ෆයිබර් කනෙක්ෂන් අවුලක් සිංහලු

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ දැනට තියෙන්නේ කොපර් කනෙක්ෂන් එකක්. ෆෝන් ලයින් + ADSL 1490 පැකේජ්. කොපර් ලයින් එක ගොඩක් පරණ නිසා වැස්ස වෙලාවට හුළඟ තියෙන වෙලාවට කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා ඉවරයක් නෑ. මම විසි තිස් පාරක් කම්ප්ලේන් කරලා තියෙනවා. උන් ඇවිත් කේබල් එකේ කෑල්ලෙන් කෑල්ල මාරු කරලා යනවා. හරි විසඳුමක් දෙන්නෙම නෑ. ස්පීඩ් එකත් 4 ක් වගේ තියෙන්නෙත්. ඒකත් ඩ්‍රොප් වෙනකොට එපා වෙනවනේ.

    මේක මට ෆයිබර් වලට කන්වර්ට් කරගන්න ඕනේ නිසා මම බ්‍රාන්ච් එකට ගිහින් කිවුව. ගෙවල් ලඟම තියෙන DP එකේ නම්බර් එකත් අරන් ගියේ. බ්‍රාන්ච් එකේ එවුන් චෙක් කරලා කිවුවා ලූප් තියෙනවා දෙන්න පුළුවන් කියලා. පහුවදා කෝල් කරලා කියනවා 8,000 ක් යනවලු. මගේ යාලුවෙකුට ගත්තා මාස දෙකකට කලින් 2,000 යි ගියේ. කලින් free දීලා තියෙනවා. එතකොට මම ඇහුවම ගේ ළඟ ඉඳලා තියෙන ලඟම DP එකට දුර මීටර් 500 ක් ඇතුලත තමාලු 2,000 ට දෙන්නේ නැත්නම් තව ගානක් ඇඩ් වෙනවා කියලා බයිලා කිවුවා. එතකොට ගෙදර ලඟම තිබුන DP එක තිබුනේ මීටර් 600 ක් විතර දුරින්. දැන් ටික දවසකට කලින් ගෙදරට මීටර් 150 ක් දුරින් DB එකක් දැම්ම. එතකොට ගිහින් ඇහුවම තමා 8,000 කතාව කියන්නේ. දැන් කෝස්ට් එක වැඩීලු. ඉක්විප්මට් වලට 30,000 ක් විතර යනවලු. මුන්ගේ අප්පගේ ලොජික්.

    ඊට දවස් දෙකකට පස්සේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදරටත් දුන්න 2,000 යි ගිහින් තිබුනේ. ඒ ගැන ඇහුවම කියනවා එයාලට පියෝ TV තියෙන නිසා 2,000 ලු යන්නේ. හැබැයි පියෝ TV එකෙත් 1,400 පැකේජ් එක තියෙන්න ඕනෙලු.

    ඊට දවස් දෙකකට පස්සේ අපේ මහ ගෙදරටත් දුන්න (ඒ වෙන බ්‍රාන්ච් එකකින්). ඒත් 2,000 යි කියල අපේ මල්ලි කිවුවා. උට බලෙන් දීල තියෙන්නේ. කෝල් කරලා වද දෙන හින්දා ඌ කැමති වුනේ. කරන්ට් එක නැති වෙලාවට කෝල් ගන්න බැරි නිසා මල්ලි ගෙදර නැති වෙලාවක අම්මටයි තාත්තටයි හදිස්සියට කෝල් එකක්වත් ගන්න බැරි නිසා මල්ලි වැඩිය කැමති වුනෙත් නෑ.

    පස්සේ මම 1212 ට කතා කරලා ඇහුවා උන් කියන්නේ 8,000 ක් යන්නේ නැහැලු 2,000 ලු යන්නේ කනෙක්ෂන් එක කන්වර්ට් කරන්න. මම පානදුරේ ටෙලිකොම් එකටත් කතා කළා එයාල කියන්නෙත් 2,000 යි කියල. එහෙම තියෙද්දී මේ බ්‍රාන්ච් එකේ එවුන් කරන වැඩේ තේරුම මොකක්ද. උන්ගේ බ්‍රාන්ච් එක රෙනොවේට් කරා ලඟදි. රෙනොවේෂන් වලට ගිය කෝස්ට් එක කස්ටමර්ලගෙන් රිකවර් කරගන්න හදනවද මන්ද මේ කාලකන්නි හැත්ත. බ්‍රාන්ච් එකෙන් එකක් කියනවා, රීජනල් ඔෆිස් එකෙන් එකක් කියනවා, හෙඩ් ඔෆිස් එකෙන් තව එකක් කියනවා. මුන්ට කම්පැණි එකටම එක පොලිසි එකක් නැද්ද මන්දා.

    උමබලාටත් මේවගේ එක්ස්පීරියන්ස් තියෙනවානම් කියාගෙන යමල්ලා.......



    හුටා.... වැරදිලා Elakiri Talk එකේ දාන්න ඕනේ එක Cooking Talk එකේ දාල තියෙන්නේ... සොරි හොඳේ...
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    umbata oya gana kiyala thiyenne sierra ekenda un thamai wire adinne line walata SLT lage okunge hati thami me langadi awith apita fiber eka ganna kiyala wada denawa 4K yanawalu 600 dura nissa habai ekath one nalu 2K gnak bill ekata ekathu wenawa kiuwa habai 6months to 3 months athule gewal langatama DB ekak danawalu ita passe free kiyala wena eun tikak kiuwa unge eka kathawak na.
     
    • Like
    Reactions: Thunderhawk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    umbata oya gana kiyala thiyenne sierra ekenda un thamai wire adinne line walata SLT lage okunge hati thami me langadi awith apita fiber eka ganna kiyala wada denawa 4K yanawalu 600 dura nissa habai ekath one nalu 2K gnak bill ekata ekathu wenawa kiuwa habai 6months to 3 months athule gewal langatama DB ekak danawalu ita passe free kiyala wena eun tikak kiuwa unge eka kathawak na.

    නෑ මචං SLT බ්‍රාන්ච් එකේ අ. හු. වේ. පු. ලා තමා මට 8000 ක් ගෙවන්න කියන්නේ. සර්විස් එක හරියට දෙන්නෙත් නෑ. මේ වැඩේ කරලා දෙන්නෙත් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    SLT free කිවුවාට මාස තුනට bill වලට එකතු කරනවා . Free කියලා කියන්නේ Customer Care එකේ ඉන්න ගොතයෝ උන් දන්නෙත් නැහැ මාස තුනකට add වෙනවා කියලා . ඔෆිස එකේඇතුළේ ඉන්න එකෙක් ගෙන් ඇහුවොත් හරියටම කියයි 😀😀
     
    • Like
    Reactions: Thunderhawk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ගෙවල් පැත්තට ෆයිබර් අලුතෙන්ම දෙනවා නම් අලුත් පිට ෆ්‍රී දෙනවා. මාසයක් වගේ ඒ කැම්පේන් එක යනවා. පස්සේ ආයේ කියනවා 7000ක් කියල මාරු වෙන්න, ඊට පස්සේ තමා ආයේ 2000 කැම්පේන් එකක් දෙන්නේ. ඒ 2000ත් ඕන නම් එක පාර ගෙවතහැකි නැත්තන් මාස තුනකට හතරකට වගේ කලා ගෙවතහැකි. තව ප්‍රමෝෂන් එකක් යනවලු මේ දවස්වල මෙගාලයින් එක අලුතෙන්ම ගන්නවා නම් 8000කට. ඒක ලාභයි ටෙලිෆෝන් ලයින් නැතිම උන්ට.
     
    • Like
    Reactions: Thunderhawk

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Un ohama thamayi bn, keeyak hari kadaganna hadanne. Apitath ohama qwa mulin free denawa kiyala passe keeyak da yanawa qwa ehnm epa qwama tika dawasakin free ma dunna.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපිටත් බලෙන්ම දෙන්ඩ යන්නෙ
    හැබැයි 2000යි කනෙක්ෂන් එකට
    මගෙන අහනව හාද කියල, මං කිව්ව පොඩ්ඩක් බලල පස්සෙ කියන්නං කියල, ආයෙ කොයි වෙලාවටද කෝල් කරන්ඩෝනෙ කියලත් අහනව මගෙන් :D
     
    • Dislike
    Reactions: Sonik Sonik

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    2000 යි බන් යන්නේ . එඩ් එල් එල් අයට ෆ්‍රී දෙන්නෙ ගොඩක් වෙලාවට. රීජනල් මැනේජර්ට කතා කරල කරගන්න. කම්මැලි උන් ඉන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • මට මතකයි ඒ දවස්වල අපි පියෝ ටීවි ගන්ඩ ගියෙ 6990 කනෙක්ෂන් එක 3500ට දෙන අවුරුදු ඔෆර් කාලෙ
    අම්මටසිරි ගියාම කියනව මේ මේ පැකේජ් ගන්නවනං විතරයිලු 3500ට දෙන්නෙ
    අපරාදෙ ඒ වෙලාවෙම එපා කියල හැරිල එන්ඩ තිබුණෙ :lol:
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    මමනම් ADSL 4න් + ඉන්ටර්නෙට් + peotv කනෙක්ස්ෂන් තුනම ෆ්‍රී ගත්තේ,මුලින් 4න් +ඉන්ටර්නෙට් ගත්තා,පස්සෙ පියෝ ගත්තේ.ඒ කාලේ ඩයලොග් ටීවී තිබිලා අයින් කරනවානම් peo ෆ්‍රී දෙනවා කිව්වා,මට ඩයලොග් ටීවී තිබුණෙත් නෑ,regional ඔෆිසස් එකේ අලුත් conetion දෙන එකාව මීට් වෙලා මන් ඌට මහත්තයා කියල කතා කරේ ,මූ අව්ලක් නෑ මල්ලි ඩයලොග් ටීවී ඕනි නැ මම කරලා දෙන්නම් කියල කිව්වා,වැඩේ ගොඩ,ෆයිබර් උනත් ෆ්‍රී දුන්නොත් ගන්නවා
     
    • Haha
    Reactions: SampathSandaruwan