1990 - 1999 කාලේ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    මම කතාවක් ලියනවා. ඒකට පොඩි උදව්වක් විදියට දැන ගන්න ඕන ඉස්සර කාලෙ විස්තර.
    සාමාන්‍යෙන් 1990 - 1999 කාලේ දුර ගමක මොන වගේ පහසුකම් ද මොන වගේ පරිසරයක් ද තිබුනේ?
    ගමේ පොදු ප්‍රවාහනය මොන වගේ ද?
    සාමාන්‍යෙන් ඒ කාලේ ගෑනු කලිසම් ඇන්දා ද?
    ඒ කාලේ කඩවල් වල තිබුනු රසකැවිලි වල නම් මොනවද?
    ඒ කාලේ ටීවී ගෙවල් වල සුලභ් ද?
    ඒ කාලේ සාමාන්‍යෙන් මිනිස්සූන්ගේ ජීවන රටාව මොන වගේ ද?
    වැඩිපුර ඇහුන සිංදු මොනවද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    1995-1999


    මම කතාවක් ලියනවා. ඒකට පොඩි උදව්වක් විදියට දැන ගන්න ඕන ඉස්සර කාලෙ විස්තර.
    සාමාන්‍යෙන් 1990 - 1999 කාලේ දුර ගමක මොන වගේ පහසුකම් ද මොන වගේ පරිසරයක් ද තිබුනේ?
    No comments
    ගමේ පොදු ප්‍රවාහනය මොන වගේ ද?
    Mostly CTB
    Latec, TaTa, Isuzu journey, Leyland
    සාමාන්‍යෙන් ඒ කාලේ ගෑනු කලිසම් ඇන්දා ද?
    Nope
    ඒ කාලේ කඩවල් වල තිබුනු රසකැවිලි වල නම් මොනවද?
    Kandos tin tin chocolate
    Edna chocolate
    Wiskirinna
    Marie biscuit ( large )

    ඒ කාලේ ටීවී ගෙවල් වල සුලභ් ද?
    Yep
    ඒ කාලේ සාමාන්‍යෙන් මිනිස්සූන්ගේ ජීවන රටාව මොන වගේ ද?

    --

    වැඩිපුර ඇහුන සිංදු මොනවද?
    Priya sooriyasena
    Namal udugama

    Dominate the youth
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    Loku wenasak na bun

    Cell phone na

    Land phones thama

    Same or similar products on shops

    Bus nam latek Demo sahenna thibuna. Lucky nam Isuzu bus ekak set wenawa long trip walata. Model 3k thibba. Local Isuzu, Japan box model and pan gedi isuzu rear engine.

    More room than new Leyland takaran 3 seat models and 1 1/2 Indian buses now
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    90 ගන්න වල මැද ටෙලිනාට්ටියක් බැලුව නම් ඕකට අදහසක් ගන්න ලේසි.. :rofl:

    ඒ කාලේ මිනිස්සු සෑහෙන පයින් ගියා. අද වගේ පොඩි දුරටත් ත්‍රිවිල් වල යනේ නෑ .
    බයිකුත් නෑ හැමෝටම

    කැවිලි : ලැවරිය , කේක් කෑලි , පොල්ටොපි , ඥානකතා , චොකලට්

    ගෑනු කලිසම් ඇන්දේ නෑ . ඇන්දොත් ටිකක් මොඩ් වෙලා වගේ සීන් එකක්.

    tv තිබ්බට ඕව හරියට පෙන්නේ නෑ . ඩොට් . ඇන්ටනා කරකවා කරකවා ගේමක් දෙනවා අහුවෙන චැනල් දෙක තුනත්.

    අහන්නේ රේඩියෝ.නාමල් උඩුගම, ප්‍රින්ස් , මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස්, ලතා ...... තව ෆිල්ම් වල සින්දු, හින්දි සින්දු සෑහෙන ඇහෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    මම කතාවක් ලියනවා. ඒකට පොඩි උදව්වක් විදියට දැන ගන්න ඕන ඉස්සර කාලෙ විස්තර.
    සාමාන්‍යෙන් 1990 - 1999 කාලේ දුර ගමක මොන වගේ පහසුකම් ද මොන වගේ පරිසරයක් ද තිබුනේ?
    ගමේ පොදු ප්‍රවාහනය මොන වගේ ද?
    සාමාන්‍යෙන් ඒ කාලේ ගෑනු කලිසම් ඇන්දා ද?
    ඒ කාලේ කඩවල් වල තිබුනු රසකැවිලි වල නම් මොනවද?
    ඒ කාලේ ටීවී ගෙවල් වල සුලභ් ද?
    ඒ කාලේ සාමාන්‍යෙන් මිනිස්සූන්ගේ ජීවන රටාව මොන වගේ ද?
    වැඩිපුර ඇහුන සිංදු මොනවද?

    1. e kale dura gamak kiyala gihin thibbe tangalle. gameh vibe eka patta. dan wage newi dry zone effect eka supiriyata thibba. dan nam a paththe wiyali kalape wage newi. i don't like it.

    2. ctb, private layland parana bus. ctb thibbe floor ekata lali dapu bus. tata kota bus, izusu journey wage eva rural root wala divva. mulma kale nam izusu elf van, caravan ehemath parawal wala divva.

    3. gameh ganu da? ne. but town area wala ganu anda wage mathakai

    4. wandu appa, wiskirinna, banis, dodol, bulto, mal biscuit , kandos/edna chocolate, marie biscuit (big one)

    5. at least b/w tv available may be 30% of houses.

    6. dan wagema thama. dan tharam agama passe giye ne. dan wage handiyak gane pirith ahune ne. agamika prabodayak ne.

    7. lankawe a kale hitiya young generation eke songs. hindi songs, some english songs too
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඒ කාලේ බස්වල power steering තිබුණේ නෑ, steering wheel එක ලොකුයි, driver මුලු ඇඟේම හයියෙන් steering wheel එක කරකවලා තමයි ගම්වල වංගු පාරවල්වල බස් ගෙනිච්චෙ. CTB බස්වල නම, අංක, බෝඩ්වල ලියන්න අකුරු ලස්සන අය ඩිපෝ වල හිටියා, එතකොට එක එක ඩිපෝවල බස්වල අත් අකුරු වෙනස්. පරණ බස්වල වහිද්දි ඇතුල තෙමෙනවා, වීදුරු ළඟ හිටියොත් තෙමෙනවා. ඉඳගෙන යන එක දැන් තරම් සැප පහසු නැතත් seat වල හොඳට ඉඩ තියෙනවා 2 ක් ට ඉඳගන්න. බිමට තිබුණේ ලෑලි හින්දා යද්දි ලෑලි අතරින් පාර පේනවා. තව බස් එක පරණ නම් ඉස්සරහා වීදුරුවල දාරේ සුදුපාට මොනවාද හැදෙනවා යවන්න බැරි. ටිකක් ඈත පැතිවල බස් වෙනුවට ලොරි තිබුණේ. හවස 5,6 වගේ වෙද්දි අන්තිම බස් යනවා.

    තිබුණ ලයිට් කණුවල හැඩය ටිකක් වෙනස්, සමහර තැන්වල ලී කණු තිබුණේ. තිබුණේ තැඹිලිපාට වගේ එලි තියෙන බල්බ්

    කඩවල්වල තුනී wafers දෙකක් දෙපැත්තෙන් තියපු පොඩි cake කෑලි තිබුණා ගොඩක්. tube light වැඩිපුර තිබුණා. ඈත ගම්වලට යද්දි නම් විදුලිය නෑ, ඒවයි කාර් ලොරි බැටරි වලින් වැඩ කරන විදියට කලු සුදු TV තිබුණා. ඇඳුම් අයන් කරන්න පොල්කටු අඟුරු දාන අයන් තිබුණා.

    ගොඩක් ගෙවල්වල අය විදුලිය තිබ්බත් නැතත් රෑ 10 වගේ වෙන්න කලින් නිදි.

    නගර වලින් පිට අය වතුර ගත්තෙ ලිඳවල් වලින්. පැය ගානක වැඩක් ගෙදරට ඕනි වතුර ටික එකතුකරගන්න එක

    Telecom එකෙන් phone එකක් ගන්න ගොඩක් ලොකු ගාණක් ගෙවන්න ඕනි, ගම්වල නම් එහෙම ගත්ත ගෙවල් දෙක තුනයි තිබුණේ.

    ඒ කාලේ කොළඹ බය හිතෙන පෙනුමක් තිබුණේ මට නම්, එක පැත්තකින් බෝම්බ බය. අනික අපිරිසිදුකමයි, ගරා වැටුන ගොඩනැගිලි, හිටිය මිනිස්සුයි.

    හැමදේම වගේ කලේ ලියුම්, තැපැල් කන්තෝරුව හරහා. වෙසක් කාඩ්, නෑදෑයොන්ට ලියුම්, පිටරට අයගෙන් ලියුම්

    තාප්ප, ගේට්ටු අඩුයි. උණ බම්බු වලින් හදපු කඩුලු තිබුණා ගෙවල්වල.

    සමනල්ලු, කුරුල්ලෝ වර්ග, වතුර පාරවල්වල මාළු වර්ග ගොඩක් හිටියා දැනට වඩා, ගෙවල්වල දූවිලි අඩුයි වාහන දුම් අඩුයි

    photo ගන්න වෙනම අය හිටියා, ඉස්කෝලවල concert වල එහෙම photos අරගෙන හම්බවෙන්න සති ගාණක් ගියා. pose කරන්න දන්නෙ නෑ, බුම්මගෙන බයවෙලා හිටිය ඒවා තමයි වැඩි

    ඕවා තමයි මතක් වෙන්නෙ :unsure:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දුර ගමක කිව්වම කොයි පලාතේ වගේද. මං හිතන්නෙ කොලඹ දිස්ත්‍රික්කයට වෙන්න ග්‍රාමීය පරිසරවලයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පලාත්වලයි එකම කාලය උනත් වෙනස්කම් තිබුනා.

    උදා - රජරටට වෙන්න සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රධානම වාහනය පුට්සයිකලය. සෑම ගෙදරකම බයිසිකලයක් දෙකක් තිබුනා. කොළඹට දිස්ත්‍රීක්කයේ ග්‍රාමීය පලාත් වල එහෙම ප්‍රවණතාවයක් දකින්න තිබ්බෙ නැහැ. පයින් ටිකදුරක් ගිහින් බස් එකේ යාම තමා සිදුවුනේ.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,487
    3,869
    113
    ඒ කාලේ ටීවී ගෙවල් වල සුලභ් ද?
    90 wage nam godak na
    99 wage weddi nam sulabai ithin
    api gaththeth 94

    සාමාන්‍යෙන් ඒ කාලේ ගෑනු කලිසම් ඇන්දා ද?
    ekko suddiyek, nathnm posh kenek
    samanaya kenk nam andema nathi tharam
    ------ Post added on Jul 7, 2023 at 2:35 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඔය පුතා හරිම තැනට ඇවිල්ලා තියෙන්නේ 90 ගනන් ගැන අහන්න... තිහේ හතලිහේ අන්කල්ල ටික විස්තර කියයි...

    මට හිතෙන්නෙ 1990-1995 1995-1999 කියල කඩා ගන්න... මොකඩ 95ට කලින් භීශන සීන් එහෙම තිබ්බ... පොලිටික්ස් වුනත් වෙනස්... අප්පච්චිගෙ අන්තිම කාලේ වගේ... 95 -99 අතර රට ඇතුලට ගොඩක් ටෙක් ආවා මම හිතන්නේ...

    96 වර්ල්ඩ් කප් එක ඒ කාලේ අමුතු ත්‍රිල් එකක්.. ක්‍රිකට් පිස්සුව වෙනම ලෙවල් එකක... එකට බනින අයත් වෙනම ලෙවෙල් එකක...

    යුද්දේ නම් මහ අමුතුම මූසල සීන් එකක්...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    ඒ කාලේ ගෑනු කලිසම් අඳිනවා කියන්නේ හරියටෙ අපායේ යන පවක් කරනවා වගේ ආකල්පයක් තිබුනේ ගම් වල. අදටත් ගම්වල ගෑනු (වයස 40-60 අතරේ) කලිසම් අඳින්න බයයි.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මම කතාවක් ලියනවා. ඒකට පොඩි උදව්වක් විදියට දැන ගන්න ඕන ඉස්සර කාලෙ විස්තර.
    සාමාන්‍යෙන් 1990 - 1999 කාලේ දුර ගමක මොන වගේ පහසුකම් ද මොන වගේ පරිසරයක් ද තිබුනේ?
    ගමේ පොදු ප්‍රවාහනය මොන වගේ ද?
    සාමාන්‍යෙන් ඒ කාලේ ගෑනු කලිසම් ඇන්දා ද?
    ඒ කාලේ කඩවල් වල තිබුනු රසකැවිලි වල නම් මොනවද?
    ඒ කාලේ ටීවී ගෙවල් වල සුලභ් ද?
    ඒ කාලේ සාමාන්‍යෙන් මිනිස්සූන්ගේ ජීවන රටාව මොන වගේ ද?
    වැඩිපුර ඇහුන සිංදු මොනවද?
    මම මේ කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ experience එකක්.
    සින්හරාජේ වගේ ගන කැලේ. තැනින් තැන තේ වතු ගෙවල් තිබ්බ
    බස් එන්නේ පැය 3කට සැරයක්
    දුර ගම්වල තියා නගර කිට්ටු ගම් වලත් ගෑනු කලිසන් ඇන්දේ කලාතුරකින්
    ගල් බනිස් , තල කැරලි , බට්ටෝ බිස්කට් සහ පැකට් බිස්කට් තිබ්බා.
    ලයිට් ආවේ 1998 වගේ. ඊට පස්සේ tv එන්න ගත්තා. තමන්ගේ හේන් ,තේ වතු තිබ්බා, ඒවා වල වැඩ කරනවා. කලාතුරකින් රස්සා කරන උන් ඉදියා.
    ලොකු සීන් නෑ. ඔහේ ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    98 වගේ කාලේ වෙනකම් එක එක පළාත් එක එක විදියයි මචන්. නගර, නගර බද වෙනම විදියක්, නගර වලින් ටිඅක ඇතුලට යනකොට ගොඩක් වෙනස්.
    දුර ගමන් යන්න වැඩිපුරම මිනිස්සු පාවිච්චි කරේ බස්, කොච්චි තමයි. ගොඩක් අයට තමන්ගේම කියල වාහන තිබ්බේ නැ. මොටබයික් තිබ්බත් බහුලව නැ එකත්.. ඒ වගේම ගොඩක් ගෙවල් වල තිබ්බේ ෆුට්බයික් තමයි. ෆුට් බයික් වල කිලෝමීටර් 10, 20 පදින එක ස්වාමන්ය දෙයක්. සමහරමිනිස්සු පයින් කිලෝමීටර් 3,4 යන එකත් නෝමල් ඒ දවස් වල.

    ගමේ පොදු ප්‍රවාහන කියන්නේ බස් එක තමයි. එත් මෙන් රෝඩ් එකේ විතරයි. දවසට බස් වාර 2ක් 3න්යි. ගොඩක් ය ඉතින් මෙන් රෝඩ් එකෙන් බැහැල පයින් යන්න ඕන තවත් කිලෝමීටර් 5-6 ගම ඇතුලේ.

    ඒ කලේ ගැනු කලිසම් ඇන්ද, නගර වල වෙසෙන අය විතරයි. එකත් ඉතාමත් සුළු ප්‍රමාණයක්.. නගරබද, ගම් වල නම් කලිසම් අදින අය මම නම් දැකලම නැ.

    රස කැවිලි කියන්නේ දැන් තියන ඒවම තමයි ඉතින්.

    ඒ කාලේ ටි වී ගොඩක් අඩුයි. 90දී අපේ පාරේ tv දෙකයි තිබ්බේ . ඒ tv දෙකම හැමදාම එලියට අරන් මේසයක් උඩ තියල පෙන්නවා. ගමේම වගේ උන් එනවා tv බලන්න. පට්ට ආතල් එකනම්. 93, 94 වගේ වෙනකොට ගෙවල් වල ටීවී වැඩිවීගෙන ආව.

    ඒ කලේ ජිවන රටාව ඉතාමත්ම සැහැල්ලු විදියට තමයි ගෙව්වේ මිනිස්සු. දැන් වගේ කාර්ය බහුල නැ.

    වැඩිපුර ඇහුනේ හොදම සින්දු තමයි ඇහුන හැම සින්දුවක්ම. සිංහල, හින්දි, ඉංග්‍රීසි. බලපු හැම වැඩසටහනක්ම වගේ ගොඩක් උසස් තත්වයේ වැඩ සටහන්.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ape loku ammalage gewal tibuna neighborhood eke langa gewal 3katama tibune eka TV ekai.
    Etakota api gewal 3ma aya ara gedarata gihin tv baluwa.
    Passe ekin eka TV gewal walata awama e wade atha aruna..

    Transport gena kiwwot , chooti bus wagayak tibuna matakai.
    Tawa Matarin athulata wenna lorry bus tibuna.
    Taxi wediya tibune ne,Tuk tuk popular wenna kalin Car taxi tibuna.

    Ara loku weeduru bothal wala dapu biscuit tibuna kadawal wala issaraha tiyala.
    Tawa bulto hena famous kemak.
    Hunu beti/ biju kiyala kema tibuna. Dan tiyenawada manda.
     
    • Like
    Reactions: NRTG