෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17084172 said:
    පවුල් දෙකක වැඩුමහල් දරුවන් දෙදෙනෙක් අතර විවාහ වී ලැබෙන පලමු දරුවා තමා තුන් කුලුඳුලා..

    මම හිතන්නේ ඕක අද සමාජයේ තියෙන වැරදි මතයක්.. මොකද තුන් කුලුදුල් ළමයි හොයන එක කලුනික හොයනවා වගේ වැඩක් කියලා පරණ ප‍ොත පතේ සදහන් වෙලා තියෙන්නේ.. මම අහලා තියෙන විදියට නම් තුන් කුලුදුල් වෙන්න පරම්පරා 3ක් වැඩිමල් අය වෙන්න ඕන.. ඒකියන්නේ ආච්චියි සීයයි පවුලේ වැඩිමල් වෙන්න ඕන, අම්මයි තාත්තයි පවුලේ වැඩිමල් අය වෙන්න ඕන, එයාලගේ වැඩිමහල් දරැවා බදින කෙනා පවුලක වැඩිමහල් කෙනා වෙලා එයාලට ලැබෙන පළමු දරැවා තුන් කුලුදුලු වෙනවා කියලා තමයි අහලා තියෙන්නේ.. හරිද දන්නෑ..:D.. මම කාලෙකට කලින් 18 පිල්ලුව ගැන තියෙන පොතක් කියෙව්වා.. ඒකේ තියෙනවා මිනිස් පිල්ලුවක් ගැන.. ඒකට ඕන මම ඉහතින් සදහන්කලා වගේ ළමයෙක්.. ඒත් ගොඩක් අමාරැලු හොයන්න..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්.මොකද පවුල් දෙකක වඩිමල් දෙන්නෙක්ගෙන් ඉපදෙන පලවෙනි දරුව කුලුඳුල් වෙන එක හොයාගන්න ඒ හැටි අමාරු නෑ.නිධානයක් වගේ දෙයක් ගන්නකොට එහෙම ලේසියෙන් හොයාගන්න පුලුවන් දෙයකට වඩා මම හිතන්නේ අවශ්‍ය වෙනවා ඇත්තේ පරම්පරා 3කින් වැඩිමල් දරුව වෙන්න ඇති.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු මමත් අහලා තියෙනවා ඔහොම වෙච්ච සිද්ධි.කොහොමත් බුදුන් වැඳලා මහ පිරිත නොකිය ඉන්න තරමට හොඳ ඇති.කාලයක් මමත් රෑට නිදාගන්න යද්දි මහා මංගල,රතන,කරණීයමෙත්ත හා ජලනන්දන සූත්‍ර කිව්වා.පස්සේ කෙනෙක් කිව්වා ජලනන්දන පිරිත කියන්න හොඳ නෑ කියලා.දැන් ඒක නොකියා අනිත් සූත්‍ර කියනවා.:D

    ඉල්ලන් මොකටද පරිප්පු කන්නේ කියලා, මාත් දැන් කියන්නේ

    මංගල සුත්‍රය
    රතන සුත්‍රය
    කරණීයමෙත්ත සුත්‍රය
    ජයපිරිත

    විතරයි.. :D
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අපි බොහෝ විද්‍යාවන් සහ කලාවන් හඳුනාගෙන ඇත්තෙමු. ඒවායින් ඇතැම් දේ ගැන අපි දනිමු. එහෙත් අප නොදන්නා “කලාවන්” සහ විද්‍යාවන් මහත් රාශියක් ඇති බවද අප දනිමු. බුදුන්වහන්සේ එක්තරා අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ මහ වනාන්තරයක් මධ්‍යයේ වඩින අවස්ථාවක ගසකින් අතු කැබැල්ලක් කඩාගෙන “ආනන්දය මා අතේ තිබෙන කොළ (පත්‍ර) සංඛ්‍යාව වැඩිද? වනාන්තරයේ ඇති පත්‍ර සංඛ්‍යාව වැඩිද?” විචාළහ. එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ “ස්වාමීනි - මේ වනාන්තරයේ ඇති පත්‍ර සංඛ්‍යාව ඉතා විශාලය” කියා පැවැසූහ. එවිට බුදුන් වහන්සේ “ආනන්දය අප දන්නා දැනුම මේ අත ඇති පත්‍ර සංඛ්‍යාව හා සමානය. අප නොදන්නා විෂය පථය මේ වනාන්තරයේ ගස්වල ඇති පත්‍ර සංඛ්‍යාව මෙනි” වදාළහ. ඒ ලෙසින්ම අපද දන්නා විද්‍යාවන් සහ කලාවන් සංඛ්‍යාව ඉතාම අතළොස්සකි. එහෙත් නොදන්නා විද්‍යාවන්, කලාවන් සහ අනෙක් දේ අතිමහත්ය. අපගේ මුළු ජීවිත කාලයම උගත්තද අපට අධ්‍යයනය කළ හැක්කේ මහා සාගරයෙන් දිය දෝතක් බඳු සංඛ්‍යාවකි. “සූසැට කලාවන්” ගැන අප නාමිකව අසා ඇතද ඒ සූසැට කලාව දන්නා අයෙක් ඇතැයි මම නොසිතමි.

    ජේ‍යාතිෂ විද්‍යාවත් - ගුප්ත විද්‍යාවත් අප දන්නා සරල දෙයක් නොවේ. එයද ඉතාම සංකීර්ණය. ජේ‍යාතිෂය ගැන නොදන්නා බොහෝදෙනා සිතන්නේ උපන් වෙලාවට ජන්ම පත්‍රයක් සෑදීම සහ පලාපල කීම පමණක් ජේ‍යාතිෂය බවය. ගුප්ත විද්‍යාව ගැනද සිතන්නේ “නූලක්” මතුරා දීම හෝ “දෙහි ගෙඩිය”, “තෙල් ටික” මැතිරීම පමණක්ය කියා ඒ සිතීම සාධාරණය. ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය වන්නේ ඒ දේවල් පමණක් නම් ඔවුන්ට ඒ ප්‍රමාණවත්ය. ගමනක් යෑමට බසයට නඟින මගියාට බසයේ රියැදුරාගේ උගත්කම, ගම් ප්‍රදේශය, වයස අවශ්‍ය නොවේ. එවැනි දේ අවශ්‍ය වන්නේ ගමනාගමන කොමිසමටය. ඒ ලෙසින්ම ගුප්ත විද්‍යාව පුළුල් විෂයයක් වුවත් පොදුවේ අවශ්‍ය වන්නේ ඉතාම සුළු විෂය පථයකි. එහෙත් මේ ලිපියෙන් මා උත්සාහ කරනුයේ ගුප්ත විද්‍යාව ඉතා සරල සුගම විෂයක් නොව ඉතාම පුළුල්, සංකීර්ණ ගෞරවාන්විත විෂයක් බව හඳුන්වා දීමටය.

    අපගේ ජීවිත කාලයේදී කළ යුතු මෙහෙයන් අතර “සබ්බ දානං ධම්ම දානං ජිනාති” පැවැසුවක් මෙන් කෙනකුට යම් දෙයක් ගැන අවබෝධ කරදීමද ඉතාම අගනේ යැයි සිතමි. ගුප්ත විද්‍යාව කරන්නේ ඉතාම සුළු සංඛ්‍යාවකි. ඒ ගුප්ත විද්‍යාව කරන මහතා හෝ ගරු ස්වාමීන් වහන්සේ ගෞරවනීය සේවයක් රටට දැයට ජනතාවට සිදු කරයි. දනන් සුවපත් කිරීම ඔවුන්ගේ එකම පරමාර්ථයයි. ඇතැම් අවස්ථාවල ඔබ ගුප්ත විද්‍යාව සම්බන්ධ යම් අවශ්‍යතාවක් සඳහා ඒ සිදුකරන පුද්ගලයකු හමුවීමට ගිය විට “කරුණාකර අද නොව වෙනත් දිනයක් දී එදාට පැමිණෙන්න” යැයි උපදෙස් දෙන්නට පුළුවන. මෙවිට ඔබ සිතන්නේ ඉහත කී පුද්ගලයාගේ කාර්යබහුලතාව නිසා ඒ දේ පවසන්න ඇති බවය. එයද යම් තරමකට සත්‍ය විය හැකිය. ඒත් ඊට වඩා ගැඹුරු දෙයක් ඒ තුළ ඇති බව මේ ලිපිය අවසනදී ඔබට අවබෝධ වනවා ඇත. තෙල් - නූල් - දෙහි මැතිරීම ආදිය ගුප්ත විද්‍යාවේ ඉතාම සුළු කොටසකි. එපමණක් දන්නා පුද්ගලයා ගුප්ත විද්‍යාවේ “අ” පමණක් කියවූ අයෙක් සේ සැලකිය හැකියි.

    අෂ්ටාංග ශීලය - ආර්ය අෂ්ටාංගික මාර්ගය - අෂ්ට දිශාව, අෂ්ට ලෝක ධර්මය වැනි වදන් ඔබට හුරුය. ඉන් කියැවෙන්නේ යම් දෙයක “අෂ්ට” හෙවත් කොටස් “අටක්” ඇති බවය. ඒ ලෙසින්ම ගුප්ත විද්‍යාවේද “අෂ්ට කර්ම” ලෙස කොටස් අටකින් සමන්විතය. මේ අෂ්ට කර්මය ඉතාම පුළුල්ය. නිමාවක් නැත. වෙනස් ලෙසකින් කිවහොත් ගුප්ත විද්‍යාවේ හරය අෂ්ට කර්මයකි. එනම් ගුප්ත විද්‍යාවේ මාර්ග හෙවත් ක්‍රමවේදයන් අටක් පවතී. ඒ අෂ්ට කර්ම ගුප්ත විද්‍යාව ගැඹුරින් උගත් හදාරන මහත්වරුන් හොඳින් දන්නා කාරණා අටකි. මේ අෂ්ට කර්ම පිළිබඳ දැනගැනීම යම් තරමකට ගුප්ත විද්‍යාව කොතරම් ගැඹුරු, කොයි තරම් ගෞරවාන්විත, කොයි තරම් බලවත් විද්‍යාවක්ද යන්න වටහා ගන්න හේතු කාරණා වෙනවා ඇත. ගුප්ත විද්‍යාවෙන් අපට අවශ්‍ය වන්නේ කුමන අංශයේ ප්‍රයෝජනයක්ද යන්න දැනගන්න මේ ක්‍රමවේදය හඳුනා ගැනීම ප්‍රමාණවත්ය. මෙවැනි කෙටි ලිපියකින් සර්ව සම්පූර්ණ ගුප්ත විද්‍යා විවරණයක් කළ නොහැකි වුවත් හඳුනා ගැනීමට පමණක් හෝ වැදගත් යැයි සිතමි.

    මුලින්ම පෙන්වා දුන්නාක් මෙන් “අෂ්ට” යනු අටයි. ඒ නිසා ගුප්ත විද්‍යාවේ එන අෂ්ට කර්ම මුලින් නාමිකව හඳුනා ගනිමු. ඉඩ ලැබෙන ප්‍රමාණයට ඒ අෂ්ටකර්මය සවිස්තරාත්මකව දැනගන්නට අවස්ථාව ලබා ගනිමු. දැනට ඒ අංශ අට (8) මෙසේ දනිමු.
    1. වශී කර්ම
    2. ආකර්ෂණ කර්ම
    3. මෝහන කර්ම
    4. ස්තම්භන කර්ම
    5. ශාන්ති කර්ම
    6. විද්වේෂණ කර්ම
    7. උච්චාටන කර්ම
    8. මාරණ (වාරණ) කර්ම
    මෙයින් අප බොහෝදෙනා දන්නේ වශී කර්ම සහ ශාන්තිකර්ම ගැන පමණි. එසේම ඇතැම් නරුමයන්ට මාරණ කර්මද දැනගත යුතුය. මෙයින් අප බොහෝදෙනා දන්නා මෙන්ම අසා ඇති “වශී කර්ම” සුළුවෙන් හෝ හඳුන්වා දීම වැදගත්ය. අප සිතන්නේ තරුණ තරුණියන් වශී කරගැනීම වශී කර්ම ලෙසය. පිච්ච මලකට මතුරා හෝ රස කැවිල්ලකට මතුරා කන්නට දී මාගේ සිත්ගත් තරුණයා හෝ යුවතිය “වශී” කරගැනීම මෙයින් අදහස් කෙරේ. එවැන්නක් ඉතා සරල නම්, පහසුනම් කොතරම් වාසනාවක්ද? ඒත් එය පහසු දෙයක් නොවේ. එසේම වශී කර්ම යනු ස්ත්‍රී පුරුෂ වශිය පමණක් නොව තමාගේ නිවෙසේ දියුණුව, ව්‍යාපාරයේ දියුණුව, නඩු හබවලින් දිනීම, සතුරන් මෙල්ල කරගැනීම, සම්මුඛ පරීක්‍ෂණවලින් ජයග්‍රහණය කිරීම ආදී ක්‍රමවේද රාශියක් ඒ තුළ ඇත. අඹු - සැමියන්ගේ ආදරය දිගුකල් පවත්වා ගෙන යෑමටද වශීකර්ම වැදගත්ය.

    ශාන්ති කර්ම බොහෝ දුරට වැදගත් වන්නේ රෝග උග්‍ර අපල ආදියෙන් ආරක්‍ෂා වීමෙට සහ ඒවායින් සුවය ලැබීමටය. පිරිත් දේශනා කිරීමද ශාන්ති කර්මයක. රතන සූත්‍රය දේශනා කොට විසාලා මහනුවර පැවැති තුන් බිය දුරු කළේ ශාන්තිකර්මයක් ලෙසිනි. ගැබිනි මවුවරුන්ට “අංගුලිමාල” පිරිත දේශනා කරන්නේ ශාන්ති කර්මයක් ලෙසිනි. “ජය මංගල ගාථා” පවසන්නේද ශාන්ති කර්මයක් ලෙසය. “සෙත් කවි” කියන්නේද, “බෝධි පූජා” පවත්වන්නේ ශාන්තිකර්ම ලෙසය. “ග්‍රහදෝෂ” ඉවත් කරන්න යම් යම් යන්ත්‍ර පලඳින්නේද ශාන්තිකර්ම ලෙසය. මේ නිසා ඔබට මට සෙත්පතා කරන ශාන්තිකර්ම ඉතා විශාලය. විශිෂ්ටය. ඇස්වහ, කටවහ, අනවින දුරු කිරීම සඳහා සිදුකරන පැන් මැතිරීම, දෙහි මැතිරීම, නූල් මැතිරීම ආදිය මෙයට සම්බන්ධය. ඒ සියල්ල ශාන්ති කර්මයන්ය.

    මේ අෂ්ට කර්ම නාමිකව හඳුනා ගන්නා ලද ඔබට ඉදිරියේදී අනෙක් “කර්ම” මොනවාද යන්න අවබෝධ කරගන්න ඉඩ ලැබෙනු ඇත. එසේම මේ අෂ්ට කර්ම කිරීමේදී අදාළ දිශා, අදාළ පුෂ්ප, සිදුකළ යුතු ස්ථාන, සිදු කළ යුතු දින වකවානු, කළ යුතු වේලාව ආදී විස්තර රාශියකි. ඉදිරියේදී සවිස්තරාත්මකව කරුණු වටහා දෙන්නට ඉඩ තබමි.

    විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජේ‍යාතිෂ විද්‍යා ප්‍රසාදිනි)
    පේරාදෙණියේ එස්. වීරරත්

    source
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්.මොකද පවුල් දෙකක වඩිමල් දෙන්නෙක්ගෙන් ඉපදෙන පලවෙනි දරුව කුලුඳුල් වෙන එක හොයාගන්න ඒ හැටි අමාරු නෑ.නිධානයක් වගේ දෙයක් ගන්නකොට එහෙම ලේසියෙන් හොයාගන්න පුලුවන් දෙයකට වඩා මම හිතන්නේ අවශ්‍ය වෙනවා ඇත්තේ පරම්පරා 3කින් වැඩිමල් දරුව වෙන්න ඇති.

    ඔව් බොහෝවිට එහෙම වෙන්න ඕන..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් පොඩි දරුවන්ගේ පිල්ලි ගැන කතා කියවලා තියෙනවා.ඉස්සර මිනිස්සුන්ගේ හිත් කොච්චර දරුණුද කියලා හිතෙනවා ඒවා කියවනකොටනන්.ඒ ශාස්ත්‍ර නැතිවෙලාම යන එක හොඳයි එක අතකට.:yes:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මන් අහලා දැකලා තියෙනවා මරිච්ච් ආත්ම ගොඩක් පන තියෙන මිනිස්සුන්ගේ ඇනගට වෙලා ඉන්නවා....

    ඒ අයගේ නිවාස තමයිලු ඔය ගොඩක් අය cancer කියන්නේ

    මැරෙන වෙලාවේ මන් නම් කියන්නේ මන් කරපු පිනක් මතක් වේවා කියලා

    මැරෙන වෙලාවට අපි කරපු හොද නරක චිත්‍රවටයක් වගේ පේනවා කියලා අහලා තියෙනවා.. ගොඩක් පින් වැඩ කරලා තියේනම්, හොද කරලා තියෙනවා නම් වැඩිපුර හිතට එන්නේ ඒවා නේ.. චුති චිත්තය කියන්නේ ඕකට නේද.. මැරෙන මොහොතේ සිත.. මම අහලා තියෙනවා මෙහෙම එකක්.. සමහරැ මැරැනත් පණපිටින් ඉන්නවා වගේ හිනාවෙලා වගේ සැහැල්ලුවෙන් මැරෙන්නේ.. තව සමහරැ බය වෙලා වගේ ඇස් ඇරිලා කට ඇරිලා මැරෙන්න හේතුව ඕකයි.. පින් රැස් කරපු අය මැරෙන මොහොතේ තමන්ගේ ඊගල ආත්මය දැකලා සැනසීමෙන් මැරෙනවලු.. පව කරපු අය තමන්ගේ ඊලග ආත්මය දැකලා බය වෙලා විකාරරෑපීව මැරෙණවා.. ඕක ඔප්පු කරන්න නම් මැරිලම බලන්න ඕන:D

    පහතින් තියෙන්නේ චුති සිත සම්බන්ධව අන්තර්ජාලයේ පලවුනු ලිපියක්..

    මැරෙන මොහොතේ සිත

    මැරෙන මොහොතේ අපේ සිත සහ ඊ ළඟ උපත කෙබඳු වේ ද? මේ ඒ ප්‍රශ්නයට කෙටි පිළිතුරකි.

    ලෙස්ලි කුලතුංග

    දිනක් බුදු රජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ අතර පුනර්භවය පිළිබඳ ධර්ම සාකච්ඡාවක් ඇති විය. අංගුත්තර නිකායේ තික නිපාතයෙහි සඳහන් වන එම ධර්ම සාකච්ඡාවෙන් කොටසක් මෙබඳු ය:

    “ස්වාමීනි, භවය සිදු වන්නේ කෙසේ ද?”

    “ආනන්ද, කාම ලෝකයෙහි විපාක දෙන කර්මයක් නැති නම් කාම ලෝකයෙහි ඉපදීමක් සිදු වෙයි ද?”

    “නැත, ස්වාමීනි.”

    “ආනන්ද, කර්මය කෙතකි. විඤ්ඤාණය (සිත) බීජයකි. තණ්හාව ජලයකි. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුක්ත වූ සත්ත්වයන්ගේ සිත් මරණින් මතු කාම භවයෙහි හටගනී. මේ අන්දමට මතු මත්තෙහි පුනර්භවයෙහි පැවැත්ම ද සිදු වෙයි.”

    රූප ලෝකයෙහි හා අරූප ලෝකයෙහි පුනර්භවය සිදු වන ආකාරයත් මෙම සාකච්ඡාවේදී බුදු රජාණන් වහන්සේ පැහැදිලි කළහ. කුසල අකුසල කර්ම ඇති වීම කර්ම භවය යි. ඒ අනුව යම් තැනක ඉපදීම උප්පත්ති භවය යි. සිත අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් පිරී පවතින තෙක් ඉපදීම සිදු වෙයි. මෙම කර්ම භවය හා උප්පත්ති භවය නැවත නැවතත් සිදු වීම පුනර්භවය යි.

    කාමලෝකයට අයත් සතර අපායෙහි (කාම දුගතියෙහි) ඉපදීමට අකුසල කර්ම හේතු වෙයි. මිනිස් ලොව හා සදෙව් ලොව (කාම සුගතියෙහි) ඉපදීමට හා රූප, අරූප, ලෝකවල ඉපදීමට කුසල කර්ම හේතු වෙයි. කාම ලෝකයෙහි උපදින ආකාරයත්, අරූපලෝකවල උපදින ආකාරයත් අභිධර්මයෙහි

    වෙන් වෙන් ව දක්වා තිබේ.

    අප උපත ලබා ඇත්තේ කාම ලෝකයෙහි ය. එහෙයින් කාම ලෝකයෙහි පුනර්භවය සිදු වන ආකාරය අභිධර්මයට අනුව විමසා බලමු. මවුකුස මුලින් ම හටගන්නා සිත ප්‍රතිසන්ධි සිත යි. ඉන් පසු භවංග සිත් ඇති වේ. අනතුරු ව චිත්ත වීථි ඇති වෙයි. සෑම චිත්ත වීථි දෙකක් අතර ම භවංග සිත ඇති වේ. ප්‍රතිසන්ධි සිත හා භවංග සිත චිත්ත වීථිවලට අයත් නො වේ. එහෙයින් වීථිමුක්ත සිත් යනුවෙන් ඒවා හඳුන්වා ඇත.

    උපතේ පටන් මරණය තෙක් ම වීථිමුක්ත භවංග සිත හා චිත්ත වීථි දිගින් දිගට ම ඉපදී – පැවතී – නැති වී යයි.

    යම් දිනෙක පුද්ගලයා මරණයට ආසන්න වෙයි. මරණාසන්න වූ පුද්ගලයාට මේ ජීවිතයේදී අවසන් වරට ඇති වන චිත්තවීථිය හැඳින්වෙන්නේ මරණාසන්න චිත්තවීථිය යනුවෙනි.

    මෙහිදී ජවන් සිත් හතක් මරණාසන්න චිත්ත වීථියෙහි ඇති නො වේ. එහි ඇති වන්නේ ජවන් සිත් පහකි. ඉන් පසුව තදාරම්මණ සිත් හා භවංග සිත ඇති වේ. එම භවංග සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ මේ ජීවිතයේ අවසාන සිත උපදී. එය චුති සිත යැ යි නම් කර ඇත. එය ද වීථිමුක්ත සිතකි. චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමග මරණය සිදු වෙයි.

    අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිතට අරමුණු වන්නේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තකි. මෙම කර්ම, කර්ම නිමිති, ගති නිමිති මරණයට දින කීපයකට කලින් සිට වුව ද ඇති විය හැකි ය. කෙසේ හෝ මරණාසන්න චිත්තවීථිය නැති වී ගිය පසු භවංග සිත ඉපදී, පැවතී, නැති වී යයි. ඉන් පසු කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ අරමුණු කරමින් චුති සිත උපදී. ඒ චුති සිත කුසල සිතක් හෝ අකුසල සිතක් හෝ විය හැකි ය. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ එහි ඇති කර්ම ශක්තියට අනුව කාම ලෝකයට අයත් මිනිස් ලොව මවු කුසක හෝ තිරිසන් සතකුගේ කුසක හෝ අන් සුදුසු තැනක තව සිතක් පහළ වෙයි. එයට ප්‍රතිසන්ධි සිත යැ යි කියනු ලැබේ. චුති සිතෙන් පසු ප්‍රතිසන්ධි සිතක පහළ වීම පුනර්භවය යි.

    අප මහ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වී මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්හ. මවු කුසින් බිහි වූ උන් වහන්සේ පියවර සතක් ඉදිරියට ගමන් කොට,

    “මම ලොවට අග්‍ර වෙමි.

    මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි.

    මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි.

    මේ මාගේ අන්තිම ඉපදීම යි.

    දැන් පුනර්භවයක් නැත.

    යනුවෙන් පැවසූ හ. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුතු බෝසතාණන් වහන්සේගේ සිත තුසිත දෙව්ලොවින් චුත වූ පසු මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳගැනීම පුනර්භවය යි.

    උන් වහන්සේ බුදු බවට පත් ව අවිද්‍යාව, තණ්හාව ප්‍රහීණ කළහ. එහෙයින් මල්ල රජ දරුවන්ගේ සල් උයනෙහි වැඩ සිට පිරිනිවන් පා වදාළ උන් වහන්සේගේ චුති සිත අවිද්‍යා තණ්හාවන්ගෙන් තොර ය. එහෙයින් නැවත ඉපදීමක් නැත, පුනර්භවයක් නැත. සිදුහත් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුසින් බිහි වී, සත් පියවරක් ගමන් කොට, “දැන් පුනර්භවයක් නැත (නන්තිදානී පුනබ්භවෝ)” යනුවෙන් පැවසුවේ එහෙයිනි.
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ගෙඩි පිටින් කොපි කරලා දාද්දි ටිකක් ෆොන්ට් සයිස් එක ලොකු කරල දාමුද ?:dull:
    අාස්මිගේ ෆොන්ට් සයිස් එක නම් හොඳා:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෙඩි පිටින් කොපි කරලා දාද්දි ටිකක් ෆොන්ට් සයිස් එක ලොකු කරල දාමුද ?:dull:
    අාස්මිගේ ෆොන්ට් සයිස් එක නම් හොඳා:yes:

    ආස්මි නෙමෙයි අනේ.:sorry:..ආශ්මි..:D.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මමත් පොඩි දරුවන්ගේ පිල්ලි ගැන කතා කියවලා තියෙනවා.ඉස්සර මිනිස්සුන්ගේ හිත් කොච්චර දරුණුද කියලා හිතෙනවා ඒවා කියවනකොටනන්.ඒ ශාස්ත්‍ර නැතිවෙලාම යන එක හොඳයි එක අතකට.:yes:

    ඔව් මිනිස් පිල්ලුව හදන්න ගන්නේ තුන් කුලුදුල් ළමයෙක්ලු.. ඒක කරන විදිය ලාවට අහලා තියෙනවා.. ඒත් මෙතන කියලා නරින්ට ආතල් දෙන්න ඕන නෑ.. පහළ තියෙන්නේ ඔය මිනිස් පිල්ලුව ගැන මව්බිමේ පළ වෙච්ච ලිපියක්.. ඕන නම් කියවලා බලන්න..

    මළවුන්ට පණ දීමේ විද්‍යාත්මක රහස

    ජේ‍යාතිෂය, දේශීය වෛද්‍ය විද්‍යාව, මන්ත්‍ර විද්‍යාව, භූත විද්‍යාව ආදී පුරාතන විෂයන් මිථ්‍යා විශ්වාස මත පදනම්ව ගොඩනැඟුණු ලෙස ඇතැමෙක් පිළිගනිති. ඒ බැව් සනාථ කරන්න කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන්නෝද අප අතර සිටිති. එසේ නමුත් ජීවිතයේ විවිධ අවස්ථාවලදී මෙකී විෂය පථයන් දිවි හිමියෙන් සරණ යන්නෝද වෙති. මේ අන්තයන් දෙකම හදාරමින් මිථ්‍යා මත හා මුළා විජ්ජාවන් බැහැර කරමින් මැදුම් පිළිවෙතින් යුක්තව පුරාතන විද්‍යාවන්ගේ සත්‍යය ගවේෂණය කරන්නෝද බොහෝ වෙති. ඉහත කී ගුප්ත විද්‍යාත්මක සංකල්ප අරබයා නූතන විද්‍යාත්මක විවරණයක් සැපයීමට මම බලාපොරොත්තු වෙමි. මෙවන් විචාරාත්මක ලිපි පෙළක් ප්‍රථම වතාවට ඔබ අතට පත්වන බැවින් විද්වත් පාඨක ඔබගේ ප්‍රතිචාරය ඉමහත් ශක්තියක් වනු ඇතැයි මම සිතමි.

    පුරාණයේ ඇත්තන් මළවුන්ට පණ දුන් වග ඔබ අසා ඇතුවාට සැක නැත. ඇතැම්විට මෙවන් අවස්ථා ඔබ දැක තිබෙන්නටද පුළුවන. මළවුන්ට පණ දීම අද සිදුවන්නේ නැත. එහෙත් කනප්පු යැවීම, පොල් ගෙඩි කරකැවීම, කුළු කරකැවීම වර්තමානයේ පවා රටේ බොහෝ තැන්වල මෙවන් දේ සිදු වෙයි. අද අපේ මාතෘකාවට අනුව මෙකී මළ කඳ යළි පණ ලබන්නේ කෙසේද? අණ පරිදි වැඩකටයුතු කරන්නේ කොහොමද කියා විදු ඇසකින් විමසා බලමු. මාගේ ගවේෂණ කාර්ය තුළ මෙකී සංසිද්ධියට අදාළ කරුණු හතරක් කේන්ද්‍රීයව බලපාන බව වටහා ගතිමි. මෙකී කේන්ද්‍රීය බලය එක්තැන් වූ පසු ඕනෑම භෞතික වස්තුවක් යළි සක්‍රිය වන බැව් කිව යුතුයි. මේ කාරණය භෞතික විද්‍යාත්මක දෘෂ්ටියෙන් බලපාන කල්හි ඕනෑම වස්තුවක් බිහිවීමට ආපෝ (තෙතමනය), තේජෝ (උණුසුම), වායෝ (සුළඟ), පඨවි (තදගතිය), පෘථිවි ගුණය යන සතරාංග උපයුක්ත වේ. මේ සතරාංගය සතර මහා භූත කොට්ඨාස ලෙස භෞතික වස්තු නිර්මාණය කරනු ලබයි. මේ සඳහා භෞතික වස්තුවකට හඳුනාගත් සතරාකාර බල කදම්බයන් ලබාදෙන කල්හි එම වස්තුවට ප්‍රාණයක් ලැබේ. මිනිසා ඇතුළු සත්ත්වයන් සුජීවත්ව සිටින කාලයේදී ප්‍රාණයක් හිමි බැව් අපි දනිමු. එය විඤ්ඤාණය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ශරීරයෙන් යම් දිනෙක විඤ්ඤාණය බැහැරව ගිය කල්හි එකී ශරීරය මළවුන් අතරට වැටේ. එසේ නම් සත්‍ය ලෙසම මේ හැර ගිය විඤ්ඤාණය පෙර සිටි ගුප්ත විද්‍යාඥයන් විසින් යළි මළවුන්ට ලබා දුන්නද? නැත. එසේ විණි නම් ඔවුන් සදාකල්හිම අමරණීය වනු ඇත. එසේ නම් මළවුන් යළි පණ ලද්දේ කෙසේද? මළවුන් පමණක් නොව වෙනත් අජීවී භෞතික වස්තු පවා සජීවී ලෙස ක්‍රියාත්මක වූයේ කෙසේද? ඇදුරාගේ අණට කීකරුව කියන කියන දෑ සිදු කළේ කෙසේද? මේ මහා රහස ගවේෂණය කරන මම මෙකී සංසිද්ධියට අදාළ සිවුවැදෑරුම් ක්‍රමවේදයක් ඔවුන් භාවිත කරනවා ඇතැයි හඳුනා ගතිමි.

    මෙකී සිව් වැදෑරුම් බලකදම්බයන් මනා ලෙස සපිරුණු කල්හි නමැති ස්ථානයේ ඇතිවන චුම්බක ක්‍ෂේත්‍රය, නියුටෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන යන පරමාණුක ශක්තියෙන් තුලනය වේ. එම අවස්ථාවේ පටන් බලයට කේන්ද්‍ර ගතවූ ඕනෑම භෞතික වස්තුවක් ක්‍රියාත්මක වී චලන දක්වයි. ලබාදෙන වේදනයන්ට අනුව ක්‍රියාකාරී වී කාර්යය සපුරයි. මෙය තාවකාලික යාන්ත්‍රික ප්‍රාණ බලයක් ලෙස හඳුනාගත හැකිය. මේ ක්‍රියාදාමයට නූතන විද්‍යාවේ රොබෝවරයා සමාන කළ හැකිය. පරිගණකය මඟින් සපයනු ලබන දත්තවලට පමණක් රොබෝවරයා ක්‍රියාත්මක වන්නේ යම් සේද? එසේම පෙර ගුප්ත ඇදුරාගේ අණට මේ මළවුන්ද ක්‍රියාත්මක විය.
    සිවුවැදෑරුම් බල කේන්ද්‍රය පිළිබඳ එකිනෙක විමසා බලමු.

    1. අන්තරීක්‍ෂ බලය
    අන්තරීක්‍ෂ බලය යනු සූර්යා ඇතුළු ග්‍රහ වස්තූන්ගෙන් ජීවයේ ඇරැඹුම, පැවැත්ම හා නැසුම සඳහා කෙරෙන බලපෑම යැයි කෙටියෙන් හඳුන්වා දිය හැකිය. මෙය අතිශයින් ගැඹුරු විෂයක් නිසා මෙම විෂය පිළිබඳ විද්‍යාත්මක විවරණයක් ඉදිරි ලිපිවලින් පළ කිරීමට අදහස් කෙරේ. අන්තරීක්‍ෂ බලය කෙතරම් වැදගත්ද යත්, මෙම බලය නැති කල්හි ලොව කිසිදු ශක්තියක් නොපවතිනු ඇත. අපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහාභූත කොට්ඨාස නිර්මාණය කිරීමට සූර්යා ඇතුළු ග්‍රහ වස්තූන්ගේ නානවිධ කිරණ ශක්තීන් හේතු වේ.

    පෘථිවියේ ජීවීන්ගේ පැවැත්ම (ශාක හා සත්ත්ව) සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ සූර්ය ශක්තියයි. තාපය හා ආලෝකය ලෙස අපට ලැබෙන්නේ කෙසේද? එය පදාර්ථයෙන් තොරව අවකාශය හරහා තරංග ආකාරයෙන් පොළොවට ලැබෙන බව නූතන විද්‍යාව උගන්වයි. රික්තයක් තුළින් වුවද ප්‍රචාරණය වීමට හැකි මෙවැනි තරංග විද්‍යුත් චුම්බක ශක්තියක් ලෙස ගොඩනැඟේ. එසේ නම් පෙර සිටි ගුප්ත විද්‍යාඥයන් අන්තරීක්‍ෂ බලය නියම කලට මනා ලෙස යොදා ගනිමින් භෞතික වස්තූන්ට යාන්ත්‍රික ජීවයක් සපයා ඇත. එම කාරණයේදී ඔවුන් පහත කරුණු සැලකිල්ලට ගත් බව නූතන විද්‍යාව තුළින් පැහැදිලි වේ.

    නූතන විද්‍යාවට අනුව සම්ප්‍රේෂණයට මාධ්‍යයක් නොමැතිව පැමිණෙන අන්තරීක්‍ෂ බල කදම්බයන් භෞතික වස්තුවකට ඇතුළත් වී ශක්තිය නිපදවයි. එසේම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ශක්තිය සම්ප්‍රේෂණය කරයි. මෙම ශක්තිය ආරෝපණ ගුණයෙන්ද යුක්ත වේ. මේ බැව් පුරාණ ඇත්තෝද මැනවින් දත්හ. ඔබ දන්නා පරිදි රික්තයේදී 3×108 ථඵ-1 වේගයකින් අන්තරීක්‍ෂ බලය ගමන් කරයි. එය ප්‍රබල අවස්ථාවකි. යම් වස්තුවක් රික්තයට හසුව අන්තරීක්‍ෂ බලයට නතු වූ විට එම වස්තුව තුළ පවතින නියුටෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන පිටතට ඇදී යයි. මෙම අති ප්‍රබල අවස්ථාව හොඳින් නිරීක්‍ෂණය කර අතීත ගුප්ත විද්‍යාඥයන් මළවුන්ට පණ දීමේ මර සහ සුබ මුහුර්ත සාදා ගත්හ. එපමණක් නොව එම රික්තයට හසුවන ජීවී වස්තුවක් පවා වියළී හැකිළී යෑමට තරම් මෙම ශක්තිය ප්‍රබල විය. (ඒවාට අදාළ සංසිද්ධීන් පසු ලිපිවලින් බලාපොරොත්තු වන්න.) මළවුන්ට පණ දීමේ මෙම අන්තරීක්‍ෂ බලය රික්තයේ ගමන් කරන අවස්ථාවන් හඳුනාගත් පුරාණ ඇත්තෝ, එම රික්තයන්ට යම් යම් වස්තු (ඇසේ දෘෂ්ටි පථයට හසු නොවන - ඔවුන් මේවා හැඳින්වූයේ පිල්ලි ලෙසය.) නතු කොට එම වස්තූන් තුළ පවතින පරමාණුක ශක්තීන් මළවුන් වෙත ආරෝපණය කරන ලදී. මේ වික්‍රමය ඔවුන් කරන ලද්දේ අන්තරීක්‍ෂ බලයේ ආධාරයෙනි.

    මේ අයුරින් ඔවුන් අන්තරීක්‍ෂ බලයෙන් හට ගන්නා නැකැත්, ගණ, කරණ, දින, තිථි, යෝග ආදී ප්‍රබල ශක්ති දෘශ්‍ය ආලෝකයන් හා තාප බලයන් උපයුක්ත කොටගත් බව අපට වැටහේ.
    2. විද්‍යුත් චුම්බක
    තරංගීය චිත්ත බලය
    * විඤ්ඤාණය (පියවි ඇසට) නොපෙනේ.
    * චිත්ත බලය
    I. ආපෝ- තෙතමනය
    II. තේජෝ - උණුසුම
    III. වායෝ - වායුව
    IV. පඨවි - තදගතිය

    (මේ භූත හතර එකතු වී භෞතික වස්තූන් බිහි කරයි.)
    මේ සියලු භෞතික ගුණ මළ සිරුර හෝ වෙනත් වස්තූන් තුළ අන්තර්ගත බව අපි දන්නෙමු. නමුත් ඉහතින් කියන ලද විඤ්ඤාණය සත්ත්වයාට පමණක් ආවේණික බව බෞද්ධ දර්ශනය සේම නූතන විද්‍යාවද පිළිගනී. නමුත් මෙම භෞතික වස්තු සක්‍රිය වීමට (චලනය) නම් අන්වායාම තරංග හා තීර්යක් තරංග අත්‍යවශ්‍ය වේ. පුරාණයේ ඇත්තන් මෙය ලබා ගත්තේ කෙසේද? ඒ සඳහා ඔවුන්ට විද්‍යුත් චුම්බක තරංග හේතු භූත විය. මේ කෙරෙහි සෑම මිනිසකුගේම විඤ්ඤාණික දර්ශනයට අනුව ඔහු වටා පවතින චිත්ත බලයක් හඳුනාගත හැකිය. මෙකී චිත්ත බලය රැස් වළල්ලක් ලෙස නිල් හා රතු වර්ණ මිශ්‍රව පිට කරයි. මේ බව ඉන්දියානු මහා විද්‍යාඥ සර් ජගතීස් චන්ද්‍රබෝස් ලොවට හෙළි කරයි. බුද්ධ දර්ශනය තුළද මෙකී කාරණය ගැඹුරින් විග්‍රහ කෙරේ. දැන් මේ චිත්ත බලය විද්‍යුත් චුම්බක තරංගයක් බවට පරිවර්තන වෙමින් ඉහත සඳහන් කළ භෞතික වස්තුව (මළ සිරුර) වෙත සම්ප්‍රේෂණය කරයි.

    මෙයට උදාහරණ ලෙස අධිමානසික හැකියාව ඇති අය විසින් යම් යම් වස්තු චලනය කරවීම දැක්විය හැක. ටවුටින් නමැති පුද්ගලයා විසින් හැඳි, ගෑරුප්පු වැනි දෑ නැමීම, චලනය කර වීම, සිග්මන් ප්‍රොයිඩ් වැනි අධි මානසික හැකියා ඇති පුද්ගලයන් අනුන්ගේ හිත කියැවීම. ඉහත කරුණට උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙම විද්‍යුත් චුම්බක තරංග මළ සිරුර වෙත ආරෝපණය වීමත් සමඟ එය චලනය වීමට පටන් ගනී. මෙය පෙර සිට ගුප්ත විද්‍යා ඇදුරන් හැඳින්වූයේ දිෂ්ටි වීම යනුවෙනි. විද්‍යුත් චුම්බක තරංග මේ සඳහා ඉවහල් වූ බව අපට දැන් වැටහේ.

    3. ධ්වනි තරංග (අන්වායාම
    තරංග ලෙස ගමන් කරයි.)
    කිසියම් ස්වරයක තාරාව එහි සංඛ්‍යාත මත රදා පවතී. නූතන විද්‍යාත්මක මෙම මතයට අනුව මෙම කාරණය විමසා බලමු. පෙර ගුප්ත විද්‍යා ඇදුරන් විසින් මළවුන්ට පණ දීම සඳහා මෙම ධ්වනි තරංග ප්‍රබල ලෙස යොදාගත් බව නිදසුන් සහිතව පැහැදිලි වේ. ධ්වනිය ඇති වීමට කම්පනයක් ඇති විය යුතුයි. මෙකී කාර්යයේදී කම්පන ඇති කරන බෙරය ආදී සංගීත භාණ්ඩ හා කටින් පිට කරන හඬ විශේෂ වේ. ධ්වනි බලයක් ඇති වන පරිදි ස්වර අක්ෂර පිහිටු වූ ජප මන්ත්‍ර මඟින් උපදින බලය අන්වායාම තරංගයක් ලෙස භෞතික වස්තුවට ඇතුළු වී එය දත්ත ගබඩාවක් බවට පත්වේ. විද්‍යුත් චුම්බක ශක්තිය හා එක්වී සූක්‍ෂ්ම තරංග ශක්තිය ජනනය කරයි. සූක්‍ෂ්ම තරංග නූතන ලෝකය සන්නිවේදන හා රේඩාර් උපකරණවලට භාවිත කරයි. සූක්‍ෂම තරංග තමන් විසින්ම ශක්තිය නිපදවා ගන්නා බව දනිමු. පෙර සිට ගුප්ත විද්‍යා ඇදුරන් විසින් මෙය මැනවින් හඳුනාගත් බව පෙනේ. බෙර හඬත්, ජප මන්ත්‍ර වාර ගණන වැඩි කරමින් (3, 7, 9, 18, 21, 108 ආදී වශයෙන්) වැඩි කරමින් කීම තුළින් මේ බව මනාව වැටහේ. සූක්‍ෂ්ම තරංග අධිසූක්ෂම තරංග බවට පත්වී ගුප්ත ඇදුරා විසින් ලබාදෙන දත්තයන්ට අනුව මළ සිරුර ක්‍රියාත්මක වීමට පටන් ගනී. වර්තමාන ලෝකයෙන් උදාහරණයක් දක්වන්නේ නම් පරිගණකය මඟින් දත්ත සැපැයූ රොබෝ යන්ත්‍රයක් ක්‍රියා කරන ආකාරය මෙනි.

    මන්ත්‍ර ජප කිරීමේදී කම්පන තරංගවල විස්තාරයන් අනුව හ‍ෙ¾ඩ් සැර අඩු වැඩි වීම.
    ඕනෑම භෞතික වස්තුවක් වෙත මුල් ශබ්දයේ සංවේදන මැකී යෑමට ප්‍රථම එහි පරාවර්තිත ශබ්දයක් නැවැත මුල් ශබ්දයත් එක දිගට කිහිප සැරයක් ලබා දීමෙන් දීර්ඝ ප්‍රතිනාදයක් ඇති වේ. (මන්ත්‍ර ජප කිරීමෙන් සිදු කෙරෙනුයේ එයයි.) ඉන්පසුව මිනිස් කන සංවේදී වන ධ්වනි තරංග පරාසය 20 ඩල - 20,000ඩල අභිභවා අතිධ්වනි තරංග පරාසයන් බිහිවීම සිදුවේ. මෙය බලයක් බවට පත්වී (ගුප්ත විද්‍යාව තුළ භූත පිල්ලි) අදාළ වස්තුව වෙත පැමිණ විද්‍යුත් චුම්බක ශක්තිය හා එක්වී ප්‍රාණ යන්ත්‍රයක් බවට පත්වේ. මෙය තවත් පැහැදිලි කළහොත් සුනඛයන්, බළලුන්, ගවයන් වැනි තිරිසන් සතුන්ටත් ගුප්ත විද්‍යාව තුළ හඳුන්වා දෙන දේව, භූත, ප්‍රේත, යක්‍ෂ ආදී කොට්ඨාසයන්ටත් අදාළ ප්‍රතිනාදය සන්නිවේදනය කර මේ භූත කොට්ඨාස ගුප්ත ඇදුරා විසින් බලයක් ලෙස යොදා ගනී. ඉන්පසු ආධාරක වස්තුව (මළ සිරුර හෝ වෙනත්) වෙත තමන්ට ලැබෙන සන්නිවේදනයේ ප්‍රමුඛතාව මත මෙම පිල්ලි පැමිණේ. මේ නියමය දත් පුරාණ ඇදුරන් දළගිරි වැනි මන්ත්‍ර භාවිත කරමින් නාග පිල්ලුව, වලස් පිල්ලුව, සුනඛ පිල්ලුව, මහසෝන් පිල්ලුව, විදුරුගිරි පිල්ලුව ආදී පිල්ලු මළ සිරුරට හෝ වෙනත් වස්තුවකට ආරෝපණය කරන ලදී. මෙය ඔවුන් හැඳින්වූයේ බන්ධනය කරනවා යනුවෙනි.

    4. ප්‍රතිජනනය
    මෙයින් අදහස් කරන්නේ එකම දෑ නැවැත නැවැත කිරීමයි. එයින් සිදු වන්නේ විද්‍යුත් තරංගීය ප්‍රතිශක්තියක් නිපදවී ඒකාකාරී ශක්තියක් දිගු කාල පරාසයක් තුළ ර¼දා පැවැතීමයි. නිදසුනක් ලෙස මළවුන්ට පණ දීමේදී නැවැත නැවැත බෙර හඬ නැඟීම, ස්තෝත්‍ර හා මන්ත්‍ර ගායනා කිරීම මඟින් ශක්ති කදම්බයන් නිපදවයි. එය නූතන විද්‍යාව විසින් ප්‍රතිනාදය නමින් හඳුන්වයි. ප්‍රතිනාදය තුළින් නිපදවෙන ශක්තිය මළ ශරීරය හෝ භෞතික වස්තුවට ආරෝපණය වේ. මළවුන්ට පණ දීමේදී පුරාණයේ ඇත්තන් විසින් අදාළ වස්තුව ඉදිරියේ නැවැත නැවැත දුම් ඇල්ලීම්, පහන් දැල්වීම්, නැටීම් ආදී දේ, නොකඩවා සිදු කරයි. මෙය ප්‍රතිකාර්ය නැතහොත් ප්‍රතිකර්මය ලෙස හඳුනාගත හැකිය. මෙයින්ද සිදු වන්නේ ප්‍රතිජනනාත්මක සංසිද්ධියකි. එයද මළවුන්ට පණ දීමේදී ඉවහල් වන ශක්ති සැපයෙන කදිම ක්‍රමවේදයකි.

    මේ චතුර්විධ කාරණා කේන්ද්‍ර ගත වූ කල ගොඩනැඟෙන බල කදම්බය තුළින් ඕනෑම භෞතික වස්තුවක් යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයකට පත් වන බැව් දැන් ඔබට පසක් වනු ඇතැයි සිතමි. පුරාණයේ ඇත්තෝද, නූතන විද්‍යාවෙන් කියැවෙන මේ චතුර්විධ බලය භෞතික වස්තූන්ට (මළවුන්ට) ප්‍රාණය ලබා දීම සඳහා මැනවින් යොදා ගත්හ.

    පුරාණ අන්තරීක්‍ෂ විද්‍යා ගවේෂක
    උපුල් එස්. දෙඹේපොළ
    0772042708
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ගෙඩි පිටින් කොපි කරලා දාද්දි ටිකක් ෆොන්ට් සයිස් එක ලොකු කරල දාමුද ?:dull:
    අාස්මිගේ ෆොන්ට් සයිස් එක නම් හොඳා:yes:

    ඒත තමයි බන් ගෙඩි පිටින් කොපි කරපු තැන දාන්නේ ලියපු කෙනාගේ නමත් එක්කම..:yes: නැත්නම් මට පිස්සුද පැදුරැ වගේ කමෙන්ට්ස් ටයිප් කරන්න..:confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒත තමයි බන් ගෙඩි පිටින් කොපි කරපු තැන දාන්නේ ලියපු කෙනාගේ නමත් එක්කම..:yes: නැත්නම් මට පිස්සුද පැදුරැ වගේ කමෙන්ට්ස් ටයිප් කරන්න..:confused:

    ටිකක් ලොකුවට දාන්න පුළුවන් නම් හොදයි...ඒ දාන ඒවා මාරම වටිනවා:yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට බයයි. මන් යනවා නිදා ගන්න.
    smiley-shocked032.gif
    smiley-shocked018.gif
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මිනිස් පිල්ලුව හදන්න ගන්නේ තුන් කුලුදුල් ළමයෙක්ලු.. ඒක කරන විදිය ලාවට අහලා තියෙනවා.. ඒත් මෙතන කියලා නරින්ට ආතල් දෙන්න ඕන නෑ.. පහළ තියෙන්නේ ඔය මිනිස් පිල්ලුව ගැන මව්බිමේ පළ වෙච්ච ලිපියක්.. ඕන නම් කියවලා බලන්න..
    ට මෙවන් අවස්ථා ඔබ දැක තිබෙන්නටද පුළුවන. මළවුන්ට පණ දීම අද සිදුවන්නේ නැත. එහෙත් කනප්පු
    2. විද්‍යුත් චුම්බක
    තරංගීය චිත්ත බලය
    * විඤ්ඤාණය (පියවි ඇසට) නොපෙනේ.
    * චිත්ත බලය
    I. ආපෝ- තෙතමනය
    II. තේජෝ - උණුසුම
    III. වායෝ - වායුව
    IV. පඨවි - තදගතිය

    (මේ භූත හතර එකතු වී භෞතික වස්තූන් බිහි කරයි.)
    මේ සියලු භෞතික ගුණ මළ සිරුර හෝ වෙනත් වස්තූන් තුළ අන්තර්ගත බව අපි දන්නෙමු. නමුත් ඉහතින් කියන ලද විඤ්ඤාණය සත්ත්වයාට පමණක් ආවේණික බව බෞද්ධ දර්ශනය සේම නූතන විද්‍යාවද පිළිගනී. නමුත් මෙම භෞතික වස්තු සක්‍රිය වීමට (චලනය) නම් අන්වායාම තරංග හා තීර්යක් තරංග අත්‍යවශ්‍ය වේ. පුරාණයේ ඇත්තන් මෙය ලබා ගත්තේ කෙසේද? ඒ සඳහා ඔවුන්ට විද්‍යුත් චුම්බක තරංග හේතු භූත විය. මේ කෙරෙහි සෑම මිනිසකුගේම විඤ්ඤාණික දර්ශනයට අනුව ඔහු වටා පවතින චිත්ත බලයක් හඳුනාගත හැකිය. මෙකී චිත්ත බලය රැස් වළල්ලක් ලෙස නිල් හා රතු වර්ණ මිශ්‍රව පිට කරයි. මේ බව ඉන්දියානු මහා විද්‍යාඥ සර් ජගතීස් චන්ද්‍රබෝස් ලොවට හෙළි කරයි. බුද්ධ දර්ශනය තුළද මෙකී කාරණය ගැඹුරින් විග්‍රහ කෙරේ. දැන් මේ චිත්ත බලය විද්‍යුත් චුම්බක තරංගයක් බවට පරිවර්තන වෙමින් ඉහත සඳහන් කළ භෞතික වස්තුව (මළ සිරුර) වෙත සම්ප්‍රේෂණය කරයි.

    මෙයට උදාහරණ ලෙස අධිමානසික හැකියාව ඇති අය විසින් යම් යම් වස්තු චලනය කරවීම දැක්විය හැක. ටවුටින් නමැති පුද්ගලයා විසින් හැඳි, ගෑරුප්පු වැනි දෑ නැමීම, චලනය කර වීම, සිග්මන් ප්‍රොයිඩ් වැනි අධි මානසික හැකියා ඇති පුද්ගලයන් අනුන්ගේ හිත කියැවීම. ඉහත කරුණට උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙම විද්‍යුත් චුම්බක තරංග මළ සිරුර වෙත ආරෝපණය වීමත් සමඟ එය චලනය වීමට පටන් ගනී. මෙය පෙර සිට ගුප්ත විද්‍යා ඇදුරන් හැඳින්වූයේ දිෂ්ටි වීම යනුවෙනි. විද්‍යුත් චුම්බක තරංග මේ සඳහා ඉවහල් වූ බව අපට දැන් වැටහේ.
    [/SIZE]
    චිත්ත ශක්තිය වැඩිවෙනකොට හිස වටා රැස් වලල්ලක් ඇතිවෙන බව දැනගෙන හිටියත් අනිත් කරුණු දැනුයි දැනගත්තේ.අනිත් අය කියන ඒවා ගණන්ගන්න එපා....plz keep posting important posts like this.:D
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් මිනිස් පිල්ලුව හදන්න ගන්නේ තුන් කුලුදුල් ළමයෙක්ලු.. ඒක කරන විදිය ලාවට අහලා තියෙනවා.. ඒත් මෙතන කියලා නරින්ට ආතල් දෙන්න ඕන නෑ.. පහළ තියෙන්නේ ඔය මිනිස් පිල්ලුව ගැන මව්බිමේ පළ වෙච්ච ලිපියක්.. ඕන නම් කියවලා බලන්න..

    මළවුන්ට පණ දීමේ විද්‍යාත්මක රහස

    ජේ‍යාතිෂය, දේශීය වෛද්‍ය විද්‍යාව, මන්ත්‍ර විද්‍යාව, භූත විද්‍යාව ආදී පුරාතන විෂයන් මිථ්‍යා විශ්වාස මත පදනම්ව ගොඩනැඟුණු ලෙස ඇතැමෙක් පිළිගනිති. ඒ බැව් සනාථ කරන්න කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන්නෝද අප අතර සිටිති. එසේ නමුත් ජීවිතයේ විවිධ අවස්ථාවලදී මෙකී විෂය පථයන් දිවි හිමියෙන් සරණ යන්නෝද වෙති. මේ අන්තයන් දෙකම හදාරමින් මිථ්‍යා මත හා මුළා විජ්ජාවන් බැහැර කරමින් මැදුම් පිළිවෙතින් යුක්තව පුරාතන විද්‍යාවන්ගේ සත්‍යය ගවේෂණය කරන්නෝද බොහෝ වෙති. ඉහත කී ගුප්ත විද්‍යාත්මක සංකල්ප අරබයා නූතන විද්‍යාත්මක විවරණයක් සැපයීමට මම බලාපොරොත්තු වෙමි. මෙවන් විචාරාත්මක ලිපි පෙළක් ප්‍රථම වතාවට ඔබ අතට පත්වන බැවින් විද්වත් පාඨක ඔබගේ ප්‍රතිචාරය ඉමහත් ශක්තියක් වනු ඇතැයි මම සිතමි.

    පුරාණයේ ඇත්තන් මළවුන්ට පණ දුන් වග ඔබ අසා ඇතුවාට සැක නැත. ඇතැම්විට මෙවන් අවස්ථා ඔබ දැක තිබෙන්නටද පුළුවන. මළවුන්ට පණ දීම අද සිදුවන්නේ නැත. එහෙත් කනප්පු යැවීම, පොල් ගෙඩි කරකැවීම, කුළු කරකැවීම වර්තමානයේ පවා රටේ බොහෝ තැන්වල මෙවන් දේ සිදු වෙයි. අද අපේ මාතෘකාවට අනුව මෙකී මළ කඳ යළි පණ ලබන්නේ කෙසේද? අණ පරිදි වැඩකටයුතු කරන්නේ කොහොමද කියා විදු ඇසකින් විමසා බලමු. මාගේ ගවේෂණ කාර්ය තුළ මෙකී සංසිද්ධියට අදාළ කරුණු හතරක් කේන්ද්‍රීයව බලපාන බව වටහා ගතිමි. මෙකී කේන්ද්‍රීය බලය එක්තැන් වූ පසු ඕනෑම භෞතික වස්තුවක් යළි සක්‍රිය වන බැව් කිව යුතුයි. මේ කාරණය භෞතික විද්‍යාත්මක දෘෂ්ටියෙන් බලපාන කල්හි ඕනෑම වස්තුවක් බිහිවීමට ආපෝ (තෙතමනය), තේජෝ (උණුසුම), වායෝ (සුළඟ), පඨවි (තදගතිය), පෘථිවි ගුණය යන සතරාංග උපයුක්ත වේ. මේ සතරාංගය සතර මහා භූත කොට්ඨාස ලෙස භෞතික වස්තු නිර්මාණය කරනු ලබයි. මේ සඳහා භෞතික වස්තුවකට හඳුනාගත් සතරාකාර බල කදම්බයන් ලබාදෙන කල්හි එම වස්තුවට ප්‍රාණයක් ලැබේ. මිනිසා ඇතුළු සත්ත්වයන් සුජීවත්ව සිටින කාලයේදී ප්‍රාණයක් හිමි බැව් අපි දනිමු. එය විඤ්ඤාණය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ශරීරයෙන් යම් දිනෙක විඤ්ඤාණය බැහැරව ගිය කල්හි එකී ශරීරය මළවුන් අතරට වැටේ. එසේ නම් සත්‍ය ලෙසම මේ හැර ගිය විඤ්ඤාණය පෙර සිටි ගුප්ත විද්‍යාඥයන් විසින් යළි මළවුන්ට ලබා දුන්නද? නැත. එසේ විණි නම් ඔවුන් සදාකල්හිම අමරණීය වනු ඇත. එසේ නම් මළවුන් යළි පණ ලද්දේ කෙසේද? මළවුන් පමණක් නොව වෙනත් අජීවී භෞතික වස්තු පවා සජීවී ලෙස ක්‍රියාත්මක වූයේ කෙසේද? ඇදුරාගේ අණට කීකරුව කියන කියන දෑ සිදු කළේ කෙසේද? මේ මහා රහස ගවේෂණය කරන මම මෙකී සංසිද්ධියට අදාළ සිවුවැදෑරුම් ක්‍රමවේදයක් ඔවුන් භාවිත කරනවා ඇතැයි හඳුනා ගතිමි.

    මෙකී සිව් වැදෑරුම් බලකදම්බයන් මනා ලෙස සපිරුණු කල්හි නමැති ස්ථානයේ ඇතිවන චුම්බක ක්‍ෂේත්‍රය, නියුටෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන යන පරමාණුක ශක්තියෙන් තුලනය වේ. එම අවස්ථාවේ පටන් බලයට කේන්ද්‍ර ගතවූ ඕනෑම භෞතික වස්තුවක් ක්‍රියාත්මක වී චලන දක්වයි. ලබාදෙන වේදනයන්ට අනුව ක්‍රියාකාරී වී කාර්යය සපුරයි. මෙය තාවකාලික යාන්ත්‍රික ප්‍රාණ බලයක් ලෙස හඳුනාගත හැකිය. මේ ක්‍රියාදාමයට නූතන විද්‍යාවේ රොබෝවරයා සමාන කළ හැකිය. පරිගණකය මඟින් සපයනු ලබන දත්තවලට පමණක් රොබෝවරයා ක්‍රියාත්මක වන්නේ යම් සේද? එසේම පෙර ගුප්ත ඇදුරාගේ අණට මේ මළවුන්ද ක්‍රියාත්මක විය.
    සිවුවැදෑරුම් බල කේන්ද්‍රය පිළිබඳ එකිනෙක විමසා බලමු.

    1. අන්තරීක්‍ෂ බලය
    අන්තරීක්‍ෂ බලය යනු සූර්යා ඇතුළු ග්‍රහ වස්තූන්ගෙන් ජීවයේ ඇරැඹුම, පැවැත්ම හා නැසුම සඳහා කෙරෙන බලපෑම යැයි කෙටියෙන් හඳුන්වා දිය හැකිය. මෙය අතිශයින් ගැඹුරු විෂයක් නිසා මෙම විෂය පිළිබඳ විද්‍යාත්මක විවරණයක් ඉදිරි ලිපිවලින් පළ කිරීමට අදහස් කෙරේ. අන්තරීක්‍ෂ බලය කෙතරම් වැදගත්ද යත්, මෙම බලය නැති කල්හි ලොව කිසිදු ශක්තියක් නොපවතිනු ඇත. අපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහාභූත කොට්ඨාස නිර්මාණය කිරීමට සූර්යා ඇතුළු ග්‍රහ වස්තූන්ගේ නානවිධ කිරණ ශක්තීන් හේතු වේ.

    පෘථිවියේ ජීවීන්ගේ පැවැත්ම (ශාක හා සත්ත්ව) සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ සූර්ය ශක්තියයි. තාපය හා ආලෝකය ලෙස අපට ලැබෙන්නේ කෙසේද? එය පදාර්ථයෙන් තොරව අවකාශය හරහා තරංග ආකාරයෙන් පොළොවට ලැබෙන බව නූතන විද්‍යාව උගන්වයි. රික්තයක් තුළින් වුවද ප්‍රචාරණය වීමට හැකි මෙවැනි තරංග විද්‍යුත් චුම්බක ශක්තියක් ලෙස ගොඩනැඟේ. එසේ නම් පෙර සිටි ගුප්ත විද්‍යාඥයන් අන්තරීක්‍ෂ බලය නියම කලට මනා ලෙස යොදා ගනිමින් භෞතික වස්තූන්ට යාන්ත්‍රික ජීවයක් සපයා ඇත. එම කාරණයේදී ඔවුන් පහත කරුණු සැලකිල්ලට ගත් බව නූතන විද්‍යාව තුළින් පැහැදිලි වේ.

    නූතන විද්‍යාවට අනුව සම්ප්‍රේෂණයට මාධ්‍යයක් නොමැතිව පැමිණෙන අන්තරීක්‍ෂ බල කදම්බයන් භෞතික වස්තුවකට ඇතුළත් වී ශක්තිය නිපදවයි. එසේම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ශක්තිය සම්ප්‍රේෂණය කරයි. මෙම ශක්තිය ආරෝපණ ගුණයෙන්ද යුක්ත වේ. මේ බැව් පුරාණ ඇත්තෝද මැනවින් දත්හ. ඔබ දන්නා පරිදි රික්තයේදී 3×108 ථඵ-1 වේගයකින් අන්තරීක්‍ෂ බලය ගමන් කරයි. එය ප්‍රබල අවස්ථාවකි. යම් වස්තුවක් රික්තයට හසුව අන්තරීක්‍ෂ බලයට නතු වූ විට එම වස්තුව තුළ පවතින නියුටෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන පිටතට ඇදී යයි. මෙම අති ප්‍රබල අවස්ථාව හොඳින් නිරීක්‍ෂණය කර අතීත ගුප්ත විද්‍යාඥයන් මළවුන්ට පණ දීමේ මර සහ සුබ මුහුර්ත සාදා ගත්හ. එපමණක් නොව එම රික්තයට හසුවන ජීවී වස්තුවක් පවා වියළී හැකිළී යෑමට තරම් මෙම ශක්තිය ප්‍රබල විය. (ඒවාට අදාළ සංසිද්ධීන් පසු ලිපිවලින් බලාපොරොත්තු වන්න.) මළවුන්ට පණ දීමේ මෙම අන්තරීක්‍ෂ බලය රික්තයේ ගමන් කරන අවස්ථාවන් හඳුනාගත් පුරාණ ඇත්තෝ, එම රික්තයන්ට යම් යම් වස්තු (ඇසේ දෘෂ්ටි පථයට හසු නොවන - ඔවුන් මේවා හැඳින්වූයේ පිල්ලි ලෙසය.) නතු කොට එම වස්තූන් තුළ පවතින පරමාණුක ශක්තීන් මළවුන් වෙත ආරෝපණය කරන ලදී. මේ වික්‍රමය ඔවුන් කරන ලද්දේ අන්තරීක්‍ෂ බලයේ ආධාරයෙනි.

    මේ අයුරින් ඔවුන් අන්තරීක්‍ෂ බලයෙන් හට ගන්නා නැකැත්, ගණ, කරණ, දින, තිථි, යෝග ආදී ප්‍රබල ශක්ති දෘශ්‍ය ආලෝකයන් හා තාප බලයන් උපයුක්ත කොටගත් බව අපට වැටහේ.
    2. විද්‍යුත් චුම්බක
    තරංගීය චිත්ත බලය
    * විඤ්ඤාණය (පියවි ඇසට) නොපෙනේ.
    * චිත්ත බලය
    I. ආපෝ- තෙතමනය
    II. තේජෝ - උණුසුම
    III. වායෝ - වායුව
    IV. පඨවි - තදගතිය

    (මේ භූත හතර එකතු වී භෞතික වස්තූන් බිහි කරයි.)
    මේ සියලු භෞතික ගුණ මළ සිරුර හෝ වෙනත් වස්තූන් තුළ අන්තර්ගත බව අපි දන්නෙමු. නමුත් ඉහතින් කියන ලද විඤ්ඤාණය සත්ත්වයාට පමණක් ආවේණික බව බෞද්ධ දර්ශනය සේම නූතන විද්‍යාවද පිළිගනී. නමුත් මෙම භෞතික වස්තු සක්‍රිය වීමට (චලනය) නම් අන්වායාම තරංග හා තීර්යක් තරංග අත්‍යවශ්‍ය වේ. පුරාණයේ ඇත්තන් මෙය ලබා ගත්තේ කෙසේද? ඒ සඳහා ඔවුන්ට විද්‍යුත් චුම්බක තරංග හේතු භූත විය. මේ කෙරෙහි සෑම මිනිසකුගේම විඤ්ඤාණික දර්ශනයට අනුව ඔහු වටා පවතින චිත්ත බලයක් හඳුනාගත හැකිය. මෙකී චිත්ත බලය රැස් වළල්ලක් ලෙස නිල් හා රතු වර්ණ මිශ්‍රව පිට කරයි. මේ බව ඉන්දියානු මහා විද්‍යාඥ සර් ජගතීස් චන්ද්‍රබෝස් ලොවට හෙළි කරයි. බුද්ධ දර්ශනය තුළද මෙකී කාරණය ගැඹුරින් විග්‍රහ කෙරේ. දැන් මේ චිත්ත බලය විද්‍යුත් චුම්බක තරංගයක් බවට පරිවර්තන වෙමින් ඉහත සඳහන් කළ භෞතික වස්තුව (මළ සිරුර) වෙත සම්ප්‍රේෂණය කරයි.

    මෙයට උදාහරණ ලෙස අධිමානසික හැකියාව ඇති අය විසින් යම් යම් වස්තු චලනය කරවීම දැක්විය හැක. ටවුටින් නමැති පුද්ගලයා විසින් හැඳි, ගෑරුප්පු වැනි දෑ නැමීම, චලනය කර වීම, සිග්මන් ප්‍රොයිඩ් වැනි අධි මානසික හැකියා ඇති පුද්ගලයන් අනුන්ගේ හිත කියැවීම. ඉහත කරුණට උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙම විද්‍යුත් චුම්බක තරංග මළ සිරුර වෙත ආරෝපණය වීමත් සමඟ එය චලනය වීමට පටන් ගනී. මෙය පෙර සිට ගුප්ත විද්‍යා ඇදුරන් හැඳින්වූයේ දිෂ්ටි වීම යනුවෙනි. විද්‍යුත් චුම්බක තරංග මේ සඳහා ඉවහල් වූ බව අපට දැන් වැටහේ.

    3. ධ්වනි තරංග (අන්වායාම
    තරංග ලෙස ගමන් කරයි.)
    කිසියම් ස්වරයක තාරාව එහි සංඛ්‍යාත මත රදා පවතී. නූතන විද්‍යාත්මක මෙම මතයට අනුව මෙම කාරණය විමසා බලමු. පෙර ගුප්ත විද්‍යා ඇදුරන් විසින් මළවුන්ට පණ දීම සඳහා මෙම ධ්වනි තරංග ප්‍රබල ලෙස යොදාගත් බව නිදසුන් සහිතව පැහැදිලි වේ. ධ්වනිය ඇති වීමට කම්පනයක් ඇති විය යුතුයි. මෙකී කාර්යයේදී කම්පන ඇති කරන බෙරය ආදී සංගීත භාණ්ඩ හා කටින් පිට කරන හඬ විශේෂ වේ. ධ්වනි බලයක් ඇති වන පරිදි ස්වර අක්ෂර පිහිටු වූ ජප මන්ත්‍ර මඟින් උපදින බලය අන්වායාම තරංගයක් ලෙස භෞතික වස්තුවට ඇතුළු වී එය දත්ත ගබඩාවක් බවට පත්වේ. විද්‍යුත් චුම්බක ශක්තිය හා එක්වී සූක්‍ෂ්ම තරංග ශක්තිය ජනනය කරයි. සූක්‍ෂ්ම තරංග නූතන ලෝකය සන්නිවේදන හා රේඩාර් උපකරණවලට භාවිත කරයි. සූක්‍ෂම තරංග තමන් විසින්ම ශක්තිය නිපදවා ගන්නා බව දනිමු. පෙර සිට ගුප්ත විද්‍යා ඇදුරන් විසින් මෙය මැනවින් හඳුනාගත් බව පෙනේ. බෙර හඬත්, ජප මන්ත්‍ර වාර ගණන වැඩි කරමින් (3, 7, 9, 18, 21, 108 ආදී වශයෙන්) වැඩි කරමින් කීම තුළින් මේ බව මනාව වැටහේ. සූක්‍ෂ්ම තරංග අධිසූක්ෂම තරංග බවට පත්වී ගුප්ත ඇදුරා විසින් ලබාදෙන දත්තයන්ට අනුව මළ සිරුර ක්‍රියාත්මක වීමට පටන් ගනී. වර්තමාන ලෝකයෙන් උදාහරණයක් දක්වන්නේ නම් පරිගණකය මඟින් දත්ත සැපැයූ රොබෝ යන්ත්‍රයක් ක්‍රියා කරන ආකාරය මෙනි.

    මන්ත්‍ර ජප කිරීමේදී කම්පන තරංගවල විස්තාරයන් අනුව හ‍ෙ¾ඩ් සැර අඩු වැඩි වීම.
    ඕනෑම භෞතික වස්තුවක් වෙත මුල් ශබ්දයේ සංවේදන මැකී යෑමට ප්‍රථම එහි පරාවර්තිත ශබ්දයක් නැවැත මුල් ශබ්දයත් එක දිගට කිහිප සැරයක් ලබා දීමෙන් දීර්ඝ ප්‍රතිනාදයක් ඇති වේ. (මන්ත්‍ර ජප කිරීමෙන් සිදු කෙරෙනුයේ එයයි.) ඉන්පසුව මිනිස් කන සංවේදී වන ධ්වනි තරංග පරාසය 20 ඩල - 20,000ඩල අභිභවා අතිධ්වනි තරංග පරාසයන් බිහිවීම සිදුවේ. මෙය බලයක් බවට පත්වී (ගුප්ත විද්‍යාව තුළ භූත පිල්ලි) අදාළ වස්තුව වෙත පැමිණ විද්‍යුත් චුම්බක ශක්තිය හා එක්වී ප්‍රාණ යන්ත්‍රයක් බවට පත්වේ. මෙය තවත් පැහැදිලි කළහොත් සුනඛයන්, බළලුන්, ගවයන් වැනි තිරිසන් සතුන්ටත් ගුප්ත විද්‍යාව තුළ හඳුන්වා දෙන දේව, භූත, ප්‍රේත, යක්‍ෂ ආදී කොට්ඨාසයන්ටත් අදාළ ප්‍රතිනාදය සන්නිවේදනය කර මේ භූත කොට්ඨාස ගුප්ත ඇදුරා විසින් බලයක් ලෙස යොදා ගනී. ඉන්පසු ආධාරක වස්තුව (මළ සිරුර හෝ වෙනත්) වෙත තමන්ට ලැබෙන සන්නිවේදනයේ ප්‍රමුඛතාව මත මෙම පිල්ලි පැමිණේ. මේ නියමය දත් පුරාණ ඇදුරන් දළගිරි වැනි මන්ත්‍ර භාවිත කරමින් නාග පිල්ලුව, වලස් පිල්ලුව, සුනඛ පිල්ලුව, මහසෝන් පිල්ලුව, විදුරුගිරි පිල්ලුව ආදී පිල්ලු මළ සිරුරට හෝ වෙනත් වස්තුවකට ආරෝපණය කරන ලදී. මෙය ඔවුන් හැඳින්වූයේ බන්ධනය කරනවා යනුවෙනි.

    4. ප්‍රතිජනනය
    මෙයින් අදහස් කරන්නේ එකම දෑ නැවැත නැවැත කිරීමයි. එයින් සිදු වන්නේ විද්‍යුත් තරංගීය ප්‍රතිශක්තියක් නිපදවී ඒකාකාරී ශක්තියක් දිගු කාල පරාසයක් තුළ ර¼දා පැවැතීමයි. නිදසුනක් ලෙස මළවුන්ට පණ දීමේදී නැවැත නැවැත බෙර හඬ නැඟීම, ස්තෝත්‍ර හා මන්ත්‍ර ගායනා කිරීම මඟින් ශක්ති කදම්බයන් නිපදවයි. එය නූතන විද්‍යාව විසින් ප්‍රතිනාදය නමින් හඳුන්වයි. ප්‍රතිනාදය තුළින් නිපදවෙන ශක්තිය මළ ශරීරය හෝ භෞතික වස්තුවට ආරෝපණය වේ. මළවුන්ට පණ දීමේදී පුරාණයේ ඇත්තන් විසින් අදාළ වස්තුව ඉදිරියේ නැවැත නැවැත දුම් ඇල්ලීම්, පහන් දැල්වීම්, නැටීම් ආදී දේ, නොකඩවා සිදු කරයි. මෙය ප්‍රතිකාර්ය නැතහොත් ප්‍රතිකර්මය ලෙස හඳුනාගත හැකිය. මෙයින්ද සිදු වන්නේ ප්‍රතිජනනාත්මක සංසිද්ධියකි. එයද මළවුන්ට පණ දීමේදී ඉවහල් වන ශක්ති සැපයෙන කදිම ක්‍රමවේදයකි.

    මේ චතුර්විධ කාරණා කේන්ද්‍ර ගත වූ කල ගොඩනැඟෙන බල කදම්බය තුළින් ඕනෑම භෞතික වස්තුවක් යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයකට පත් වන බැව් දැන් ඔබට පසක් වනු ඇතැයි සිතමි. පුරාණයේ ඇත්තෝද, නූතන විද්‍යාවෙන් කියැවෙන මේ චතුර්විධ බලය භෞතික වස්තූන්ට (මළවුන්ට) ප්‍රාණය ලබා දීම සඳහා මැනවින් යොදා ගත්හ.

    පුරාණ අන්තරීක්‍ෂ විද්‍යා ගවේෂක
    උපුල් එස්. දෙඹේපොළ
    0772042708

    ගොඩක් අයට වැදගත් මචන්..
     
    Last edited: