💥 බිම්බෝම්බයක් පුපුරයි... තුවාලකරුවන් රෝහලට...

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මුලතිව්, මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් යුදසමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වලදමා තිබූ බිම්බෝම්බයක් ඊයේ (05) සවස පුපුරා යාමෙන් එම සංවිධානයේ සේවයේ නිරත සේවිකාවන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබ රෝහල්ගත කල බවට තුනුක්කායි පොලීසිය පැවසීය.

    යුදසමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින අදාල රාජ්‍ය නෙවන සංවිධනයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවිකාවන් සිව් දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇත.

    වලදමා තිබූ බිම්බෝම්බයක් ඉවත් කිරීමට යාමේදී මෙලෙස බෝම්බය පුපුරා ගොස් ඇති බවට පොලීසියට තොරතුරු අනාවරනය වී ඇති අතර බෝම්බය පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ අදාල කාන්තාවන් සිව් දෙනා මාන්කුලම් මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන ඇත.

    මෙලෙස බෝම්බය පිපිරීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ 39 වියේ පසුවන කිෂෝර් මොහනම්බල්, සිවරූබන් තමිලනි සහ 43 හැවිරිදි තංගරාසා රාජේස්වරී, 40 හැවිරිදි කදිරේසු කවිකලා නැමති අය බවට පරික්ෂණ සිදුකරන තුනුක්කායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    :(
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    yako thamath bomba goda gannawada

    2027 වෙනකොට ඔක්කොම අයින් කරනව ලු

    ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය 2028 ජුනි 01 වන දින වනවිට අවසන් කිරීමට පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (APMBC) අනුව රජය බැඳී සිටී.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Conan-OBrien-Sarcastic-Clap-and-Thumbs-Up.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ආමි එක බිම් බෝම්බ වලදාන්නෙ, කදවුරකට හදිසි ප්‍රහාර එන්න පුලුවන් පැති/පාරවල් බලල.
    කෑම්ප් එක අයින් කරනව නන්, එ වලදාපු බෝම්බත් ගලොල අයින් කරනව යනකොට

    කොටි එහෙම නැ, උන් වලදැම්ම
    එතනින් ඉවරයි, ඕනම ත්‍රස්තවාදි සන්විදනයක් එහෙම තමයි

    මේක ලෝකෙ ලොකු ප්‍රශ්නයක්, අවුරුද්දකට සෑහෙන ගානක් තුවාල / මැරෙනව
    හරක් අහුවෙනව

    60 ගනන්වල වියට්නාමෙ වලදාපුවත් තාම පුපුරනව

    yako thamath bomba goda gannawada








    වැලිඔය - මුලතිව් පාර

    තාම ගලෝනව
    2024 Jan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බෝම්බ කියනකොටම පල් හොරු මූසල පවුලක් මතක් වෙනවා. දැන් උන් සෙට් එකම නාකිවෙලා ටිකිරි මූසලයෙක් ඉන්නේ :sick:
     
    • Sad
    Reactions: NRTG

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    4k වට වෙලා ඒක බෝම්බයක් ගොඩ දාන්නේ මොන රටේද?
    ඩිස්පොස් කරන්න බැරි නම් 2000.00 rc කාර් එකක් වත් එවල පුපුරවන්නේපයේ
     
    • Wow
    Reactions: NRTG

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    4k වට වෙලා ඒක බෝම්බයක් ගොඩ දාන්නේ මොන රටේද?
    ඩිස්පොස් කරන්න බැරි නම් 2000.00 rc කාර් එකක් වත් එවල පුපුරවන්නේපයේ

    කිළිනොච්චිය හොස්පිට්ල් එකට කෝල් එකක් දෙමු බලන්න
     
    • Like
    Reactions: NRTG

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මේක බලන්න. වළලපු බිම්බෝම්බ හොයාගන්න අප්‍රිකානු මීයන්ව පුරුදු කරනව. බිම්බෝම්බ හොයාගන්නෙ ඒවට ආවේණික TNT සුවඳින්. වැටුප් විදියට ලැබෙන්නෙ උන් කැමති කෑම. මීයෙක් පුරුදු කරන්න අවුරුද්දකට කිට්ටු කාලයක් යනව ලු. පුරුදුකරන කාලෙ එක පුස් බෝම්බයක් හරි මඟ ඇරුණොත් ඇත්ත බෝම්බ හොයන්න යවන්නෙ නෑ ලු. මීයෙක්ගෙ බර කිලෝ පහක් විතර නිසා ඒක බිම්බෝම්බයක් සක්‍රීය වෙන්න ප්‍රමාණවත් නෑ, මීයා ආරක්ෂා වෙනව. ලොකුම වාසි අතර මේකත් ඉතා අඩු පිරිවැයත් සඳහන් වෙනව. අප්‍රිකාව වගේ පැත්තකට මේ ක්‍රමය ඉතා ගැළපෙනව.

    මේක හැබැයි ගොඩක් පරණ වීඩියෝ එකක්. දැන් මේකත් අලුත් වෙලා ඇති.