හැමදාම දත් මැද්දට ටූත්පේස්ට් ගැන දන්නවද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හැමදාම දත් මැද්දට ටූත්පේස්ට් ගැන දන්නවද?

    හැමදාම දත් මැද්දට දන්නවද දත් බෙහෙත් එහෙම නැත්තන් ටූත්පේස්ට් වල තියෙන්නෙ මොනාද කියලා?
    අමතර අමුද්‍රව්‍ය හැරුනහම මේවා හැම දත් බෙහෙත් වර්ගයකටම පොදුයි.


    zybnye_pasty_.jpg


    10. Formaldehyde (ෆෝමලීන්)

    images.jpg


    කොර්නෙල් මහත්තයට නැතිවම බැරි ෆෝමලීනුත් තියෙනවා මේ දත් බෙහෙත්වල. ඒකෙන් කරන්නෙ කෑවට හරි නිදාගත්තට හරි පස්සෙ දත්වලට හානි කරන්න දඟලන බැක්ටීරියාවල් විනාශ කරන එක. හැබැයි බැරිවෙලාවත් වැඩිපුර ෆෝමලීන් ප්‍රමාණයක් ශරීරගත උනොත් ප්‍රතිඵලය මරණීය වෙන්නත් බැරි නෑ. මේ වගේ අධික ෆෝමලීන් ශරීරගත වීමකින් ජෝන්ඩීස් (jaundice) කියන සිරුර කහ පැහැ වීමේ රෝගයත්, වකුගඩුවලටත් අක්මාවටත් හානි සිදුවීමත්, සහ අවසානයේ මරණය උනත් සිදුවෙන්න පුළුවන්.


    9. Detergent

    430620439_87ae6145ed.jpg


    දත් බෙහෙත් වලින් සබන් වලින් වගේ පෙණ එන්නෙ නැති උනොත් මොනවා වෙයිද...? මේ පෙණ බුබුළු සහ සබන් වගේ එන ගතියට කැමති බහුතරයක් සතුටු කරන්න නිෂ්පාදකයො මේවට සාමාන්‍ය පිරිසිදු කාරකයක් එකතු කරනවා. පෙණ ටික ආතල් උනාට වැරදිලාවත් මේවා වැඩිපුර ගිලුනොත් හෙම පරෙස්සමින්. මොකද ඒකෙන් අහාර මාර්ග පද්ධතියෙ පිළිස්සීම් (digestive track burning) ඇතිවෙන්න පුළුවන් හින්දා.


    8. Seaweed

    seaweed.jpg


    මේ ඇදෙන, සෙවෙල ගතිය තියෙන මුහුදු පැලෑටි වලින් තමයි මේ දත් බෙහෙත එකට එකතු කරලා තියාගන්නෙ. මේ කොළ පාට ජාතිය එකතු කළේ නැතිනම් ඒක එකට එකතු වෙන්නෙ නැතිව කෑලි කෑලි කැඩෙන්න පටන් ගන්නවා. හොඳම ආරංචිය තමයි මේ මුහුදු පැලෑටි ශරීරයට අහිතකර නැති එක. අනිත් එක මේවයෙ තියෙනවා පෝෂ්‍ය පදාර්ථ සමහරකුත්. ඒ උනාට ඒව ලබාගන්න දත් බෙහෙත් කන්නෙ නැතිව සුෂි බාර් එකක් අල්ලගන්න එක තමයි හොඳම වැඩේ.....


    7. Peppermint Oil

    Peppermint-Oil.jpg


    මින්ට් රසැති දත් බෙහෙත් ගැන ඔබ ඕන තරම් අහල ඇති. ඒ කට නැවුම් සුවඳ කරන රසය ගන්නෙ මේ පෙපර්මින්ට් තෙල් වලින්. නමුත් මේව නාඩි වැටීමේ වේගය අඩු කරන බවත්, heartburn, muscle tremors ඇතිකරන බවත් කියැවෙනවා...


    6. Paraffin

    parafin%252520wax.jpg


    මේ කියන්නෙ අර ඉටිපන්දම්වල හෙම තියෙන ඉටි. මේව හින්දා තමයි අර ටියුබ් එක මිරිකුවාම කරදරයක් නැතිව දත් බෙහෙත් ටික සුරුස් ගාල දත් බුරුසුවට එන්නෙ. ඔයාලටත් හිතාගන්න පුළුවන්නෙ, ඉටි තියෙන්නෙ කන්න නෙවෙයි කියලා. බැරිවෙලාවත් මේවා ගිලුනොත් හෙම බඩේ කැක්කුම, වමනය, සහ තදබල විදියට බඩ වේලීමත් සිදුවෙන්න පුළුවන්.....


    5. Glycerin Glycol

    glycerin.jpg


    මේ ග්ලිසරින් දත් බෙහෙත්වලට දාන්නෙ ඒවා වේලිලා යන එක වලක්වගන්න. මේවා විෂ නැතිඋනත් මේවායින් වමනෙ යන්න එන විදියෙ ගතියක් ඇතිකරවන්න පුළුවන්...


    4. Chalk

    chalk2.jpg


    ඔබත් මමත් දන්න ඉස්කෝලෙ කළුලෑල්ලෙ ලියපු චෝක්ම තමා මේ. මේවායින්ලු දත්වල තදට බැඳිලා තියෙන මැලියම් ඉවත් කරන්නෙ. මේවා හුස්ම ගන්නකොට ශරීරගත උනොත් පෙනහළු සම්බන්ධ ලෙඩ රෝග ඇතිවීමටත්, ගිලුනොත් ලේ වහනයවීම් සිදුවීමටත් ඉඩ ඇති බව කියනවා.....


    3. Titanium Dioxide

    2011420171952707.jpg


    මේවා සාමාන්‍යයෙන් තියෙන්නෙ සුදු පාට තීන්තවල වුවත් මේකත් තවත් එක දත් බෙහෙත්වල අඩංගු අමුද්‍රව්‍යයක්. ඉතින් මේවා දත් බෙහෙත්වලට එකතු කළාම අර වලින් බිත්තිවලට ඇතිවෙන ආරක්ෂාව වගේම දත් වලටත් ලස්සනට සුදුපාටට තියෙන්න ආරක්ෂාවක් ලබාදෙනවා....ටික වෙලාවක් යනකම්වත්.... මේවා ශරීරගත වීමෙන් හානියක් නොවුනත් කන්න කියල රෙකමදාරු කරන්නත් බෑ....


    2. Saccharin

    sweet2.gif


    අර සෝදනකාරකවල තියෙන එපා කරපු රසය යන්නත් මොනව හරි තියෙන්න ඕනනෙ... සැකරින් පැණි රස උනාට ඒකෙ තදබල පැණි රසයකුත් නැහැ. හරියටම දත් බෙහෙත්වල තියෙනවට මිනිස්සු ආස ගාණ. මේවා නම් ගිලුනට අවුලක් නැතිලු....


    1. Menthol

    menthol-bold-crystal.jpg

    
    මේකත් ඔබේ ප්‍රශ්වාස වායුවට මින්ට් සුවඳක් එක්කරන්නක්. මේවාත් ශරීගත උනාට ප්‍රශ්නයක් නැතිලු​

    උපුටාගැනීමකි
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    එළකිරි වාසී දත් නොමදින ජනතාවටත්
    දේශීය ක්‍රමයට අඟුරු භාවිතා කර දත් මදින ජනතාවටත් මෙය අදාල නොවන බව කරුණාවෙන් සලකන්න
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එළකිරි වාසී දත් නොමදින ජනතාවටත්
    දේශීය ක්‍රමයට අඟුරු භාවිතා කර දත් මදින ජනතාවටත් මෙය අදාල නොවන බව කරුණාවෙන් සලකන්න
    :rofl::rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වටිනා ලිපියක් අදය් මේවා ගැන දැන ගත්තේ.අපේ පොඩි එකා ගිලිනවා බන් මේවා.:confused: