අප ඒ ඒ ජාතීන් සහ ආගමිකයින් ලෙස එකට එක්ව ජීවත් වන අතර ඒ හේතුවෙන්ම අප එකිනෙකාගේ සංස්කෘතීන් එකට මිශ්‍ර වී පවතිනවා. සිංහල බෞද්ධයෙකු වීම ගැන මම විශේෂයෙන් ආඩම්බර වන අතර ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ද ඒ වගේම ආඩම්බර වනවා. මම ශ්‍රී ලාංකිකයෙකු වනවා කියන්නේ මගේ සිංහල බෞද්ධ උරුමය වෙනත් කිසිවකට යට කර දැමීමක් නොවෙයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ දී සිංහල, බෞද්ධ උරුමය, දෙමළ හින්දු උරුමයට හෝ ක්‍රිස්තියානි උරුමයට හෝ මුස්ලිම් ඉස්ලාම් උරුමයට හෝ යට කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ වගේම දෙමළ හින්දු උරුමය, සිංහල බෞද්ධ උරුමයට, දෙමළ ක්‍රිස්තියානි උරුමයට හෝ මුස්ලිම් ඉස්ලාම් උරුමයට යට කෙරෙන්නේ නැහැ. එමෙන්ම මුස්ලිම් ඉස්ලාම් උරුමය, සිංහල බෞද්ධ උරුමයට හෝ දෙමළ හින්දු සහ ක්‍රිස්තියානි උරුමයන්ට යට කෙරෙන්නේ ද නැහැ. දෙමළ ක්‍රිස්තියානි උරුමය ද ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ දී සිංහල බෞද්ධ උරුමයට හෝ හින්දු ඉස්ලාම් උරුමයට යට වීමක් සිදු වන්නේ නැහැ.
මගේ සිංහල බෞද්ධකම ගැනත්, ඒ ඉතිහාසය ගැනත් මම ආඩම්බර වනවා වගේම අපේ මේ සමාජය අනෙකුත් ජාතීන් සහ ආගම්වලින් පෝෂණය වී තිබීම ගැන ද මම ආඩම්බර වනවා. සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, දමිළ හින්දු, දමිළ ක්‍රිස්තියානි, හින්දු ඉස්ලාමි අප සියලූ දෙනාම මේ සමාජයේ ජීවත් වන්නේ එකට එක්වයි.
අතිගරු රනිල් වික්‍රමසින්හයන්