හිතේ තදින්ම ඇදුනු මතකයන්..!

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    උබලට තියෙනවද හිතේ තදින්ම ඇදුනු මතකයන් මට නම් ගොඩක් තියෙනවා, එක එක අවස්ථාවන් වලට මතක් වෙන ඒවා... ගොඩක් ඒවා හරිම සංවේදී දැනීමක් හිතට එන ඒවා...

    මම එකක් දාන්නම්..

    01. මේක මම ඉස්කෝලේ යන කාලේ උන දෙයක්.. මට අවුරුදු 8 දී විතර ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා අනුරාධපුර,පොලොන්නරුව අපේ අම්මයි තාත්තයි දෙන්නයි ත් ටීචර් නිසා මමත් ගියා...ඔන්න ඉතින් ට්‍රිප් එකේ දෙවෙනි දවසේ වගේ...හවස නවාතැනට ඇවිත් නලා කළා ආයෙම ළමයි ටිකත් එක්ක ලග පයින් යන්න පුළුවන් දුර තියෙන තැන් බලන්න යන්න පිටත් උනා ලොකු ස්තුප...හදුන්කුරු සුවද... පුජා භුමි වල තියෙන මිරිස් දාපු අබ පේර ලස්සන සෙල්ලම් බඩු වෙනම ලෝකෙකකට එක්කගෙන ගියා කිව්වොත් හරි...ඉතින් ඔහොම ඇවිදලා එන්න අපහු නවාතැනට එන්න පිටත් වෙන්න බොරළු පාරකට ගොඩ උනා.. කකුලේ ගල් ඇනෙන්න ගත්ත එතකොට තමයි මතක් උනේ සෙරප්පු දෙක ස්ථුපයක් ලග ගැලෙව්වා නේද කියල..දැන් පැයක් දෙකක් ඇවිදලා සෙරප්පු දෙක නැතුව.. මම තාත්ත ලගට ගිහින් කිව්වා සෙරප්පු දෙක අමතක උනා අපහු ගිහින් ගේන්නද කියලා... ගේන්නද කියලා ඇහුවට මට තනියම අපහු ගිහින් එන්න තරම් පාරවල් මතක තිබ්බේ නැ.. තාත්තා කිව්වා ඕනේ නැ අපි වෙන දෙකක් ගමු කියලා.. එත් මගේ හිතට දුකයි අලුත්ම සෙරප්පු දෙක ට්‍රිප් එක යන්නමයි ගත්තේ... තාමත් මතකයි කොළ පාට සෙරප්පු දෙකේ කළු ඉරි තිබ්බා... මට තත්තා එපා කිව්වට යන්නමයි හිත අපි ඉදපු තැන ඉදලා බැලුවම ඇතින් පේනවා ස්ථුපයක් එක ලග තමයි ගැලෙව්වේ තැනිතලා බිම නිසා ගොඩක් දුර උනත් එක දිගට පේනවනේ...පේන දුර තියෙන සෙරප්පු දෙක දාලා එන්න මට දුකයි එත් කරන්න දෙයක් නැති නිසා අවා මම අම්ම එක්කත් අක්කා එක්කත් කිව්වා ඒ අයට නම් ගානක් තිබ්බේ නැ...මම ලෝබ මනුස්සයෙක් නෙමෙයි අනික අපිට ෂොප් එකක් තිබ්බ එකෙන් සෙරප්පු දෙකක් ගන්නවා කියන එක හිතන්නවත් දෙයක් නෙමෙයි.. වෙන වෙන දේවල් වලට සල්ලි නාස්ති කරන මට පන්තියේ ලමයිට කෑම අරන් දෙන්න ඒ දවල් වල උනත් දාස් ගණන් වියදම් කරන්න මට සල්ලි තිබ්බ,එත් අදටත් මට අර කොළ පාට සෙරප්පු දෙක මතක් වෙනවා...! ඔය සිද්දිය වෙලා දැන් අවුරුදු 20 විතර කිට්ටු වෙනවා එත් මගේ හිත ඇතුලේ ඕක තියෙනවා...