ඔන්න මම කළින් කට්ටියට කිව්ව වගේම ඒ.සී එකට ගිය කරන්ට් බිල ගැන ත්‍රෙඩ් එක ගෙනාව,
මුලින්ම කියන්නම් ඒ.සී එක ගැන, මේක ගත්තෙ SINGER එකෙන්, Brand එකත් SINGERම තමයි, මම ගන්න බලාගෙන ගියේ 9000BTU එකක්, එතැන 9000BTU ඒ.සී තිබ්බ හැබැයි ඒ එකක්වත් ඉන්වර්ටර් නෙමෙයි, එතැන ඉන්න කෙනානම් කිව්වෙ 9000BTU ඉන්වර්ටර් ලංකාවෙ කොහෙවත් නෑ කියල, ඉන්වර්ටර් එකක් ගන්න තිබ්බ ඕනකම නිසාම 12000BTU වලින් ගත්ත, මිල 110,000.00 ක් කියල තිබ්බෙ, අත්පිට මුදලට ගන්නව නම් 90,000කට දෙන්නම් කිව්ව, රුපියල් 20,000කම වෙනසක් තියෙන නිසා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න එකත් තේරුමක් නැති නිසා එහා පැත්තෙ බැංකුව තිබ්බ ඒකට ගිහිල්ල එවෙලෙම ලෝන් එකක් දාලා ඒ.සී එක ගත්ත 90,000කටම. එතැනින් ඒ වැඩේ ඉවරයි,
එලකිරි!