අන්දමන්ද දූපතේ ෆේස්බුක් අන්බ්ලොක් කිරීමේ නිළ මහෝත්සවය -2018 - රියෝ
1.ෆේස්බුක් සමාගමෙන් පැමිණි නිළධාරීන් පිළිගැනීමේ කතාව.
2.ෆේස්බුක් ලාංඡනයේ f හැඩයට තරුණියන් හිටං ඉන්නා පහන දැල්වීම
3. %කා(කොකා) වැටුණ වැව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ෆේස්බුක් කෝළම ජන රංගය.
මම වගේ කියුට් කතක් මනා
දුටුවාද ලොවෙත් රුසිරෙන් මනා
ස්ට්‍රෙස් නිදහස් වෙන්ට සිතා
රික්වෙස්ට් යැව්වනේ මේ වගේ ගොනෙකුටා....
ෆේස්බුක් එන්නී සබයෙන් අවසර ගන්නී
නිව්ස් බෙදන්නී නොටිෆිකේශන් තෑගි කරන්නී
හොරෙන් බලන්නී බලලා දඬුවම් දෙන්නී
අපි බය වෙන්නී බය වී ලොගවුට් වෙන්නී.
***** අත්පොලසන් සහ කිණ්ඩි ****
4. වෙබ් අඩවිය පටන්ගත් දා පටන් අක්‍රීය වූ ෆේස්බුක් ගිණුම් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්.
5.ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් විසින් නව නීති මාලාව හඳුන්වාදීම.
6 .පරිවර්තකයෙක් විසින් ඒවා වැටහෙන පරිදි සුද්ධ සිංහලෙන් කියා දීම.
"දැන් මේ තොපිලට කියල තියෙන්නෙ අහක යන මඟුල් වලට ඇඟිලි නොගහා මලක් කඩාගෙන ,වැල්වටාරම් ගෲප් එකක් පේජ් එකක් හදන් පාඩුවේ හිටු කියල .
උඹලා යවන හැම ඉස් පිල්ලක් පා පිල්ලක් යංසයක් රේඵයක් ,ගයනු කිත්තක්, ඉරු ඉරුවක් ,ඉලු ඉලුවක්ම මේ ඈයො බලන් ඉන්නව.කොටිම්ම කිව්වොත් හරිත විප්ලවය ,ගම්පෙරළිය,වගා සංග්‍රාමය ,බිම් පෙරළීම වගේ වචනයක්වත් නොයවා හිටු...අන්නේකයි ඒ මහත්තුරු කිව්වෙ...
7. සුභ මොහොතින් පීත්ත පටිය කපා ග්‍රාමසේවක මහතාගේ ෆේස්බුක් ගිණුමට ලොග් වීම.
ආ නැකත හරි ...ග්‍රාමසේවක මහත්තයා..ඊ මේල් එක පාස්වර්ඩ් එක එහෙම ලෑස්ති ද.. ගිණිකොන බලලා තුන් වරක් වැඳලා දෙවියන් බුදුන් වැඳලා මේ ඩේටා කාඩ් එක හූරලා වැඩේ පටන් ගන්න.......ආයුබෝවේවා..
8.ෆේස්බුක් අන්බ්ලොක් කර ඇති බව ට්විටර් පණිවිඩයක් මගින් දූපතටම දැනුම් දීම .
( %කා වැටුණ වැව ඉස්කෝලෙ ඉංගිරිසි ගුරුතුමී....අර කොළේ අරන් ආවනම්...)
09.අල්ලාගත් ෆේස්බුක් හොරුන් දඬුකඳේ ගසා දිමිගොටු දමන බව නිළ වශයෙන් ප්‍රකාශ කිරීම.
10. කිරිබත් කෙසෙල් ගෙඩි කා සුද්දාන්ටද කවා සභා තොමෝ විසිර යෑම.
-ඉශූ- Facebook eken gaththe ..
