2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    smiley_dance04.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිං ගෙඩි ගිං ගෙඩි ගහෙන් කඩාගෙන
    ගිංතොට නැන්දට ටිකක්‌ බෙදාගෙන
    නංගියෙ විගහට මංකඩ ගාවට යං
    අයියණ්‌ඩි ඇවිත් ඇති බං...

    තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි
    තේක්‌ක මල් පිපිලා
    ආං බලන් අර අයියගෙ මූණේ
    වතුසුදු මල් පිපිලා
    හාං කවිසියක්‌ දන්නෙම නැතුවා
    හිත ආලෙන් පිරිලා
    මාත් දන්නෙ නෑ කියන්නෙ කෝමද
    හිත ගැන කට ඇරලා...

    තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි
    තේක්‌ක මල් පිපිලා
    අයියණ්‌ඩිගෙ කිරි කෝඩු හිනාවට
    තේක්‌ක මල් ඉහිලා
    මාත් එක්‌ක මනමාල හිනා පා
    සීත සුළං නැටුවා
    මගෙ මල් හීනය මල් ඕවිල්ලක
    නැළවෙනු මට දැණුනා...

    පද රචනය - නිලාර් එන්. කාසිම්
    තනුව - රංග දසනායක
    ගායනය - ඉන්දිකා උපමාලි

    ගම සහ නගරය, ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස්‌. මේ වෙනස පෙම්වතුන්, පෙම්වතියන් අතර කෙරෙන ආදරය තුළින් ද දැකගන්න පුළුවන්.

    ගමේ තරුණියක්‌ ආදරය කරන හැටි, අගනුවර තරුණියකගේ ආදරයට වඩා වෙනස්‌. සාමාන්‍යයෙන් ගමේ සුන්දර යුවතියන් හැඟීම් සඟවා ගන්නවා. ලාලිත්‍යය, ලැඡ්ජාශීලී බව වගේම ප්‍රේමය සමග එන බලාපොරොත්තු නාගරික යුවතියකට වඩා වෙනස්‌.

    ගමේ තරුණ තරුණියන්ගේ හිතේ තියෙන ආලය මෝදු වන්නේ සිංහල අලුත් අවුරුදු කාලෙට බොහෝ විට මේ අය ඥතීන්, නෑනලා, මස්‌සිනාලා කාසි හොයන්න සිදාදියට ගිය අයියණ්‌ඩී ගමට එන්නේ සිංහල අවුරුද්දට අයියණ්‌ඩි එන තුරා නෑනණ්‌ඩි ඇඟිලි ගණිනවා.

    ගිං ගෙඩි ගිං ගෙඩි ගහෙන් කඩාගෙන
    ගිං තොට නැන්දට ටිකක්‌ බෙදාගෙන
    නංගියෙ විගහට මංකඩ ගාවට යං
    අයියණ්‌ඩි ඇවිත් ඇති බං

    මේ නිලාර් එන්. කාසිම්, අපේ හිතවත් තරුණ නිර්මාණකරුවාගේ පද පෙළක්‌. ඔහු මේ ගීයට රබන් පද ඇසුරු කරගෙන තිබෙනවා. ගහෙන් කඩාගත් ගිංගෙඩිවලින් කොටහක්‌ නැන්දටත් දීගෙන මේ නෑනණ්‌ඩිලා දෙන්නා හනි හනිකට දුවන්න තනන්නේ. මංකඩ ගාවට. ඇවැස්‌ස මස්‌සිනා එතැනට එනවා....

    ඇත්තටම මේ ගීය වෙනස්‌ විදිහේ ජන මූලාශ්‍රයක්‌ පාදක කරගෙන නිර්මාණය කළ ගීයක්‌. ඉන්දිකා උපමාලි දවස්‌ ගණනක්‌ මගේ ගෙදරට ඇවිත් සාකච්ඡා කළා. ජන ගී මූලාශ්‍රයෙන් ගීයක්‌ ගයන්න ඇයට බලවත් වුවමනාවක්‌ තිබුණ. ඉතින් මම හිතුවා රබන් පද ඇසුරු කරගෙන කරන්න. "ගිං ගෙඩි ගිං ගෙඩි - ගහෙන් කඩාගෙන, ගිංතොට නැන්දට ටිකක්‌ බෙදාගෙන..." මේක රබන් පදයක්‌. ඒ වගේම "තාක්‌ක තෙයි තෙයි තේක්‌ක මල් පිපිලා..." කියන්නෙත් රබන් පදයක්‌. ඉතින් එවැනි රිද්ම රටා මූලාශ්‍ර කරගෙන සාමාන්‍ය තාරුණ්‍යයේ සිතිවිලි ප්‍රකාශ කෙරෙන ප්‍රේම ගීයක්‌ නිර්මාණය කළා. නිලාර් ගීය ගැන දැක්‌වූයේ එවන් අදහසක්‌.

    තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි
    තේක්‌ක මල් පිපිලා
    ආං බලන් අර අයියගෙ මුණේ
    වතුසුදු මල් පිපිලා
    හාං කවිසියක්‌ දන්නෙම නැතුවා
    හිත ආලෙන් පිරිලා
    මාත් දන්නෙ නෑ කියන්නෙ කෝමද
    හිත ගැන කට ඇරලා.

    මංකඩ ගාවට අයියණ්‌ඩි ඇවිත්... ඔහුගේ මුහුණ හරියට වතුසුදු මල් පිපිලා වගේ... හරිම සුන්දරයි... ඒ මුහුණ දකිද්දී ඉබේම ආදරයෙන් හිත පිරිලා ඉතිරිලා යනවා. ඒත් මගේ හිතේ තියෙන ආලය කොහොමද කට ඇරලා කියන්නේ...

    ගැමි යුවතියකගේ ගුණයත්, ආදරය පළමුව ප්‍රකාශ කරන්න අදි මදි කරනවා. විරුද්ධ පාර්ශ්වය තමයි පළමුව ආදරය ගැන අදහස පළකළ යුත්තේ. තරුණයෙක්‌ ගැන හිතේ ආදරයක්‌ ඇති වුණත් කට ඇරලා එය කියා ගන්න ගැමිකම ගැමි සංස්‌කෘතිය ඇයට ඉඩ දෙන්නෙ නැහැ.

    මේ ගීයෙ සංකල්පය ගොඩනැඟීමත්, බස හැසිරවීමත් දෙකම අපේ ජනකවි ලක්‌ෂණ අනුව සිදු කෙරුණා. ගීතය ලියූ පසුව මමත්, ඉන්දිකාත් සංගීතය ගැන හිතුවා. පසුව නව පරපුරේ කෙනෙක්‌ එක්‌ක වෙනස්‌ වැඩක්‌ කරන්න එකඟ වුණා. ඒ අනුව තමයි රංග දසනායක හමුවී සාකච්ඡා කළේ. හුදෙක්‌ ජන සංගීතයටම යට නොවී නිර්මාණශීලීව හා නිදහසේ රංග සංගීතමය ආකෘතිය ගොඩනැඟුවා. රාගධාරී සංගීතයේ හැඩතල වගේම බටහිර සංගීත ලක්‌ෂණත් මේ ගීයේ තියෙනවා. කලාතුරකින් පාවිච්චි කරන සමහර තාල වාද්‍ය එක්‌ක බෙර නාදයන් තුළින් අලුත්ම නාදයන් උපද්දවා තියෙනවා.

    තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි
    තේක්‌ක මල් පිපිලා
    අයියණ්‌ඩිගෙ කිරි කෝඩු හිනාවට
    තේක්‌ක මල් ඉහිලා
    මාත් එක්‌ක මනමාල හිනා පා
    සීත සුළං නැටුවා
    මගෙ මල් හීනය මල් ඕවිල්ලක
    නැළවෙනු මට දැනුණා.

    අයියණ්‌ඩිගෙ හිනාවේ කිරිකෝඩු බවක්‌ දැනෙනවා. ඒ හිනාවට තේක්‌ක මලුත් බිම වැටිලා. අයියණ්‌ඩි ඒ කිරිකෝඩු හිනාව පෑවේ මාත් එක්‌ක. ඒක මනමාල හිනාවක්‌. ඔහු මට අකමැති නැතුවා. ඒ ආලවන්ත හිනාව එක්‌ක ගත වෙලාගෙන සීත සුළඟකුත් හමා ගියා. මම මුවින් නොකියා හිතේ තද කරගෙන හිටපු හීනය හැබෑ වෙනවා වගේ මට දැනෙන්නේ මගේ ඒ හිනය මල් ඕවිල්ලක නැළවෙනවා වගේ.

    අලුත් පරපුරේ බොහෝ දෙනෙක්‌ කරන්නේ අපේ ජන නාද මාලා අරගෙන ඒවා රැප් කරමින් ගීත හැදීම. ඒත් නිලාර්, ඉන්දිකා, රංග තරුණ පරපුරේ තුන් ඇඳුතු සම්මාදමෙන් අපට ඇසෙන මේ ගීය අර්ථාන්විතව කළ නිර්මාණයක්‌ සේ පෙනෙනවා. මේ අලුත් අත්හදා බැලීම සාර්ථකයි.

    අජිත් අලහකෝන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිටපන් උබ මත් එක්ක අවුලින්ද ??

    අව්ලක් නෑ මචෝ මේ දවස්වල වැඩ ඔලුව උස්සගන්න බැරිතරමට. කිඹුලා, සසා, දිනූෂ, පොල්වත්තකොම්, ජීටී දන්නවා මට මේ දවස්වල කොච්චර වැඩද කියලා. උඹ ඉතිං පිලිගන්නෙම නෑනේ :dull:

    රේඩිොය් අහනවා මචෝ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :cool:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඉසුරු එක දෙක තුන ඉන්නවා ..
    අහ්හ් නෑ නෑ .. ඉසුරු :shocked:පී:shocked: එක දෙක තුන ඉන්නවා ..

    :baffled: යකෝ ඕක මගෙ නම...P අකුරෙන් එන්නෙ surname එක :frown: පොඩ්ඩක් එහාට ගිය ටිකට පී ගාලා නේ :oo: