හෝ ගානා පොකුණ බලල මට ඇති වුන ප්‍රශ්න

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ටිචට රගපාන දැරිවි ගෙනම් අමුතු ගතියක් තියනවා
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උදව් කරන්න සහෝදර වරුනි ....මගේ ෆිල්ම් එකට මොකද උනේ.phon එකෙන් cut කලා .pen එකට paste කලා.දැන් film එක phon එකේ නැත .pen එකෙත් නැත. මේක අයෙත් download කරගන්නේතුව recover කරගන්න ක්‍රමයක් කියන්න පින්වතුනි
    අයියෝ හෝ ගැන පොකුණ .......අද රෑ ට බලන්න හිටියේ .
    Phone එකේ තියෙන ඒවා කවදාවත් Cut Paste කරන්න යන්න එපා බන්. ඒවා නැති වෙනවා. copy paste කරලා phone එකෙන් delete කරලා දාපන්
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    දැනටත් ඉන්නවා මුහුද දැකපු නැති ලමයි වගේම ලොකු අයත්...මේ film එක නම් හොදයි.කාලෙකට පස්සේ ආව හොද එකක්.එත් teacher ගේ ඇක්ටින්ග් වැඩි වෙලාවකට....අරගෙන ඉන්න ළමයි ටික නම් සෙට් වෙන්නේ නැ.සමහර අය ගමේ හදුනා වගේ පෙන්නේ නැ..ප්‍රධාන චරිතයක් කරන ළමයයි අර තාත්ත හිරේ ඉන්න ලමයි සෙට් වෙනවා..ළමයිගේ ඇදුම් ටික සෙට් වෙන්නේ නැ..ඒවා ටිකක් අව පැහැ උනා නම් හරි...පස්සේ මහපු ඒවා අවුලක් නැ.......
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    mama 2012 puththalame wada kala
    ehe innawa lamayi newe minissuth halawathin meha paththata apu nathi aya

    un lokaba kaluda sududa kiyalawath danne naha
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    ලංකා සිතියමේ හොයන්නවත් බැරි වලාකුළු අස්සෙ හැංගුණු අපූරු ගම--http://mawbima.lk/1-97780-news-detail.html

    තව ගමක් ගැන එක දවසක් දාල තිබ්බ .ඒ ගමට ඉර පායන්නෙ උදේ 10 ට විතර.මුළු ගමම කදු වලින් වට වෙලා.TV තියා බසිකලයක්වත් නෑ.ඒ ගමට යන පාරවල් මාර දුෂ්කරයි.කදු වලින් බැහැගෙන තමා යන්න ඕන.පුළුවන් නම් හොයාගෙන කියවපන්.

    ඒ බං... මෙකෙ දෙවනි කොටස තියෙනවද bookmark එකක් හරි දාගෙන? තියෙනවනන් දෙන්ටකො..

    මෙ කිව්ව දෙවනි ගමෙ නම මොකද්ද දන්නවද? මට දැං අවුරැදු 3කට කලින් අහන්න හම්බුනා උදෙ 10ට ඉර පායලා 5ට ඉර බහින ගමක් ගැන. ඒ කියපු කෙතත් වෙන විස්තරයක් දන්නෙ නෑ.. එදා ඉදන් ඒ ගම මොකද්ද කියලා හොයනවා.. තාම විස්තරයක් දන්නෙ නෑ..:sorry:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.

    ටීචර්ට බර වාහන ලයිසන් නෑ බන්. ඒකී කියන්නේ ඒකිට ලයිසන් තියෙනවා කියලා විතරයි. ඒකනේ පොලිසියෙන් අල්ලද්දි ලමයි ටික වටවෙලා ශේප් එක දාලා යන්නේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.

    මං හිතුවා උඹ අර තාත්තා අවුරුදු ගානක ඉඳල හිරේ ඉද්දි අම්මා කොහොමද ප්‍රෙග්නන්ට් උනේ කියල අහයි කියල.
    "හෝ ගාන පොකුණ" කතාවේ පාදම හොඳයි. ලොකූ වියදම් කරල නෑ ඒත් ලස්සනට කතාව අරන් යනව. ටීචර් ගෙ නම් රඟපෑම වැඩී ඒ නිසා ඒ චරිතේ ටිකක් අතාත්වික කරන්. අනික් ඔක්කොගෙම වගේ සුපිරි අර පොඩිම ලමය (සිරිපාලද කොහෙද කරන කතාව පොඩි උනාට ඒක සෑහෙන තාත්ත්වික විදියට කොල්ල කියනව. තාත්ත හිරේ කතාව)

    ගම් වල ඉන්නව මචන් මුහුද නොදැකපු මිනිස්සු. ලංකාවේ නෙමේ ඕන රටක එහෙම ඉන්නවා. ඔච්චර දියුණුයි කියන ද.කොරියාවෙත් ඉන්නවා තාම ඇහැට වාහනයක් නොදැකපු මුහුදක් නොදැකපු මිනිස්සු.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    'හෝ ගාන පොකුණ' ලංකාවේ නිපදවූ විශිෂ්ට ළමා චිත්‍රපටයක් කියන එක තමයි මගේ අදහස. චිත්‍රපටයක (විශේෂයෙන් ළමා චිත්‍රපටයක) හැම සිද්ධියම යථාර්තවාදී වෙන්න ඕන නෑ. චිත්‍රපටයෙන් වින්දනයක් දෙන ගමන් දෙන්න ඕන පණිවිඩය නිසි අයුරින් දෙන එක තමා වැදගත්. හෝ ගාන පොකුණ මේ අතින් සාර්ථකයි. ජයලත් මනෝරතන, ලූෂන් බුලත්සිංහල වගේ ප්‍රවීණ නලුවො එක්ක බැලුවම අනුසයා සුබසිංහගෙ රඟපෑම ඒ මට්ටමට නැති වුනත් ඒක චිත්‍රපටයට බලපෑමක් කරල නෑ. අනික මේ චිත්‍රපටයෙ අර සමහර චිත්‍රපටවල වගේ පොඩි කොල්ලො හෙලුවෙන් දුව වන්නෙ නෑ!

    මගේ මතකයට එන තවත් විශිෂ්ට ළමා චිත්‍රපටයක් තමයි 1979 දී තිරගතවූ ඒ වගේම හොඳම චිත්‍රපටයට සරසවි සම්මානය ලැබූ ටයිටස් තොටවත්තයන්ගේ 'හඳයා' චිත්‍රපටය. මේ චිත්‍රපටය ශාලාවෙ නරඹන කොට පොඩි ඒවුන් සන්තෝසෙන් cheer කරා.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    උඹ බැරිවෙලාවත් game of thrones නං බලන්න එපා :lol: :lol:
    බලල අහයි උතුරෙ කොයි හරියෙද ඔහොම තාප්ප තියෙන්නෙ ඔහොම තාප්පයක් තියෙන්න පුලුවන්ද කඩං වැටෙනවනෙ අනික ඩොත්‍රාකි උන්ට නැව් වල යන්න බැරි ඇයි නිකං හරි බෝට්ටුවක මොනවට හරි ගිහිං ඇතිනෙ මේක හෙන සත්‍යයෙන් බැහැරයි කියල :P :P
    :lol::lol::lol::lol::rofl::rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :D:D:D

    සොහොන;20050417 said:
    හෝ ගානා පොකුන - සීමා බන්ධන සහිත වුවද ආශ්වාදජනක නිර්මානයක්

    2.jpg



    සොබාදහම පිලිබඳ ලමා කුතුහලය, ඔවුන්ගේ පරිකල්පනීය සිහිනයන් සහ එම සිහිනයන් සාක්ෂාත් කර ගනුවස් වැඩිහිටියන්ගෙන් අපේක්ෂා කරන සහයෝගය පිලිබඳ නව සෞන්දර්යාත්මක ආලෝකයක් විහිදුවන, ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ හෝ ගානා පොකුන, ආශ්වාදජනක සිනමා කෘතියකි.

    ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි රටවල් කිහිපයක පැවති ජාත්‍යන්තර සිනමා උලෙල වලදී සම්මානයට පාත‍්‍රව ඇති මෙම කෘතිය, දිගු කලක් පුරා ශී‍්‍ර ලංකාවේ නොකඩවා තිරගතවීම මගින් පිලිබිඹු කෙරෙන්නේ ලමයින් මෙන්ම වැඩිහිටියන්ද එයින් මහඟු ආශ්වාදයක් ලැබූ බවයි.

    කතා සාරය

    අතිශය දුෂ්කර ගම්මානයක පිහිටි පාසැලකට තම මුල් පත්වීම ලබන ගුරුවරියක වන උමා (අනසුයා සුබසිංහ) සිය පාසලේ මුල්ගුරුවරයාගේ මෙන්ම ගම්මුන්ගේ ආචීර්න කල්පික මතවාදයන්ට එරෙහිව සටන් කරමින් කුඩා පාසැල් දරුවන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර දීමට දරන ප‍්‍රයත්නයේදී සිසුන් අතර සාධනාත්මක ජනපි‍්‍රය ගුරුවරියක ලෙස සම්මානයට පාත‍්‍ර වන්නීය.

    සම්ප‍්‍රදායික පීඩිත ගොවිකම් හැරුනු කොට ගම්බද සිසුන්ට උරුමවූ වෙනත් දිවි පෙවෙතක් නැතැයි යනාදී වූ මතවාදයන් අභියෝගයට ලක් කිරීමට ඇය කි‍්‍රයා කරන්නීය.

    සිසුන්ට අකැප තැනක් ලෙස පැවති පාසැල් සංගීත කාමරය ඔවුනගේ පි‍්‍රයතම ස්ථානයක් බවට පත් කරන ඇය සිසුන්ට සිය අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩ සලසා දීම සඳහා දිනපතා උදෑසන රැස්වීමක් සංවිධානය කරන්නීය.

    එවන් අදහස් ප‍්‍රකාශ කිරීමක ප‍්‍රතිඵලයක් ලෙස සිසුන් අතර මුහුද පිලිබඳ සාකච්ඡාවක් පැන නගී. පින්තූරයකින් හෝ මුහුද දැක නොතිබූ දරුවන් හට මුහුද පිලිබඳව නැගෙන කුතුහලය නිසා ඔවුනට මුහුද පෙන්වීම ඇයගේ එල්ලයක් බවට පත්වේ.
    අනතුරුව චිත‍්‍රපටය ගලා යන්නේ එම එල්ලය ජයගනුවස් ඇය සහ දරුවන් දරන ආයාසකර ප‍්‍රයත්නය සහ අවසානයේදී ඔවුන් ජය ගන්නා ආකාරය පිලිබිඹු කෙරෙන රූපරාමු පෙලක් ලෙසිනි.

    ලමුන් කෙරෙහි දක්වන සානුකම්පිකභාවය

    ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී-විප්ලවවාදියෙකු වන ලියොන් ට්‍රොට්ස්කි, තම ස්වයං-චරිතාපදානය වන ‘මගේ ජීවිතය’ කෘතියේ මෙසේ සඳහන් කරයි: ‘ජීවිතය විසින් බැට දෙනු ලබන්නේ දුබලයාට ය. ලමයෙකුට වඩා දුබල වන්නේ කවරෙකුද ?’
    ලමයින් දුබල වන්නේ ඔවුනට සෑම විටම කවරෙකු මත හෝ යැපෙන්නට සිදු වෙන බැවිනි. මෙම පරාධීනභාවය නැතහොත් දුබලබව සම්බන්ධයෙන් හෝ ගානා පොකුනේ අධ්‍යක්ෂවරයා දක්වන සානුකම්පිකත්වය ඔහුගේ කලාත්මක සංවේදීභාවය පිලිබිඹු කරයි.

    දරුවන් වැඩිහිටියන්ගෙන් අපේක්ෂා කරන ආදරය, කරුනාව, පරිකල්පනයේ නිදහස සහ අසීමිත සහාය ඉතා ආකර්ෂනීය සිද්ධි මාලාවකින් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වෙයි.
    චිත‍්‍රපටයෙන් පිලිබිඹු වන පරිදි ආන්තික ගුරු හිඟය හේතුවෙන් විෂයබද්ධ අධ්‍යාපනයෙන් වියෝ කොට ඇති එම පාසැල් දරුවන්ට පාසැලේ දී නියැලීමට සිදුව ඇත්තේ වගා කටයුතුවල පමනි. පාසැලට පැමිනෙන නවක ගුරුවරිය වන උමාට එය පාසැලක් ද යන්න පවා හඳුනා ගැනීමට නොහැකි වෙයි.

    උමා පියානෝව වාදනය කරමින්

    hopo-21a-img1.gif


    පාසැල් සංගීත කාමරයෙන් නැගෙන පියානෝවේ හඬ ගම්මානය සිසාරා යත්ම අපූර්වත්වයෙන් යුත් එම හඬට දරුවන් ඇදී යයි. සරපුවරුව මත චලනය වන ගුරුවරියගේ ඇඟිලි තුඩුවල චමත්කාරයෙන් ද, ඇගේ මධුර ගායන විලාසයෙන් ද පියානෝවෙන් මතුවන කර්න රසායන ස්වරයේ සුන්දරත්වයෙන් ද දරුවෝ වශීකෘත වෙති. එහෙත් එය තමන්ට අකැප දෙයක් යයි සිතන දරුවෝ අසරනභාවයකින් යුත් බයාදු ගතියකින් දුරස්ථව සිටිති. පේ‍්‍රක්ෂකයා තුල එම දරුවන් කෙරෙහි ඇති වන්නේ බලගතු සානුකම්පිකත්වයකි.

    ලමා චින්තනයේ නැවුම්බව

    ගමේ බස් රියැදුරා (ජයලත් මනෝරත්න) චාරිකාව සඳහා එකඟ කර ගැනීමෙන් අනතුරුව, රියැදුරු බලපත් ලබාදීම සඳහා දරුවන් විසින් ඔහුට මාර්ග සංඥා උගන්වන දර්ශනයෙන් ලමා චින්තනයේ ඇති නවමු සහ අව්‍යාජ ස්වභාවය ෆර්ඩිනැන්ඩු විසින් ඉදිරිපත් කරන්නේ සිත් කා වදින අයුරෙනි.

    චිත්‍රපටයේ එන ගමේ බස් රියැදුරා හට දරුවන් විසින් මාර්ග සංඥා පාඩම උගන්වමින්

    hopo-21a-img2.gif


    දරුවන්ගේ දඬුවම් වලට රියැදුරා අහිංසකව යටත් වීම මගින් ලමා මෙන්ම වැඩිහිටි පේ‍්‍රක්ෂකයාට සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබා දෙන අධ්‍යක්ෂවරයා, “දඬුවම” පිලිබඳව සමාජයේ පවතින ආචීර්න කල්පික අර්ථකථනයන්ට අභියෝග කරයි.
    තම අන නොතකා සංගීත කාමරයට වැදීමට මුල්වූ ශිෂ්‍යයාට මුල්ගුරුවරයා (ලූෂන් බුලත්සිංහල) දඬුවම් දෙන ආකාරය හා සංඥා පාඩමේදී ලමුන් විසින් රියදුරා හට දඬුවම් දෙන ආකාරය හාත්පසින්ම වෙනස්ය. එනම් බලය යෙදීම මගින් නොව තමන්ම වරද ඒත්තු ගැනීම මගින් දඬුවමට යටත්වීම විලක්ෂනය කිරීමෙන් නැවුම් ලමා චින්තනයේ ප‍්‍රගාමී බව ඉස්මතු කෙරෙයි.

    ගුරුවරු සහ දරුවන් අතර සබඳතාව

    විශේෂයෙන්ම දරුවන්ගේ සිතැඟි හඳුනන සහ ඒ පිලිබඳ සංවේදී ගුරුවරියක හෝ ගුරුවරයෙකු සහ දරුවන් අතර ඇතිවන සුසංවාදී සබඳතාවක පවත්නා මානුෂීය සුන්දරත්වය මතු කෙරෙමින් ගලා යන රූප රාමු පෙල විචිත‍්‍රය.
    වැඩිහිටි පේ‍්‍රක්ෂකයා තමාගේම ලමා වියට යමින් තම ආදරනීය ගුරුවරයා හෝ ගුරුවරිය පිලිබඳ මතකය මහත් ආහ්ලාදයෙන් ස්පර්ශ කරයි.

    පි‍්‍රයතම ගුරුවරිය වටා දැවටීමෙන්, ඇගේ කාන්තිමත් දෙනෙත් දෙස බලා සිටීමෙන්, ඇගේ මධුර ගායනයට අත්වැල් ඇල්ලීමෙන් සහ, සමහරවිට ඇය කායිකව ස්පර්ශ කිරීමෙන් පවා අති මහත් තෘප්තියක් ලබන දරුවන් පේ‍්‍රක්ෂාගාරයේ සිට, උමා තුලින් තම ගුරුවරිය දකියි. ඒ සමගම තිරයේ නිරූපිත දරුවන් සමග අනන්‍ය වෙයි.

    පවත්නා සමාජ පර්යාය තුල අනේකවිධ සමාජ-ආර්ථික ගැටලු ජාලයක වෙලී පැටලී සිටින ගුරුවරුන් සියලු දෙනාට උමා මෙන් තෘප්තියෙන් සහ උපරිම විභවයෙන් තම භූමිකාව ඉටු කිරීමට නොහැකි වුවද උමාවක වීමේ මානුෂීය පේ‍්‍රක්ෂාව ඔවුන් තුල ජනිත කරයි.

    සාමූහිකත්වය පිලිබඳ සංකල්පය

    දරුවන් සියලු දෙනා එකාවන්ව තම අරමුන ජය ගැනීමට වෙහෙසෙන අතර, අතලොස්සක් දෙනා හැරෙන්නට, ගමේ සියල්ලන්ම පාහේ උමාගේ සහ දරුවන්ගේ ප‍්‍රයත්නයට විවිධ අයුරින් උර දෙයි. සාමාජයීය ගැටලු ජය ගැනීමේදී සාමූහිකත්වය විසින් ඉටු කරන කාර්ය භාරයේ ගැඹුර කෘතිය තුලින් පේ‍්‍රක්ෂකයාට හැඟෙයි, දැනෙයි.

    තමා අත්විඳින ආන්තික පසුගාමිත්වයෙන් තම දරුවන් හෝ විමුක්ත කිරීමට බහුතරයක් ස්තී‍්‍රන් තුල පවත්නා සුවිශේෂී අභිලාශය සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වෙයි.

    උමා සහ දරුවන්ගේ උත්සාහයට අකුල් හෙලන සිය ග‍්‍රාම නිලධාරි සැමියා බිය කිරීමට, ඔහුගේ මියගිය තාත්තා ‘ආරූඪ’ වූ බවක් මවා පාමින්, ආරූඪය වැනි මිථ්‍යා විශ්වාසයන් මෙන්ම පුරුෂාධිපත්‍යය ද ප‍්‍රහසනාත්මකව අභියෝගයට ලක් කෙරෙන අයුරු නාටකීය ය.

    කාව්‍යමය රිද්මය

    සිනමා කෘතියේ චලන වේගය, එහි රූප රාමු සහ සංගීතය සුසංවාදී වෙමින් මවන කාව්‍යමය රිද්මය පේ‍්‍රක්ෂකයා ඇදබැඳ තබා ගැනීමට ඉවහල්වන තවත් ප‍්‍රබල හේතුවකි.

    දිනේෂ් සුබසිංහගේ නැවුම් සංගීතය හා “හෝ ගානා පොකුනේ”, “රෑට පේන කිරි හාවා” හා “හිත පුරාම ඩෙනා නටන” වැනි ගීතයන් මෙහිදී සැලකියයුතු කාර්යයක් ඉටු කරයි. එම සෑම ගීතයකින්ම ලමා පරිකල්පනය පුබුදු කෙරෙන අතරම ගවේෂනාත්මක අභිලාෂයන්ගේ ධාරිතාව පෘථුල කෙරෙයි.

    රෑට පේන කිරි හාවා :D



    ලමාවිය හා ජීවන ප‍්‍රමෝද්‍යය

    ඉහත සඳහන් කල ‘මගේ ජීවිතය’ කෘතියේ ලියොන් ට්‍රොට්ස්කි මෙසේ අසයි: “ලමාවිය ජීවිතයේ පී‍්‍රතිමත්ම කාලය ලෙස හඳුන්වා දෙනු ලැබේ. නමුත් එය සැම විටම සත්‍යයක්ද ?”

    ට්‍රොට්ස්කි එම ප‍්‍රශ්නයට දෙන පිලිතුර වනුයේ, “එනමුත් ආපසු හැරී බැලීමට තරම් උනන්දු වුව හොත් බහුතරයක් දකිනු ඇත්තේ මීට ප‍්‍රතිකූලවූ අඳුරු, කුසගින්නෙන් පිරි හා නිදහස නැති ලමා වියකි” යන්නයි.

    හෝ ගානා පොකුන චිත‍්‍රපටයේ එන ලමයින්ගේ ලමා විය පිලිබඳව කිව හැක්කේද එයමය.

    ඔවුන් ඉගෙනුම ලබන්නේ, නවීන පහසුකම් තබා, අත්‍යවශ්‍ය ගුරුවරුන් පවා නොමැති පාසැලකයි. ඔවුනට චාරිකාවක් යාම පවා ඉතා දුෂ්කර කාර්යයකි. එවන් ඉතා සාමාන්‍ය කර්තව්‍යයක් සාර්ථක වීමෙන් ඔවුන් ලබන බලගතු ප‍්‍රීති ප‍්‍රමෝදයෙන්මත් පෙන්නුම් කෙරෙන්නේ ඔවුනගේ ජීවිතය කෙතරම් අඳුරුද යන්නයි. ඔවුනට එම චාරිකාව දිස් වන්නේ තම අඳුරු දිවි අඹරට පතිත රිදී රේඛාවක් ලෙසිනි.

    ක්ෂුද්‍ර විප්ලව පිලිබඳ සංකල්පය

    කෙසේ නමුත්, ඉහත දැක්වූ වෛෂයික සත්‍යයන් සහ අගය කලහැකි නිර්මානාත්මක කුශලතාවන් තම ප‍්‍රථම සිනමා නිර්මානයෙන්ම ප‍්‍රකට කලද, ෆර්ඩිනැන්ඩු ගේ දෘෂ්ටිවාදාත්මක සීමා බන්ධනයන් කෘතිය තුලින්ම ප‍්‍රකාශයට පත්ව එහි කලාත්මක සත්‍යයට හානි පමුනුවයි.

    මෙම සීමා බන්ධනයන් ඉස්මත්තට පැමිනෙන්නේ උමා සහ ඇගේ පෙම්වතා අතර සම්බන්ධය ගෙනහැර පාන දර්ශන තුලිනි. ‘සමාජ විප්ලවයක්’ සඳහා තමා කැපවන බවක් උමාගේ පෙම්වතා ගේ දෙබස් තුලින් කියැවෙන අතර, ඔහුගේ දේශපාලනයට අභියෝගාත්මක අයුරින්, මහජන සුභ සිද්ධිය සඳහා පවතින ක‍්‍රමය තුලම කල හැකි බොහෝ දෑ ඇතැයි උමාගේ දෙබස් තුලින් කියැවේ.

    උමා තුලින් ප‍්‍රකාශයට පත් වන්නේ අධ්‍යක්ෂවරයාගේම දෘෂ්ටිවාදය බව ෆර්ඩිනැන්ඩු මාධ්‍යයන්ට පල කල අදහස් වලින් පැහැදිලි වෙයි. ඔහු කියා සිටින්නේ මහා විප්ලව මගින් එක රැයෙන් ක‍්‍රමය වෙනස් කරන තෙක් බලා නොසිට, තම තමන් තුල තිබෙන ශක්තිය යොදා කෙරෙන ‘ක්ෂුද්‍ර විප්ලව’ හරහා ලෝකය වෙනස් කිරීමට හැකිය යන්න මෙම චිත‍්‍රපටයෙන් ඔහු ගෙනෙන පනිවිඩය බවයි.

    ෆර්ඩිනැන්ඩු ගේ දේශපාලන අනුබන්ධනය පිලිබඳ දැන ගැනීමට නැතත් ශී‍්‍ර ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ලොවපුරා ව්‍යාජ-ව්‍යාජ වාම සංවිධාන විසින් ඔජ වඩවන ඇමරිකානු මහාචාර්යවරයකු වන ඩේවිඩ් හාවි වැන්නන්ගේ මතවාද සමඟ මෙම අදහස් සම්බන්ධිත බව පෙනේ.

    හාවි සිය “නව අධිරාජ්‍යවාදය” කෘතියේ මෙසේ සඳහන් කරයි.

    “මාක්ස්වාදයෙන් සහ කොමියුනිස්ට්වාදයෙන් දිරි ගැන්වුනු වමේ බොහෝ දෙනා අනෙකුත් අරගල බැහැර කර තැබීම සඳහා නිර්ධන පන්ති අරගලය ගැන තනිකර අවධානය යෙදීම මාරක වැරැද්දකි.”

    ෆර්ඩිනැන්ඩුගේ “ක්ෂුද්‍ර විප්ලව” සමාන කල හැක්කේ හාවි ගේ “අනෙකුත් අරගල” වලටය. සමාජයක තනි තනි පුද්ගල කි‍්‍රයාකාරිත්වය සමාජයට හිතකර ක්ෂුද්‍ර විප්ලව ලෙස හසුරුවා ගැනීම මගින් සමාජය තුල විප්ලවීය පරිවර්තනයක් ඇති කල හැකිය යන්න බැඳී ඇත්තේ ආගමික සදාචාරයද ඇතුලු ගොඩිගල් වූ විඤ්ඤානවාදය සමඟය.

    මෙම ක්ෂුද්‍ර විප්ලව න්‍යායයේ බංකොලොත්භාවය ෆර්ඩිනැන්ඩුගේ නිර්මානයෙන්මත් සනාථ වෙයි. එහි එන පාසැල් දරුවන් මුහුද දුටුවද ඔවුන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේදී මුහුන දෙන ගුරු හිඟය සහ ඌන පහසුකම් ආදී අති මූලික ගැටලු තවදුරටත් ඉතිරිව පවතිනවා පමනක් නොව, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් කි‍්‍රයාත්මක කරන කප්පාදු යටතේ වඩාත් උග‍්‍ර වෙමින් පවතී.

    ශී‍්‍ර ලංකාව වැනි පසුගාමී ධනපති රටක විප්ලවීය පරිවර්තනයක් කල හැක්කේ ගොවීන්ගේ හා දුගීන්ගේ පිටුබලය ලබන කම්කරු පන්තියට යි. සමාජ ප‍්‍රගමනයට බාධාකරමින් මඟ අහුරා සිටින ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය ප‍්‍රමුඛ පීඩිත ජනයා සංවිධානය කිරීමේ භාරදූර කර්තව්‍යය වෙනුවට තනි පුද්ගල කි‍්‍රයාකාරිත්වයන් ඊට ප‍්‍රතිමුඛ කර ඔජ වැඩවීම වනාහි ධනපති ක‍්‍රමයේ රුදුරු සූරා කෑම නිර්බාධිතව කරගෙන යාමට ඉඩ සලසමින් කම්කරු පීඩිත ජනයාගේ විප්ලවවාදී පන්ති විඤ්ඤානය මොට කර ධනපති ක‍්‍රමයේ විය ගසට ගැට ගසන්නාවූ ප‍්‍රතිගාමී කර්තව්‍යයකි.

    ඉහත දෘෂ්ටිවාදාත්මක සීමාබන්ධනයන් තිබියදී පවා හෝ ගානා පොකුන ආස්වාදජනක නිර්මානයක් බවට පත්ව ඇත්තේ ලමුන් පිලිබඳ වෛෂයික සමාජයීය සත්‍යය එයින් සෞන්දර්යාත්මකව පිලිබිඹු වන බැවිනි.


     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මං හිතුවා උඹ අර තාත්තා අවුරුදු ගානක ඉඳල හිරේ ඉද්දි අම්මා කොහොමද ප්‍රෙග්නන්ට් උනේ කියල අහයි කියල.
    "හෝ ගාන පොකුණ" කතාවේ පාදම හොඳයි. ලොකූ වියදම් කරල නෑ ඒත් ලස්සනට කතාව අරන් යනව. ටීචර් ගෙ නම් රඟපෑම වැඩී ඒ නිසා ඒ චරිතේ ටිකක් අතාත්වික කරන්. අනික් ඔක්කොගෙම වගේ සුපිරි අර පොඩිම ලමය (සිරිපාලද කොහෙද කරන කතාව පොඩි උනාට ඒක සෑහෙන තාත්ත්වික විදියට කොල්ල කියනව. තාත්ත හිරේ කතාව)

    ගම් වල ඉන්නව මචන් මුහුද නොදැකපු මිනිස්සු. ලංකාවේ නෙමේ ඕන රටක එහෙම ඉන්නවා. ඔච්චර දියුණුයි කියන ද.කොරියාවෙත් ඉන්නවා තාම ඇහැට වාහනයක් නොදැකපු මුහුදක් නොදැකපු මිනිස්සු.

    ඇයි බෝල හිරේ ඉන්නේ ගැනී නෙමේනේ ..මිනිහනේ ඉතින් ප්‍රෙග්නන්ට් වෙන එක පුදුමයක් වෙන්නේ කොහොමද වෙන එකෙක් කොට්ටක් පනින්න ඇති..
     

    herishma Pramudaya

    Active member
  • Jun 25, 2016
    155
    41
    28
    ලොල්

    එහෙම අය ඉන්නවා කියලා මම හිතනවා

    අපි මේ තත්වෙන් හිටියත්:D:D

    මේ රටෙත් ඉන්නවා දුප්පත් දුක්විදින මිනිස්සු:sorry:

    ඒ අයට අපි ශක්තියක් වෙන්න ඕන අපි

    මමත් දකිනාව හෝ ගානා පොකුනේ බොහොමයක් සිදුවීම් තාත්වික නෑ

    අපි දන්නවා ලයිසන් එකක් ගන්න විභාගය කරලා

    මාස තුනකට පස්සේ තමා ටයල් පෙන්වන්න එන්නේ

    ඉට පස්සේ තමා නියම ලයිසන් එක හම්බෙන්නේ...

    ඒත් මේ හෝ ගානා පොකුණ තියන නිර්මාණය ගොඩක් සාර්ථකයි....


    Facebook : https://www.facebook.com/Hediya1/
    Instagram : https://www.instagram.com/herishma_pramudaya
    Twitter : https://twitter.com/pramuadayalal
    Youtube : https://goo.gl/ijFuvR
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔව්මු මචං මුහුද නොදැකපු ළමයි ඉන්නවා .
    ටීචර් ට තියෙන්නේ ලයිසන් එකක් .
    බරවාහන ලයිසන් එකක් නෙමේ .
    කොතනකදී වත් කියනවද මේක බරවාහන ලයිසන් එකක් කියලා .?
    එක තැනකදී පොලිස්සියෙන් අල්ලලා ඒ ගැන ප්‍රශ්න කරනවා .
    අර ළමයි කෑ ගහල පොලිස් කාරයොත් යන්නේ දෙන්නේ .

    මේක 2006-2008 වගේ කාලවකවානුවක කතාවක් කියලා හිතන්න පුළුවන් .
    මොකද මහින්ද ආවට පස්සේ ගොඩක් සන්නිවේදනය , පාරවල් ඔය පැති වලට දීලා කොළඹයි ගම්බද ප්‍රදේශයි යා කරා . මම මේ මහින්ද ට කඩේ යනවා නෙමෙයි . හොදද . මම කිව්වූවේ ඇත්ත සත්‍ය .
    ඒ කාලේ හැටියට පත්තෙරේ කිං වත් ( මොකද ඒ ගෙවල් වලට පත්තර ගන්නෙත් නැහැ නේ ) මුහුදක් හොයා ගන්න එක අපහසුවක් වෙන්න පුළුවන් :)
    :yes::yes::yes:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    ඇයි බෝල හිරේ ඉන්නේ ගැනී නෙමේනේ ..මිනිහනේ ඉතින් ප්‍රෙග්නන්ට් වෙන එක පුදුමයක් වෙන්නේ කොහොමද වෙන එකෙක් කොට්ටක් පනින්න ඇති..


    යකො උ මරලා තමයි තාත්තා හිරෙ ගියෙ. එක්කො අතවරයක් නෑත්තමි සම්බන්ධයක් තිබිලා එහෙම හිතුනෙ නෑද්ද උඹට.