Hutch SIM එකක් දාලා පාවිච්චි කරන්න Unlocked 4G router එකක් ගන්න ඕනි. Band 8 වලින් කියනව Hutch Signal එන්නෙ. සමහර router වල Band 8 නැති කතාවක් දැක්කා. කිරියෙ කවුද ඉන්නෙ මේ ගැන දන්න කෙනෙක්?
හච් වල සිග්නල් එන්නේ බ්‍රෑන්ඩ් 3කින්.
FDD B1
FDD B3
FDD B8
මොබයිල් සිම් පාවිච්චි කරන්න රවුටර් එකක් ගන්නවා නම්,විශේෂයෙන් හච් පැකේජ් පාවිච්චි කරන්න හිතාගෙන ගන්නවා නම් ඔය උඩ කිව්ව බ්‍රෑන්ඩ් තුනටම සපෝට් කරන එකක් ගන්නවා නම් හොඳයි.
හුගක් අය කියන්නේ බ්‍රෑන්ඩ් 3 එකට තමයි උපරිම ස්පීඩ් එක එන්නේ කියලා.
බ්‍රෑන්ඩ් 1 ,8 වල එච්චරම ස්පීඩ් එකක් එන්නේ නෑ මටත්.
රවුටර් එක ගන්න කලින් ඒක මොබිටෙල්,ඩයලොග් වගේ එකකින් දුන්න එකක් නම් හොඳට හොයලා බලලා ගනින්.උන්ගේ නෙට්වර් ක් එකේ TDD බ්‍රෑන්ඩ් එකක් හරි දෙකක් හරි විතරක් සපෝට් කරන විදියට රවුටර් එක වෙනස් කරල උන් මෙහෙට ගෙන්නලා විකුණන්නේ.එහෙම ඒවා අරන් අමාරුවේ වැටෙන්න එපා.