~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බහුතරයක් කාන්තාවන් ගැන කිවේ
    වැඩි හරියක් ඉන්නේ අමු මැට්ටියෝ

    sara531 ට සමාජය ගැන හොද දැනුමක් තියෙනවා
    ඕන දෙයක් අහලා දැනගන්න පුළුවන්
    (විහිලුවට නෙමේ කිව්වේ)

    ඕකටනම් එකඟ නෑ. ඒ කියන්නෙ මෙහෙමයි ඕන ම කෙනෙක් තුළ ඔය කියන මැට්ටා හො මැට්ටි ඉන්නව. මේ මං තුළත්, ඔයා තුළත්.

    සාපේක්ෂ ව කොච්චර මැටි වැඩ කරනව ද කියන එක මත තමයි ඉතින් එහෙම අපිට හිතෙන්නෙ. අනිත් එක අපි දකින් මැටි දේවල් එයාල කරද්දි ඒ කෙනාව අපි මැට්ටියක් ලෙස සලකනව.

    හැබැයි ගොඩක් අයට සමාජයක ජීවත්වෙන හැටි ගැන දැනුමනම් අඩුයි තමයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකටනම් එකඟ නෑ. ඒ කියන්නෙ මෙහෙමයි ඕන ම කෙනෙක් තුළ ඔය කියන මැට්ටා හො මැට්ටි ඉන්නව. මේ මං තුළත්, ඔයා තුළත්.

    සාපේක්ෂ ව කොච්චර මැටි වැඩ කරනව ද කියන එක මත තමයි ඉතින් එහෙම අපිට හිතෙන්නෙ. අනිත් එක අපි දකින් මැටි දේවල් එයාල කරද්දි ඒ කෙනාව අපි මැට්ටියක් ලෙස සලකනව.

    හැබැයි ගොඩක් අයට සමාජයක ජීවත්වෙන හැටි ගැන දැනුමනම් අඩුයි තමයි.

    නැ නැ මැට්ටියක් කිව්වේ සාමාන්‍ය දැනුම පොඩ්ඩක්වත් නැති අයට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ නැ මැට්ටියක් කිව්වේ සාමාන්‍ය දැනුම පොඩ්ඩක්වත් නැති අයට

    පොඩ්ඩක්වත් නැති අය කියන්න බෑ ඉතින් හරියට බැලුවොත්. එයාලත් ලෝකෙ කොහොම හරි ජීවත් වෙනවනෙ.

    ඔයා දැකල තියෙනව ද හොඳට සමාජය ගැන දන්න අය අර ඔයා කියන සාමාන්‍යය දැනුම නොදන්න අයටත් වැඩිය අන්ත විදියට සමහර දේවල් කරන අවස්ථා?

    දැන් මාත් මැට්ටෙක්නෙ. ඔය කියන සාමාන්‍යය දැනුම අරව මේව මටත් නැහැනෙ :D හැබැයි මං ඊටත් වඩා මැටි වැඩ කරන්නෙ සමහර වෙලාවට. :D

    ඔතන වැඩි හරිය වෙන්නෙ ඔයා දකින සාමන්‍යය දැනුම එදිනෙදා ජීවිතේ එයාල දකින්නෙ නැති එක. ඒ කියන්නෙ පොදුවෙ සාමාන්‍යයෙන් ජීවිතේ ගතකරන්න ඕන කරන විදිය එයාල එච්චර හිතන්නෙ නෑ. එයාල හැමදේ ම එක විදියට කරමින් ඉන්න හදන්නෙ. හැමතැන ම එක විදියට හැසිරෙන්න හදන්නෙ. හැම මිනිහම එක විදියට විශ්වාස කරන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාර්තක මනුස්සයෙක් කීවෙ සමාජයේ අනෙකුත් පිරිස ආදරේ, ගෞරව කරන

    සමාජයේ අනිත් අය ආදරේ ගවුරව කරාට ගෙදර ලමයි නෝන ගවුරව ආදරය නොකරන්ඩ පුලුඑඅන් ඒතරම්
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    තරහ කාරයෙක්ට කරදරයක් වෙලා එයාම මට කතාකරල දුක කිව්වා.
    හිතට සතුටක් ආව. කරුනාවකුත් ආව. මම හිත හදලා අවශ්‍ය උපදෙස් දුන්න.

    පස්සේ මට මගේ ගෙනම පිළිකුලක් ආව සතුටක් හිතට ආපු එක ගැන.
     
    Last edited:
    • Like
    Reactions: lpwicrama

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරහ කාරයෙක්ට කරදරයක් වෙලා එයාම මට කතාකරල දුක කිව්වා.
    හිතට සතුටක් ආව. කරුනාවකුත් ආව. මම හිත හදලා අවශ්‍ය උපදෙස් දුන්න.

    පස්සේ මට මගේ ගෙනම පිළිකුලක් ආව සතුටක් හිතට ආපු එක ගැන.

    ඒ වගේ හැඟීම් මතුවෙන එක සාමාන්‍යයයිනෙ. ඔයා මොනා වුණත් පස්සෙ තේරුනානෙ එහෙම හිතුන එක හොඳ නෑ කියල. අපි සෝවාන් වෙලා නැහැනෙ. එයාට අවශ්‍යය දේ කරල දුන්නනෙ. ඒ මදැයි :D එච්චර හිතන්න එපා ඒ ගැන