හික්කඩුවේ මුදු වෙරළේ

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    හික්කඩුවේ මුදු වෙරළේ

    හික්කඩුවේ මුදු වෙරළේ - Fascinating Hikkaduwa Beach....

    New%2BBeach%2BPix%2B064%2Bhd.jpg
    ලංකාවේ හතරදිග් බාගයේම ඇති සුන්දර ස්ථාන ගැන ලිපි ගණනාවක් ලියූ මම, මා උපන් හික්කඩුවේ රන් වෙරළත් එහි සොබා සුන්දරත්වයත් ගැන මෙතෙක් කිසිවක් නොලීවේ මන්දැයි මටම ගැටලුවකි. සමහර විට නිතර දකින කුකුළාගේ කරමලය සුදු නිසා වන්නට පුළුවන.
    හික්කඩුව මුහුදු තීරයේ පිහිටි සුවිශේෂ කොරල් පද්ධතියත්, ඒ ආශ්‍රිතව වාර්තා වන දුර්ලභ ජීව ‍විශේෂ සංඛ්‍යාව හේතුවෙනුත් 1979 වර්ෂයේ මෙම ප්‍රදේශය සාමුද්‍රික අභය භූමියක් ලෙස නම් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ නම් කෙරුණු ප්‍රථම සාමුද්‍රික අභය භූමියයි. ඉන් අනතුරුව 2002 වර්ෂයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද්දේ ලංකාවේ දෙවන සාගරික ජාතික උද්‍යානය‍ වශයෙනි.

    New%2BBeach%2BPix%2B002.jpg

    මුදු රළ සහිත වෙරළ​
    එදා පටන්ම හික්කඩුව ප්‍රකට එහි අනගිභවනීය කොරල් පද්ධතිය නිසාය. කොරල් වර්ධනයට ඉතා හිතකර නොගැඹුරු, රළ අඩු, ප්‍රශස්ත උෂ්ණත්වයක් සහිත මුහුදු තීරයක් පිහිටා තිබීමත් කොරල් බුහුබාවන්ට අවශ්‍ය ආහාර නොඅඩුව තිබීමත් නිසා (කොරල් පර නිර්මාණය වන්නේ කොරල් බුහුබාවා (Polyp) නම් ජීවියාගේ විශාල එකතුවකිනි. උන්ගේ කැල්සියම් කාබනේට් වලින් නිර්මිත බාහිර කවචය මගින් කොරල් පර නිර්මාණය වේ. මෙය වසර දහස් ගණනක ක්‍රියාවලියක ප්‍රතිඵලයකි) හික්කඩුව අවට මුහුදු තීරයේ අපූරු කොරල් පද්ධතියක් බිහිව තිබුණි.
    New%2BBeach%2BPix%2B007.jpg

    කොරල්...​

    1997-98 වර්ෂ වල බලපෑ එල්-නිනෝ සංසිද්ධියත්, 2004 සුනාමි ව්‍යසනයත්, තවත් බොහෝ මිනිස් ක්‍රියාකාරකම් නිසාත් දැන් හික්කඩුවේ කොරල් පර වෙනදා තරම් සුන්දර නැත. තිබෙන ඒවා මියගොස් තිබෙන නිසා සුදු පැහැයට හැරී ඇත. නමුත් අදටත් හික්කඩුවේ ජීවනාලිය මේ සුන්දර වෙරළ තීරයයි.
    එහි උණුසුම් සුව විඳින්නට ලෝකයේ හතරදිග් බාගයෙන්ම සංචාරකයෝ ඇදී එති. මේ දින වල පැමි‍ණෙන සංචාරකයන්ගේ ප්‍රධානතම ආකර්ෂණයක් වන්නේ හික්කඩුව 'ඡායා ට්‍රාන්ස්' හෝටලය පිටුපස වෙරළට ඇදී එන කැස්බෑවුන්ය. මුලදී දක්නට හිටියේ විශාල වැඩිහිටි කැස්බෑවුන් දෙදෙනෙක් පමණක් වුවත් දැන් පැටවුන්ද සමග එතැන කැස්බෑවුන් පස්දෙනෙකු දක්නට ඇත.
    Beach%2B007.jpg

    කැස්බෑවුන් වට කර....​
    උන් එතන රැඳී සිටින්නේ සංචාරකයන් අතින් දෙන මුහුදු පැළෑටි කන්නටය. මුහුදු පැළෑටි ගලවා ෂොපිං බෑග් වලට දමා කැස්බෑවුන්ට කවන්නට විකුණන උදවියද දැන් ඒ අවට දක්නට ලැබේ.

    Beach%2B011.jpg

    කැස්බෑවා සමග විනෝද වන විදේශීය දරුවන්..

    Beach%2B013.jpg

    කැස්බෑවුන්...

    Beach%2B019.jpg

    මුහුදු පැළෑටි කවමින්...

    New%2B066.jpg

    මුදු වෙරළේ සුන්දරත්වය විඳින විදෙස් නෙත්..

    New%2BBeach%2BPix%2B012.jpg

    තවමත් සජීවි වෙරළ...

    New%2BBeach%2BPix%2B013.jpg

    කකුළුවා...

    New%2BBeach%2BPix%2B017.jpg

    කවචධාරීන්..

    New%2BBeach%2BPix%2B019.jpg

    කවචධාරීන්...

    New%2BBeach%2BPix%2B032.jpg

    රතු, දුඹුරු ඇල්ගී හා තවත් මුහුදු පැළෑටි​
    සංචාරක ව්‍යාපාරය මෙහි ආර්ථිකයට පණ පොවන මූලික සංරචකය වුවත් ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික ගැටළු වලින්ද හික්කඩුවට අඩුවක් නැත. මත් ද්‍රව්‍ය, ගණිකා ව්‍යාපාරය වැනි සමාජ පිළිල (Social Stigma) අද‍ටත් හික්කඩුවට වද දෙන ගැටළුය.
    කෙසේ නමුත් වාර්ෂිකව හික්කඩුව වෙරළේ සංවිධානය වන 'හික්කා' ප්‍රසංගය වරක් ආන්දෝලනයකට තුඩු දුන්නේය. කුප්‍රකට 'දිවයින' පුවත්පතෙහි 'ජඩ මාධ්‍යවේදියෙක්' ඩුබායි හි පැවති වෙරළ සාදයක නිරුවත් ඡායාරූප හික්කා 2009 සැණකෙළියේ ඡායාරූප බව දක්වමින් ලියූ පුවත් පත් වාර්තාවක් නිසා අපටද රෙද්දක් ඇඳ ගෙන කාර්යාලයට යන්නට බැරි තත්ත්වයක් උදා විය. වාසනාවකට පසුව සත්‍යය හෙළිදරව් වුණේය.
    හික්කඩුවේ සොබා සුන්දරත්වය තව වැඩි කලක් මේ විදියටවත් පවතින එකක් නැත. දැනටත් හික්කඩුව වෙරළේ දියනෑම කටුක අත්දැකීමකි. ඒ මුුහුදු ජලයෙන් හමන අධික ඉන්ධන ගන්ධය නිසාය. වෙරළ තීරය ආසන්නයේම ධාවනය වන වීදුරු පතුල් බෝට්ටුවලින් නික්මෙන ඉන්ධන ඊට හේතුවය. ඊට අමතරව අසංවර සංචාරකයන්, ඇතැම් හෝටල් හිමියන් බැහැර ලන අපද්‍රව්‍යද වෙරළට වින කටියි.
    වෙනදා වගේ 'සුද්දන්' ද දැන් හික්කඩුවට එන්නේ අඩුවෙනි. බහුතරයක් එන්නේ ආතක් පාතක් නැති හිඟන සංචාරකයන්ය. හික්කඩුව නගරය ආසන්නයේම දූවිලි වැකුණු කුණු කාණුවක් අසබඩ කුඩා දරුවෙක් හිඳුවා පත්තර කොළයක එතූ ආප්ප ඔහුට කවමින් තමන් ද කන සංචාරක යුවළක් දෑසින් දුටුවෙමි. හික්කඩුව පොළ සංචාරකයන්ගෙන් පිරී පවතී. වෙනදාට ඔවුන් එන්නේ පොළේ රවුමක් ඇවිද ඡායාරූපයක් දෙකක් අරං යන්නටය. දැන් නම් එන්නේ තක්කාලි දෙසිය පනහක්, ගෝවා ගෙඩියක් අර ගෙන ගොස් නවාතැන් ගෙන සිටින තැනක උයාගෙන කන්නටය. ඔවුන් අවන්හල් වලින් ආහාර නොගන්නා තරම්ය. මාළු වෙළඳසැලේ අඩුවට මාළු ඉල්ලා බහින්බස් වුණු 'සුද්දෙක්' හට කරුණු පැහැදිලි කර දෙන්නට මටද මැදිහත් වන්නට සිද්දවිය. වෙළෙන්දා ඔහුටත් මටත් දෙදෙනාටම මාළු දුන්නේ එකම මිළට බව මා කියන තෙක් ඔහු වෙළෙන්දාට බැණ වැදුණේය. මේවා අපේ උන්ගෙත් වැරදිය. බොහෝ උන් සුද්දෙක් දැක්කොත් උත්සාහ කරන්නේ උගේ රීරි මාංස හූරා ගෙන කන්නටය. මේවා ගැන අත්දැකීම් ඇති සුද්දෝ දැන් නියම ගණන කිව්වද පිළිගන්න‍ේ නැත.
    මේ මොන ගැටළු මැද වුවත් හික්කඩුව වෙරළ වයසට ගියත් තවම රූ සිරියෙන් බබළන පරණ නිළියක් මෙන් සුන්දරත්වය යම්තාක් දුරට රැක‍ගෙන සිටී. ඒ නිසාම සංචාරකයන් තාමත් ඇයට ආදරේය.


    මේ සියලු තොරතුරු හා ඡායාරූප මගේ බ්ලොග් අඩවිය වන http://sobaroo.blogspot.com/ වෙතිනි. මෙම අඩවියේ ඇති සියලුම ඡායාරූප මා විසින් ගන්නා ලද ඒවාය. මෙසේ ලිවීමෙන් මා ලබන එකම දෙය ආත්ම තෘප්තිය පමණි. එබැවින් මෙහි එන ඕනෑම විස්තරයක්, ඡායාරූපයක් යම් අවශ්‍යතාවයක් වෙනුවෙන් උප‍ුටා ගත්තාට මගේ කිසිම අමනාපයක් නැත. සැබවින්ම එය මගේ ඉමහත් ප්‍රීතියටද හේතුවකි. නමුත් උපුටාගත් තැන සදහන් කිරීමට හා ඡායාරූප වල හංවඩුව ඉවත් නොකිරීමට කාරුණික වන්න.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උබද ඔය බොලොක් එක කරන්නේ.....මාස ගානකට කලින් කියේවුවා.....එළකිරි මචං......
    බෙදාගත්තාට ස්තුති මචං........

    You must spread some Reputation around before giving it to leodilshan again.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩො...එලස්
    ලස්සනයි..
    දිගටම කරගෙන පලයන්..

    උඹේ බ්ලොග් එක උඩින් පල්ලෙන් බැලුව හදිස්සියට..මෙන්න මේක දැක්ක අහම්ඹෙන්

    --යම් අයෙකු කිසියම් උවමනාවකට ඡායාරූපයක් උපුටා ගත්තාට මගේ කිසිම අමනාපයක් නැත. ඇත්ත වශයෙන්ම එය මගේ මහත් සතුටටද හේතු වෙයි. --

    පට්ට බන්..
    +13 රෙප්
     
    Last edited:

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    හිතවත් මිතුරනි....
    නුඹලා දුන් ධෛර්යයට බොහෝ පිං