ඒ කාලෙ ෆිල්ම් ටෙලිනාට්‍ය ටිකක් බලපංකෝ. ජනජීවිතය ගැන හොඳ අයිඩියා එකක්ගන්න පුලුවන්.
98 වගේ කාලේ වෙනකම් එක එක පළාත් එක එක විදියයි මචන්. නගර, නගර බද වෙනම විදියක්, නගර වලින් ටිඅක ඇතුලට යනකොට ගොඩක් වෙනස්.
දුර ගමන් යන්න වැඩිපුරම මිනිස්සු පාවිච්චි කරේ බස්, කොච්චි තමයි. ගොඩක් අයට තමන්ගේම කියල වාහන තිබ්බේ නැ. මොටබයික් තිබ්බත් බහුලව නැ එකත්.. ඒ වගේම ගොඩක් ගෙවල් වල තිබ්බේ ෆුට්බයික් තමයි. ෆුට් බයික් වල කිලෝමීටර් 10, 20 පදින එක ස්වාමන්ය දෙයක්. සමහරමිනිස්සු පයින් කිලෝමීටර් 3,4 යන එකත් නෝමල් ඒ දවස් වල.
ගමේ පොදු ප්‍රවාහන කියන්නේ බස් එක තමයි. එත් මෙන් රෝඩ් එකේ විතරයි. දවසට බස් වාර 2ක් 3න්යි. ගොඩක් ය ඉතින් මෙන් රෝඩ් එකෙන් බැහැල පයින් යන්න ඕන තවත් කිලෝමීටර් 5-6 ගම ඇතුලේ.
ඒ කලේ ගැනු කලිසම් ඇන්ද, නගර වල වෙසෙන අය විතරයි. එකත් ඉතාමත් සුළු ප්‍රමාණයක්.. නගරබද, ගම් වල නම් කලිසම් අදින අය මම නම් දැකලම නැ.
රස කැවිලි කියන්නේ දැන් තියන ඒවම තමයි ඉතින්.
ඒ කාලේ ටි වී ගොඩක් අඩුයි. 90දී අපේ පාරේ tv දෙකයි තිබ්බේ . ඒ tv දෙකම හැමදාම එලියට අරන් මේසයක් උඩ තියල පෙන්නවා. ගමේම වගේ උන් එනවා tv බලන්න. පට්ට ආතල් එකනම්. 93, 94 වගේ වෙනකොට ගෙවල් වල ටීවී වැඩිවීගෙන ආව.
ඒ කලේ ජිවන රටාව ඉතාමත්ම සැහැල්ලු විදියට තමයි ගෙව්වේ මිනිස්සු. දැන් වගේ කාර්ය බහුල නැ.
වැඩිපුර ඇහුනේ හොදම සින්දු තමයි ඇහුන හැම සින්දුවක්ම. සිංහල, හින්දි, ඉංග්‍රීසි. බලපු හැම වැඩසටහනක්ම වගේ ගොඩක් උසස් තත්වයේ වැඩ සටහන්.
ගොඩක් දුර පළාත් ගැනනං දන්නෙ නෑ. අපි ඉන්න පළාත ගැන කිවුවොත්,මම කතාවක් ලියනවා. ඒකට පොඩි උදව්වක් විදියට දැන ගන්න ඕන ඉස්සර කාලෙ විස්තර.
සාමාන්‍යෙන් 1990 - 1999 කාලේ දුර ගමක මොන වගේ පහසුකම් ද මොන වගේ පරිසරයක් ද තිබුනේ?
මිට්සුබිශි රෝස, ටාට, ෆූසෝ වගේ බස් තමයි තිබුණෙ...ගමේ පොදු ප්‍රවාහනය මොන වගේ ද?
ඔවු.. සමහර අය...සාමාන්‍යෙන් ඒ කාලේ ගෑනු කලිසම් ඇන්දා ද?
ඒ කෑම වර්ගනං දැනටත් තියෙනව ඉතිං...,ඒ කාලේ කඩවල් වල තිබුනු රසකැවිලි වල නම් මොනවද?
ටීවී තිබුණ ගොඩක් ගෙවල් වල. කලර් ටීවී තමයි අඩු...ඒ කාලේ ටීවී ගෙවල් වල සුලභ් ද?
ෆෝන් එකයි, කම්පියුටරෙයි අයින් කරාම දැන් තියෙන විදිහම තමයි මටනං...,ඒ කාලේ සාමාන්‍යෙන් මිනිස්සූන්ගේ ජීවන රටාව මොන වගේ ද?
ඒකනං ඉතිං කියන්න දෙයක් නෑනෙ... දැනුත් අහන්න තියෙන්නෙ ඒ සිංදුම තමයි....වැඩිපුර ඇහුන සිංදු මොනවද?
ගොඩක් දුර පළාත් ගැනනං දන්නෙ නෑ. අපි ඉන්න පළාත ගැන කිවුවොත්,
ටීවී වලට චැනල් දෙකයි. අයි ටී එන්, රූපවාහිනී...
රේඩියෝව අනිවාර්යයෙන් තිබුණ...
ටෙලිෆෝන් සමහර ගෙවල් වලට තිබුණ,
ටෙලිග්‍රෑම්, ලියුම් වලින් තමයි දුර පණිවිඩ... රට ඉන්න අයට කෝල් ගැනිලි නෑ. ලියුම් විතරයි.
කොළඹින් පිට, පාරෙ වතුර ලයින් ගිහින් තිබුණෙ නැහැ. ගොඩක් ගෙවල් වල ළිං තිබුණ, නැති අයට පොදු ළිං තිබුණ...
ත්‍රීවීල් තිබුණ, දැන් තරම් නැහැ. බයික් නං ගොඩක් අඩුයි. ජපං බයික් තමයි තිබුනෙ... ලඟම පාසලට, ටවුමට පයින් තමයි වැඩිපුර ගියේ.
ඒ කාලෙත් ගොන්නු බැඳපු කරත්ත නිතර පාරෙ දකින්න තිබුණ. බඩු අදින්න ගොඩක් තිබුණෙ, ටාට, බෙන්ස් වගේ පත ලොරි... ඊට අමතරව පොඩි ලොරි විදිහට තිබුණෙ "ලොරි බාගෙ" කියන ජාතිය... ඒවයෙ ජාතිය මට හරි මතකයක් නෑ...
ගමේ පොඩි පොඩි හයර් යන්න තිබුණෙ අත් ට්‍රැක්ටර් තමයි. ඉස්සර ටවුමෙ හාඩ්වෙයාර් ලඟ අත්ට්‍රැක්ටර් පාක් එහෙමත් තිබුණ.
සුපර් මාකට් ක්‍රමයක් තිබුණෙ නෑ... එක නගරෙකට එකක් විදිහට "සමූපාකාර" තිබුණ.
රජයේ ඩිස්පැන්සරි තිබුණ.
ප්‍රයිවට් බෙහෙත් සාප්පු සහ ෆාමසි තිබුණට. දැන් තරම් ගොඩක් නැහැ...
මිට්සුබිශි රෝස, ටාට, ෆූසෝ වගේ බස් තමයි තිබුණෙ...
90 මැද වෙනකොට "ලේලන්ඩ් කළම්බෝ රයිඩර්" කියන බස් එක කරලියට ආව..
අනූවෙ මුල, ctb බස් රතු+සිල්වර් පාටයි... 90 අග වෙනකොට ඒක කහ පාට කරා...
අපේ පැත්තෙනං ලොරි, වෑන්, කරත්ත වල සෙනග අදින ක්‍රමේ තිබුණෙ නෑ... පිට පළාත් වල ඒ ක්‍රමේ තිබිල තියෙනව,
කෝච්චි තිබුණෙ එන්ජින් ටයිප් එකේ ඒව... කහ පාට පවර්සෙට් තමයි එතකොට අලුත්ම කෝච්චි විදිහට තිබුණෙ.
90 කාලෙදි අඟුරු කෝච්චියත් ඉඳ හිට දුවනව...
ඔවු.. සමහර අය...
ඒ කෑම වර්ගනං දැනටත් තියෙනව ඉතිං...,
පපර, හකුරු කෝන්, බුල්ටො, සීනණිබෝල, සීණි කූරු වගේ පත ලිස්ට් එකක් ලියන්න පුලුවන්...
ටීවී තිබුණ ගොඩක් ගෙවල් වල. කලර් ටීවී තමයි අඩු...
ගොඩක් තිබුණෙ බ්ලැක් ඇන්ඩ් වයිට්
ෆෝන් එකයි, කම්පියුටරෙයි අයින් කරාම දැන් තියෙන විදිහම තමයි මටනං...,
හැබැයි හවසට කට්ටිය සෙට් වෙලා කැරමක් ගහනව, කාඩ් අතක් ගහනව, දාමක් අදිනව වගේ ජොලි වැඩ තිබුණ...
උදේට වැඩට යනව, හවසට ගෙදර එනව, ළමයි ඉස්කෝලෙ යනව, 90 කාලෙදිත් ටියුශන් ක්ලාස් තිබුණ ළමයින්ට,
සමහර මිනිස්සු හිටිය පත සයිස් රේඩියෝ කරේ තියාගෙන පාරෙ යනව... දැන්නං ඉතිං එයාපොඩ් තියෙනවනෙ කණේ ගහගෙන යන්න...
ඒකනං ඉතිං කියන්න දෙයක් නෑනෙ... දැනුත් අහන්න තියෙන්නෙ ඒ සිංදුම තමයි....
දුප් කිවුවෙ...අපේ වෙඩින් එක කවදා වගේ වෙයිද![]()