බස් එකේ කවුරුවත් නෑ... අපි දෙන්න විතරයි..බස් එකත් හැටට හැටේ යනවා... මොන දීපංකරේක යනවද දන්නෙ නෑ මට ඒවයින් වැඩක් නෑ මොකද ව්යංගාත් මගේ ලගම වාඩි වෙලා ඉන්නවා....
එයා හිනා වෙනවා... මාත් හිනා වෙනව...
කතා කරපන් යකෝ... මගේ හිත මටම කෑ ගහල කියනවා... මම කට ඇරල දිව හපල කොච්චර ට්රයි කරත් කටට වචන එන්නෙ නෑනෙ... ශික් විතරක්... යකෝ ආයෙ මෙච්චර හොද චාන්ස් එකක් එනවද... එදා පර්ස් එක අහුලල දීල මම ගන්න පුලුවන් උපරිම ලකුණු දාගෙන ඉන්නෙ... ඉතිං මට බැරිද චන්ඩිය වගේ ටෝක දාන්න.. ඒත් මේ කෙහෙල්මල් දිව නැවෙන්නෙම නෑනෙ අප්පා... කපල විසිකරන්න හිතෙනව ජනේලෙන් එලියට.... බම්බුව...