ඔය සක්කාය දිට්ඨියම විපල්ලාස ධර්ම ප්‍රහණයවීම අනුව දැක්වුව ද අවසන එකම අර්ථ උපදවයි.

    සමාධිය කියලා තිබ්බ පලියට ඒක බුදුන්වහන්සේ දේශනා කලා කියන්න එපා.
    හිතට වෙන අරමුනක් එන්න දෙන්නේ නැතුව වඩන ඒවා තිබුනේ බමුණන්ගේ.

    රතන සූත්‍රයේ බුදුන්වහන්සේ "බුද්ධසෙට්ඨෝ පරිවන්නයී සුචිං සමාධි" කියලා වර්ණනා කළේ "සුචිං සමාධිය" යි
    ඔය කියන හිතට අරමුණන් එන්නේ නැතුව ගන්න සමාධි "අසුචිං සමාධි"

    සුචිං සමාධි තියෙන්නේ සෝවාන් පුද්ගලයාගෙන් උඩටයි.
    පෘතජනයා Coca-cola Coca-cola කිය කිය දවක් කීපයක් හිටියත් සමාධියක් එනවා. ඒවා "අසුචිං සමාධි"

    බුදුන්වහන්සේ වර්ණනා කලේ "සුචිං සමාධි"ය හෙවත් "ආනන්තරික සමාධිය"යි. ඒක තියෙන්නේ ලෝකෝත්ත්තර ධ්‍යාන වල විතරයි. බණ දන්නේ නැතුව කරන භාවනා වලින් ලැබෙන්නේ "අසුචිං සමාධියි. සිවුරක් ඇඳන් කළත් ඒවා බමුණන්ගේ භාවනා...

    දවස් කීපයක් Coca-Cola, Coca-Cola කිය කිය හිටියත් සමාධියක් එනවා. බණ දන්නේ නැතුව අද භාවනා මධ්‍යස්ථාන වලත් වඩන්නේ බමුණන් වඩපු ඔන්න ඔය මිච්ජා සමාධියයි.

    මචන්, මෙහෙමයි. දැන් ඔය කාරණාවට විරුද්ධව මට ඇති තරම් කරුණු දක්වන්න පුළුවන්. නමුත් එහෙම කරන එක නිෂ්ඵලයි නේ. ඵල රහිතයි. මොකද ඔයා සෑම ධර්ම කරුණකම අදහස විවරණය කරගන්නේ මේ හාමුදුරුවෝ කියන විදිහටමනේ. භාවනාව සම්බන්ධව මේ හාමුදුරුවෝ පැහැදිලිවම දක්වන්නේ ආන්දෝලාත්මක මතවාද. මම දැක්කා එක වීඩියෝවක මේ හාමුදුරුවෝ "උදරය පිම්බීම හැකිලීම අරමුණු කොට වඩන භාවනාව" විවේචනය කරනවා. ඕක අලුත් විවේචන්‍යක් නෙවෙයි. ඒක එදත් තිබ්බා. රේණුකායේ චන්ද විමල හාමුදුරුවාන්ගේ භාවනා විවේචනය පොතේ දි ඔය කියන කරුණු ගැන කතා කරනවා. රේණුකායේ චන්දවිමල හාමුදුරුවෝ කියන නිසාම පිලිගන්න කියනවා නෙවෙයි. නමුත් කියවලා බලන්න.

    123.jpg

    12345.jpg

    1234.jpg

    දතයුතු දේ නම් මෙයයි බන්. භාවනාව විවේචනය කළ පලමු ධර්මදේශකයා මේ හාමුදුරුවෝ නෙවෙයි. අවසානයත් මෙය නෙවෙයි. කර්මස්ථානයක් මූලික කොට වඩනු ලබන සමාධිය ඍජු නිර්වාණය පිණිස නොවන බව දන්නෝ දනිති. සමථයානිකයා සහ විදර්ශනායානිකයා අතර වෙනස ඇතිවන්නේ කෙසේ දැයි දනිති.

    "දවස් කීපයක් Coca-Cola, Coca-Cola කිය කිය හිටියත් සමාධියක් එනවා. බණ දන්නේ නැතුව අද භාවනා මධ්‍යස්ථාන වලත් වඩන්නේ බමුණන් වඩපු ඔන්න ඔය මිච්ජා සමාධියයි."
    මේ වගේ කතා කියද්දි සමථය පිළිබද හරි වැටහීමක් මේ හාමුදුරුවන්ට තියෙනවද කියලත් සැක හිතෙනවා. සමථ භාවනාවේ කර්මස්ථාන දෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවයේ හැටිය. අනික සමථ භාවනා ක්‍රමයක් භාරතය තිබුණ බව ඇත්ත. ඒත් ඒ භාරතීය සමථ භාවනාවයි බෞද්ධ සමථ භාවනාවයි වෙනස්. බෞද්ධ භාවනාවේ කර්මස්ථාන විදිහට ගන්නේ "දස අසුභ, දස අනුස්සති, ආහාරේ පටික්කුල සඤ්ඤාව, චතුධාතු වවත්ථාව,දස කසිණ" වගේ දේවල්.

    මළ මිනියක අවස්ථා අනුව වඩන දස අනුස්සතිය ධර්මයෙන් පරිභාහිර වූවක් විදිහට දකිනවද? මරණානුස්සති,කායගතාසති ආදිය අඩංගු දස අනුස්සතිය නිවන් මගට ප්‍රතිවිරුද්ධ ද? සමථ භාවනාවේ දස කසිණ කර්මස්ථාන ලෙස ගැනීම තමයි සමහරුන්ට ගැටලුවෙලා තියෙන්නේ. ඒ පමණින්ම බමුණු මතයැයි ගර්හා කරති.

    ත්‍රිපිටකයේ පෙළ දහමේ එන ඇතැම් දේශනා සරල ලෙස පෙනුනට ඒවා සරල නෑ. ඒ දේශනා අවබෝධකරගන්න අපිට පෙරවූ ධර්මධර ථෙරවරුද අසමත් වුණා. ඒ නිසාම අටුවා බිහි වුණා. ටීකා බිහිවුණා. ප්‍රකරණ බිහිවුණා. අද කාලේ බොහෝ හිමිවරු තමන්ට කැමතිසේ ධර්මය විවරණය කරනවා. මේ හාමුදුරුවෝ ඒ වගේ කෙනෙක් යැයි මම කියන්නේ නෑ. කාවවත් විවේචනය කිරීම හෝ හෙළා දැකීමට මට අවශ්‍ය නැති නිසා. නමුත් ඔය නගන තර්කවලට මීට පෙර සිටි ධර්මධර හිමිවරුම පිළිවදන් දී තිබියදී ඒවා කතා කිරීම නිෂ්ඵලයි.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    හොඳම උදාහරණය මේ නූල. සෝවාන් වෙන්න බණ අහන්න ඕන කිව්වම බලපු බොහෝ දෙනෙක්ට තමන් දරණ මතය අනුව තාර්කික සිතුවිලි පහළ වුනා. කෙනෙක් ඒ මතය සමග එකඟ වෙලා අනුමත කරා. එහෙත් සියලු දෙනා නොවෙයි නේද ? ඒ සමග ගැටෙන එය වැරදියි, එහෙම නෙවෙයි මෙහෙමයි සෝතාපන්න වෙන්නේ වශයෙන් තර්ක ඉදිරිපත් කරනවා.

    නමුත් මේ කිසිවෙක්, අපි වයසට යනවා. ලෙඩ වෙනවා. අන්තිමේ මැරෙනවා. වැනි අදහස් සමග තර්ක කරන්නේ නෑ. එහෙනම් එයයි සත්‍යය. බුදු දහමත් එවැනි දෙයක්.

    සෝවාන් වෙන්නේ මෙහෙමයි කිව්වම තර්ක කරන්නේ තමන් එය සිදු කරලද ? නැත. විහිළුවටවත් එසේ කරන්නට බැරිය. මන්ද තමාගේ සිතේ නිර්මාණය කරගෙන සිටින මනෝ මන්දිර බිඳ වැටෙන නිසාය. ඊට පෙර කලයුතු බොහෝ දේ ඇතැයි හේතු ඉදිරිපත් කරති. එහෙත් අනුන්ට පාර පෙන්නන්නට උත්සාහ දරති.

    බුදු දහමේ හරය විනයට (නයෙන් තොරවීම) හා සොබා දහම තේරුම් ගැනීමකි. ඇති දේ ඇති සැටියෙන් දැකීමකි. දහමේ දේශිත සියල්ල සුනාථ (ඇසීම) ධාරෙථ (දැරීම) චරාථ (හැසිරීම නොහොත් අනුගමනය) මත අත්විඳිය යුතුය. භාවිතය බහුලීකතාය වශයෙනුත් මෙය දක්වා ඇත.

    dan pahadili una kiyapu eka. agamak widihata adahanawata wadiya mey iwarayak nathi cycle eken goda ena margayak widihata dharma margaye yanawanam godak prashna adu wei.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බොහොම ස්තුතියි උඹ වෙලාවක්, ශ්‍රමයක් වැය කරල ඔය විස්තරේ පොස්ට් කලාට. නමුත් මචන් මෙහෙමයි, ඔය ටික අපි ඉගෙනගෙන තියෙන භාවනාව පිලිබඳ definition එකනෙ. පොතක් කියෙව්වම ඔය ටික දැනගන්න පුලුවන්නෙ. නමුත් දැන් ඔය ටික දැනගත්තට ඕකෙන් කියන දේ achieve කරන්න යන්න ඕන ප්‍රයෝගික මාර්ගය ගැන මම උඹෙන් ඇහුවෙ. මොකද ඔය ටික මතක තියාගෙන හිටිය කියල ප්‍රායෝගිකව රාග ද්වේශ මෝහ ප්‍රහීන වෙන්නෙ නෑනෙ. සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු වෙන්නෙ නෑනෙ. උඹ ඒ මග දන්නවනං, ප්‍රයෝගිකව වඩල තියෙනවන්, ඒකෙ ප්‍රතිපල ලබල තියෙනවනන් කෙටියෙන් හරි ඒ ගැන විස්තර කරන්න බැරි කමක් නැහැ නේද? ඔය definition එකේ විස්තර කරන දේ ප්‍රායෝගිකව කරන්න බැරිනං මනුස්සයෙක් කොහොමද නිවන් දකින්නෙ? සරලවම මම අහන්නෙ මොන විදිහෙ සමතයකින්ද? මොන විදිහෙ විදර්ශනාවකින්ද සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස අයින් කරගන්නෙ? උඹට විස්තර කරන්න බැරිනං අඩුම ගානේ ඒ පිලිබඳ විස්තර කරන වෙන මොකක් හරි සෝර්ස් එකක් හරි දාපන් බලන්න. අදහසක් ගන්න පුළුවන්නෙ. මේක වාදයකට පොටක් පාදගන්න නෙමෙයි දැම්මෙ. උඹට පුළුවන්නන් විතරයි. බැරිනං මේ ගැන අයිත් කතා කරන්නෙ නෑ.
    දැන ගැනීම සහ අවබෝධය කියන්නේ පැහැදිලිවම දෙකක්නේ. යමක් දන්න පමණින් ඒ පිළිබද අවබෝධයක් ලැබෙන්නේ නෑ. භාවනාව සම්බන්ධව පමණක් නොව සෑම කරුණකටම ඔය කාරණාව වලංගුයි. මේ පංචස්කන්ධයම අනිත්‍යයි. දුකයි. අනාත්මයි. කියලා අපි දන්නේ නැද්ද? අන්‍ය ආගමික දෘෂ්ටීන් අනුගමනය කරන පිරිස හැරුණු කොට බෞද්ධ දර්ශනය උගත් මිනිස්සු ඔය කාරණාව දන්නවා. හැබැයි අවබෝධයක් නෑ. ඒකයි නිවනට ප්‍රතිපක්ෂව ක්ලේශයන්ට වසග වෙලා ජීවිත ගත කරන්නේ. ඉතින් කෙනෙක් තමන් "උගත් දේ" ප්‍රායෝගික තලයට ගේන්න අසමත් වෙනව නම්, වරද තියෙන්නේ "උගත් දේ" තුල ද නැත්තම් "ඒ පුද්ගලයා" තුළ ද?
    බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට කෙතරම් ධර්මය දේශනා කළා ද? ත්‍රිපිටකයේ කෝසල සංයුත්තයක් වෙනම තියෙනවා. ඒත් මාර්ග ඵ්ලයක් තරම ලබා ගන්න කොසොල් රජතුමා සමත් වුණේ නෑ. කොසොල් රජතුමාගේ අසමත් වීම ධර්මයේ අසමත් වීම නෙවෙයි. ඒ වගේම භාවනාව ප්‍රායෝගික තලයට ගෙන ඒමට කෙනෙක් අසමත් වුණාට භාවනාව ප්‍රායෝගික නෑ කියන්න බෑ. භාවනාව ප්‍රායෝගික නෑ කියලා හිතන්නේ භාවනාව ප්‍රායෝගික තලයට ගේන්න හැකියාවක් නැති මිනිස්සු.

    භාවනාව කියන්නේ ධර්මයෙන් පරිභාහිර වූ දෙයක් නෙවෙයි. ධර්මයෙන් වියුක්ත වූ විදර්ශනා භාවනාවක් නෑ. විදර්ශනා භාවනාවේ දි සිදුවෙන්නේ තමන් ඇසූ ධර්මය නුවණින් විමසා බැලීමක්. සියුම්ව විශ්ලේෂණය කර බැලීමක්. පංචස්කන්ධය පිළිබද ධර්මයෙන් අසා දැනගත් පුද්ගලයා ඒ පිළිබද නුවණින් විමසා බලනවා. ස්කන්ධයෙන් ස්කන්ධයට විශ්ලේෂණය කර බලනවා. නැවත නැවත් එසේ කරමින් උගත් ධර්මය අවබෝධකර ගැනීමට උත්සුක වෙනවා.

    සමථ භාවනාව තුළින් විදර්ශනාව වැඩීමට අවශ්‍ය පදනම ලැබෙනවා. පංචනීවරණ ධර්මයෝ යටපත් කරනවා. සිත නිතරම අලසකමින් (ථිනමිද්ධයෙන්) වෙලිල නම් කොහොමද ධර්මය නුවණින් විමසා බලන්නේ?. සිත හැමවෙලාවෙම කාමයන්ගේ ඇලෙනව නම්, අරමුණු සමග ගැටෙනව නම් කොහොමද ධර්මය නුවණින් විමසා බලන්නේ? අන්න ඒ නිසයි සමාධිය වදගත් වෙන්නේ. භාවනා කරලා "ධ්‍යාන උපදවා ගන්න ඕනි නෑ. සිත එක අරමුණක පවත්වාගන්න පුරුදු කරගන්නයි අවශ්‍යය. "මට focus කරලා වැඩක් කරන්න බෑ" "මට මේ වැඩේ එපා වෙනවා" කියලා ගොඩක් මිනිස්සු කියන්නේ සිතේ ඔය කියන සමාහිත ගුණය නැති වීම ගැනයි. ඉතින් සමාධිය වැඩීමට උපකාරී වෙන සමාධි භාවනාවට ගැරහීම යුතුද?

    සමාධි භාවනාව නොවඩා විදර්ශනාව වැඩිය නොහැකිද? පුළුවන්. අන්න ඒ නිසයි සමථයානිකයා මෙන්ම විදර්ශනායානිකයා කියලා දෙදෙනෙක් ගැන සදහන් වෙන්නෙ. විදර්ශනායානිකයා සතු පංචනීවරණ ධර්ම සංසාර පුරුද්දෙන් සමනය වේ. එසේ නොවන සමථයානිකයා තමයි සමථය වඩා පචනීවරණ ධර්ම සමනය කොට විදර්ශනාවට පැමිනෙන්නේ. එම නිසා
    සමථය වැඩිය යුතුම යැයි සදහන් වන්නේ නැත. සමාධි භාවනා වැඩීමට ඉතින් අනවශ්‍ය යැයි හැගේ නම් විදර්ශනාවම වැඩිය හැක. විදර්ශනා භාවනාවම සත්‍යාවබෝධයට වැදගත් බැවිනි.
    ---------------------------------------------------------

    "සරලවම මම අහන්නෙ මොන විදිහෙ සමතයකින්ද? මොන විදිහෙ විදර්ශනාවකින්ද සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස අයින් කරගන්නෙ?"

    (සීල විශුද්ධි, චිත්ත විශුද්ධියට පසුවැ දිට්ඨි විශුද්ධිය සිදුවන ආකාරය විශුද්ධි මා‍ර්ගයේ දක්වා තිබේ.)
    දීර්ඝ වශයෙන් කිව යුතු දෑ වචනයෙන් දෙකෙන් කියන්නට ගිය විට වැරදි ලෙසම ග්‍රහනය කර ගනිති. එම නිසා පරිශ්‍රිලනය කර දැන ගැනීමම අගනේය.

    විශුද්ධි මාර්ගය
    විදර්ශනා භාවනා ක්‍රමය- රේරුකානේ චන්ද්‍රවිමල හිමි
    ශමථ විදර්ශනා භාවනා මාර්ගය - මාතර ඥාණාරාම හිමි
    විපස්සනා භාවනා ක්‍රමය - නාඋයනේ අරියධම්ම හිමි
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    bump
    බොහොම ස්තුතියි උඹ වෙලාවක්, ශ්‍රමයක් වැය කරල ඔය විස්තරේ පොස්ට් කලාට. නමුත් මචන් මෙහෙමයි, ඔය ටික අපි ඉගෙනගෙන තියෙන භාවනාව පිලිබඳ definition එකනෙ. පොතක් කියෙව්වම ඔය ටික දැනගන්න පුලුවන්නෙ. නමුත් දැන් ඔය ටික දැනගත්තට ඕකෙන් කියන දේ achieve කරන්න යන්න ඕන ප්‍රයෝගික මාර්ගය ගැන මම උඹෙන් ඇහුවෙ. මොකද ඔය ටික මතක තියාගෙන හිටිය කියල ප්‍රායෝගිකව රාග ද්වේශ මෝහ ප්‍රහීන වෙන්නෙ නෑනෙ. සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු වෙන්නෙ නෑනෙ. උඹ ඒ මග දන්නවනං, ප්‍රයෝගිකව වඩල තියෙනවන්, ඒකෙ ප්‍රතිපල ලබල තියෙනවනන් කෙටියෙන් හරි ඒ ගැන විස්තර කරන්න බැරි කමක් නැහැ නේද? ඔය definition එකේ විස්තර කරන දේ ප්‍රායෝගිකව කරන්න බැරිනං මනුස්සයෙක් කොහොමද නිවන් දකින්නෙ? සරලවම මම අහන්නෙ මොන විදිහෙ සමතයකින්ද? මොන විදිහෙ විදර්ශනාවකින්ද සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස අයින් කරගන්නෙ? උඹට විස්තර කරන්න බැරිනං අඩුම ගානේ ඒ පිලිබඳ විස්තර කරන වෙන මොකක් හරි සෝර්ස් එකක් හරි දාපන් බලන්න. අදහසක් ගන්න පුළුවන්නෙ. මේක වාදයකට පොටක් පාදගන්න නෙමෙයි දැම්මෙ. උඹට පුළුවන්නන් විතරයි. බැරිනං මේ ගැන අයිත් කතා කරන්නෙ නෑ.
    Matath one me tika thamai.
     
    Anu197810

    Member
    Jun 24, 2021
    1
    1
    3
    අහ් එහෙමද බං, යාලුවෙක් කිව්ව බලපන් සුපිරි බන කියලා ඒකයි අහල බැලුවෙ. දැනගත්ත එක හොඳයි. Thanks
    අපි කොහෙන් හරි අපිට තේරෙන තැනකින් පටන් ගන්න ඔ්න. අරක වැරදියි මේක වැරදියි කියල හිටියොත් අපිට පටන් ගැනිමක් නැ. තමන් යමක් දිගට කරගෙන යද්දි තේරෙයි තමන්ටම එතන ඉන්න ඔ්නද නැත්නම් යන්න ඔ්නද කියල. හැමෝම එක වගේ පාරමිතා පිරිලා නැ. එක වගේ ඥානය නැ. කලයට වතුර බින්දුව බින්දුව දාද්දි කලය පිරෙනව. එක පාර බාල්දියක් විතර වතුර පුරවන්න බැ. හැබැයි බිනදුව බින්දුව දාන්න ඉවසිමක් අවස්සයි. කන්තී පරමං තපෝති තික්කා. ඉවසීම තමයි උතුතම්ම තපස. තෙරැවන් සරනයි.
     
    • Like
    Reactions: Gunther

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,923
    4,330
    113
    අපි කොහෙන් හරි අපිට තේරෙන තැනකින් පටන් ගන්න ඔ්න. අරක වැරදියි මේක වැරදියි කියල හිටියොත් අපිට පටන් ගැනිමක් නැ. තමන් යමක් දිගට කරගෙන යද්දි තේරෙයි තමන්ටම එතන ඉන්න ඔ්නද නැත්නම් යන්න ඔ්නද කියල. හැමෝම එක වගේ පාරමිතා පිරිලා නැ. එක වගේ ඥානය නැ. කලයට වතුර බින්දුව බින්දුව දාද්දි කලය පිරෙනව. එක පාර බාල්දියක් විතර වතුර පුරවන්න බැ. හැබැයි බිනදුව බින්දුව දාන්න ඉවසිමක් අවස්සයි. කන්තී පරමං තපෝති තික්කා. ඉවසීම තමයි උතුතම්ම තපස. තෙරැවන් සරනයි.
    100% ekagai.

    Thamun hari kiyala hithena thenin patan ganna thiyenne.