සසඳ සසඳ හඳ පානේ අපි යනවා
මම්මල බඳව ගොන් බානක් දක්කනවා
සකිය සගව්වට රෝදය කැර කෙනවා
දත් කැකුළට අපි කුරුණෑගල් යනවා
සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
දත් කැකුළට නාරම්මල ලතැවෙනවා
කොළඹ කොටුවෙ කොටු දොරකඩ තාප්පේ
ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ
බත උයලා කාබී අපි සිත අයුර
තණ කවලා ගොන් දෙන්නට දී වතුර
නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර
එළිවෙන ජාමෙ පිටවී යමු හිත මිතුර
බැඳලා විය බාන ගොන් දෙන්නගෙ කරට
මැනලා ගනිමු බෝතලයක් සිලිමකට
බෙදලා බොමුව හැම දෙන එක්ක හරියට
කොතලාවල පසුකර මිතුර හනිකට
සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
දත් කැකුළට නාරම්මල ලතැවෙනවා