සමහර අය හරි ශෝක් ප්රශ්න අහනවා. මේ ඒවයින් ටිකක්!
-01-මෝඩ ප්රශ්නේ -
චිත්රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

>හරි උත්තරේ -
එයි උඹ දන්නෙ නැද්ද??!
මම මෙතන අතුගානවනේ (මෝඩයා!)
-02මෝඩ ප්රශ්නේ -
බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

>හරි උත්තරේ -
අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)

-03-මෝඩ ප්රශ්නේ -
කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

>හරි උත්තරේ -
නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!

-04-මෝඩ ප්රශ්නේ -
ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

>හරි උත්තරේ -
මට මන්ද පෝෂණේ තිබුනේ නෑ නේ!


-05-මෝඩ ප්රශ්නේ -
පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??
>හරි උත්තරේ -
අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා.

උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!

-06-මෝඩ ප්රශ්නේ -
උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

>හරි උත්තරේ -
බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)


අන්තර්ජාලයෙනි.
රීපොස්ට් නම් සමාව!



