මා කෞමදී නුඹ සොඳුරු මේ රැය
සරසනා මිහිරී
නෙත් පුරා විඳගන්න රූ සිරි
සිත නොයයි විසිරී
නුඹ රූ රුරා විහිදා මගේ සිත
මත් කළා කුමරී
මා මුදාහල අනඟ හී සර
නුඹටමයි සොඳුරී
සන්ධ්යාසමේ පීදෙනා සඳ රාජිනී
පෑ ප්‍රේමයේ රූ රටා මනලෝලිනී
මා කළඹා නුඹ රූ රුරා විහිදා
මගේ සිත මත් කළා කුමරී
මා මුදාහල අනඟ හී සර
නුඹටමයි සොඳුරී





