අර්ජුනයා සෑහෙන කාලෙකට කලින් කිව්වා ලංකාව බංගලියන්ට පරදින දවස වැඩි ඈතක නෙමෙයි කියලා..
ඌ ඕක කිව්වෙ 2008 විතර, ඒ දවස් වල නම් අපි හිතුවා මූ ඉරිසියාවට කුහක කමට කියනවා කියලා..
ඒත් ඌ පස්සෙ පැහැදිලි කරා ඇයි ඌ එහෙම කිව්වෙ කියලා,
ඒකෙ පදනමක් තියෙනවා, මහේල, සංගා, තිලාන්, දිල්ශාන්, හේරත් තමයි අන්තිම පුරුක් ටික පරණ සෙට් එකත් එක්ක ටික කාලයක් හරි සෙල්ලම් කරපු, අනික උන් ඉස්කෝලෙ ගහලා වැඩිකාලයක් යන්න කලින් ටීම් එකට ආපු උන්,
උන් ටික සෙල්ලම් කරපු මුල්කාලෙ ටීම් එකේ සීනියර් උන් 6-7ක් ම හිටියා, ඉතිං උන් ගේම ලස්සනට ඉගෙනගත්තා ප්රෙශර් එකක් නැතුව,
දැන් වෙන්නේ එන උන්ට ඉගෙනගන්න එකෙක් ටීම් එකේ නැහැ, අනික උන් ඉස්කෝලෙ ගහලා ක්ලබ් ගහලා තමයි ටීම් එකට එන්නේ අවුරුදු 3-4කට පස්සෙ, අනික දැන් උන්ගේ විනය අන්තිමයි, ඉස්සර අර්ජුන කට්ටියව බයකරලා තියාගෙන හිටියා, ඒකෙන් උන් හැදුනා,
දැන් අපේ ස්කූල් ක්රිකට්, ඩොමෙස්ටික් ක්රිකට් කම්පෙටිටිව් නැහැ, ගැප් එක අහසට පොලව වගේ ඉන්ටනැශනල් ක්රිකට් එක්ක.. එන උන් මූදට තල්ලු කරනවා වගේ දැම්මම උන් අර ඉන්ටනැශනල් ප්ලේයර්ස්ලා ඉස්සරහ කොර වෙනවා..
මේක එක දවසකින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි, කාලයක් යනවා, අපිට ඉවසන්න වෙනවා,
ස්කූල් ලෙවල් එක හදලා, ඩොමෙස්ටික් ස්ට්රක්චර් එක හදලා, ඇකඩමි එක හරියට ෆෝම් කරලා, කරගෙන ගියොත් අපිට 2023-2025 වෙනකොට යම් මට්ටමකට එන්න පුළුවන්..
අපි දැන් වැටිලා තියෙන තත්වෙ අනුව ක්ෂනික විසදුම් නැහැ,
අපේ ඩොමෙස්ටික් එකේවත්, ස්කූල් ලෙවල් එකේවත් අති විශේෂ ටැලන්ට් එකක් පේන්න තියෙන ප්ලේයර් කෙනෙක් දැනට නැහැ..
එහෙම අය ඉස්සරහට බිහිවෙලා එහෙම පරපුරක් හැදුන දාට අපේ ක්රිකට් ආයෙ නැගිටලා එයි..
එතකම් අමාරුවෙන් හරි ඉවසගෙන ඉන්න වෙනවා
මේ ටුනමන්ට් එක අර එදා වේල පිරිමහගන්න වගේ හොඳයි මනුස්සයෙක්ට අපේ ටීම් එක කියල හුරේ දාන්නවත් විදිහක් නෑ නෙව. 


