නෑ නෑ බං.. අද උදේ වරුවෙ මං අවුලෙන් හිටියෙ.. හිතේ තිබ්බ අවුලෙන්ම තමා ඕකත් කෙටුවෙ.. මං අද උදේ ගෙදරට සල්ලි වගයක් දෙන්න ගියා.. බොසාගෙ වාහනේ ගියේ.. කෙල්ලවත් ක්ලාස් දාලා එහෙම්ම.. ඉතිං අම්මා කිරි එකක් හදලා දුන්නා.. මං වැඩිය ගමේ අයව ආශ්‍රය කරන්නෑ.. ගොඩක් උන්ට මාව දැන් මතකත් නැද්ද කොහෙද.. ඔක්කොටම හේතුව මට වෙලාවක් නැතිකම..
කිරි එක බිබී ඉන්නකොට එකෙක් පතංගර ටීවී එකක් උස්සං එනවා මල්ලි මේක පේන්නෙ නෑ ඔයා මේ එනව දැකලයි මං දුවන් ආවෙ කියලා.. මං කිව්වා අයියෙ මට වෙලාවක් නැහැනේ හදන්න.. මේ දැනුත් යන්න හදනකොට අම්මා කිරි එකක් හදල දුන්නා.. ඒක බීලා යන්න හදන්නෙ කියලා.. ඌ මට කිව්වනේ බං මල්ලි අනුන්ගෙ බෙන්ස් එලවලා ඔහොම උඩින් යනවා නම් ඔයා වාහනයක් ගත්තොත් තටුත් ඒවි කියලා.. මට එපා උනා කියහංකො..
මං ඌව ඇදගෙන ගිහින් පෙන්නුවා ගෙදර එක එකා ගෙනත් දාපු බඩු තොගේ.. මං ඌට කිව්වා මගේ ජොබ් එක කරලනේ අයියෙ අනිත් හැමදේම කරන්න ඕන.. නැත්තං අපි කන්නෙ බොන්නෙ කොහොමද අනුන්ගෙ වැඩ කරකර ඉඳලා කියලා..
ඒපාර ඌ කියනවා නෑ මල්ලි මට මේක හදන එක නෙමෙයි ප්‍රශ්නෙ.. මට සල්ලි නැති එකෙක් නෙමෙයි.. ඔයාට වඩා මං ඉගෙනගෙනත් තියෙනවා.. හැම අතින්ම උගත් මිනිහෙක් මම.. සල්ලි මට නතිං.. මේ ළඟදිත් වාහනයක් ගන්න බලලා ආවේ.. මට නම් ඔය අනුන්ගෙ වාහන පැදලා පුරුද්දක් නෑ.. මගේම එකක් පදිනවා මිසක.. අනික මේ ටිවී එක මං දැන් විසික් කරල දානවා.. ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ ඔයා වාහනෙන් යනකොටවත් අපේ දිහා බලන්නෙවත් නෑ.. මනුස්සකමට ගෙදරට ගොඩවෙන්න බැරිද.. අසල්වැසියො ඔහොමද.. ඔයා මහ පුහු මාන්නයක් හිතේ මවාගෙන ඉන්න බොරු සෝබනකාරයෙක් කියලා.. ඒත් මං සද්ද නැතුව හිටියා.. නිකන් රණ්ඩු වෙන්න බැරි නිසා..
ඕකා එක සැරයක් බ්ලෙන්ඩර් එකක් හදන්න අරන් ආවා.. ඒක කරකුට්ටං වෙලා.. හදන්න දෙයක් නෑ.. ඒක ගෙනත් දාපු දවසෙ ඉඳන් ඒ ගෙදර අක්ක උදේට පාරක් එනවලු.. හවසට අයියා එනවලු අරක හැදුවද අහ අහා.. අන්තිමේ මං කඩෙන් අලුතින් බ්ලෙන්ඩර් එකක් අරන් දුන්නා.. බොරුවට කිව්වා තෑග්ගකට හම්බෙච්ච එකක් කියලා.. ඔය ගුණේවත් ඕකට තිබ්බෙ නෑ.. මහ ජරා මිනිස්සු බං මේ රටේ ඉන්නෙ.. මට තිත්ත උනා..
මම ඒපාර යන්න හදනකොට මූ වාහනේ ගාවට දුවන් ඇවිත් ෆෝන් එකක් දික් කරල කියනවා.. මෙන්න බලන්න මල්ලි.. ඔයාලා දැකලවත් නැතුව ඇති මේ Apple iphone එක.. එක්ලක්ෂ හැටදාහක් උනා කියලා..
ආපෝ මචන් ඔය වගේ ඩයල් නම් මටත් සෑහෙන්න හම්බවෙලා තියනවා.ඔය පැහැදිලි ඉරිසියාව.තමන්ට නැති දේවල් වෙන කෙනෙක්ට ලැබෙනවට අකමැති උන් තමා වැඩියෙන්ම ඉන්නෙ.
තව සමහරු ඉන්නවා "අනේ මචන් මේක කියල දීපා...න්" කියලා මගෙන් අහගෙන ගිහින් අනිත් අය ඉස්සරහදි ආයේ මටම උගන්නන්න එන අයත්.ඉස්සර නම් ඕවා කියන්න එන අයට මාත් එකට එක කියලා තියනවා.දැන් නම් ඕනා එකෙක් ඕනා දෙයක් කියපු දෙන් කියලා පාඩුවේ කටපියාගෙන ඉන්නවා.ඇඟේ වදිනවා කියලයැ.අනික තමන් යන පාර හරි කියලා විශ්වාස නම් අනිත් උන් මොනවා කිවුවත් අපිට මොකෝ.ඔහොම උන්ව පුළුවන් තරම් මඟ අරින එක තමා හොඳම වැඩේ.එතකොට හිතත් සුද්දයි.

ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..
කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..![]()
එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..
පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..
ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..
කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්‍රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..
කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා..
පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..
ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..
දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..
මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..
කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..
උඹට පරක්කු වෙලා හරි දෙමව්පියන් ගැන ඔහොම හිතුන එක හොඳයි.මොන හේතුවකට වත් රට වටේට ණය වෙන එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.හැබැයි උඹේ උත්සාහය අගය කරන්න ඕනේ.



You must spread some Reputation around before giving it to crazybuddy again.

Last edited:











