පතෝල ගොවි මාධ්‍ය නිවේදනය...
දැනට අපහට හෙලිදරවු වී තිබෙන තොරතුරු වලට අනුව,
පැවැත්වෙමින් තිබෙන ඡන්දයේ ප්‍රතිඵල වෙනස් කිරීමේ අරමුනෙන්, වැටකොලු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයින් විසින් හොර ඡන්ද ව්‍යාපාරයක් ආරම්භ කොට තිබෙනවා...
ලැබී ඇති තොරතුරු වලට අනුව, මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ කුප්‍රකට ධානපති
@Solo Rider මහතා විසින් බව, තව දුරටත් අනාවරණය වී තිබෙනව.
එසේම එතුමන් විසින් මෙම ව්‍යාපාරය සඳහා ශ්‍රි.ලං.රු. 827.00 ක මුදලක් බැර කර ඇති බවට වැටකොලු පක්ෂයේ නම කීමට අපොහොසත් වූ නිලධාරියෙකු විසින් අප හට දැනුම්දී තිබෙනවා...
එමෙන්ම, මුදල් ආධාර වලට අමතරව, වෙල් කරිංඤං ලීටර් දෙක හමාරක්, කබලේ බදින ලද හාල්මැස්සන් ග්‍රෑම් 100ක් සහ තැම්බූ මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑම් 2ක්ද ද්‍රව්‍යමය ආධාර වශයෙන් ලබාදී තිබෙන බවට වැඩි දුරටත් අනාවරණය වී තිබෙනවා....
පතෝල ගොවි පක්ශයේ නිලධාරී මඩුල්ල සහ එම පක්ශයේ සියලුම සාමාජිකයින් විසින් ඡන්ද එක්රැස් කිරීම වෙනුවෙන් කරන මෙවැනි පහත් ක්‍රියාවන් තරයේ හෙලා දකින බව තව දුරටත් ප්‍රකාශ කර සිටිනවා...
පතෝල පක්ශයේ, මාධ්‍ය ප්‍රකාශක සහ භාණ්ඩාගාරික,
- Phbhagya -