හරි_පාළුයි_මට...!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    කිසි ගානක් නැතුව හොදට සැපට හිටපු මට...
    වැඩි ඈතක නෙවෙයි බොහොම ලග දවසක සිට..
    අරුමෝසම් හීන පෙනෙයි නිතර දෙවේලෙට...
    හරි ආසයි මං දකිනා හීන රටාවට...:love:

    යස ඉසුරින් සපිරි සොදුරු රජ මැදුරක් ඇත....
    ඒ මැදුරේ වෙසෙන යොවුන් කුමාරියක් ඇත...
    පුන් සදසේ දිලිසෙන්නේ ඇගෙ සුදු මුදු වත...
    ආදරයෙන් උමතු වෙලා මගෙ නාඹර හිත....

    ආදරයෙන් බැදුනු නිසා ගිලන් වෙලා හිත...
    නතර නොවී ඔබම සොයයි යලි යලි හිතවත...
    දිලිසෙන නිල් මිනි කැට වන් එකළු කරන වත...
    අහසින් බට තරු විලසින් හැගෙයි ඔබේ නෙත...

    හිත අද්දර රැදුණු මෙවන් කවි වැල් දහසක....
    දවස පුරා ලියනු හිතයි මට නම් අහසක....
    එකම වරක් හමු වේ නම් ඔබ මට දවසක...
    හිත ඇති දේ පවසන්නම් සොදුරුම සවසක...

    නොදක නොබල හිත වෙහෙසා ඔබව සොයා මට...
    විටෙක හරිම බයක් දැනෙයි අහිමිද ඔබ මට...
    කවටකමක් නොවෙයි ඉතින් දිවුරමි සදහට....
    නොදැක ඉන්න බෑ ඔයාව හරි පාළුයි මට...!

    miss-you-quotes111.jpg




    ​
     
    Last edited:

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    කිසි ගානක් නැතුව හොදට සැපට හිටපු මට...
    වැඩි ඈතක නෙවෙයි බොහොම ලග දවසක සිට..
    අරුමෝසම් හීන පෙනෙයි නිතර දෙවේලෙට...
    හරි ආසයි මං දකිනා හීන රටාවට...:love:

    යස ඉසුරින් සපිරි සොදුරු රජ මැදුරක් ඇත....
    ඒ මැදුරේ වෙසෙන යොවුන් කුමාරියක් ඇත...
    පුන් සදසේ දිලිසෙන්නේ ඇගෙ සුදු මුදු වත...
    ආදරයෙන් උමතු වෙලා මගෙ නාඹර හිත....

    ආදරයෙන් බැදුනු නිසා ගිලන් වෙලා හිත...
    නතර නොවී ඔබම සොයයි යලි යලි හිතවත...
    දිලිසෙන නිල් මිනි කැට වන් එකළු කරන වත...
    අහසින් බට තරු විලසින් හැගෙයි ඔබේ නෙත...

    හිත අද්දර රැදුණු මෙවන් කවි වැල් දහසක....
    දවස පුරා ලියනු හිතයි මට නම් අහසක....
    එකම වරක් හමු වේ නම් ඔබ මට දවසක...
    හිත ඇති දේ පවසන්නම් සොදුරුම සවසක...

    නොදක නොබල හිත වෙහෙසා ඔබව සොයා මට...
    විටෙක හරිම බයක් දැනෙයි අහිමිද ඔබ මට...
    කවටකමක් නොවෙයි ඉතින් දිවුරමි සදහට....
    නොදැක ඉන්න බෑ ඔයාව හරි පාළුයි මට...!

    miss-you-quotes111.jpg




    ​

    කවටකමක් නොවෙයි ඉතින් දිවුරමි සදහට....
    නොදැක ඉන්න බෑ ඔයාව හරි පාළුයි මට...!


    REP ++