මේ මනුස්සය කෙරුවෙ හොඳ දෙයක්. මාත් ලෙකුවට නැතත් ඇහැට පේන්ඩ අවශ්‍යතාවයක් තියෙන අයට උදව් කරනව.
නමුත් අපේ සමහර හොර යක්කු දාන මරිසි දැක්කම අසරනයෙකුටත් උදව් කරන්ඩ දෙපාරක් හිතන්ඩ වෙනව.
දවසක් මම ෆාමසියෙන් ඛේත් ගන්ඩ ගිහින් ඉන්නකොට අව්රුදු 50ක විතර ගෑනු කෙනෙක් ඇවිත් ෆාමසියෙ කොල්ලට ඛේත් ලිස්ට් එකක් පෙන්නල මේකෙන් මාසෙකට ඛේත් වලට කීයක් යයිද කියල ඇහුව. ඌ කිව්ව රුපියල් 4250ක් කියල ඊට පස්සෙ ඒ ගෑනු කෙනා කව්න්ටරෙන් එහාට ඇවිත්පර්ස් එක ඇරල බලං ඉඳල අඩ අඩ ඉඳල පස්සෙ අරූ ගාවට ඇවිත් කිව්ව දවස් දෙකකට ඇතිවෙන්ඩ දෙන්ඩ කියල. පස්සෙ මම අරූට කිව්ව මාසෙකටම දාන්ඩ මම සල්ලි දෙන්නං කියල. පස්සෙ මම අර ගෑනු කෙනාට ඒක දුන්නම නොසෑහෙන්ඩ පිං දීල අරං ගියා.
පස්සෙ ෆාමසියෙ හිටපු කෙල්ලෙක් මට කතා කරල කිව්ව අයියත් අහු උනා නේ කියල. මම ඇහුව ඇයි කියල. කෙල්ල කිව්ව ඔ් ගෑනු කෙනා ගෙදරක වැඩ කරන ගෑනු කෙනෙක් ගෙදර මිniහට ඩයබිටික්වලට දෙන ඛේත් කෝස් එකක් හැම මාසෙම ලිස්ට් එක දීල මේ ගෑනිව එවනවලු ගන්ඩ. මේකි කරන්නෙ ළමයට දෙන ඛේත් කියල වටේ අයට ඇහෙන්ඩ කියල අර වගේ මරිසි දාල කාගෙන් හරි ගානක් කඩාගෙන අර මිනිහ ඛේත් ගන්ඩ දෙන සල්ලි මාටිය ගහන එකලු. එවෙලෙ හිතුන අරකිගෙ දත් සැට් එක බඩට යවන්ඩ. මම ඇහුව ඇයි කලින් කිව්වෙ නැත්තෙ කියල. එහෙම කිව්වනං අර කෙල්ලො කොල්ලො වැඩ ඇරිල යද්දි මිනිස්සු ඉස්සරහ කුනුහරුපෙන් බනිනවලු. කෙල්ලොන්ට බනින්නෙ ඒ ගෑනිගෙ කොල්ල අල්ලගත්ත කියලලු කොල්ලන්ට බනින්නෙ කෙල්ලව අල්ලගත්ත කියලලු.
රතු පාටින් දාන්න එපා බන් කියවනකොට ඇහැට හරි අමාරුයි






