~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    රැස් කෙසුරෙන් ගිහිණි දුනුකේ තඹිලි තුරු වලා සිය පෙති සපැමිණි වට කළ මුහුළු සහයුරු අරුණුවන් නුබ මිණි නාලිය රැදි මහ රු අවරඔර සරසරෙව් වැජඹිණි පුවක් ලැහැබින් සැදුනු විසිතුරු
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සවසැදුරු දිස්නා තරු බරිනි දෙරණට නුඹ පහණේ නහස්නා බට නුබි නඩක් විලසට රන් වටිනි රස්නා මල් පුල් එක ලෙස ට නැහැසු ඉරිමෙන් වලා දිස්නා සුනිල් කැලයක් අතරමගදිට
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    එකල වැදලීය තුළ මුල මුව රළ කෙළෙන ඇතිරිලි ඇති ලමඟ කොළ වෙළපෙහි මොනර පැළඹෙන මදනල වැද වග ළ සුනිල් කොල ලෙල දෙන සුවඳ මල් රොන්පටින් සුලකළ විහිදී අතුඅඟ කොවුල් හඬලන
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මිනිමුතු මල් කැනැති අස බමුණ ගම් වැසි අග කෙළෙන මිහිලොල්සැති මග රැඳුන අද තොන සි එහි එක් රුකෙක නිති ගෙට ගිය අඹුව නසි වසන දෙවියෙක් හාස්කම් ඇති අතුරුදන්වී කියා මේලෙසි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මිණි කිරු ළිස පැළඳ මේ කිමෙකැයි කියා බැඳ මුරුත මල් ඉනසැඳ බලමින් නොදැක දෙවියා සැදී දිව සළු හැඳ සිත දුක් කිය කියා පෙනී සඳරැසිනෙව් වෙළෙප්මැඳ බියෙන් අඬමින් බමුණුදුකියා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මේ කවි අසාගෙණ සිටි ඩොරොති සහ ඇගේ මව් පුදුම වූහ. “සරත් ‘එළුව’ දන්නා හැටි අනේ! ඔය ළමයා ඕවා ඉගෙණගෙන මෝඩයෙක් වෙන එක ගැන කණගාටුයි. ඕවා දන්නෝ උන්නාන්සේලාය. සරත්ට කුමටද? දැන් කාලේ ඉලන්දාරි ඔබඳු පරණ දේවල් කුමට පාඩම් කරණවා ද? ඉංග්රීතසි කවි සින්දු තිබියදී සිංහල කවි හා බණ කුමටද? ඒවා දන්නා අය “අශීලාචාර මෝඩයෝය.” “ අනෙ, මම්මේ! ඉතින් ‘ගොඩතාලෙව’ බැහැලා ඉන්නා සරත් සමග මට ‘මැරි කරන්ට’ පුළුවන්දැ”යි ඩොරොති මම්මාට කීවාය. මම්මාටත් දුවටත් සරත්ගේ මධුර කවි ඇසුනේ හරියටම නරින්ට සිංහ නාදයක් ඇසුනු ලෙසය. තමන්ගේ පහත් තත්වය නිසා නරියා සිංහ නාදයට තැතිගෙණ අමාරුවට පත් වන්නාක් මෙන් සිංහල ජාතියේ ඉපද උතුම් සිංහල ශබ්ද ශාස්ත්රග නොඉගෙණ ජාතිභ්ර්ෂ්ටවන කාලකණ්ණියන්ට උසස් සිංහල පොත පතක ප්රගකාශිත දේ ඇසෙන විට තමාට නොතේරෙණ බැවින් වික්ෂිප්ත භාවයට පත්වීම සිරිතකි. ඩොරොතිගේ මව් වන ඒකනායක නෝනා දුවනියගේ ඔලුව අතගාමින් “සරත් සිංහල සංස්කෘත දැනගත්තාක් මෙන්ම ඉංග්රීගසි භාෂාව ද හොඳින් ඉගෙණගන්නා කෙනෙකි. ඒ ලමයාගේ බුද්ධ භක්තියත් පරණ සිරිත්වලට ඇති කැමැත්තත් අපි නැති කරන්ට ඕනෑ. ඩොරොති. උඹ සරත් සමග කථාබස් කොට ඔහු උඹේ අත් අඩංගුවට ගණින්. උඹට කැමති එකක් කරගත්තාට අපෙන් තහනමක් නැතැයි” යි මම්මා දුවට කීවාය.


    -පියදාස සිරිසේන-සුචරිතාදර්ශය හෙවත් සරත් කුමාර චරිතය-
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට නාඩගමේ මං රජාට අඳිනවා
    අජාසත්ත නාමෙන්
    මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
    බලාපල්ලා බොරුනම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හෙට නාඩගමේ මං රජාට අඳිනවා
    අජාසත්ත නාමෙන්
    මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
    බලාපල්ලා බොරුනම්
    9.gif
    9.gif
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හෙට නාඩගමේ මං රජාට අඳිනවා
    අජාසත්ත නාමෙන්
    මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
    බලාපල්ලා බොරුනම්




    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
    බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
    බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්

    පට්ට සින්දුවනේ :D