වෙන්න පුළුවන්. ඒ අය කලින් කට්ටියට උදවු කරල ඔයා වගේ හිතල දැන් එහෙම කට්ටියගෙන් උදවු ගන්නව වෙන්න පුළුවන්.
ඒ වුණාට ඒ අය කරන දේ ඔයාට අදාල නැහැනෙ. ඒක එයාලගෙ වැඩක්. ඔයා තීරණය කරන්න ඕන ඔයාට ඉන්න ඕන ඒ අය වගේ කාටවත් උදවුවක් නොකර ද? නැත්තම් වෙන විදියකට ද කියල.
විරහ වේදනාවෙන් ඉන්න ගැහැණු ළමයෙක්ට ආදරය කරද්දිත් ඔය වගේ සිද්ධියක් වෙනව බොහෝ වෙලාවට. (හැමවිට ම නෙමෙයි. හැමෝටමත් නෙමෙයි)ඒක ඉතින් ඒ ගැහැණු ළමයගෙ වරද නෙමෙයිනෙ. මොක ද ඒ වෙලේ එයා ළඟින් ඉන්න කෙනාට එයා කැමති වෙන්නෙ. ඒත් පස්සෙ තේරෙනව එයාව හරියන්නෙ නෑ කියල. එතනින් අතහැරල දානව.
ඒ වගේ තමයි වැඩ කරගන්න ඕන වුණාමත් කට්ටිය. ඒ වැඩේ වෙනකන් කොහොම හරි කට්ට කාගෙන තමන් එක්ක ඉන්නව. ඒත් වැඩේ කරගත්තට පස්සෙ ඈත් වෙනව.
ඕක කම්පැනිවලත් කරනව. වෙබ්සයිට් වගේ ඩිසයින් කරගන්න පුහුණු පදනම මත කට්ටියව ගන්නව. ඊට පස්සෙ ඒ අයව අයින් කරල දානව.