ඒ කියන්නෙ ඕකට වයර් එකක් අමුණල internet connection එකක් දෙන්න බෑ ?![]()
පලයං බං බොරු නොකිය internet ඇවිත් කොච්චර කල්ද![]()
![]()
මූ කියන කතාව ඇත්ත. මම කලින් වැඩ කරපු කම්පනි එකේ තියෙන්නෙත් සන් සර්වර් එකක්. හද්ද පරණයි. මමත් ගිය අළුත හෙන වැඩ්ඩ වගේ පොජෙක්ට් එකක් හැදුව අළුත් සර්වර් එකකට සිසටම් එක දාන්න.මැනේජ්මන්ට් එකේ ඉල්ලීම නිසා කරපු එකක් උනායින් ගොඩ ගියා.
නැත්නම් ජොබ් එකත් ගහල යනව.
ආයෙත් පරණ සන් ට එන්න කියන්න උනා. ඒවයේ සිකියුරිටි කඩන්න පුළුවන් එකෙක් ඇති කියල හිතන්න බෑ. වෛරස් ලොවෙත් නෑ... නෙට්වර්ක් තිබුනට ඉන්ටර් නෙට් එකේ අපි දාන සෙල්ලම් බෑ. ftp වැඩ දාන්න පුළුවන්. මුළු කම්පනි එකේම ඩේටා බැකප් වෙන්නේ ෆ්ලොපි 2 කට. මුලින් හිතාගන්න බැරි උනා. (පොඩි කම්පනි එකක් නෙමෙයි. සීනී, කිරි පිටි, ඇල්කොහොල්, සත්ව ආහාර හදන තැනක්.) හැබැයි හවස 6 ට සිස්ටම් නතර කරල බැකප් දැම්මම 12, 1 විතර වෙනකල් රන් වෙනව. පොඩි .bin ෆයිල් එකක් හැදෙන්නේ. බැකප් රී ස්ටෝර් කරන්න දවසක් යනව. චාටර්ම සීන් එක කියන්නේ දෙවෙනි ඩිස්කට් එක ඉල්ලපුවම දෙන්න ලඟ ඉන්න ඕනේ.
මේ කතාව නම් ඇත්ත හැබැයි
AS400 වල core tech එක තාම එලියට expose වෙලා නැහැ. ඔය banks වල තාම AS400 වගේ system දුවනවා
AS400 වලට ඉන්ටර්නෙට් ගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් තියන කිසිම ඇප්ලිකේෂන් එකක්වත් ගුගල් ඩ්‍රයිව් තියා මෙලෝ දෙයක් සපෝර්ට් වෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් ප්‍රොටෝකොලයක් හරහා ගනුදෙනු කලහැක්කේ තවත් AS400 පරිගණකයක් හරහා පමණයි. අනෙක සියල්ල වැඩ කරන්නේ කම්න්ඩ්ස් වලින්. Graphical Interface එකක් නැහැ.
අලුතින් AS400 පරිගණක එනවා. ඒවා නවීන ත්ක්ෂනයත් එක්ක සන්නද්ධ වෙලා එන්නේ. ඒවගේ මිල ඉතා අධිකයි.
දැනට ලෝකේ බැංකු වල, විශාල බහුජාතික සමාගම් වල , ගුවන්තොටුපොළ වල සියල්ල පාලනය කරන්නේ අසුව දශකයේ පැමිණි AS400 වලින්. මේ AS400 වලින් කරන ප්‍රොසෙස් එක සාමාන්‍ය පරිගණකයකට කරන්න ශක්තියක් නැහැ.
උදාහරණයක් ලෙස ගත්තොත් බැංකුවක පරිගණක ජලය මෙහෙයවන්නේ AS400 වලින්. තප්පරයට transactions දහස් ගණනක් මෙහෙයවන්න පුළුවන්. ඔය කර්තව්‍ය නුතන පරිගණකයකට කරන්න බැහැ.










