☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    අපෝ ඔව්...අසූමහ ශ්‍රාවකයන් ගැන අහල ඇතිනෙ....ඒකායන මග්ග සතිපට්ටන කිව්වාම ඒ අය මිරකල් එකකින් වෙන දෙයක් කලා වෙන්න බැ නෙ....

    ඔබතුමා ත්‍රිපිටකයට දෙහි කැපුවට..ලන්කාවෙ තියෙන ටීචින් (මාර්ගය වඩන ) ඔක්කොම බේස් වෙන්නෙ තිර්පිටකය ( මැප් ) එක ඇසුරින්...අවබෝදයෙන් ගෙනාපු ට්‍රැඩ්ශන් ලන්කාවෙ නැ දැන්...ඔබතුමාගෙ ගුරුවරයගෙ ගුරුවරයත්..ත්‍රීපිටකය ඇසූරින් තමයි දර්මය කතාකලෙ...හිස්ටරි එක හොයල බලන්න...
    LOL මටත් පුළුවන් ත්‍රිපිටකය කියවල එහෙං මෙහෙං වචන ටිකක් බස්සල ඔයවගෙ කතාවක් ලියල, මේ තමයි ඒකායන මග්ග සතිපට්ටනය කියල කියන්න, මම ඇහුවෙ ත්‍රිපිටකයෙන් මාර්ගඵල ලබපු අය ගැන නෙමෙයි. මම ඇහුවෙ ඔය ඔයා උඩින් කොටපු කතාව කියලවල මාර්ගඵල ලබපු අය ඉන්නවද කියල. මම කවදාකවත් ත්‍රිපිටකයට දෙහි කපලත් නැහැ කපන්නෙත් නැහැ... මම දෙහි කපන්නෙ ත්‍රිපිටකය කියවල, සර්වඥතා ඥානයෙන් බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය මෙන්න මේකයි කියල එක එක interpretations හදන මරි මෝඩ පෘතක්ජනයින්ට.

    අවබෝධයෙන් ගෙනාපු tradition එක නෑ කියන්නෙ ඔයාගෙ නොදන්නා කම නිසා... මගේ ගුරුවරය වත් උන්වහන්සේගෙ ගුරුවරු වත් ත්‍රිපිටකය දිග ඇරගෙන බණ කියන්නෙ නැහැ..

    බය වෙන්න දෙයක් නැහැ දැන් අපේ @Blair Solari මල්ලි ඕක try කරල බලල කියයිනෙ හරි ගියාද නැද්ද කියල. ;-)

    PS: ඒකායන මග්ග සතිපට්ඨානය කියන්නෙ miracle එකක් තමයි... මේ ලෝකෙ true miracle එකක් ගැන කෙනෙක් ඇහුවොත් බය නැතුව කියන්න. ඕකෙන් මහා භයානක මිනිස්සු, රජවරු, සිටුවරු, මාර්ගපල ලාබීන් සහ සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේලා බවට පත් කරල තියෙනව. මේ අදටත් වෙනව. 🤷‍♂️
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    LOL මටත් පුළුවන් ත්‍රිපිටකය කියවල එහෙං මෙහෙං වචන ටිකක් බස්සල ඔයවගෙ කතාවක් ලියල, මේ තමයි ඒකායන මග්ග සතිපට්ටනය කියල කියන්න, මම ඇහුවෙ ත්‍රිපිටකයෙන් මාර්ගඵල ලබපු අය ගැන නෙමෙයි. මම ඇහුවෙ ඔය ඔයා උඩින් කොටපු කතාව කියලවල මාර්ගඵල ලබපු අය ඉන්නවද කියල. මම කවදාකවත් ත්‍රිපිටකයට දෙහි කපලත් නැහැ කපන්නෙත් නැහැ... මම දෙහි කපන්නෙ ත්‍රිපිටකය කියවල, සර්වඥතා ඥානයෙන් බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය මෙන්න මේකයි කියල එක එක interpretations හදන මරි මෝඩ පෘතක්ජනයින්ට.

    ඔබතුමා එකක් නෙවේ දහයක් ත්‍රිපිටකය බලල ලිව්වත්...අපි ගන්නෙ ඔබතුමා කියන්නෙ බයිලයක්ද නැති ද කියල ත්‍රිපිටකත් එක්ක හොයල බලල මිස...කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව දෙය්ය දුන්න හාස්කම් නිසා රෙජෙක්ට් කරනව කියන්නෙ නැනෙ..:cool:

    දෙහි නොකැවපු මම වෙන්න නැති ත්‍රිපිටකය ලියපු උතුමන්ටත් මොට්ටයො කිව්වෙ කලින්... :shocked:

    අවබෝධයෙන් ගෙනාපු tradition එක නෑ කියන්නෙ ඔයාගෙ නොදන්නා කම නිසා... මගේ ගුරුවරය වත් උන්වහන්සේගෙ ගුරුවරු වත් ත්‍රිපිටකය දිග ඇරගෙන බණ කියන්නෙ නැහැ..

    කියන්නකො බලන්න ඒ ට්‍රැඩිශන් තියෙන තැන්...කාටද කතාකරන්න පුලුවන් කියල?
    කියවපු දේන් ඔබතුමාට අඩහස් උනෙ ත්‍රිපිටකය දිග ඇරගෙන බන කියනව කිව්ව කියල නම්..ඒක ඔබතුමාගෙ තේරුම් ගනීමේ අවුලක්

    PS: ඒකායන මග්ග සතිපට්ඨානය කියන්නෙ miracle එකක් තමයි... මේ ලෝකෙ true miracle එකක් ගැන කෙනෙක් ඇහුවොත් බය නැතුව කියන්න. ඕකෙන් මහා භයානක මිනිස්සු, රජවරු, සිටුවරු, මාර්ගපල ලාබීන් සහ සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේලා බවට පත් කරල තියෙනව. මේ අදටත් වෙනව. 🤷‍♂️

    අනිවාර්යයෙන්...ඒකනෙ සොවාන් වෙන්න සතිපට්ටානය ඕනෙ කියල බුදුහාමුදුරුවන් සුත්‍රේ දාල තිබුනෙ...කෙනෙකුට..කියවන ස්පිඩ් එක අනුව එකේ අකාලික බව ලෙෆ්ට් උනාට.. :rofl:
    ------ Post added on Jan 3, 2026 at 2:28 AM
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඔබතුමා එකක් නෙවේ දහයක් ත්‍රිපිටකය බලල ලිව්වත්...අපි ගන්නෙ ඔබතුමා කියන්නෙ බයිලයක්ද නැති ද කියල ත්‍රිපිටකත් එක්ක හොයල බලල මිස...කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව දෙය්ය දුන්න හාස්කම් නිසා රෙජෙක්ට් කරනව කියන්නෙ නැනෙ..:cool:

    දෙහි නොකැවපු මම වෙන්න නැති ත්‍රිපිටකය ලියපු උතුමන්ටත් මොට්ටයො කිව්වෙ කලින්... :shocked:
    මොකා ලිව්වත් ඔය ඔක්කොම බයිල තමයි, ආයි අමුතුවෙන් බලල reject කරන්න ඕනි නැහැ. ත්‍රිපිටකය ලියපු උතුමන්ටත් මොට්ටය කිව්ව මම??? ඒ කොහෙද? බොරු නං කියන්න එපා රෝෂ් අයියෙ. :baffled:
    කියන්නකො බලන්න ඒ ට්‍රැඩිශන් තියෙන තැන්...කාටද කතාකරන්න පුලුවන් කියල?
    කියවපු දේන් ඔබතුමාට අඩහස් උනෙ ත්‍රිපිටකය දිග ඇරගෙන බන කියනව කිව්ව කියල නම්..ඒක ඔබතුමාගෙ තේරුම් ගනීමේ අවුලක්
    යන්න ඉංගිරියේ ජේතවනාරාමයට, ගිහිල්ල meeting එකක් දාගන්න, අහන්න කොහෙන්ද ධර්මය ආවෙ කියල... පිළිගන්න නොගන්න එක ඔයාගෙ වැඩක්.

    මේකත් පොඩ්ඩක් බලන්න පුළුවන් නම්:

    අනිවාර්යයෙන්...ඒකනෙ සොවාන් වෙන්න සතිපට්ටානය ඕනෙ කියල බුදුහාමුදුරුවන් සුත්‍රේ දාල තිබුනෙ...කෙනෙකුට..කියවන ස්පිඩ් එක අනුව එකේ අකාලික බව ලෙෆ්ට් උනාට.. :rofl:
    ------ Post added on Jan 3, 2026 at 2:28 AM
    බොරු මර්සි දාන්න ඕනි නැහැ... ඔයාට තාම අකාලිකත්වය තේරිලා නැහැ එතකං ඉන්න :P
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    මොකා ලිව්වත් ඔය ඔක්කොම බයිල තමයි, ආයි අමුතුවෙන් බලල reject කරන්න ඕනි නැහැ. ත්‍රිපිටකය ලියපු උතුමන්ටත් මොට්ටය කිව්ව මම??? ඒ කොහෙද? බොරු නං කියන්න එපා රෝෂ් අයියෙ. :baffled:

    ඔබතුමා ඔය බයිල කීයන එක, අයි එහෙම වෙන්නෙ කියල අනිත්ම වෙනකල් ප්‍රශ්න කරගෙන ගියාම ඉවරවෙන්න් හාස්කම්වලින් සහ...ස්පීඩ් අකාලිකත්වය මත උන පදනමක් නැති ස්ටේට්මන්ට් එකක් ඇරෙන්න වෙන දෙයක් නැ නෙ..

    👇

    ඔව් මේක තමයි ප්‍රශ්නෙ, මේක කියවන්නෙ.. ඊයේ, අද, හෙට තියෙන "මම", මේක ලිව්වෙත් ඒ මමම තමයි... ඔන්න ඕක තමයි රෝෂ් බුදු හාමුදුරුවො දේශනා කලේ මේවා පොත් වල ලියන්න එපා කියල... මොන මොට්ට වැඩක් ද මේ කරල තියෙන්නෙ... තනිකරම අකාලිකත්වය left.
    🥀

    මොට්ට වැඩ කරන්නෙ මොට්ටයන් නෙ මහත්තයො?
    මමනම් නෙවේ පොත් වල ලියල තියෙන්නෙ :rofl:

    යන්න ඉංගිරියේ ජේතවනාරාමයට, ගිහිල්ල meeting එකක් දාගන්න, අහන්න කොහෙන්ද ධර්මය ආවෙ කියල... පිළිගන්න නොගන්න එක ඔයාගෙ වැඩක්.

    මේකත් පොඩ්ඩක් බලන්න පුළුවන් නම්:

    මහත්තයො ඔබතුමා අද ඊයෙ ඔය හාමුදුරුවන්ගෙන බන අහන්න ගත්තට...ඔය හාමුදුරුවන්ට කතාකරලත් ඇත..ඒ කාලෙ ඔය හාමුදුරුවන් ලග මහන වෙන්නත් ලොකු ඇම්මක් තිබී ඇත..ගෙදරින් ආපු අවුල් නිසා කරේ නැති උනාට...මම දන්න යාලුවන් දැනටත් මුල ඉදන්ම ඔතන ඇත...ඔය ගෲප් වල නිරන්තරයෙන් ඔන්ල්යින් සහබාගී විත් ඇත...

    ඔබතුමා දන්නෙ නැති උනාට...ඔය හාමුදුරුවො, අභය හාමුදුරුවෙ...ඔක්කොම මතු වෙන්නෙ...වහරක අභයාලන්කර හාමුදුරුවො එක්ක..අනිච්ච කියන්නෙ..කැමති ලෙස පවතින්නෙ නැති කතාව කියග්ගෙන..ඒ නිසා දුකයි කියාගෙන...අලුතින් දර්මයක් ඉපදුනා කියාගෙන...ඔබතුමා දන්න අවබෝදයෙන්..ආපු දර්ම පරම්පරාව... මට ඔයිට වඩා යමක් කියන්න අවශ්ය නැත (මොකද...හාමුදුරු කෙනෙක් විහිහට තවමත් ගරුකරන චරිතයකි )

    බොරු මර්සි දාන්න ඕනි නැහැ... ඔයාට තාම අකාලිකත්වය තේරිලා නැහැ එතකං ඉන්න :P

    එහෙමයි...බය උනා පොඩ්ඩක්...
    පොඩ්ඩක් හය්යෙන් කියෙව්වොත්...ඕක තේරෙයිද... ඒ අයි එකකට දාල බන අහන් වේගෙන් කියවගත්තොත් නම් අකාලිකත්වය ලෙෆ්ට් වෙන එකක් නැ නෙ...පොඩ්ඩක් ස්පීඩ් එක කියන්න පුලුවන් ද මොනෙ රෙන්ජ් එකෙද ප්ලේ කරන්න ඕන් කියල අකාලිකත්වය ඉන්ටැක්ට් වෙලා තියෙන්න?

    මේවා තමයි රට්ටු හිනස්සන බයිල...:lol:
     
    • Like
    Reactions: Yeezus

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    උඹේ ත්‍රෙඩ වටිනවා බන්. මන් එදා කිව්ව දේ වැරදියි වගේ. කවුරු හරි ඉන්න ඒන ධර්මය බෙදන්න. ඒ වගේම ම්වා බලල තමයි මිනිස්සු හැදෙන්න ඕන. ඒ නිසා මට සමාවෙයන්. මම උඹේ මෙි පේස්ට් කියවනවා.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඔබතුමා ඔය බයිල කීයන එක, අයි එහෙම වෙන්නෙ කියල අනිත්ම වෙනකල් ප්‍රශ්න කරගෙන ගියාම ඉවරවෙන්න් හාස්කම්වලින් සහ...ස්පීඩ් අකාලිකත්වය මත උන පදනමක් නැති ස්ටේට්මන්ට් එකක් ඇරෙන්න වෙන දෙයක් නැ නෙ..
    ඔව් ඉතිං පෘතක්ජනයින්ට ඔයිට එහා තේරෙන්නෙ නැහැ, කියන්න යන එකත් ඇත්තටම බොරු වැඩක්..
    👇

    මොට්ට වැඩ කරන්නෙ මොට්ටයන් නෙ මහත්තයො?
    මමනම් නෙවේ පොත් වල ලියල තියෙන්නෙ :rofl:
    ඔය ඉතින් tipical පෘතක්ජන ස්වභාවය... මම කෙනෙක්ට බැන්නේ නෑ ඔයා ඉතින් කෙනෙක් හදාගත්තට මං මොනව කරන්නද? වැරැද්දට බැන්නේ, ඔතන බනින්න කෙනෙක් නැහැ... අනේ මන්ද... එපා වෙනව පෘතක්ජනයො එක්ක කතා කරන්න ගියාම....

    මහත්තයො ඔබතුමා අද ඊයෙ ඔය හාමුදුරුවන්ගෙන බන අහන්න ගත්තට...ඔය හාමුදුරුවන්ට කතාකරලත් ඇත..ඒ කාලෙ ඔය හාමුදුරුවන් ලග මහන වෙන්නත් ලොකු ඇම්මක් තිබී ඇත..ගෙදරින් ආපු අවුල් නිසා කරේ නැති උනාට...මම දන්න යාලුවන් දැනටත් මුල ඉදන්ම ඔතන ඇත...ඔය ගෲප් වල නිරන්තරයෙන් ඔන්ල්යින් සහබාගී විත් ඇත...

    ඔබතුමා දන්නෙ නැති උනාට...ඔය හාමුදුරුවො, අභය හාමුදුරුවෙ...ඔක්කොම මතු වෙන්නෙ...වහරක අභයාලන්කර හාමුදුරුවො එක්ක..අනිච්ච කියන්නෙ..කැමති ලෙස පවතින්නෙ නැති කතාව කියග්ගෙන..ඒ නිසා දුකයි කියාගෙන...අලුතින් දර්මයක් ඉපදුනා කියාගෙන...ඔබතුමා දන්න අවබෝදයෙන්..ආපු දර්ම පරම්පරාව... මට ඔයිට වඩා යමක් කියන්න අවශ්ය නැත (මොකද...හාමුදුරු කෙනෙක් විහිහට තවමත් ගරුකරන චරිතයකි )

    එහෙමයි...බය උනා පොඩ්ඩක්...
    පොඩ්ඩක් හය්යෙන් කියෙව්වොත්...ඕක තේරෙයිද... ඒ අයි එකකට දාල බන අහන් වේගෙන් කියවගත්තොත් නම් අකාලිකත්වය ලෙෆ්ට් වෙන එකක් නැ නෙ...පොඩ්ඩක් ස්පීඩ් එක කියන්න පුලුවන් ද මොනෙ රෙන්ජ් එකෙද ප්ලේ කරන්න ඕන් කියල අකාලිකත්වය ඉන්ටැක්ට් වෙලා තියෙන්න?

    මේවා තමයි රට්ටු හිනස්සන බයිල...:lol:
    ඕකට තමයි පින නෑ කියන්නෙ... හා හා ඕනෑ එකක්... keyboard පිටිපස්සෙ ඉඳන් පේන කියන්නෙ නැතුව කැමති නම් දැන් ගිහින් බලන්න... නැත්තං අර මම ඉස්සෙල්ල කිව්ව වගෙ ඔය කරගෙන යන එක කරගෙන යන්න ... 🤷‍♂️

    පුළුවන් තරම් පිං කරන්න... දන්නවනේ දේවදත්තට වුන දේ
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ප්‍රශ්නය වැරදි...ත්‍රිපිටකය නිවන් දැකලද කියල අහන්න
    "ත්‍රිපිටකය නිවන් දැකලද???" ඔබතුමාට අමු ඇට ඩිංගිත්තක් වත් කැවුනද? :lol:
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    ඔව් ඉතිං පෘතක්ජනයින්ට ඔයිට එහා තේරෙන්නෙ නැහැ, කියන්න යන එකත් ඇත්තටම බොරු වැඩක්..

    ඔය ඉතින් tipical පෘතක්ජන ස්වභාවය... මම කෙනෙක්ට බැන්නේ නෑ ඔයා ඉතින් කෙනෙක් හදාගත්තට මං මොනව කරන්නද? වැරැද්දට බැන්නේ, ඔතන බනින්න කෙනෙක් නැහැ... අනේ මන්ද... එපා වෙනව පෘතක්ජනයො එක්ක කතා කරන්න ගියාම....

    ඕකට තමයි පින නෑ කියන්නෙ... හා හා ඕනෑ එකක්... keyboard පිටිපස්සෙ ඉඳන් පේන කියන්නෙ නැතුව කැමති නම් දැන් ගිහින් බලන්න... නැත්තං අර මම ඉස්සෙල්ල කිව්ව වගෙ ඔය කරගෙන යන එක කරගෙන යන්න ... 🤷‍♂️

    පුළුවන් තරම් පිං කරන්න... දන්නවනේ දේවදත්තට වුන දේ

    සොවාන් වීමට සත්පට්ටනය අවශ්න නැත..-> ප්‍රශ්න අසා බිත්තියට හේත්තුවු පසු -> උත්තර නැත..මිරකල් එකක් නිසා එහෙම විය..

    දර්මය අකාලික නිසා ලියපු සුත්‍රය වලන්ගු නැත -> ඇයි යැයි ප්‍රශ්න කර බිතිතියට හේත්තු වු පසු -> කටින් කියන විට වේගය වැඩිය...සුත්‍රය කියවන විට ස්ලොව් වැඩිය..එම නිසා අකාලිකත්වය ලෙෆ්ට් වේ... :rofl: :rofl: :rofl:

    කමක් නැ කමක් නැ..දැන් ඉතින් ඉල්ලෙ උන රෙදි ටික පෘතක්ජනයට තේරෙන්නෙ නැ කියල වත් විලි වහ ගන්න...

    "ත්‍රිපිටකය නිවන් දැකලද???" ඔබතුමාට අමු ඇට ඩිංගිත්තක් වත් කැවුනද? :lol:

    ඔව් ඔව්...මේ බයිල අහෙනකොට වලට ඩින්ගිත්තක් නෙවේ...කිලෝ ගානක් කාලත් මදි වගේ.. අවුල් වගේද?

    For those, who got no miracle skills:

    @Blair Solari @Yeezus

    “ආනන්දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක්, යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දක්නේය හෝ පහකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.

    “ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන්, පංච ඔරම්භාගිය සංස්කාරයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

    පඤ්චොරම්භාගීය සංයෝජනයන් = first 5 fetters (1st 3 to be sovan)
    ------ Post added on Jan 3, 2026 at 9:25 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    @nipund අන්කලුත් අදහස් ප්‍රකාශ කරන්න. මෙතන උපාසක මහත්වරු ගැටෙනවා.

    පෘතක්ජන සහ මග පල ලාබීන් කියල දැම්මනම් තමයි ගැලපෙන්නෙ... :lol:
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,603
    2,039
    113
    “ආනන්දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක්, යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දක්නේය හෝ පහකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.

    “ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන්, පංච ඔරම්භාගිය සංස්කාරයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

    පඤ්චොරම්භාගීය සංයෝජනයන් = first 5 fetters (1st 3 to be sovan)

    ස්තූතියි රෝස් අන්කල් 🙏🏻
    භාවනා කරන් යනවා daily

    ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන්, පංච ඔරම්භාගිය සංස්කාරයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

    අනාගාමී/ රහත් ඵල ගැනද මේ දේශනා කරන්නේ?
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Yeezus and ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    ස්තූතියි රෝස් අන්කල් 🙏🏻
    භාවනා කරන් යනවා daily

    අනාගාමී/ රහත් ඵල ගැනද මේ දේශනා කරන්නේ?

    ඔතන, පෙන්නන්නෙ...පලමු 5.. සොවාන්..අනාගාමි දෙකම වැලිඩ්.. පලමු ද්යාන 3ටත් ඔය විදිහටම පෙන්නනව..

    ඔය දෙකම එකම විදිහට වෙන්නෙ...ඊලග 5 ෆෙටර්ස් කාඩන එක ට්කක් වෙනස්....මිනිමම් 4ත් ජන ඕනෙ...(අරූප ඇතුලුව මතක විදිහට )...
    ද්යානයෙ/සමාදිය නෝසෙල්ෆ් එක පෙනිටේට් කරන්න...රුප රාග, අරුප රාග කැඩෙන්න...

    එකනිසා..පිටකෙ...ගොඩක් තැන්වල...පලමු ෆෙටර්ස් 5යි...අනික් පහයි දෙකට කඩල පෙන්නන්නෙ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,584
    6,337
    113
    mhakkali gosala kiyanwa wage kalpa 84dahak indala nikanma niwan yanawada machanla. athmya shakithiya nul bole nikanma diga arila iwara unama ethanin ehata na wage .
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721
    113
    @Blair Solari ඔබතුමා පුළුවන් නම් ආනපනසතිය කරද්දී Pa-Auk Sayadew style එක අනුගමනය කරන්න ( ලියපු පොත් තියනවා ඒ හාමුදුරුවෝ සහ ගෝල ශිෂ්‍යන් )

    ඒ school එක ලු වර්තමානයේ අනාපනසතියෙන් චතුර්ථ ධ්‍යාන ය ට ම සම වදීන ආකාරය in detail ම ලියලා තියෙන්නේ. ( එයාලත් විශුද්ධි මාර්ගය , ථෙරවාදය අනුගමනය කරන භික්ෂූන් )

    මම ඒක තැනක කියවලා තියනවා, Pa - Auk temple භාවනා කරන්න යන යෝගාවචරයන් බොහෝ විට අවුරුදු 2ක් වගේ ඇතුලත චතුර්ථ ධ්‍යානය මට්ටමට වඩනවා කියලා 🙂
     
    thanks 🙏🏻

    මේක නේද? @ek_rosh
    ------ Post added on Jan 3, 2026 at 10:42 AM
     
    • Like
    Reactions: ek_rosh and Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    thanks 🙏🏻

    මේක නේද? @ek_rosh
    ------ Post added on Jan 3, 2026 at 10:42 AM

    ඕක කියවල නැ...කියවන්න වටින පොතක් වගේ...

    ලන්කාවෙත් මන් හිතන්නෙ...මීතිරිගල, නා උයනෙ කරන්නෙ පා-ඕක් ක්‍රමය..
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721
    113
    @Blair Solari නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ තමා ලංකාවේ pa-auk ක්‍රමය ප්‍රචලිත කරේ සහ වර්තමානයේ pa-auk teachings උගන්නම කේන්ද්‍රස්ථානය විදියට න උයන ආරණ්‍ය සේනාසනය ප්‍රචලිත වෙනවා.

    අරියධම්ම ස්වමනිවහන්සේ ලියූ පොත pa auk භාවනවාව පිළිබඳ ( මූලික හැඳින්වීමක් ආධුනික යෝගාචරයන් ට)

    මේ ගොඩක් pa auk භාවනා ක්‍රමය ගැන in detail විස්තර තියන පොතක්

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    thanks 🙏🏻

    මේක නේද? @ek_rosh
    ------ Post added on Jan 3, 2026 at 10:42 AM

    In accordance with The Buddha's series of instructions, the

    Sayadaw first describes how the yogi develops samatha with mind-
    fulness of breathing, until there appears the light of wisdom and the

    sign of concentration, the nimitta. Then the Sayadaw explains how
    the yogi develops the gained concentration, until the attainment of
    the fourth jhāna.
    Afterwards, the Sayadaw explains how the yogi uses the light of
    wisdom to discern ultimate materiality, ultimate mentality, and their
    dependent origination, in order then to develop vipassanā.
    Finally, the Sayadaw explains how the yogi progresses through the
    series of insight knowledges until there is realization of Nibbāna.

    In each case, the Sayadaw explains how the yogi's gradual develop-
    ment fulfils the thirty-seven requisites of enlightenment: in samatha,

    in vipassanā, and in the realization of Nibbāna.

    :love: :love: :love:

    මෙක පට්ට පොතක් වගේ...කියවල මම දාපු ඒවගෙ අඩුපාඩු දාන්න...
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    සොවාන් වීමට සත්පට්ටනය අවශ්න නැත..-> ප්‍රශ්න අසා බිත්තියට හේත්තුවු පසු -> උත්තර නැත..මිරකල් එකක් නිසා එහෙම විය..

    දර්මය අකාලික නිසා ලියපු සුත්‍රය වලන්ගු නැත -> ඇයි යැයි ප්‍රශ්න කර බිතිතියට හේත්තු වු පසු -> කටින් කියන විට වේගය වැඩිය...සුත්‍රය කියවන විට ස්ලොව් වැඩිය..එම නිසා අකාලිකත්වය ලෙෆ්ට් වේ... :rofl: :rofl: :rofl:

    කමක් නැ කමක් නැ..දැන් ඉතින් ඉල්ලෙ උන රෙදි ටික පෘතක්ජනයට තේරෙන්නෙ නැ කියල වත් විලි වහ ගන්න...

    ඔව් ඔව්...මේ බයිල අහෙනකොට වලට ඩින්ගිත්තක් නෙවේ...කිලෝ ගානක් කාලත් මදි වගේ.. අවුල් වගේද?

    For those, who got no miracle skills:

    @Blair Solari @Yeezus

    “ආනන්දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක්, යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දක්නේය හෝ පහකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.

    “ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන්, පංච ඔරම්භාගිය සංස්කාරයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

    පඤ්චොරම්භාගීය සංයෝජනයන් = first 5 fetters (1st 3 to be sovan)
    ------ Post added on Jan 3, 2026 at 9:25 AM
    මාරම ego එකක් නේද රෝෂ් අයියෙ ඔයාට තියෙන්නෙ :-), බලන්න මේ කියල තියෙන දේවල්... කොහොම හරි තමුන් හරි කියන තැන නේද ඉන්න ඕනි? ... හරි හරි, මම බිත්තියට හේත්තු උනා.. ඔයා දිනුම්. මට කට උත්තරත් නැහැ... 🙏

    @Blair Solari & @Yeezus
    එක පෙලට තියෙන සූත්‍ර කෑල්ලක් කියවල, මම ඒකෙන් බුදු බණ තේරුම් ගත්ත කියන බොළඳ තැනට පුළුවන් නම් නෑවිත් ඉන්න ego එක කියන්නෙ මහ භයානක දෙයක්...දැන් ඔයාලට පොඩි දෙයක් වගෙ පෙනුනට, පහුගිය බුද්ධ සාසනයෙ ඔහොම කියවල දහම තේරුම් ගත්ත කට්ටිය අද බල්ලො, හරක් එක්ක විවාහ වෙනව, ජීවිත කාලෙම හෙළුවෙන් ඉන්නව, යාග හෝම කරනව... හිතල බලන්න.
    මම දන්න දේවල්, සහ මම ගිය මාර්ගය ගැන ඔයාලට කිව්ව, ඒ ගැන වෙන දැනගන්න කැමති දෙයක් තියෙනව නම් අහන්න. කාලයක් තිස්සෙ ඔළුව උඩට අසූචි ගොඩක් ගොඩ ගහගත්ත මනුස්සයෙක් වෙන්න ඒපා, මහා වැස්සක් එනව...

    හැමෝටම නිවන් අවබෝධ වෙන්න කියල ප්‍රර්ථනා කරනව.

    තෙරුවන් සරණයි. 🙏