ආත්ම ඝාතක චීවරධාරියාගේ මළ සිරුර විකුණා කෑමට නොහැකි වීමෙන් සිංහල රාවයේ ශ්‍රමණවේශධාරීහු කුපිත වෙති-------
(ලංකා ඊ නිව්ස් -2013.මැයි.26, ප.ව.3.30) ප්රභාකරන් පන්නයේ නීති විරෝධී බෞද්ධ විරෝධී ආත්ම ඝාතනයේ යෙදීමට බෝවත්තේ ඉන්ද්‍රරතන චීවරධාරියාට අනුබල දුන් සිංහල රාවයේ අන්තවාදී ශ්‍රමණවේශධාරීන් ඉන්ද්‍රරතනගේ මළ සිරුර විකුණාගෙන කෑමට කරන ලද උත්සාහය අසාර්ථක වී තිබේ.
සිය දිවි නසා ගැනීමට සිරුරට ගිනිතබා ගැනීම නිසා වූ පිලිස්සුම් තුවාල වලින් ඊයේ රාත්‍රියේ මිය ගිය චීවරධාරී ඉන්ද්‍රරතනගේ මළ සිරුර කොළඹ ජයරත්න මල් ශාලාවේ තබා තිබූ අතර හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න ඇතුලූ අන්තවාදී සිංහල රාවයේ පිරිස මොහු ජාතික වීරයෙක් ලෙස උලූප්පා අවමංගල උත්සවයක් නිදහස් චතුරස්රයේ පැවැත්වීමට අවසර ඉල්ලා තිබිණ.
ආණ්ඩුව ඊට විරුද්ධ වී ඇති අතර ඉන්ද්‍රරතනගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි රත්නපුර කහවත්ත පන්සලට පොලිසියේ ආරක්ෂාව සහිතව යවා තිබේ. පොලිසිය මේ සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන තිබින.
මීට එරෙහිවූ සිය දිවි නසා ගැනීම් වලට අනුබල දෙන අක්මීමන දයාරත්න ඇතුළු අන්තවාදී චීවරධාරීන් සුළු පිරිසක් මළ සිරුර ඉල්ලා පෙළපාලියකින් අරලියගහ මන්දිරයට යෑමට උත්සාහ කළ අතර කොල්ලූපිටියේ දී පාර වැසූ පොලිසිය පිරිස විසිරුවා හැරියේය.
මෙහිදී අන්තවාදී චීවරධාරීන් 10 දෙනෙක් පමණ ප්‍රචන්ඩකාරී ලෙස හැසිරී පොලිසිය දෙසට ගල් මුල් ගැසූහ. පසුව ඔව්හු පාරේ වාඩි වී සත්‍යක්‍රියාවක් ඇරඹූහ. කොල්ලූපිටියේ නාගරික වෙළඳ පොලේ තිබූ මස් අලෙවි කරන කඩයක් කැඩීමටද භික්ෂු පිරිසක් උත්සාහ කර ඇති අතර පොලිසිය එය වළක්වා තිබේ.
අක්මීමන දයාරතන ඉහල පොලිස් නිලධාරීන් සමග ගැටුමේදී මහනුවර පමණක් නොව අනුරාධපුරය ඇතුළු බෞද්ධ පූජා භූමි තුල තවත් චීවරධාරීන් හතර පස් දෙනෙක් ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කර තිබේ.
මීට ඉහත ගුවන් විදුලි නාලිකාවකට ප්‍රකාශයක් කරමින්ද අක්මීමන දයාරත්න මෙවැනිම කතාවක් කීවේය. මේ අනුව බෝවත්තේ ඉන්ද්‍රරතනගේ සිය දිවි නසා ගැනීමට අනුබල දීම ගැන අක්මීමන දයාරතන වගකිව යුතුය. පොලිසිය සමග ගැටුමේදී පුලියද්දේ සුධම්ම නමැති චීවරධාරියෙක්ද ගිනි තබා ගන්නා බවට තර්ජනය කළේය.
මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ බොරැල්ලේ ජයරත්න මල් ශාලාව අසලදී අන්තවාදී ශ්‍රමණවේශධාරීන් මළ සිරුර ඉල්ලා පොර කෑ අන්දමයි.
විදුලි බිල් එකට එකක් වැඩි කරමින් මැදමූලන කකුල් දෙකේ හරක් විසින් ජනතාව මරාගෙන කද්දී ඇස් කන් පියාගෙන සිටින අන්තවාදී චීවරධාරීන් සිව්පා හරක් මැරීමට පමණක් විරුද්ධ වෙනවා යි පවසමින් තම දේශපාලන බඩවියත රැක ගැනීමට බෞද්ධ විරෝධී සිය දිවි නසා ගැනීමේ සංස්කෘතියක් කරළියට ගෙන ඒම ගැන සැබෑ බෞද්ධ ජනතාව දැඩි පිලිකුලින් කතා කරති.
මහා නායක හිමිවරුන් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර බුදු රජාණන් වහන්සේගේ දර්ශනයට අපහාස කරන සිය දිවි නසා ගැනීමට උඩ ගෙඩි දෙන මෙම අන්තවාදී ශ්‍රමණවේශධාරීන් ඉන් මුදවා යහපත් මාර්ගයට ගෙන ආ යුතු යැයි ද සැබෑ බෞද්ධ ජනතාව කියති.
සේයාරූ -ඩේලි මිරර්