☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මාරම ego එකක් නේද රෝෂ් අයියෙ ඔයාට තියෙන්නෙ :-), බලන්න මේ කියල තියෙන දේවල්... කොහොම හරි තමුන් හරි කියන තැන නේද ඉන්න ඕනි? ... හරි හරි, මම බිත්තියට හේත්තු උනා.. ඔයා දිනුම්. මට කට උත්තරත් නැහැ... 🙏
    මට මේ තැනට එන්න කොච්චර නම් කල් ගියාද... 🙏
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මට මේ තැනට එන්න කොච්චර නම් කල් ගියාද... 🙏
    කල් ගිහිල්ල හරි ආපු එක වටිනව. 🙏 ධර්මයෙන් වෙන්න් ඕනි සිත නිවෙන එකනෙ අයියෙ... වාද වලින් දිනන එක නෙමෙයිනෙ...
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    මාරම ego එකක් නේද රෝෂ් අයියෙ ඔයාට තියෙන්නෙ :-), බලන්න මේ කියල තියෙන දේවල්... කොහොම හරි තමුන් හරි කියන තැන නේද ඉන්න ඕනි? ... හරි හරි, මම බිත්තියට හේත්තු උනා.. ඔයා දිනුම්. මට කට උත්තරත් නැහැ... 🙏

    දාර්ශනික විවාදයකදි...තමන් දරන අඩහස ඩිෆෙන්ඩ් කරීම ඊගෝ එකක් ලෙස දැකීම කනගාටුවක් මහත්තයො..ඔබතුමත් කලේ ඒකමනෙ... කියල් තියෙන්නෙ ඔබතුමාම කියපු ඒව මිසක් මම කියපු ඒව නෙවේ නෙ මහත්තයො..

    මම හරි කියන තැන ඉන්න කොහෙත්ම ඕනෙ නැ මහත්තයො...ඔබතුමාට සාදාරන විදිහට වැරද්ද පෙනවන්න පුලුවන් උනානම්...
    ඔබතුමාගේ අදහස ප්‍රතිශෙප නොකට කෙලවරකට යනකල් ප්‍රශ්න කලෙත් ඒ නිසාමය.

    මම ඔබතුමාවගේ මම හරි කියන තැන් වල ඉදන් ඕන තරම් වෙනස් වී ඇත සාදාරන හේතු හමුවෙ...පරන ත්‍රෙඩ් දැක්කොත් පෙනේ..

    @Blair Solari & @Yeezus
    එක පෙලට තියෙන සූත්‍ර කෑල්ලක් කියවල, මම ඒකෙන් බුදු බණ තේරුම් ගත්ත කියන බොළඳ තැනට පුළුවන් නම් නෑවිත් ඉන්න ego එක කියන්නෙ මහ භයානක දෙයක්...දැන් ඔයාලට පොඩි දෙයක් වගෙ පෙනුනට, පහුගිය බුද්ධ සාසනයෙ ඔහොම කියවල දහම තේරුම් ගත්ත කට්ටිය අද බල්ලො, හරක් එක්ක විවාහ වෙනව, ජීවිත කාලෙම හෙළුවෙන් ඉන්නව, යාග හෝම කරනව... හිතල බලන්න.
    මම දන්න දේවල්, සහ මම ගිය මාර්ගය ගැන ඔයාලට කිව්ව, ඒ ගැන වෙන දැනගන්න කැමති දෙයක් තියෙනව නම් අහන්න. කාලයක් තිස්සෙ ඔළුව උඩට අසූචි ගොඩක් ගොඩ ගහගත්ත මනුස්සයෙක් වෙන්න ඒපා, මහා වැස්සක් එනව...

    හැමෝටම නිවන් අවබෝධ වෙන්න කියල ප්‍රර්ථනා කරනව.

    තෙරුවන් සරණයි. 🙏

    මෙතනත් ඔබතුමා කතාකරන්නෙ නොදැන්න දෙයක්මය...මෙතන කවුරුත් සූත්‍ර කැල්ලක් කියව බුදු බන තේරුම් ගත්ත කියන කවුරුවත් නැත..

    පහුගිය සාසනයෙ උන දේත් ඔබතුමා දන්න කරුනක් ද නෙවේ...

    ඔබතුමා නිවන් අවබෝද කල ඇති බැවින් නිවන් අවබෝද වේවා යැයි නොකියමි... ඒත් ආයෙ කියමි... ( කිසියම් දිනක හරි ඩව්න් ග්‍රේඩ් උනොත්, ජෝක් )

    කල් ගිහිල්ල හරි ආපු එක වටිනව. 🙏 ධර්මයෙන් වෙන්න් ඕනි සිත නිවෙන එකනෙ අයියෙ... වාද වලින් දිනන එක නෙමෙයිනෙ...

    අන්න ඒකනෙ කියන්නෙ...මම නම් පෘතක්ජනය... (මේක දිගට ගෙනියන්න ඕනෙ නැ :P )
    ------ Post added on Jan 3, 2026 at 11:36 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,602
    2,039
    113
    imho, ego එක හැමෝටම තියෙනවනේ. මැනීම ඉවර වෙන්නේ රහත් වෙලානේ. මැන මැන තමයි කරන ඔක්කොම කරන්නේ සහ කරල එන නිගමනත් මැනීමේ ප්‍රතිඵල. @nuwan9999 කිව්වා නේද කලින් හිටපු තත්වයට වඩා දැන් හොදයි කියලා? ඒත් මාන්නය ම තමයි.

    මන් හිතනවා රහතන්වහන්සේලා මෙතන නැතුව ඇති කියලා. ඉතින් ධර්මාවබෝධය වෙලා තිබ්බා හෝ නැතා තව ඉස්සරහට යන්න තියෙනවා අපි හැමෝටම.

    imho, ධර්මය අසා සෝවාන් වෙන්න පුලුවන් කිව්වට, ධර්මය අහපු හැමෝම සෝවාන් වුනාද? බෝධිපාක්ෂික ධර්ම 37 පනවලා තියෙන්නේ ඇයි එහෙනම්? බෝධිපාක්ෂික ධර්ම අවශ්‍ය මට්ටමෙන් වැඩුනු අය ධර්මය ඇහෙද්දිම සෝවාන් වුනා. අනිත් අය ඒවා වැඩෙන පිළිවෙතක් අනුගමනය කරන්න ඕනේ. මේ පිළිවෙතට සතිපට්ඨානය කිව්වා කියලා මටනම් අවුලක් පේන්නේ නැහැ.

    ඉතින්, රහත් වෙලා ඉවර වෙන්න. 🙏🏻
     
    ඒක හරි, මානය දැම්ම නැතිවෙන එකක් නමෙයිනෙ, නමුත් ධර්මය මෙනෙහි කරල මානයෙන් මිදෙන්න පුළුවන් යම් දුරකට හරි, මම කලේ ඒක. අනිත් එක වාද කරල වැඩක් නැත්නම් මොකටද පැටලී පැටලී යන්නෙ? ශ්‍රමය, කාලය දෙකම අපරාදෙනෙ මල්ලි. ඔයාල හැමෝම පුදුමාකාර දෘෂ්ටි ගොඩක ඉන්නෙ... ඒකයි මම පුන පුනා කියන්නෙ මේක මෙහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියල.
    ඉස්සරහට යන්න තියෙන බව ඇත්ත, මට ඒකට පැහැදිලි මාර්ගයක් තියෙනව මම ඒක ඔයාලට දෙන්න හැදුව එච්චරයි. ධර්මය අසා තමයි කොහොමත් සෝවාන් වෙන්නෙ, ඉස්සර වගෙ එක පාරෙන් ඒක වෙන්නෙ නැහැ මොකද, එකක් මේ වගෙ තියන දෘෂ්ටි ජාලය, අනික තමයි කුසල තාවයේ මද බව.
    අපිට කැමති දෙයකට සතිපට්ඨානය කියන්න පුළුවන් නමුත් මම ගමන් කරන මාර්ගයේ තියෙන සතිපට්ඨානය ඔයිට වඩා ගොඩක් වෙනස් එකක්... කැමති නම් ගවේෂණය කරල බලන්න නැත්නම් අල්ලලා දාන්න මල්ලි. 🤷‍♂️
    රහත් වෙන්න...මට ආයෙත් අමුතුවෙන් දෙයක් කරන්න නැහැ... මේ කරන දේම තමයි කරන්න තියෙන්නෙ - අනිච්ච, දුක්ඛ අනත්ත වැඩීම...🙏
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,602
    2,039
    113
    ඔයාල හැමෝම පුදුමාකාර දෘෂ්ටි ගොඩක ඉන්නෙ... ඒකයි මම පුන පුනා කියන්නෙ මේක මෙහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියල.

    මොනවද?

    අනික තමයි කුසල තාවයේ මද බව.

    කූසලතාවය වර්ධනය කර ගන්නේ කොහොමද?
    ------ Post added on Jan 3, 2026 at 12:00 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    දාර්ශනික විවාදයකදි...තමන් දරන අඩහස ඩිෆෙන්ඩ් කරීම ඊගෝ එකක් ලෙස දැකීම කනගාටුවක් මහත්තයො..ඔබතුමත් කලේ ඒකමනෙ... කියල් තියෙන්නෙ ඔබතුමාම කියපු ඒව මිසක් මම කියපු ඒව නෙවේ නෙ මහත්තයො..

    මම හරි කියන තැන ඉන්න කොහෙත්ම ඕනෙ නැ මහත්තයො...ඔබතුමාට සාදාරන විදිහට වැරද්ද පෙනවන්න පුලුවන් උනානම්...
    ඔබතුමාගේ අදහස ප්‍රතිශෙප නොකට කෙලවරකට යනකල් ප්‍රශ්න කලෙත් ඒ නිසාමය.

    මම ඔබතුමාවගේ මම හරි කියන තැන් වල ඉදන් ඕන තරම් වෙනස් වී ඇත සාදාරන හේතු හමුවෙ...පරන ත්‍රෙඩ් දැක්කොත් පෙනේ..

    මෙතනත් ඔබතුමා කතාකරන්නෙ නොදැන්න දෙයක්මය...මෙතන කවුරුත් සූත්‍ර කැල්ලක් කියව බුදු බන තේරුම් ගත්ත කියන කවුරුවත් නැත..

    පහුගිය සාසනයෙ උන දේත් ඔබතුමා දන්න කරුනක් ද නෙවේ...

    ඔබතුමා නිවන් අවබෝද කල ඇති බැවින් නිවන් අවබෝද වේවා යැයි නොකියමි... ඒත් ආයෙ කියමි... ( කිසියම් දිනක හරි ඩව්න් ග්‍රේඩ් උනොත්, ජෝක් )

    අන්න ඒකනෙ කියන්නෙ...මම නම් පෘතක්ජනය... (මේක දිගට ගෙනියන්න ඕනෙ නැ :P )
    ------ Post added on Jan 3, 2026 at 11:36 AM
    හොඳමයි රෝෂ් අයියෙ... දැන් ඉතින් මම පරාජය බාර ගත්තනෙ, අපි ඔහොම ගිහිල්ල බලමු 🙏

    මොනවද?
    මේ සම්මා දෘෂ්ටිය නොවන පෘතක්ජන දෘෂ්ටි වලට උදාහරණ:
    • සතිපට්ඨානය
    • සෝවාන් වීමට කලින් සතිපට්ඨානය වැඩිය යුතුයි
    • සෝවාන් වන විට සතිපට්ඨානය ආරම්භ වෙයි
    • සෝවාන් වීමෙන් පසු සතිපට්ඨානය වැඩිය යුතුයි
    • චතුර්ථ ධ්‍යානයේ R, V, S, S, V වල අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දැකීමෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නිරෝධ වෙයි
    තව අනත්තවත් තියෙනව.....

    කූසලතාවය වර්ධනය කර ගන්නේ කොහොමද?
    ------ Post added on Jan 3, 2026 at 12:00 PM
    සත්ධර්ම ශ්‍රවනය සහ කල්‍යාණ මිත්‍ර සේවනය යන දෙකෙන් - මේකට තමයි මම ඔයාට උපදෙස් දුන්නෙ
    ------ Post added on Jan 3, 2026 at 4:41 PM
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,602
    2,039
    113
    මේ සම්මා දෘෂ්ටිය නොවන පෘතක්ජන දෘෂ්ටි වලට උදාහරණ:
    • සෝවාන් වීමට කලින් සතිපට්ඨානය වැඩිය යුතුයි
    • සෝවාන් වන විට සතිපට්ඨානය ආරම්භ වෙයි
    • සෝවාන් වීමෙන් පසු සතිපට්ඨානය වැඩිය යුතුයි
    • චතුර්ථ ධ්‍යානයේ R, V, S, S, V අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දැකීමෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නිරෝධ වෙයි
    තව අනත්තවත් තියෙනව.....

    මෙහෙම කියන එකත් දෘස්ටියක්මනේ ඉතින්. පෘථග්ජනයා කොහොමත් දෘස්ටියේ ඉන්නේ. සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත් වෙන්නේ.

    පෘථග්දජනයා සත්‍ය දකින්නේ කොහොමද, බුද්ධ වචනයට දෘෂ්ටි.. කිය කිය ඉදලා?

    සත්ධර්ම ශ්‍රවනය සහ කල්‍යාණ මිත්‍ර සේවනය යන දෙකෙන්

    අර pm දාපු බන playlist එක අහලා ඉවර වෙද්දි මන් සෝවාන් වෙයිද, ඔය කියන විදිහට?

    බෝධිපාක්ෂික ධර්ම දේශනා කරන්නේ ඇයි එහෙනම් බුදු කෙනෙක්?
    අභිධර්මය දේශනා කරන්නේ ඇයි?
    හැමෝම බන අහලා සෝවාන් වෙනවනම්, චතුරාර්ය සත්‍ය දේශනා කරහම ඇතිනේ?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721
    113
    @Blair Solari ඔබ දැන් අංගන්ගොඩ හාමුදුරවො න්ගේ බං අහන්නේ නැද්ද ?
    👀 ඔයා හොයපු දේ ඒ හාමුදුර්වෝ ගාව නැද්ද

    ( මටනං සෝවාන් වෙන මාර්ගය ලස්සනට ම කියා දුන්නේ අනාගන්ගොඩ හාමුදූර්වෝ, )

    ඇයි දැන් ඒ හාමුධූර්වෝ recommend කරන්න නැත්තේ වැඩිය 👀

    හොයපු දේ නැද්ද ඒ හාමුදුරුවෝ ගාව

    #කුතුහලය_සඳහා_වීමසුවෙම්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,602
    2,039
    113
    @Blair Solari ඔබ දැන් අංගන්ගොඩ හාමුදුරවො න්ගේ බං අහන්නේ නැද්ද ?
    👀 ඔයා හොයපු දේ ඒ හාමුදුර්වෝ ගාව නැද්ද

    ( මටනං සෝවාන් වෙන මාර්ගය ලස්සනට ම කියා දුන්නේ අනාගන්ගොඩ හාමුදූර්වෝ, )

    ඇයි දැන් ඒ හාමුධූර්වෝ recommend කරන්න නැත්තේ වැඩිය 👀

    හොයපු දේ නැද්ද ඒ හාමුදුරුවෝ ගාව

    #කුතුහලය_සඳහා_වීමසුවෙම්

    බන අහගෙන යනවා.
    ඒ හාමුදුරුවොන්ගෙයි, රේවත හාමුදුරුවොන්ගෙයි, නිවාතාප හාමුදුරුවොන්ගෙයි තමයි වැඩිපුර අහන්නේ මේ දවස් වල.

    හොයන දේ කලින් define කරන් හොයන්නැහැ මන්. විවෘතව හොයනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721
    113
    බන අහගෙන යනවා.
    ඒ හාමුදුරුවොන්ගෙයි, රේවත හාමුදුරුවොන්ගෙයි, නිවාතාප හාමුදුරුවොන්ගෙයි තමයි වැඩිපුර අහන්නේ මේ දවස් වල.

    හොයන දේ කලින් define කරන් හොයන්නැහැ මන්. විවෘතව හොයනවා.
    😃 හරි, ස්තූතියි !
     
    • Like
    Reactions: Blair Solari

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මෙහෙම කියන එකත් දෘස්ටියක්මනේ ඉතින්. පෘථග්ජනයා කොහොමත් දෘස්ටියේ ඉන්නේ. සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත් වෙන්නේ.

    පෘථග්දජනයා සත්‍ය දකින්නේ කොහොමද, බුද්ධ වචනයට දෘෂ්ටි.. කිය කිය ඉදලා?
    අනිවාර්යෙන්ම, මේ කියන එකත් සම්මා දෘෂ්ටිය නොවන දෘෂ්ටියක් තමයි, ලෝකයෙ මොකක් හමු උනත් ඒ දෘෂ්ටියක් තමයි.
    පෘතක්ජනයා සත්‍ය දකිනව කියන එකත්, සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත්වෙනව කියන එකත් ලේසියෙන් වෙන්න බැරි දෙයක්. ඒත් සත්ධර්ම ශ්‍රවණයක්, කල්‍යාන මිත්‍ර සේවනයක්, යෝනිසොමනසිකාරයක් සහ ධම්මානුධම්ම පටිපදාවක් සිදුවෙන තැනක මේක වෙනව. - මේ කියන එකත් දෘෂ්ටියක්.
    අර pm දාපු බන playlist එක අහලා ඉවර වෙද්දි මන් සෝවාන් වෙයිද, ඔය කියන විදිහට?
    ඔයාට එහෙම වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව, හැබැයි මට නම් හාමුදුරු කෙනක් මුණ ගැහිලා කතාකරල මේක සීරු මාරුවෙන් ලිහාගන්න උනා.
    බෝධිපාක්ෂික ධර්ම දේශනා කරන්නේ ඇයි එහෙනම් බුදු කෙනෙක්?
    අභිධර්මය දේශනා කරන්නේ ඇයි?
    හැමෝම බන අහලා සෝවාන් වෙනවනම්, චතුරාර්ය සත්‍ය දේශනා කරහම ඇතිනේ?
    සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ඉබේම වැඩෙන ඒවා, අමුතුවෙන් වඩන්න ඕනි නැහැ... අභිධර්මය කියන්නෙ මේකෙ technical side එක. සෝවාන් වෙන්න කලින් කොහොමවත් ගෝචර දෙයක් නෙමෙයි, සෝවාන් උනාමත් සමහර කොටස් ගෝචර නැහැ. සර්වඥතා ඥානයෙන් හොයාගත්ත දේවල්නෙ මල්ලි.

    ශ්‍රාවකයන්ට සෝවාන් වෙන්න අවශ්‍ය චතුරාර්ය සත්‍ය විතරමයි... වෙන මොකුත් ඕනි නැහැ - සූත්‍ර පිටකය පුරාවටම එක එක අයට දේශනා කරල තියෙන්නෙ ඕක තමයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721
    113
    @Yeezus

    කියෙව්වේ නෑ. අදහස් දාන්න 😁
    ගොඩක් අය අදහස් දාන්න කොටත් confuse වෙනවනේ.
    විවේචනය ක් කරන්න තරම් මගේ ධර්ම බහුශ්‍රැතභාවය මදි dear 👀

    හරි වැරැද්ද මොකද්ද කියල තේරෙන්නේ නෑ මටත්.
    එයාලා කියන ඒවා අහන් ඉදලා මාත් අදහස් ගන්නවා.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    807
    1,113
    93
    BTW
    සෝවාන් වෙනකොට සියලුම දෘෂ්ඨි කැඩේනවා . නැති වෙනවා නෙමේ එකක් වත් පිහිටන්න බෑ කියලා තේරෙනවා වගේ දෙයක්.
    ඒවගෙන් එකක් තමා සක්කාය දෘෂ්ටිය.
    නැතුව මම නම් නෑ අනික්වා තියෙනවා කියලා හිතෙනවා නම් වැරදි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,602
    2,039
    113
    BTW
    සෝවාන් වෙනකොට සියලුම දෘෂ්ඨි කැඩේනවා . නැති වෙනවා නෙමේ එකක් වත් පිහිටන්න බෑ කියලා තේරෙනවා වගේ දෙයක්.
    ඒවගෙන් එකක් තමා සක්කාය දෘෂ්ටිය.
    නැතුව මම නම් නෑ අනික්වා තියෙනවා කියලා හිතෙනවා නම් වැරදි.

    ආනාපානසතිය වඩල තියෙනවද නිපුන් අන්කල්?

    මේක මෙහෙමයි, මේක මෙහෙම නෙමෙයි.. කියන එකනේ මෙතන argument එක යන්නේ.

    සම්මා දිට්ටිය ගැන නිපුන් අන්කල්ට තේරෙන විදිහට, ඔය දෙකෙන් එකක්වත් පිහිටන්න පුලුවන්ද සම්මා දිට්ටිය තියෙන ('මේක' මට්ටමෙන් අවුල දැකපු) කෙනෙක්ට? @nipund

    plus, අර කලින් තියපු maths කතාවට, පටන් ගන්න තැනින් අවුල හම්බුනොත්, එතන විතරනේ අවුල් අනිත් ඒවා ශේප්.. කියලා සමහරුන්ට නතර වෙන්න පුලුවන් වෙයිද, නැත්තම් එතන අහුවුනොත්, අනිවාරන් සබ්බම කැඩෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    807
    1,113
    93
    ආනාපානසතිය වඩල තියෙනවද නිපුන් අන්කල්?
    භාවනා කරලා තියෙනවා.

    ආනාපානසතිය වඩල තියෙනවද නිපුන් අන්කල්?

    මේක මෙහෙමයි, මේක මෙහෙම නෙමෙයි.. කියන එකනේ මෙතන argument එක යන්නේ.

    සම්මා දිට්ටිය ගැන නිපුන් අන්කල්ට තේරෙන විදිහට, ඔය දෙකෙන් එකක්වත් පිහිටන්න පුලුවන්ද සම්මා දිට්ටිය තියෙන ('මේක' මට්ටමෙන් අවුල දැකපු) කෙනෙක්ට? @nipund

    plus, අර කලින් තියපු maths කතාවට, පටන් ගන්න තැනින් අවුල හම්බුනොත්, එතන විතරනේ අවුල් අනිත් ඒවා ශේප්.. කියලා සමහරුන්ට නතර වෙන්න පුලුවන් වෙයිද, නැත්තම් එතන අහුවුනොත්, අනිවාරන් සබ්බම කැඩෙනවද?
    සසරේ ඉන්නවා නම් මොකක් හරි ඇත්ත කියලා අල්ලන්න ඕන. සමහර වෙලාවට පුරුද්දට තදට අහු වෙනවා. සමහර වෙලාවට කියනා එකට තදින් බැඳිලා නැති වෙන්නත් පුළුවන්. ඉස්සරහා ඉන්න කෙනාට පෙන්නන නම් එයාව ඉන්න තැනින් අයින් කරන්නත් ඕන නිසා කියනවා වෙන්න පුළුවන්. ගොඩක් දේවල් වෙන්න පුළුවන්.

    Yes, but ......
    එක ඇත්ත ඒ වුණාට. කියලා කතා වෙන හම තැනකම මතය modify කරලා අල්ලගන්නවා.
    සමහර අයගේ කෙළවරට කැඩෙන්න පුළුවන්. සමහර අයගේ නෑ
    ------ Post added on Jan 3, 2026 at 7:32 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721
    113
    මේක තමයි කරන්න තියන හොඳම දේ මම දකින විදියට ...

    ආනාපානසතිය කරලා ඉස්සරලාම ධ්‍යාන මට්ටමට වඩන්න ඕනි while බණ අහන ගමන්. ( චතුර්ථ ධ්‍යානයට පත්වීමට වෙර දරන්න ඕනේ ) මේක කරපු අය ඕනේ තරං ඉන්නවා, ලංකාවේ මියන්මාරයේ.

    ඊටපස්සේ ඇති වෙනකල් හම්බ කරලා පින් දහම් කරන්න ඕනි ... ( විශේෂයෙන් යහපත් භවයක් සකස් කරවන පුණ්‍ය කර්ම )

    ඒ අතරේ සෝවාන් වෙන්න වත් try කරන්න ඕනි අඩුම තරමේ, ඒ පිළිවෙත් පුරාගෙන.

    ( මේ විදියට කරොත්, භෞතික ලෝකෝත්තර ජීවිත දෙකම යහපත් වේවි, අඩුම තරමේ මනුෂ්‍ය භවයක්, දිව්‍ය ආත්මයක් හෝ බ්‍රහ්ම තලයක හෝ උත්පත්තිය ලබා මෛත්‍රී බුද්ධ ශාසනයේ දී හෝ නිවන් දකින්න ලැබේවි )

    මේ තියෙන්නේ ඉතින් worst case scenario එක.
    නිවන පිළිබඳ බලාපොරොත්තුවක් තියාගෙන උත්සාහ කරන්න විතරයි අපිට පුළුවන් ( මොකද නිවන් දැකපු අය, රහතන් වහන්සේලා අඩු හෝ ප්‍රසිද්ධියේ නොමැති නිසා ) ප්‍රත්‍යක්ෂ මාර්ගයක් අපිට පෙන්නන්න කෙනෙක් නැති නිසා.

    සමහර තැන්වල කියවෙනවා, බුද්ධඝෝෂ හාමුදුරුවෝ ්‍රිපිටකාර්ථකථනය වෙනස් කරා කියලා විශුද්ධි මාර්ගයෙන් ... ඒකත් මම මෙහෙම හිතන්න එක හේතුවක්.

    ( තව උදාහරණයක් විදිහට, බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි රේරුකානේ චන්දවිමල හිමි නා උයනේ අරියධම්ම හිමි, මේ මේ වගේ ථෙරවාද සම්ප්‍රදායේ රූස්ස ගස් තමන් සෝවාන් භාවය ට පත්වුනා වත් යයි කියල නෑ, ඉතින් ඒ වගේ ම පොඩි කාලෙ ඉඳලා මැරෙනකම් පෙරුම් පිරූ බුද්ධ පුත්‍රයන්ට එසේ නම් අපට මොන කතාද )

    අපිට පුළුවන්, කරන්න ඕනි දේ කරලා වෙන්න තියෙන දේ වෙනකන් බලන් ඉන්න විතරයි

    @Blair Solari @nuwan9999 @nipund @ek_rosh any thoughts ? 👀