2004 සුනාමි ව්‍යසනය

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    2004 සුනාමි ව්‍යසනය

    පැරෑලියේ පෙරලිච්ච කොච්චි පෙට්ටි අස්සෙන් බලන යකුනේ,
    වරෙල්ල කෙලින්ම මූදට
    .
    .
    .
    .
    .
    .
    .
    .

    2004 සුනාමිය ඇති වෙද්දී තමන් හිටපු තැන, තමන්ගේ අත්දැකීම් මේ thread එකේ බෙදාගන්න. මෙහෙම තව නූලක් තියෙනවද දන්නේ නැහැ. ඒත් කමක් නැහැ. මේ අත්දැකීම් ගොඩක් අමිහිරි වෙන්න පුළුවන්. මතක් කරන්න බැරි තරම් භයානක වෙන්නත් පුළුවන්. විනෝදජනක වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒ වගේ ඕනෑම සුනාමිය ගැන සිද්ධියක් මේකේ බෙදාගන්න පුළුවන්.

    මටනම් සුනාමි අත්දැකීමක් නැහැ [ මං ඒ කාලේ ඉපදිලා හිටියේ නෑ බොල :no::no: :P:P සත්තයි ] ඒත් අපේ තාත්තා ඒ කාලේ හමුදාවේ වැඩ කලේ. සුනාමිය දවසේ යාපනේ මුහුද අයිනේ පොඩි කඳවුරක හිටියේ. ඒ කාලේ එච්චර බයවෙන්න දෙයක් තිබ්බේ නැහැ, මොකද උතුරයි නැගෙනහිරයි ඌට ඕනේ කියල යුද්ද කරපු එකෙක් හිටිය [අයියලටයි මාමලටයි මතකද දන්නේ නැහැ. :frown::frown::frown:] ඉතින් තාත්තයි තව කිහිප දෙනෙකුයි ගල් ගොඩක් උඩ වැඩිවෙලා මුහුද දිහා බලාගෙන කයිය ගහනවා. ඒ හරිය මුහුද එච්චර හිඳිලා නැහැ, ඒත් මුහුදේ පොඩි වෙනසක් පෙනිලා තියෙනවා. ඉතින් කට්ටිය ඊට පස්සේ වෙන්වෙලා කට්ටියක් ඒක තැනක කතා කරනවා. තාත්තයි යාළුවෙකුයි කූඩාරම ඇතුලට ගිහින් තියෙනවා. එතකොටම ලොකු රැල්ලක් මුහුද දිහයින් ඇවිත් තියෙනවා ඉන හරියට උස රැල්ලක්. එතකොට එළියේ කතා කරකර හිටිය කට්ටිය බයවෙලා මීටර් 100ක් විතර දුර තියෙන පාරට දුවල.. තාත්තයි යාළුවයි සේරම ඉවරයි කියල හිතාගෙන ඇතුලේ ඉන්දෙද්දී තව ලොකු රැල්ලක් එනවා දැකල යාළුවා කෑගහගෙන එලියට පැනල මීටර් 100ක් දුර තිබ්බ පාරටම ඒ රැල්ලෙන් එයාව ගහගෙන ගිහින්. තාත්තා ඇතුලේ. :baffled::baffled: කූඩාරම කිව්වට ඒක රෙදි ගහල තියෙන පොලු ටිකක් නෙවෙයි ටිකක් කාමරයක් සයිස් ගඩොල් බිත්ති බැඳපු පොඩි මඩුවක්. එකේ බිත්ති හයිය නිසා කැඩිලා නැහැ. තාත්ත ඇතුලේ වතුරේ පාවී පාවී ඉඳල. රැල්ල ආපහු ගියාම එලියට යනකොට තාත්තගේ යාළුවාට හම්බවෙලා හිටිය බල්ලා එතන ඉන්නවා. ඌ තාත්ත එනකම්ම ගිහින් නෑ.! තාත්තා ඒ බලු කුක්කත් එක්ක පාර පැත්තට දුවද්දී තුන්වෙනි රැල්ල තාත්තවයි බල්ලවයි දෙන්නම පාරටම යවල.

    ඒක තමයි කතාව. ප්‍රශ්න අහන්න එපා මට තාත්තාගෙන් අහන්න යන්නනම් බෑ. තාත්ත වැඩිය ඕව කියන්න කැමති නැහැ. (යුද්දෙ ගැන හමුදාව ගැන)

    ඇදන් පලයල්ලා. රොබොට් මාමගේ භූත කොටුව වගේ මේකත් උඹලටම බාර දෙනවා. මාතෘකාවෙන් පිට පනින්නේ නැතුව ඕනේ මගුලක් කරගනිල්ල.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අත්දැකීම් නම් නෑ පුතී.... :no::no:
    එත් තියෙන මිනිස්සු එක්ක කතා කරලා තියෙනවා. :yes::yes:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නිවාඩු දවසක් නිසා කලින් දවසේ මමයි වයිෆුයි පුතයි (එතකොට පුතාගේ වයස අවරුදු 2යි) මගේ බොන්ගෝ වැන් එකේ එලියට බැස්සා නිවාඩුව ගතකරන්න ගාල්ලේ තියෙන මිල්ටන්ස් හෝටලයට යන්න...ගාල්ල පහු කරාම බීච් එක අයිනෙමයි තියෙන්නේ. දවසක් නවතින්න තමයි ප්ලැන් කරේ. කඩවතින් නුවර පාරටත් දාල කොළඹ පැත්තට හරවද්දීම වයිෆ් කිව්වා, ගිය අව්රුද්දෙත් බීච් සයිඩ් ගිය නිසා, මේ පාර නුවර එළියේ යමු කියල......

    නුවර එලිය ගිහින් පහුවෙනිදා උදේ ආරංච් උනා මුහුද ගොඩගලනවා කියලා....

    පස්සේ ආරංචි උනා මිල්ටන්ස් එකේ ගොඩදෙනෙක් (අයිතිකාරයාගේ වයිෆ් ඇතුළුව) මුහුදට බිලිඋනා කියලා.... :(

     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    නිවාඩු දවසක් නිසා කලින් දවසේ මමයි වයිෆුයි පුතයි (එතකොට පුතාගේ වයස අවරුදු 2යි) මගේ බොන්ගෝ වැන් එකේ එලියට බැස්සා නිවාඩුව ගතකරන්න ගාල්ලේ තියෙන මිල්ටන්ස් හෝටලයට යන්න...ගාල්ල පහු කරාම බීච් එක අයිනෙමයි තියෙන්නේ. දවසක් නවතින්න තමයි ප්ලැන් කරේ. කඩවතින් නුවර පාරටත් දාල කොළඹ පැත්තට හරවද්දීම වයිෆ් කිව්වා, ගිය අව්රුද්දෙත් බීච් සයිඩ් ගිය නිසා, මේ පාර නුවර එළියේ යමු කියල......

    නුවර එලිය ගිහින් පහුවෙනිදා උදේ ආරංච් උනා මුහුද ගොඩගලනවා කියලා....

    පස්සේ ආරංචි උනා මිල්ටන්ස් එකේ ගොඩදෙනෙක් (අයිතිකාරයාගේ වයිෆ් ඇතුළුව) මුහුදට බිලිඋනා කියලා.... :(


    ඔය විදිහට අනතුරු වලින් බෙරිච්ච අය ගොඩක් ඉන්නවා. sad
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    අත්දැකීම් නන් නෑ. SL vs NZ මැච් එක බල බල ඉන්නකොට යාලුවෙක් ඇවිල්ලා කිවුවා මුහුද ගොඩ ගලලා කියලා එතකොටම සිරසෙ breaking news වලට කිවුවා
     
    • Like
    Reactions: GadgetPodda

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එදා හරියටම නත්තලට පස්සේ දවස.
    අපි අම්මලාගේ මහ ගෙවල් වල උන්නේ. තාත්තලා උදේ ඉඳල පාටි දදා හිටියේ.
    මට එතකොට වයස 15. අපිත් අම්මලට හොරෙන් ඉතුරු අරක්කු කොට බිබී හිටියේ.
    එක මාමා කෙනෙක් මීගමුවේ ගිහින් ඇවිත් තමා විස්තරේ කිව්වේ. උදේ 11 විතර.
    ඒ වෙලාවේ තමා විස්තරේ දන ගත්තේ. ඊට පස්සේ තමා TV එකෙන් විස්තරේ දැක්කේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුලතිව් - කෝකිලායි කියන ගමේ 08 මැරුණලු සුනාමිය නිසා. ඒ ඔක්කොම දෙනා මෝය කට සහ ඒ අවට විසිදැල් ගහපු ධීවරයෝ.
    එදා ඉරිදා නිසා ධීවරයෝ ඔක්කොම වගේ ගමේ ඉඳල තියෙන්නේ. කිසිම කෙනෙක් මුහුදු ගිහින් නෑ.
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අපි හිටියේ Chemistry Class එකේ. එදා සර්ගේ උපන්දිනේ. උදේම හැමෝටම Chocolate දුන්නා. ඊට විනාඩි 10 කට විතර පස්සේ සීන් එක දැන ගෙන ඔක්කොම ගෙදර යැව්වා