20-20 ලෝක කුසලාන ශූරයන් සමරන්න ගාලූ මුවදොරට එන්න
Published on Monday, 07 April 2014
විස්සයි20 ලෝක කුසලාන ශූරයන් හෙට පස්වරු 3ට කටුනායක ගුවන් තොටුපළට ළඟා වෙයි.
ඉන්පසුව එහි විශේෂ ආරාධිතයන් සඳහා වන පීඨිකාවේදී මාධ්‍ය හමුවක් පවත්වා ජය සැමරීමට ඡුායාරූප ගැනීම සඳහා අවස්ථාව ලබාදීමට නියමිත බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
අනතුරුව ගුවන් තොටුපළ සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම කොළඹ-මීගමුවා පාර, සීදුව, ජා-ඇල, කඳාන, මහබාගේ, හැඳල, වත්තල, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, බොරැල්ල, කනත්ත පාර වටරවුම, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, ගාලූ පාරෙන් ගාලූ මුවෙදාර ක‍්‍රීඩාංගනය වෙත යාමට නියමිතය.
ආසන්න වශයෙන් හෙට රාත‍්‍රි 7.30 පමණ වනවිට ගාලූ මුවෙදාර ක‍්‍රීඩාංගනය වෙත පැමිණෙන විස්සයි20 ලෝක කුසලාන ශූරයන් සමඟ ජයග‍්‍රහණය සැමරීමට ක‍්‍රිකට් ලෝලීන්ට ශ‍්‍රී ලංක ක‍්‍රිකට් ආයතනය ඇරයුම් කර සිටියි.