~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~


ඇස්වලට හිත් එක්ක තියෙන
සම්බන්ධය
හිතාගන්න බැරි තරම් කිට්ටු එකක්...

ඇස්වලට හිත් එක්ක තියෙන
ගනුදෙනුව
ලොකුම ලොකු මායාවක් ...

මොකද එක බැල්මකට පුලුවන්
මිනිහෙක්ට ජීවිතේ දෙන්න...

ඒ වගේම
පණපිටින් මරණයත් දෙන්න...

ඒකත්
පොඩ්ඩ පොඩ්ඩ විඳවන ගමන්
මැරෙන්න ...

ආන්නේකයී සමහර ඇස් වල
නවත්තන්න නරක...👀
 

නොපෑහෙන අය දිහා
බලා බලා හිතනවා....
මොනවාද පවසන්නේ
එයාගේ දෑස මට ?

උතුරනා සෙනෙහසේ
නෙත් වලින් වහංවී
හිත හදාගනිමුදෝ
බැඳේ යැයි මුළාවෙන් ?
 

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද //
නිකැලැලි පතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි...!
 

ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්ත වල තියෙනවා "Life without Possibility of Parole" කියලා ජීවිතාන්තය දක්වා දෙන සිර දඬුවමක්......( ප්‍රාවාචික ක්ෂමා විරහිත ජීවිතාන්තය දක්වා සිර දඬුවම )

මේ සිර දඬුවමට ලක්වෙන අයට ක්ෂමාව ප්‍රදානය කිරීම හෝ ඔවුන්ගේ සිර දඬුවම කපාහැර නිදහස් කිරීමක් සිද්ද වෙන්නෙ නෑ.....එහෙම කරනව නම් කරන්න බළය තියෙන්නෙ ( නඩු තීන්දුව වෙනස් කරමින් ඉහළ අධිකරණ වලින් ප්‍රතිනියෝගයක් නිකුත් කළොත් ඇර ) ඒ ඒ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන්ට සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට.....ආණ්ඩුකාරවරුන් මෙතෙක් කිසිදු සිරකරුවෙකුට එසේ ක්ෂමාව ප්‍රදානය කරල නෑ.......ඔවුන් නිර්දෝෂයි කියලා ඔප්පු උනොත් ඇරෙන්න බහුතරය සිර ගෙයිම වයස් ගතවී මිය යනවා.....එළියට එන්න වෙන කිසිදු අවස්ථාවක් නෑ...( ගියොත් ගියාමයි )....ඇමරිකානු නීතිය දන්නා අය මේ දඬුවමට කියන්නෙ "One way ticket to cell" කියලා.......සමහරු වසර 55 ක්, 60 ක් පමණ සිරගතවී සිට මියගිය අවස්ථා තියෙනවා......

මෙම දඬුවම සළකන්නේ "මරණ දඬුවමට වඩා බිහිසුණු දඬුවමක්" විදියට.... කෙනෙක්ව සමස්ථ ජීවිත කාළයක්ම සමාජයෙන් වෙන් කරලා, සතෙක් වගේ කූඩුවකට දාලා තියාගන්න එක, එම පුද්ගලයාව එක් නිමේෂයකදී කවර හෝ තාක්ෂණික ක්‍රමවේදයක් යොදාගෙන එකවර මරා දමනවාට වඩා ඉතාම බිහිසුණු ක්‍රියාවක්.....මේ දඬුවම නියමවී සිටින අයගෙන් 45% කට අධික ප්‍රතිශතයක්, විෂාදය ආදී රෝගී තත්වයන් උත්සන්න වීම නිසා පිස්සු වැටී, උන්මත්තකයන් ලෙස තම තමාගේ මළ මූත්‍ර ගොඩේ වැතිරී ජීවිතයේ අවසාන කාළයත් සිර මැදිරි ඇතුලේ ගත කරනවා.....

ඇමරිකා එක්සත් ජනපදය කියන්නෙ මෙන්න මේ ක්ෂමා විරහිත ජීවිතාන්තය දක්වා සිර දඬුවම "බාළවයස්කාර අපරාධකරුවන්" හෙවත් "ජුවෙනයිල් ඔෆෙන්ඩර්ස්ලා" සඳහා මෑතක් වෙනකල්ම දුන්නු එකම රට.......ඒ කියන්නේ වයස අවුරුදු 16 ට අඩු දරුවන් කුමක් හෝ දරුණු අපරාධයක් කළොත්, ඒ අය මහළු වී මරණයට පත්වෙන තෙක් සිරගෙයි තබපු එකම රට.....

නමුත්, 2012 වසරේදී මිලර් එදිරිව ඇලබෑමා ( ඇලබෑමා ප්‍රාන්තය ) නැමැති නඩුව ඇමරිකාව මානුෂිකත්වය පැත්තෙන් සුවිශේෂී තැනකට ගෙනාවා.......මේ නඩුවේ විත්තිකරුවා වන "එවන් මිලර්" නැමැත්තා සහ "කන්ට්‍රෙල් ජැක්සන්" නැමැත්තා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි අතර, මත්ද්‍රව්‍ය සඳහා මුදල් සපයා ගැනීමට කරන ලද සොරකමක් අවසානයේ මනුෂ්‍ය ඝාතන දක්වා දුරදිග යෑම තමයි මේ අයට දඬුවම් නියම වෙන්න හේතුව....

නමුත් මේ දෙදෙනාම එවකට වයස 14 ක් වූ අය.......ඇලබෑමා අධිකරණය මඟින් ඔවුන්ට ජීවිතාන්තය තෙක් ක්ෂමා විරහිත සිර දඬුවම නියම කරනවා..... ඒත් අග්‍රවිනිශ්චයකාර ජෝන් රොබර්ට්ස්ගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව යළි සළකා බලා, 2012 වසරේදී "බාළ වයස්කරුවන්ට මේ ක්ෂමා විරහිත හෝ ක්ෂමා සහිත ජීවිතාන්තය තෙක් සිර දඬුවම පැණවීම ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් වාරණය කර ඇති "කෘර සහ අසාමාන්‍ය දඬුවම්" ඝණයට හසුවන බවත්, එනිසා එබඳු දඬුවම් පැණවීම ව්‍යවස්ථාවට පටහැණි බවත් තීන්දු කරනවා.... ඒ සමග එක්සත් ජනපදයත් බාළ වයස්කරුවන්ට මේ දඬුවම පැණවීම අත්හිටුවනවා......

දැන් අපි එමු, මා ඔබට කියන්න යන පෞද්ගලික අත්දැකීමක් සම්බන්ධ කථාවකට......ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ, ෆෙඩරල් සිපිරි ගෙයි මේ වනවිටත් සිර දඬුවම් විඳිමින් ඉන්නවා රොනල්ඩ් එල් සැන්ෆර්ඩ් කියලා පුද්ගලයෙක්..... ඔහු, ඔහුට අවුරුදු 13 ක් තරම් වයසෙදි, ඉන්දියානා ප්‍රාන්තයේ මේරියන් කවුන්ටියේ ද්විත්ව මිනීමැරුමකට සම්බන්ධ වීමෙන් තමයි එම දඬුවමට ලක්වෙන්නෙ.......ඔහුත්, ඔහුගේ යාලුවෙකුත් එම මිනීමැරුම කරන්නේ එම ප්‍රදේශයේ තියෙන කානිවල් එකකට යන්න ටිකට් එකට සල්ලි හොයාගන්න ගෙයක් බිඳින්න ගිහිල්ලා.......එහි ප්‍රතිඵලය ලෙස ඔහුට වසර 170 ක සිර දඬුවමක් ලැබෙනවා..... ඒක ක්ෂමා "සහිත" ජීවිතාන්තය දක්වා සිර දඬුවමටත් වඩා භයානක එකක්......මොකද ක්ෂමා ලැබීමේ හැකියාව ඇති ජීවිතාන්තය දක්වා සිර දඬුවමේදී වසර පහළොවෙන්, පහළොවට ක්ෂමා මණ්ඩලයක් ඉදිරියට ගොස්, තමා යහපත් පුරවැසියෙකු වීමට සූදානම් බව ඔප්පු කර නිදහස් වෙන්න පුලුවන්..... නමුත් මෙවැනි ජීවිත කාළයත් ඉක්මවූ වසර ගණනාවක් දඬුවම වශයෙන් ලබපු අයට ඒකත් ලැබෙන්නෙ නෑ......

ශ්‍රීමත් ට්‍රෙවර් මැක්ඩොනල්ඩ් විසින් නෝර්වීජියානු රූපවාහිනී සේවයක් සඳහා ඇමරිකාවේ සිපිරි ගෙවල් පිළිබඳව කරන ලද වාර්ථා වැඩසටහනකින් තමයි මම මේ පුද්ගලයාව මුල් වරට දකින්නෙ.......

ඔහුව දැකීම මා සිතෙහි විශාල කම්පනයක් ඇති කළා..... පුද්ගලිකව මම, ඇසිරී ගිය ඉඩ සහිත තැන්වල ඉන්න ඉතාම බය කෙනෙක්..... මට මේ කිසිදාක නුදුටු රොනල්ඩ් සැන්ෆර්ඩ්ගෙ දුක සහ වේදනාව දැනෙන්න පටන් ගත්තා......වයස දහතුනේදී කළ වරදක් නිසා අත් අඩංගුවට ගෙන, වයස 15 දි සිර දඬුවමට නියමවෙච්ච මොහු, එදා සිට අද මේ කථා කරන මොහොත දක්වා ඉන්නේ අඩි 6 X 9 ක කුටියක සිර කරලා..... ඔහු දවසකට විෂාධය සඳහා බෙහෙත් වේල් තුනක්, ඒවායේ ඉහළම මාත්‍රා වලින් බොනවා.......මමත් විෂාධය රෝගියෙක්.......මට එක මොහොතකට සැන්ෆර්ඩ් සමග ඒකාත්මික වෙන්න පුලුවන් උනා......හතර වටේම බිත්ති ටික විතරයි ඔහු දකින්නෙ.....මුළු ජීවිතයම බිත්ති.....ගහක් කොළක්, ඉර එළියක් අවසානයට දැකලා තියෙන්නෙ මීට අවුරුදු 27 කට කළින්......!

පස්සෙ මම ඇමරිකාවෙ ඉන්න මගේ හොඳම මිතුරියක වන ආචාර්ය කිම් හෝකින්ස් මහත්මියට කථා කළා......ඇයත් මේ සැන්ෆර්ඩ් වගේම කලු ජාතික කෙනෙක්.......මම මේ කථාව ඇයට කියලා, මේ පුද්ගලයා වෙනුවෙන් නිර්මාණය වී ඇති වෙබ් අඩවි කිහිපයකත් සබැඳියාව ඇයට යැව්වා......ඇය තකහණියක්ම නිව්-යෝර්ක් ඉඳලා, මේ රොනල්ඩ් සැන්ෆර්ඩ් බලන්න ඉන්දියානා ප්‍රාන්තයේ ඔහුගේ සිපිරි ගෙයට ගියා.....එහිදී ඔහු ඇයට මෙසේ කීවා......

" ... මම කොහොමද ලෝකයට කියන්නෙ, මම ඒ වයස අවුරුදු 13 දි හිටපු, ඒ ද්විත්ව මිනීමැරුම කරන්න තරම් සාහසික වෙච්ච වීදියේ හැදුනු වැඩුණු කලු කොල්ලා නෙමෙයි කියලා...... මම කොහොමද මේ ලෝකයට ඔප්පු කරන්නෙ, මම අද ඊට වඩා වෙනස්, දැහැමි මනුස්සයෙක් කියලා......මම අද කොහොමද ඔප්පු කරන්නෙ, මට තව එක අවස්ථාවක් දෙනවා නම්, මහ පාරෙදි කෙනෙක් මගේ වම් කම්මුලට ගැහුවොත්, දකුණු කම්මුලත් පාලා නිහඬව ඉන්න තරම් ඉවසිලිවන්ත මිනිහෙක් කියලා...... අද මෙහේ හිරවෙලා ඉන්න අපි හැමෝම කොහොමද අපි ඒ කුඩා කාළයේ අපරාධ කරපු අය නෙමෙයි කියලා, අපෙන් පළිගන්න බලාගෙන ඉන්න මේ ඇමරිකානු සමාජයට ඔප්පු කරන්නෙ.......අපිව හිරකරන්න නීති හදපු මේ සමාජය අපිට කියන්නෙ නිදහස් වෙන්න නම්, අපි දැන් ඒ සමාජයට තර්ජනයක් නොවෙන මිනිස්සු කියලා ඔප්පු කරන්න කියලා...... ඒත් දෙවියනේ අපි කොහොමද ඒක ඔප්පු කරන්නෙ, අපිට සමාජයට ආපහු යන්න අවස්ථාවක් නොදී.........මගේ දුක දැකලා, ඔබතුමියව මා වෙත එවන්න මහන්සි වෙච්ච, ඒ ශ්‍රී ලංකාවේ මහත්මයාට මම ස්තූති වන්ත උනා කියන්න.......යම් දවසක ඔහුව වැළඳගන්න මම කැමතියි..... ඒත් මම හිතන්නෙ නෑ, මේ වීදුරු කුටීරයකින් දෙපැත්තෙ ඉඳගෙන, මාව බලන්න එන අයට ටෙලිෆෝන් එකෙන් කථා කරන මට, ඔහු මෙතනට ආවත් කවදාවත් ඒක කරන්න ලැබෙයි කියලා...."

මම ඒ ප්‍රතිචාරය කිම් හෝකින්ස් මහත්මියගෙන් ඇසූ දා සිට, ගතවන සෑම දිනකම මිනිත්තු පහකට හෝ රොනල්ඩ් එල් සැන්ෆර්ඩ් නම් ඒ සිරකරුවාව මතකයට නඟා ගනිමි...... වයස අවුරුදු දහ තුනේදී මා සවස් වරුවට කළේ කාටූන් බලා, මගේ අම්මාගේ තුරුලේ ගුලිවී නිදා ගැනීමය......පසුවදා උදෑසන බලනවිට, මා මගේ ඇඳේ සිටින අතර, මා එතැනට ගුවනින් ප්‍රවාහනය කරන ලද්දේ මගේ ආදරණීය තාත්තාය.......රොනල්ඩ් එල් සැන්ෆර්ඩ් වයස අවුරුදු දහතුනේදී කර ඇත්තේ ඔහුට උරුම දුප්පත් කලු ජීවිතයේ කටුක බව අත් විඳිමින්, මදාවි කොල්ලන් සමග එක්ව, ඇමරිකාවේ සුදු මහත්තුරුන්ට, සුදු නෝනලාට අමතක වී ගිය, නගරයේ නරක පෙදෙසක, සල්ලි කීයක් හරි සොයාගන්නට වීදි සැරීමය.......ඔහු එතනය.... මා මෙතනය.......මගේ තාත්තා මට ඇතැම් දිනවල මට නින්ද යන තුරු හිස අතගාද්දි, සැන්ෆර්ඩ්ගේ බීමත් තාත්තා ඔහුට කළිසම් පටියෙන් පහර දී "කීයක් හරි හොයාගෙන වරෙන් " කියා නිවසින් නෙරපා හැර ඇත......

ඇමරිකාවේ සුදු මහත්තුරු, නෝනලාට සුවදායක, ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන්නට සම්පාදනය කර ඇති මේ නීති වලින් ජීවිතාන්තය තෙක් සිරගත කර ඇති බාළ වයස්කාරයන්ගෙන් 55%-70% ක්ම දුප්පත් කලු ජාතික කොල්ලන්ය.....සුදු මහත්තුරු, නෝනලා තමන්ගේ වහල් වැඩ කරගන්නට අප්‍රිකාවෙන් අල්ලාගෙන ආ වහල්ලුන්ගෙ මී මුණුබුරු දරු පැටවුන්ය.......ඉතින් මහත්තුරු නෝනලාගේ සුන්දර ජීවිත වලට උන්ගේ දුප්පත් කම, ආවේගය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය බාධාවක් වූ විට, කරන්නේ මොවුන් අල්ලා ජීවිතය ගෙවෙන තෙක් කූඩුවකට දමා තබාගෙන, කන්න දීමය......ඒ ඇමරිකාවය.....!

මම අර මාතර කොලුවාගෙන් සැන්ෆර්ඩ්ව දකිමි......සැන්ෆර්ඩ්ට පළමු ක්ෂමා ප්‍රදාන සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්නට සුදුසු කම් ලැබෙන්නේ ඔහුට වයස 96 කදීය.....ඔහුගේ දැන් වයස අවුරුදු 40 කි..... ඔහුට කිසිදාක, ඒ සිරගෙදර බිත්ති හතරෙන් නිදහස් වන්නට නොලැබෙනු ඇත.....ඇමරිකාවේ නීති ඉතාම දරදඬුය.... ඒ උනත් ඇමරිකන් කාරයන් හැමෝම අන්තිම හොඳ මිනිසුන් ලෙස ජීවත් වෙනවාදැයි නොදනිමි....සමහර විට ඉරාකයේ මිනිසුන් එය දන්නවා විය යුතුය.....

මා ජේසුතුමාට ආදරය කරන්නට උත්සාහ කරමින් සිටිමි.......ඒ ඔහුගේ පියා බව කියන නල්ලමලේ දෙවියා බලාපොරොත්තුවෙන්වත්, ඔහුගෙන් ලැබෙන ඊනියා ස්වර්ගයක් බලාපොරොත්තුවෙන් වත් නොවේ.....!.....ඔහු ජේසුස් නිසාය...!........මා වැනි කුපාඩියෙකු එසේ කීම, ඒ උතුම් මිනිසාට කරන නිගරුවක්දැයි නොදනිතත්, මෙහිදී ජේසු තුමාව මතක් කළ යුතුය........ජේසු තුමා, තමා ඉදිරියේ ගල් ගසා මරන්නට ගැහැණියක් ගෙනා පිරිසට "නුඹලා අතරින් කවර කළකවත් පාපයක් නොකර තැනැත්තා පළමු ගළ අතට ගනීවා" යි කී කියමන බොහෝ දෙනෙකු එහි නිසි අරුත නොදැන ඔහේ හුවා දක්වනු පෙනේ......ඇත්තටම ජේසුතුමා ඒ කීවේ කුමක්දැයි කාළකණ්ණි මූසල මිනිස් වර්ගයා දන්නේ නැත.......

"දුප්පත් කම නිසා වරදේ බැඳෙන්නට සිදුවූ ස්ත්‍රියක් මරා දමා සමාජයෙන් ඉවත් කරන්නට තරම්, නුඹලා වැනි මුළු ලෝකයක් රවට්ටන පවිටු වංශයක් ඇයට බිය වන්නේ කුමකටද ?" යන ප්‍රශ්ණය ජේසුතුමා එදා එතන රැස්වී ඇයගේ ලේ දකින්නට බලා සිටි කුහක කෛරාටික පරීසිවරුන්ට ව්‍යංගයෙන් යොමු කළ පැණය බව, ලෝකයේ ඉන්නා හොඳම ක්‍රිස්තියානිකාරයන් වත් තේරුම් ගන්නේ නැත......

ඇත්තටම මේ මාතර කොලුවා වෙනුවෙන් මා මෙතරම් ලියන්නේ මේ නිසාය..... ඌ අමු තිරිසනෙක්, නරුමයෙක් වන්නට පිළිවන...!....ඌ කළේද, කාළයක් තිස්සේ සැලසුම් කර කරන ලද අන්තිම තුච්ඡ ක්‍රියාවක් වන්නටද පුලුවන....!.......

එහෙත්, මහ දවාලේ මහ පාරක් අයිනේ ලසන්ත වික්‍රමතුංගගේ හිස කුඩු කර දැමූවන් සිංහාසනාරූඨ කරන්නට එක පයින් සැදී පැහැදී සිටින, රිචඩ් ද සොයියා දස වධ දී මරා දැමූවන්ගේ බළය රකින්නට දිවා රෑ වෙහෙසෙන, සාගරිකා ගෝමස්ගේ ගෙළ පිහියකින් කපා වෙන් කළ අයගේ පාර්ලිමේන්තු අසුන් ගණන වැඩිකරන්නට යුනිකෝඩ් කොටන, අපි නුඹලා වැනි පොළොං වංශයක්, තරුණ ආවේගයක් නිසා මිනිසෙකු මරා දැමූ මොහුට මෙතරම් බියවනු කුමටද?......ඔහුට සමාව නොදිය යුතුය, දැඩි දඬුවම් දිය යුතුය, තුරන් කළ යුතුය, යළි කිසිදාක මේවා නොවන්නට ආදර්ශයක් බවට පත් කළ යුතුය කියන අපි නුඹලා වැනි පොළොං වංශයේ සාදුකාර ලබමින්, රතු පාවඩ පිට ගොස් දිවුරුම් දෙන උන් කෙරෙහි නැති බියක්, අර දරුවා කෙරෙහි කුමට?.......

අප වැනි විෂඝෝර සතුන් මේ කිරි සප්පයාට කුමට බියවනුද?..... නුඹලා බෝසත්ද?.....දඬුවමක් දී අතහරින්න.....!....යළිත් අපේ වනාන්තරයටම පැමිණ, අප වැනි "සත් ගුනවත්, සුචරිතවත්" පාහර බල්ලෙකු ලෙස හැදෙන්නට ඉඩ හරින්න......!

-Damith Kethaka
 

පපුව පැලිලා
උන් එතනම මලත්

තව ආත්ම
හැට හැත්තෑවකටවත්
උන්ගේ හිත්වල ආදරේ ඇතී...❤️

ඉතිං
මට නිකමට වගේ හිතෙනවා

ජීවිතේ
ජිවිතේ වගේ නොවී
ෆිල්ම් එකක් වගේ උනා නම් ..😊😊
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 12/3

    අද අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වේ.

    අද ආබාදිතයින් පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    අද "වෝල්ට් ඩිස්නි" දිනයයි.


    ඇමරිකාව හා රුසියාව අතර පැවති "සීතල යුද්ධය" නිල වශයෙන් අවසන් වුයේ අදවෙනි දිනකයි. (1989)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    හෙමින් සැරේ
    ඇවිත් ඔයා.....
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .

    හරි ඉතිං
    ඇවිත් ගියා..😏


    නිල් දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මාගෙන් සඟවනා..🖤


    මා නුවන් පුරා නිල් අහස වසා
    මා ළවන් පුරා මල් සුවද සදා
    මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
    උණ පදුරු සෙවනේ
    රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
    ආකාස කුසුම් යහනාවේ
    මට දැනෙනවා ආදරේ.....!!!💜❤️


    පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට...
    යතුරු කැරළි අඳනය යට ගසාගෙන....


    කම්මැලියි වගේ නැද්ද බං 🙄




    ඇස්වලට හිත් එක්ක තියෙන
    සම්බන්ධය
    හිතාගන්න බැරි තරම් කිට්ටු එකක්...

    ඇස්වලට හිත් එක්ක තියෙන
    ගනුදෙනුව
    ලොකුම ලොකු මායාවක් ...

    මොකද එක බැල්මකට පුලුවන්
    මිනිහෙක්ට ජීවිතේ දෙන්න...

    ඒ වගේම
    පණපිටින් මරණයත් දෙන්න...

    ඒකත්
    පොඩ්ඩ පොඩ්ඩ විඳවන ගමන්
    මැරෙන්න ...

    ආන්නේකයී සමහර ඇස් වල
    නවත්තන්න නරක...👀


    නොපෑහෙන අය දිහා
    බලා බලා හිතනවා....
    මොනවාද පවසන්නේ
    එයාගේ දෑස මට ?

    උතුරනා සෙනෙහසේ
    නෙත් වලින් වහංවී
    හිත හදාගනිමුදෝ
    බැඳේ යැයි මුළාවෙන් ?


    Never love a poet so much,
    for she will build her world around you.
    She’ll contrast you to the sun and stars;
    she will love you so.


    මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
    හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද //
    නිකැලැලි පතුමක සැඟවී
    රත්තරනේ ඔබ හිටි හැටි මනසේ

    රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
    ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ
    ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි...!


    :rofl: