~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි මංගල සේවය පටන්ගන්න හදන්නේ ;)
    අපි වෙනුවෙන්

    මංගල සේවය කෙසේ වෙතත් ගැහැණු පිරිමි හොයන්න ගිහින් එන කට්ටියවත් එන්නෙ නැතිවෙයි :lol::lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    You're searching for your mind don't know where to start
    Can't find the key to fit the lock on your heart
    You think you know but you are never quite sure
    Your soul is ill but you will not find a cure.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වචනයක් නෙමේද :confused:

    හැගීමක් තවකෙක්ට ප්‍රකාශ කිරීමට යොදාගන්න වචනය
    මන් හිතන්නේ වචනෙට වඩා හැගීම ප්‍රබලයි
    ඒකයි ආදරය කියන්නේ වචනයක් නොව හැගීමක් කිව්වේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ.

    " නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය.

    "රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. "

    "රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී හ.

    රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ස්ත්‍රී සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.

    ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ . නිසැකවම මෙය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් රට වැසියා මා හා බිඳ වන්නට කෙරූ උපායක් වෙන්නට ඇතැ 'යි" කී සේක.

    "වහාම අග්‍ර පුරෝහිතයන් මා අභියසට කැඳවණු" යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.

    අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.

    "අග්‍ර පුරෝහිත, තමුන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩටත් බද්දක් පනවා ඇති බව සැබෑවක් ද ?" ඇසූ හ.

    "එසේය.. මහ රජතුමණි" අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.

    "තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන බදු අය කරන්නේ මන්දැ " යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.

    " දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු" යි කී හ.

    එ බස් අසා කිපුනු පුලතිසි මෙත්පල් නිරිදාණන්
    " රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් සියක් වාරයක් අග්‍ර පුරෝහිතයන් තලා රජ වීදියෙහි පිස්සෙකු මෙන් ඇවිද්දවනු 'යි අණ කළා හු ය.

    ඉක්බිති මෙත්පල් නිරිදාණෝ පැණි අමුඩ බද්දත් අහෝසි කොට දමා අර්ථයෙන් ධර්මයෙන් දෙසමින් රට පාලනය කළෝ යැයි මෙයින් දත යුතු.

    පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි!