හෝටල් කාමර වලට යන අයට

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    machan rooms dena than wala (relax on, city hotel wage) boy gei, girl gei Id check karanawada, details liya gannawada ? :angry:
    day time room dena un liya gannawa dennagema..naththam police aawoth unta case..honda place ekak nam awulak na..naththam pelak un kellage details balala follow karanawa..gemak denna puluwanda balanna....:baffled::baffled: place eka safe nam oowa awulak na..:)
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    day time room dena un liya gannawa dennagema..naththam police aawoth unta case..honda place ekak nam awulak na..naththam pelak un kellage details balala follow karanawa..gemak denna puluwanda balanna....:baffled::baffled: place eka safe nam oowa awulak na..:)

    thanks machan, room walata ena ayage details masekata sarayak police walata denawa keyalath keyanawa. kellage details (id card) check nokarana rooms dena thanak danna wanam kiyanna
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    thanks machan, room walata ena ayage details masekata sarayak police walata denawa keyalath keyanawa. kellage details (id card) check nokarana rooms dena thanak danna wanam kiyanna

    :shocked: pissuda ban ohoma scene naha... ehema nam hari shook ekata thiyei lol :baffled: Mama ubata danna places PM karannam. :cool:

    Tourist board approved ewata yanna ewage kisima aulak naha.

    Code:
    http://www.srilanka.travel/index.php?route=travel/tostay&hotel_type=5&hotel_district=Colombo&hotel_grade=
     
    Last edited:
    • Like
    Reactions: dj_ishan

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    :shocked: pissuda ban ohoma scene naha... ehema nam hari shook ekata thiyei lol :baffled: Mama ubata danna places PM karannam. :cool:

    Tourist board approved ewata yanna ewage kisima aulak naha.

    Code:
    http://www.srilanka.travel/index.php?route=travel/tostay&hotel_type=5&hotel_district=Colombo&hotel_grade=

    thanks machan information walata
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඔන්න මාත් දන්න ටිකක් දාන්නම් මේ ගැන.

    ඇතුල් වීම :
    සාමාන්‍ය විදියට ඇතුලට ඇවිත් රිසෙප්ෂන් එකෙන් යතුර ඉල්ල ගන්න ( කලින් බුක් කරලා නම් ). නැත්නම් එවෙලේ බුකින් එක දාලා, ඇඩ්වාන්ස් එකක් හරි ඩිපොසිට් එකක් හරි දීලා යතුර(හෝ කී කාඩ් එක) ඉල්ල ගන්න. මුලින්ම රූම් එකට යනකොට සර්වන්ට් කෙනෙක් උදවු කරනවා. ඕන නම් ඒක එපා කියන්න පුළුවන්. සර්වන්ට් කෙනෙක් එනවා නම් පොඩි ගානක්( රු 100 සිට ඉහලට ) බුවාට දෙන්න රූම් එකට ආවට පස්සේ.

    කී කාඩ් :
    මතක තියාගන්න සමහර හොටෙල් වල ලිෆ්ට් එකේ යන්නත් කී කාඩ් එක ඕනේ. රූම් එකට ආවම දොර ලඟට කී කාඩ් එක ලං කලාම දොර අන්ලොක් වෙනවා. ඇතුලට ගිහින් දොර ලඟම තියෙන කාඩ් හොල්ඩර් එකට ඒක දාන්න. එතකොට තමා කරන්ට් එක ලැබෙන්නේ. රූම් එකෙන් යනකොටත් එහෙමයි. ලයිට්, ටීවි නිමන්න කරදර වෙන්න ඕන නෑ. කී කාඩ් එක හෝල්ඩර් එකෙන් ගත්තම ටික වෙලාවකින් කරන්ට් එක නැති වෙනවා.
    වැරදිලා හරි කාඩ් එක වැඩ නොකලොත්(මැග්නට් වලට එහෙම අහු උනොත් වැඩ නැතුව යනවා සමහර වෙලාවට) ඒක රිසෙප්ෂන් එකට දීලා අලුත් කර ගන්න.

    රූම් එක ඇතුල :
    මචං, සාමාන්‍යයෙන් Star හොටෙල් එකක, රූම් එකේ, මේසෙ උඩ තියෙනවා ෆයිල් එකක්( හෝ මෙනු එකක් වගේ එකක්). ඒක ඇතුලේ තියෙනවා එක එක අයිටම් වලට චාර්ජ් වෙන විදිය. ගියපු ගමන් ඒක බලපන්. අනික, මිනි බාර්(රූම් එක ඇතුලේ තියෙන ෆ්‍රිජ්) එකේ තියෙන අයිටම් වල ගනනුත්, අර කිවුව ෆයිල් එකේ හරි, මිනි බාර් එක උඩ හරි තියෙනවා. සමහර හොටෙල් වල ඔය අයිටම් වලට සාධාරණ මුදලක් ගන්නවා. සමහර ඒවයේ ගාන වැඩි. මගේ වයිෆ් නම් අනිවා කොහේ ගියන් මිනි බාර් එකේ තියෙන ප්‍රින්ගල්ස් එක කනවා :D.

    තේ, කෝපි, කිරි හදා ගන්න පුළුවන් කැමති විදියකට... සීනි පැකට්, තේ පැකට් මදි උනොත් කෝල් එකක් දීලා ගෙන්න ගන්න සල්ලි ගන්නේ නෑ. තව, ඕන නම් බ්‍රෂ්, ටූත්පේස්ට්, ෂැමපූ, මොයිස්චරයිසර්, රේසර් වගේ දේවල් ඉල්ල ගන්න පුළුවන්. මේ ගොඩක් ඒවට අමතර අය කිරීමක් නෑ. මම නම් මේවා කවදාවත් අරන් යන්නේ නෑ :D එතනින් ගන්නවා. ෂුවර් නැත්නම් ඕන වෙලාවක අහපන් මේවා කම්ප්ලිමෙන්ට්‍රි(complimentary) ද කියලා. බය වෙන්න එපා ඕන දෙයක් අහන්න කෝල් කරලා.
    රූම් සර්විස් උදේට එනවා ( ඕන නම් කැමති වෙලාවක ගෙන්න ගන්න පුළුවන් ). වතුර බොතල් දෙකක් බොහෝවිට දෙනවා. මම නම් ෂේප් එකේ තව දෙකක් විතර ඉල්ල ගන්නවා :D. මොකද මිනි බාර් එකේ තියෙන වතුර වලට අය කරනවා.
    ඒ/සී එකත් රෑට නිදා ගන්නකොට අඩු කර ගන්න. නැත්නම් හීතලට වඩා ඇඟ වේලෙනවා නැති වෙන්න. හොඳට වතුර බොන්න වැඩිපුර එක්ක.
    බාත් ටබ් එකක් තියෙනවා නම් මතක ඇතුව රස්නෙට වතුර පුරවලා, ෂවර් ජෙල් ටිකක් දාලා(සබන් නම් දාන්න එපා) පෙණ ටිකක් හදා ගෙන, පැයක් විතර රිලැක්ස් එකේ බැහැලා ඉන්න. බියර් හරි වයින් හරි එකක් එක්ක බැස්සා නම් ආතල් ඩබල් ( තනියම කම්මැලි නම් නෝනත් කතා කර ගනින් :lol: ).

    පූල් එක:
    ගොඩක් වෙලාවට ෆුල් බෝඩ් නම්, පූල් ඇක්සස් ලැබෙනවා නොමිලේ. හැබැයි, වෙලාවක් තියෙනවා යන්න පුළුවන්. සමහර හොටෙල් වල ගොඩක් රෑ වෙලා පූල් බහින්න දෙන්නේ නෑ, සමහර පූල් වල සෙල්ලම් කරන්න බෑ. පූල් එක ලඟ තොරතුරු තියෙනවා ඒ ගැන. බහින්න කලින් කියවන්න. අනික පූල් බහිනවා නම්, ඒකට සුදුසු ඇඳුමක් ඇඳන් බහින්න. මතක ඇතුව එලියේ තියෙන ටැප් එකෙන් පොඩ්ඩක් නා ගන්න පූල් එකට බහින් කලින්. තව, පූල් එකේ මුත්‍රා කරන්න එපා.. සමහර පූල් වල කෙමිකල් එකක් තියෙනවා මුත්‍රා කරපු ගමන් වතුරේ පාට වෙනස් වෙන්න.

    බුෆේ :
    බුෆේ එක තියෙන වෙලාවක් තියෙනවා. පුළුවන් තරම කලින් බුෆේ එකට යන්න බලන්න. පරක්කු වෙනකොට සමහර කෑම මිස් වෙන්න පුළුවන්. කෑම බෙදා ගන්නකොට තමන්ගේ හැඳි, ගෑරුප්පු, සයිඩ් ඩිෂ් එක හරියට බලලා ගන්න. වැරදිලා අනුන්ගේ ඒවා අදින්න යන්න එපා. මුලින් සුප් සහ සැලඩ් වර්ග ගන්න.
    ඒක කාලා ඉවර වෙලා, ප්‍රධාන මෙනු එකට යන්න. ඕන නම් පලතුරු යුෂ එකකුත් කලින්ම ගෙනත් තියා ගන්න. ප්‍රධාන කෑම බුෆේ එකේ තමන්ට හරියන ප්‍රමාණයට විතරක් බෙදා ගන්න. මොකද මදි නම් ආයෙත් වෙන ප්ලේට් එකක් අරගෙන කන්න පුළුවන්. ගොඩක් හොටෙල් වල පැත්තක, එවෙලේ හදලා දෙන කෑම සෙක්ශන් එකක් තියෙනවා. ඒකටත් ගිහින් කැමති දෙයක් ඉල්ලන් කන්න පුළුවන්. මම නම් කරන්නේ අඩු ප්‍රමාණ වලින් ගොඩක් කෑම වර්ග ට්‍රයි කරලා බලන එක(මොකද ලංකාවේ අපි මල පෙරේතයි නේ :D).
    අන්තිමට ඩෙසර්ට් එක ගන්න. මතක ඇතුව ප්‍රධාන කෑම එකේදි ඩෙසර්ට් එකට බඩ ඉඩ තියාගෙන කන්න. මොකද සමහර හොටෙල් වල අතුරුපස තමා හොඳම.
    කෑම කන අතරතුරේ විනීතව හැසිරෙන්න. හැඳි, ගෑරුප්පු, සර්වියට් එක, පුටුව හරියට පාවිච්චි කරන්න.

    විනෝද :
    හොටෙල් එකේ බොහෝ විට සැටලයිට් ටීවී තියෙනවා රූම් එකේ. නමුත් ඒක බල බල ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදින්න යන්න. ගොඩක් හොටෙල් වල බයිසිකල් පදින්න, කැලෑවල ඇවිදින්න, සෙල්ලම් කරන්න එහෙම තැන් තියෙනවා. එක එක හොටෙල් වලට ආවේනික දේවල් තියෙනවා. ඒවා හොයාගෙන බලන්න.

    පිටවීම :
    චෙක් අවුට් වෙලාවක් දීලා තියෙනවා නම් ඊට කලින් පිටත් වෙන්න. මම නම් කරන්නේ, දවල්ට පැක් කරලා, රූම් එකේ පැත්තක තියලා තමා ලන්ච් එකට යන්නේ. ගොඩක් පරක්කු නම්, රිසෙප්ෂන් එකට යතුර දීලා, කියන්න චෙක් අවුට් කරලා බෑග් ටික ගේන්න කියලා. ඒවා එන අතරේ කන්න පුළුවන්. කාලා, බිල ගෙවලා, බෑග් ටිකත් අරන් මාරු වෙන්න තමා තියෙන්නේ.

    ඔන්න මතක් වෙන ටිකක් ලිවුවා. අලුත් ත්‍රෙඩ් එකකට ලියන්න දේ තියනවා නේ මෙතන. :D
     
    Last edited: